..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

Sunday, June 5, 2011

෴ වැස්ස / Rain ෴



දරාන ඉන්නට බැරි තැන සෙනෙහස
ගුගුරා හඩ දී හඩා වැටෙන්නම්
පතාන ආ ගගුලේ දිය පොද වත්
පිපාසයට මුවගට ගනු බැරි නම්


ප්‍රායෝගික ජීවිතයට මුහුණ දෙන්න බැරි ගැහැණු ළමයෙක් ගැන ලෝකයා මොනා ද කියන්නෙ. ඇයව තේරුම් ගන්න මේ මිනිස්සුන්ට බැහැ. අවශ්‍යතාවයකුත් නැහැ. එයාල කියන්නේ ලෝකය යන විදිහට යන්න කියලා.

ආදරයක් හමුවේ තනි වෙන එක, සිත රිදවා ගන්න එක මලකට යුතු නැහැ ලු.

මලක් වුනාම හිනා වෙලාම ලස්සනට පිපිලා ඉන්න ඕනි. පරිසරය ලස්සන වෙන්නෙ එතකොට ලු. නැත්තම් මලක් වුනාට වැඩක් නැහැ ලු. ඒත් මලක් බාර ගන්න විලක් නැති වුනාම මලක් කොහොම ද කාන්තාරෙක හැඩට පිපෙන්නේ ?

“I love walking in the rain, 'cause then no-one knows I'm crying.”

විලක් සොයන
මම
෴ සොඳුරු සිත ෴

14 ප්‍රතිචාර:

කතන්දර Kathandara said...

අඩිතාලම සවි නොවුන නිසාවෙන්
අකලට වියැකී ගරා වැටී ගිය
ප්‍රථම ප්‍රේමයේ නටඹුන් අතරේ
තවමත් මුනි වත රකින ලඳේ

හැරදා මිය ගිය අතීත සැමරුම්
හද පාරවනා
ඔබේ ආදරය අයැදින හදකට
ලැගුම් දෙනු මැනවි ඔබේ හදේ.

(මේ මං විශ්ව විද්‍යාලයේ දෙවෙනි වසරේ දී ලියූ කවියක මුල් පේලි කීපයයි)

මධුරංග said...

"ප්‍රායෝගික ජීවිතයට මුහුණ දෙන්න බැරි ගැහැණු ළමයෙක් ගැන ලෝකයා මොනා ද කියන්නෙ."

මෙන්න මේ වාක්‍යය දැක්කම මට මම උසස් පෙළ කරපු දවස්වල හිටපු යාලු ගෑනු ලමයෙක්ව මතක් උනා. මේ ලමයාගේ අම්මා මේ ලමයා කරන කියන හැම වැඩකදිම පස්සෙන් යනවා. කොටින්ම තනියම කිසිම වැඩක් කරන්න දෙන්නේ නෑ. හැමදේම අම්මා තමා කරලා දෙන්නේ. මේ නිසා මේ ළමයට තනියම කිසිම තීරණයක් ගන්න බෑ.

මේ ළමයාගේ චින්තනය දියුනු වෙන්න ලොකුම භාදාව වෙලා තියෙන්නේ අම්මා. පවුලේ එකම ළමයා උනාම ඔන්න ඕකයි තියෙන ප්‍රශ්නේ. අම්මලා ඕනාවට වඩා ආදරේ දක්වන්න යනවා. ඒකෙන් ළමයි ට අසාධාරණයක් වෙන්නේ.

Bindi said...

දුකට උනන් නැති කඳුලක් පල නැත
දුකක් දැනුනු විට අඬන්න ඉඩ ඇත
මලක් වුවත් අව් වැසි දෙක උරුමයි
පතොක් ගසෙත් හොඳ ලස්සන මල් ඇත.

prasanna86k said...

බය නැතුව ඉන්ඩ අයියෝ... කාන්තාරෙට වැහැලා අන්තිමේ ලස්සන වැවක්ම හැදෙයි... එතකොට පිපෙන්න...

සොඳුරු සිත said...

කතන්දර Kathandara
ගොඩක් ස්තූථි කතන්දර...
කාලෙකට පස්සෙ මා වෙනුවෙන් ලියපු කමෙන්ට් එකට ස්තුතියි..හිත දුකින් ඉන්න වෙලාවක ලීවේ...දැන් නම් හිත හොඳයි.ස්තූතියි.

මධුරංග
ස්තූථියි මධූ...
මම නම් පවුලෙ එකම ළමය නෙමෙයි.පවුලෙ වැඩිමලා... හ්ම්..ස්ථූතියි මධූ..

Bindi
ස්තූථියි බින්දි...
පතොක් ගසෙත් හොඳ ලස්සන මල් ඇත...ඒ පදය නම් මගේ හිතට හොඳටම ඇල්ලුවා...

prasanna86k
අනේ අනේ මාළුවෝ...එයා නම් ටැංකියට වෙලා ඉන්නව.කාන්තාරයට කවදද වැස්සෙ මාළුවෝ...

ගල්මල්-Coral said...

මං ලියන්න හිතා ආ දෙය බින්දි ලස්සනට ලියා තියෙනවා.

පතොක් අයිති වියලි කතරට. කෝමාරිකාවත් පතොකක්, ඒත් ඉන් බෙදන ඔසුව...

ඒත් නගේ නිල්වලා කුමරියට මොකටද මේ සා ජල කඳක්?

දිල් said...

වත් හිතන විදියට මම කාලයක් හිතුවා..ඒත් දැන් මම ඊට හුඟාක් වෙනස්...ආදරේ වෙනුවෙන් හැමදාම අඬන්න අපිට අයිතියක් නෑ වත්..... අපි දුර්වල ගෑණු වෙන්න බෑ.... ඔය ලස්සන හදවතට ගැඹුරු හුස්මක් අරන් ජීවිතය දිනාපන්..... මම බලන් ඉන්නවා...

දිල් said...

වත් හිතන විදියට මම කාලයක් හිතුවා..ඒත් දැන් මම ඊට හුඟාක් වෙනස්...ආදරේ වෙනුවෙන් හැමදාම අඬන්න අපිට අයිතියක් නෑ වත්..... අපි දුර්වල ගෑණු වෙන්න බෑ.... ඔය ලස්සන හදවතට ගැඹුරු හුස්මක් අරන් ජීවිතය දිනාපන්..... මම බලන් ඉන්නවා...

Ravi said...

කොපමණ දියකඳ ඇල දොල උතුරා,
ගලා ගියද බොනු නොහැක පිපාසෙට,
බලා හිඳී මුව අයාන අහසට,
කෑදැත්තෙක් වැහි වැටෙන තුරා,

India’s resident migratory bird, the Pied Crested Cuckoo, is unlike any other creature on earth.

This bird only drinks rain water drop by drop as it pours down. However thirsty it may be, it does not drink any other kind of water, not from the streams, rivers or collected rainwater. It is said that this bird can live for many days without water. But when it gets thirsty it calls on Megh(a) (the rain lord) to make it rain. And it is said that its call is always answered.

කෑදැත්තා කියන කුරුල්ල දන්නවද නංගි?, හරිම අමුතු සතෙක්, කවදාවත්ම ඇලකින් දොලකින් දියවලකින් වතුර බොන්නෙ නැහැ. ආකහෙන් වැස්ස වැටෙනා තුරුම ඉන්නව පිපාසය සන්සිඳවගන්න.

පිපාසය දරුණුම උනාම කෑදැත්තා වැස්ස වලාහම දෙවියන්ට ආයාචනා කරනවලු. අනිවාර්යයෙන්ම ඒ වෙලාවට වැස්සක් වහිනවාමලු.

යසියා said...

වත් අක්කේ...
මම දකින විදියට ලෝකෙට උඩින් කෙල්ලෝ හැදුවම .. කවදාහරි දවසක ඒ කෙල්ලො පොලවට බැහැලා අතරමන් වෙනවා..වැරැද්ද උඩගු මාන්නක්කාර දෙමවුපිටන්ගෙ අතේ තනිකරම....

- නිල් අහස - said...

වත්..අහිමි උන ආදරයට හැමදාමත් ආදරය කරන්න.
මොකද අහිමි උන සියල්ලම සුන්දර වන්න පුලුවන් නිසා.

හැබැයි අනාගතය බබල වන ‍හමුවීම ..මග හරින්න එපා.

kumaraya said...

පැරණි බෞද්ධ කතා කියවීමෙන් වටහාගත යුතු දෙයක් නම් ...
තමන් අපේක්ෂා කරන දෙය ලැබෙන තෙක් නොපසුබට ව උත්සාහ කිරීම වෙයි.
නිග්‍රෝධ සාමණේර හිමියන් එක්තරා බ්‍රාහ්මණ ගෙදරකට හත් අවුරුදු හත් මසක් පිඬුසිඟා වැඩියහ. උන්වහන්සේට පිණ්ඩපාතය ලැබුණේ හත් අවුරුදු හත්මසක් එම නිවසට පිඬුසිඟා වැඩිය පසුය.

නචියා said...

මලක් ලෝකයට ලස්සන වෙන්නේ මලට මල ලස්සන උනාම.... ඒ මල පිපෙන්න විලක් කාන්තාරේ හැදෙන්නම ඕනෙ....

කල්හාර දිසානායක said...

මගේ අදහස නම් අපි කවුරුත් මිනිස්සු .......
ගැහැණු පිරිමි භේදයකින් තොරව ඕන දේකට හිනා වෙලා මූණ දෙන්න පුලුවන් වෙන්න ඕන .......

මගේ පුද්ගලික මතය නම් කාන්තාවකට පිරිමියෙකුට වඩා දරා ගැනීමේ ශක්තියක් ඇත යන්නයි ..........

Post a Comment

සිතක් ‍සොඳුරු වන තරමට අදහස් බොහෝ දැවටෙනු ඇත. නුඹේ සොඳුරු සිතේ අදහස් වචන කර යන නුඹට මගේ ස්තූතිය..... කියවූ ඔබටත් ස්තූතියි.

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...