..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

Saturday, June 4, 2011

෴ ඉටු නොවුන පොරොන්දු ව හෙවත් The Kiss I Never Had ෴

ආකාසය රත් පැහැ සළු වලින් එතී තිබුනි. තැනින් තැන පාවුන සුදු වළාකුළු කිසිසේත්ම ඒඅහසට ගැලපුනේ නම් නැති. එ දෙස බලාගත්වනම සිටි හේ දීර්ඝ සුසුමක් හෙලා තම ළය සැහැල්ලු කර ගත්තේය.

නැවතත් හිස මදක් දකුණට ඇල කල ඔහු , තම පා යුගල වලින් ද එසවී අඩි පාරට නෙත් යොමු කළේ අවසන් වතාවට හෝ ඇය ඒ දැයි බැලීමටයි.

කණගාටුවේ තරම කියා පාමින් හිස බිමට නැඹුරු කර ගත් හෙතෙම හිස දෙපසට සැලුවේ , ඇය නොඑන බව තමාටම සපථ කර ගැනීමට මෙනි. අඩි පාරේ අවසන් කෙළවර රැඳී සිටින ඔහු අඩි පාරේ අාරම්භය තෙක් නැවතත් නෙත් හෙලා ඊට හාත්පසින්ම විරුද්ධ දිසාවට ද නෙත් හෙලුවේ , මින් කුමන දිසාව තෝරා ගන්නෙම් දැයි තෝරා බේරා ගැනීමට මෙනි.

ඇය නොඑයි. ඇගේ සියළුම කර්ත්‍යවයන් අවසානයේ දී , ඇය සොයා පැමිණි ගල් බමුණාට ඇය කැමති වූයේ මන්දැයි ඔහුට තවමත් තේරුම් ගත නොහැකි පැණයකි. උල් වූ හොම්බක් වැනි දිගටි මුහුණත්, සිනා සෙන විට සොයා ගත නොහැකි තරමට හීන් වෙන ඇස් දෙකක් සහ පුම්බන ලද බැලුනයක් වැනි වූ සිරුරකින් හෙබි වූ ඔහුට ඇය පමණක් නොව ඇගේ පියා ද කැමති වුයේ ඔහුගේ එකම සිහිනය සදා සිහිනයක් බවටම පත් කරමිනි.


අවසානයේ දී ඇය පමණක් නොව සද්ගුණවත් ඇගේ පියා විසින් ද ඔහුව රවටනු ලැබුණි. අවසානයේ දී ඔහු ඇගේ පියාට පැහැදිලිව පැවසූවේ , ඇයව තමන්ගේ කර ගැනීමට වුවමනා නැති බවත් ඇයට ඇගේ කැමැත්ත පරිදි ජීවත් වීමට ඉඩ දෙන බවත් , නමුත් තමාට වූ පොරොන්දුව ඉටු කර ඒ “ උණුසුම් හාදුව “ ලබා දී තමාව මේ ගොරහැඩි ජීවිතයෙන් ගලවා ගන්නා ලෙස පමණක් ඉල්ලා සිටින බවත් පමණි. ඉල්ලා සිටීම යැදීමකටත් ඉන් පසුව බිය වැද්දීමකටත් පසුව සාපයකටත් හැරුණු නමුදු ඇයගේ හෝ පියාගේ සිත උණුවන බවක් නොපෙණිනි.

ඉන් පසුව මාළිගයේ සැම පිනවූ ඔහුව දකින්නට හැකි වූයේ මේ කුඩා වන ලැහැබ තුල සුසුම් හෙලමින් සිටිද්දීය. තව දුරටත් නොලැබෙන දේ පසුපස හඹායමින් , සිත රිදවා ගත නොහැක, මාළිගයක කුමරෙකු වී , සිතු දුකින් පෙළෙමින් ආදරයක් නොලැබ ගෙවන දිවියකට වඩා ළිං පතුලේ සැඟවී යන ගෙම්බෙකු වී , ලෝකය නොදැක මිය යනවා සැපතකි.


අඩි පාර දෙස යොමු වූ නෙතු මෑත් කළ හෙතෙම ඝණව වැඩුන කැලෑව දෙසට පා නගන්නට විය. ඉන් සුළු මොහොතකට පසුව ඇසුනේ “ ජබොස් “ යන හඩින් කැලෑව තුල වූ පාළු වි ගිය ළිඳට යමක් වැටෙන හඬ පමණි.




ඉන් පසු කිසි දිනක , කිසිම කුමරියකට පිහිට වීමට ගෙම්බෙකු ලෙසින් වෙස් වලාගත් කුමරෙකු පැමිණියේ නම් නැති.

//Then my life would be no different from fairy tales. I know fairy tales are fables: Princess never had a frog prince – Beauty never married the Beast – Snow white never got woken by a lovely kiss from a prince; maybe that’s the reason why my wish never came to reality. I’ m grateful for that.// (ඉංග්‍රීසි පද පෙළ උපුටා ගැනීමකි )



ගෙඹි කුමාරයා පැමිණෙන තෙක් සිටින

මම

෴ සොඳුරු සිත ෴

11 ප්‍රතිචාර:

කිඩෝ said...

පරක්කුවෙලා හරි ගෙම්බා ඇත්ත තේරුම් ගත්තා... දුක තමා ගොම්බො කෙල්ලො ගැන හිතන් නැතුව හිටු...

සුපර් මාරියෝ said...

හික් හික්... කොල්ලො හැමදාම සෙකන්ඩ් වෙන්නේ නෑ...

Jeew said...

අදුරුමිෂ්ඨ කුමාරියන්ගේ හාදුවලට වඩා ගෙම්බෙකුව සිටීම යහපති....
නියම කතාවක් අක්කේ...

මධුරංග said...

ගෙබි කුමාරයාගේ කතාවේ නව සංස්කරණයක්. ගෙබි කුමාරයෝ උනත් හැමදාම කුමාරි හාදු දෙනකන් ඉන්නේ නෑ වත් අක්කේ.

දැන් ඉතින් ගෙබි කුමාරයා එනකන් බලාගෙන ඉදලා පලක් නෑ. එයා ආයේ එන්නේ නෑ අක්කේ.

නිම්ශා said...

අහෝ දුකකි....

ජනරඟ විජඉදු දේවසුරේන්ද්‍ර said...

බොහොම ලස්සනයි..මම පුද්ගලිකව අගය කරනවා

Dinesh said...

අපේ කාලයේ ගෙඹි කුමාරයාගේ කතාව..

Kalu Pusa said...

ගෙම්බා මහා ගොන් වැඩක් නේ කරන්නේ ඔය කුමාරි විතරක්ද කෙල්ලෙකුට ඉන්නේ ?

හිස් අහස said...

සුරංගනා කතාවක් වගේ ..පවු අප්පා ඒ ගෙම්බා ආයේ කවදාඅ ලිඳෙන් ගොඩ එන්නද ..දැන් ඉතින් ගෙම්බට අහස දෙස බලමින් සුසුම්ලන්න වේවි

නචියා said...

අනේ මන්දා.. ගෙම්බට තව හිතන්න තිබුනා... ඒත් දැන් කරන්න දෙයක් නෑනේ..

ලස්සනයි....

කල්හාර දිසානායක said...

ගෙම්බා මොන මඟුලකට කුමාරියො හොයන්න ගියේ ....
හොඳ දුප්පත් තැනකින් ගුණ යහපත් කෙල්ලෙක් හොයා ගත්තා නම් ඉවරනේ .......

Post a Comment

සිතක් ‍සොඳුරු වන තරමට අදහස් බොහෝ දැවටෙනු ඇත. නුඹේ සොඳුරු සිතේ අදහස් වචන කර යන නුඹට මගේ ස්තූතිය..... කියවූ ඔබටත් ස්තූතියි.

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...