..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

Monday, June 27, 2011

෴ පළමු හාදුව / The Immortal First Kiss ෴

සුදු පැහැති අත් රහිත බ්ලවුසයත් , දණහිස තෙක් දිගැති රතු පසු බිමේ තරමක ලොකු සුදු මල් වැටුන සායත් , ඉසලා ගෙ න එන රතු පැහැති කුඩයට ම ගැලපුනි. ඇය සාරියට වඩා මේ ඇඳුමට කෙතරම් නම් වෙනස් දැයි ඔහුට සිතුනේ , ඇය වැඩි හරියක් දැක ඇත්තේ කාර්යාල වේලාවන් තුල දී නිසාය.

“ ගොඩක් වෙලා ද ඇවිල්ලා “

දුර තියා ම සිනාසෙමින් පැමිණුන ඇය , ඔහුට සමීපවත්ම ඇසුවාය .

“ අනේ නැහැ . .  දැන් ම්ම්ම් විනාඩි දහයක් විතර ඇති “

“ කොහෙද යන්නේ ? “

“ ම් ම් ම් . . . . යමු ද ෆිල්ම් එකක් බලන්න ? “

ඔහු ඇසුවේ දෙගිඩියාව රැඳුණු දෙනෙත් ඇය වෙත යොමු කරන ගමන්ය.

“ ෆිල්ම් , ? මොකක් ද දන්නෙ නැහැ මේ දවස් වල තියෙන්නෙ .ඔයා කැමති ෆිල්ම් එකක් නම් යමු“

ඇයගේ සාමාන්‍ය දැනීම ගැන ඔහුට පුදුම නොසිතුනේ , ඇය මින් පෙර පෙම්වතකු ඇසුරු කර නොතිබීම නිසා ම වන්නට ඇත.සමහර විටක ඇය මේ බව දැන දැනත් , නොදන්නා ලෙස හැසිරෙනවා වන්නට ද බැරි නැතයි ඔහුට සිතුනි.

“ ඔවු , මම කැමති එකක් . යමු ද එහෙනම් “

“ හා  . . . .“

ඇය ඔහු සමඟින් එක මඟ වැටුණි.ඇය  ඉසලා ගත් කුඩය ඔහුගේ හිසේ  විටින් විට අනෙන්නට වූයේ. ඇය ඔහුට වඩා උසින් අඩු නිසාය.

“ මොකක් ද මලිති , පොඩ්ඩක් අවුවෙ ගියා කියල කළු වෙනව ද “ඔහු තරමක කෝපයෙන් ඇසූ විට ඇය කළේ , ඔහුගේ මුහුණ දෙස බලා සිනාසෙමින් කුඩය හකුළා ගැනීමයි.

චිත්‍රපට ශාලාවට පැමිණෙන විට , දර්ශණවාරය ආරම්භ වී තිබුණී. ඔවුන් දෙදෙනා දුටු පමණින්ම පුවේශ පත්‍ර නිකුත් කරන්නා , ඔවුන් දෙස බලමින් ඇසුවේ .

“ බොක්ස් ටිකට් දෙකක් ද ? “

“ නැහැ . ODC දෙන්න “

“ ලාබෙට ලවු කරන්න . ආහ් මෙන්න “

විදුලි පන්දමක් අතින් ගත් මිනිසකු විසින් ඔවුන් දෙදෙනාට මඟ පෙන්වන ලදී. චිත්‍රපට ශාලාවට ඇතුල්වත්ම දොරකඩ පය පැටලි වැටෙන්නට ගිය ඇයව අල්ලා ගත් ඔහු ඇගේ අතින් අල්ලන් , ශාලාවේ ඒ වන විටත් අසුන් ගෙන සිටි ඇය අතිරින් ඇයව පරිස්සමින් රැගෙන ගියේය. අඩ අඳුරින් පිරී ගිය ශාලාව තුල දී නැවත වරක් ඇගේ පය පැටළුනෙන් , විදුලි පන්දම් කරුවා නැවතත් හැරී විදුලි පන්දම් ආලෝකය ඇය දෙසට හරවන විට , ඇය ඒ ආලොකය අතරින් දුටුවේ , උන්හිටිතැන් අමතක වූවන් ලෙස හැසිරෙන පාසල් වියේ පමණ පෙම්වතුන් දෙදෙනෙකි. ඇය , ඔහුගේ අත තදින් ග්‍රහණය කරගන්නා ගමන් ඔහුගේ මුහුණ දෙස බැලුවේ ප්‍රශ්ණාර්ථයක් රැඳි දෑසිනි.

ඇගෙන් දෑස් ඉවතට ගත් ඔහු ගේ සිත, තමා වරදක් කලාක් වැනි හැඟීමකින් පිරී යන්නට විය.

“ මෙතනින් වාඩි වෙන්න “

චිත්‍රපටය පුළුල් තිර මත දිගහැරී ඇත. ඇය එහි නම වත් අඩුම තරමින් නොදනී.

“ මොකක් ද මේකෙ නම “

“ නම ම ම . . . . මට මතක නැහැ මලිති “

“ කමක් නැහැ , යන ගමන් නම බලාගෙන යමු “

ඇගේ දෑස් තිරයෙන් ඉවතට නොයයි, විටෙක සිනා සෙන ඇගෙ මුහුණ , අඩ අඳුරේ ඔහුට පෙනෙයි. අඬ අඳුරේ පෙනෙන ඇඟේ උවනේ සොදුරු බවට මුසු වූ ආසක්ත හැඟීමකින් ඔහුගේ සිත පිරෙන්නට විය.

“ මේ මොක ද මේ , ෆිල්ම් එක යන්නෙ මගෙ මූණෙ නෙමෙයි , අන්න අරහෙ “

ඇය ,ඔහුගේ මුහුණ ඇගේ අතින් අල්ලා , තිරයට දෙසය හරවන්නට සැදූවා පමණි. ඇගේ අත , තම දකුණතින් ගත් ඔහු , එය තම මුවට ළං කර ඉතා මෘදුව , නමුදු ආදරයෙන් හා ආසාවෙන් යුතුව සිප ගද්දී , ඇගේ දිලිසෙන දෑස් වල එළිය අඳුර දුරු කරන් පිපි තරු යුවලක් ලෙස ඔහුට පෙනුනි.

මඳ වේලාවක් විමතියෙන් මෙන් දිලිසෙන ඇස් වලින් ඔහු දෙස බලා සිටි ඇය , ඔහුට තවත් සමීප වී , ඔහුගේ පළල් උරහිසට හිස බර කළාය.

“ කපටියෙක් . . .  මේකට ද ෆිල්ම් බලන්න මාව එක්ක ආවේ “

“ ඔවු . . . . මට ඔයාව අද ඉඹින්න ඕනි “

“ ස්කෝල ළමයි වගේ , මේ කළුවරේ ද ? “

“ ඔවු  . . . .  “

“ හ්ම් . . . .  මේක ලංකාව නේ.මට අමතක වුනා. ආදරය කරන්නවත් නිදහසක් නැති රටක් “

ඇගේ හිසෙන් හමනා සුවඳ , ඔහුගේ සිත ආනන්දයෙන් පිරවීය. ඇගේ ගැහෙන පිරි පුන් පපුවේ සුවය , ඔහුගේ ශරීරයට දැනෙන්නට විය.තම දකුණත සෙමින් ඇගේ ඉණ වටා යැවූ ඔහු , ඇය තව තවත් තමා වෙතටම තුරුල්කර ගත්තේ ,ඊළඟ මොහොතේ දී ඇය ව යම් කෙනෙකුන් පැහැර ගෙන යා දෝයි බියෙන් මෙනි.

ඇය ද තව තවත් ඔහුට තුරුළු වුයේ , හදවත ගැහෙනා වේගයට ඇය බිඳී විසිරී සීසී කඩ යාදෝයි යන හැඟීමටත් ,වඩා නොදැනෙන , නාඳුනන , කෝඩුකාර සිතට දැනුන හැඟීම නැති වී යාමට ඉඩ දිය නොහැකි නිසාය.

දෙදෙනාම , චිත්‍රපට ශාලාවෙන් බොහෝ දුර ඈතක ගොස් වුන් බව දෙදෙනාටම නොදැනුනන ද, නොදන්නා යම් රැහැනකින් වෙළි , බැඳී ඇති බවක් ඔවුන් දෙදෙනාටම දැනුනි.ඇගේ දිලිසෙන ඇස් වල කාන්තිය නවතන්නට ඔහුගේ නෙතු වලට නොහැකි වුව ද, ඇගේ පොපියන දෙතොල උරා බීමේ නොසන්සිදෙන ආශාව ඔහුට මැඩලිය නොහැකි විය. ඇගේ නළලතත් , පිරුණු කොපුල් යුගලත් ඔහු ආදරයෙන් සිප ගද්දී , සෙමින් වැසුන ඇගේ දෙනෙත් , ඔහුට ඉඩ දුන්නේ ,ඇගේ ගුප්ත ලෝකයේ දොරවල් කුළුදුලේම ඔහුට විවර කරමිනි.


පොපියන පිරුණ දෙතොල් වෙත ළං වත්ම , ඇගේ කම්මුල් දිගේ ගලා ආ උණුසුම් කඳුළක ලුණු රස ද සමඟින් ඔහුගේ ජීවිතයේ ලද රසවත්ම දෙතොල් පහස විඳින්නට ඔහුට හැකි විය. දීර්ඝ වූත් , සිත් ගන්නා සුළුවූත් , අතිශය සොඳුරු වූත් හාදුවට පසුව , ඔහුගේ පළල් පපුවේ හිස හොවා ගත් ඇය ඉකිගසමින් හඬන්නට වුයේ මන් දැයි ඔහුවත් ඇයවත් දැන වුන්නේ නැත.

අද ඒ , චිත්‍රපට ශාලාව ඉතාමත් නවීකරණය වී ඇති අතර , වේලාසනම චිත්‍රපට ශාලාවට ඇතුළු වු ඔහු අවට සිසාරා , එදා ඔවුන් සිටි ස්ථානය අනුමානයෙන් මෙන් සොයන්නට වූයේ, ජීවිතයේ ලද පළමු හාදුවේ සැනසුම් සුවය යලිත් ලබන්නට මෙනි.

“ තාත්ති , තාත්ති , ඇයි අපි පිටිපස්සෙම සීට් වලට ආවේ ? සීට් ගොඩාරියක් ඉස්සර තියනව නේ ? ඇයි තාත්ති ඒ? “

ඔහුගේ අතින් අඳිමින් , තිරයට අත් දිගු කරමින් , හුරතල් බස් අසනා , සිඟිත්තියට ඇත්තේ , එදා ඔහු සිප ගත් කෙල්ලගේ දෙනෙත් නොවේ. සිඟිත්තිය ආසන්නයෙන් සිටින රුවති ළඳ , සිපගත් වාර ගනන ඔහුගේ මතකයේ නැතත්. පළමු හාදුව පුද කළ ළදගේ මුවින් නැඟි ,සුසුම් වාර ගණන පවා ඔහුගේ මතකයේ ඇත.

අද ඇය කොහිදැයි , ඔහු නොදනිතත්, ඔහු කොහිදැයි ඇය නොදනිතත් , ප්‍රථම හාදුවේ සොඳුරු උණුසුම , ඔවුන් මියෙනා තුරුම මතකේ සදා රැදෙනු ඇත.

“At the first kiss I felt something melt inside me that hurt in an exquisite way. All my longings, all my dreams and sweet anguish, All the secrets that slept deep within me came awake, Everything was transformed and enchanted, everything made sense.”


චිත්‍රපට ශාලාවේ , අඳුර විනිවි ද, ඔහුත් සමඟ සිටිනා සිඟිත්තිය දෙස බලා සිටන
මම
෴ සොඳුරු සිත ෴

38 ප්‍රතිචාර:

ඔටෝ නුවන්ත said...

ලස්සන කතාව,පපුව පලාගෙන මීට මාස 9කට උඩදි කෑඩි බිදි ගිය මගේ ප්‍රථම ආදරය මතක් උනා,ඔය විදි හටම කුඩේට රන්ඩු උන හෑටි හා පෑටියෙක් වගේ මට තුරුලු වෙලා වුන්නු හෑටි ඔය වගේම ලස්සන ආදරයක් මටත් තිබුනා.ඈත්තටම ඈස් දෙකට කදුලු ආවා,,ඒ තරමට ඔයා සොදුරු සිත ලස්සනට ලියලා....

බස්සා said...

සොඳුරැය ඔබේ සුන්දර මතකයන් පෙළ..
ගෙනගිය අතීතෙට පෙම්කල දවස් වල..
ඈ වෙනතකය මා දැඩි ලෙස ඇළුම් කල..
කඳුලක් මෝදු වී ආවයි දෙනෙත් මුල..

වෙලාවකට බොළඳ වැඩිදත් කියලා හිතෙනවා..ඒත් මහප්‍රාණ ආදරයකට වැඩිය බොළඳ ආදරේට මං ප්‍රියයි..

තව තවත් සොඳුරැ හැඟුම් පහල වේවා.. ජය !!

Isuru Sanjeewa said...

හැමදාමත් වගේ මේකත් හරිම හැගුම් බරයි.ඔයාට ලස්සනට වචන ගලපන්න තේරෙනව.

Anonymous said...

“At the first kiss I felt something melt inside me that hurt in an exquisite way. All my longings, all my dreams and sweet anguish, All the secrets that slept deep within me came awake, Everything was transformed and enchanted, everything made sense.” lassanai man meka copy kara gatta saho mage fb wall eke danna sorry

මකුළුවා..... said...

අක්කගේ කතාවේ වාක්‍ය දෙකකට මං ගොඩක් කැමති...
".....ප්‍රථම හාදුවේ සොඳුරු උණුසුම , ඔවුන් මියෙනා තුරුම මතකේ සදා රැදෙනු ඇත." මේක අංක එක....

"මේක ලංකාව නේ.මට අමතක වුනා. ආදරය කරන්නවත් නිදහසක් නැති රටක්" මේක ගැන නම් ටිකක් විවේචනාත්මකයි නේද අක්කේ...

Helping To People said...

ඇගේ හිසෙන් හමනා සුවඳ , ඔහුගේ සිත ආනන්දයෙන් පිරවීය. ඇගේ ගැහෙන පිරි පුන් පපුවේ සුවය , ඔහුගේ ශරීරයට දැනෙන්නට විය.තම දකුණත සෙමින් ඇගේ ඉණ වටා යැවූ ඔහු , ඇය තව තවත් තමා වෙතටම තුරුල්කර ගත්තේ ,ඊළඟ මොහොතේ දී ඇය ව යම් කෙනෙකුන් පැහැර ගෙන යා දෝයි බියෙන් මෙනි.

:( :( :(

ChammA said...

මේක නම් හරිම ලස්සනයි අක්කේ.. :)

මධුරංග said...

වෙනදා වගේම අක්කා ලියපු ලස්සන ලිපියක්. කිව්වත් වගේම අක්කට ලස්සනට ලියන්න පුලුවන්.

ඔන්න මාතර හන්දා කවි ලියන්න පුලුවන් කියන එක නම් පිලිගන්න තිබ්බා. ඒත් මේ වගේ කතා ලියන්න පුලුවන් කියන එක නම් කොහොම හිතන්නද ?

ඇත්තටම අක්කේ ලස්සනයි මේ ලිපිය.

ටික වෙලාවක චිත්‍රපටි ශාලාවක තනි උනා වගේ හැගීමක් ඇති විය.

ADK කොලුවා said...

වැඩිය මුකුත් කියන්නේ නෑ.. හැබැයි එක හුස්මට කියෙව්වට මේකේ මැද හරියේ තිබුන දේවල් මට මතක නෑ. ඒ වෙලාවේ මම හිටියේ මීට අවරුදු 5-6 කට කලින් මතකයක. අයෙත් මැද ටික කියවන්න ඕනේ කියල හිතුනත්, කියවන්නේ නෑ.. පොස්ට් එක පට්ට ටචින් අක්කා/නංගි

Kiri said...

ආයෙත් බොද මීදුම කියවපු මානසිකත්වයට වෑටුනයි කියලා හිතනවා..
BY the Way .Better than Bodameeduma.. haha බොහොම හොදට ලියල තියෙනවා..

pabs said...

ප්‍රතම හාදුවෙ දිග නරකම නෑ,,:D

Ravi said...

Long ago in a past shrouded in mists of time,
I remember my very first kiss as vivid as yesterday,
It was not my first love, neither the eternal love,
Just something happened all of a sudden, a bolt out of the blue,
All the same it's seared in my mind forever and forever
Memories for sure won't fade until the day I die,

වෙද ගෙදර මහ වෙදනා said...

ඔබ මාව 1989 ට ගෙන ගියා. අනර්ඝ වූ ඒ අත්දැකීම මම බෙදා ගත්තේ මගේ වෙද හාමිනේ සමඟයි.

ඔබත් නලිනිත් තමයි බ්ලොග් අවකාශේ සිටිනා ඉතාම දක්ෂ ලේඛිකාවන් දෙදෙනා. මාරය තමයි ලෙඛකයා. ඒ මගේ පිලිගැනීමයි. අනෙක් අය කමත්වා.

Kush said...
This comment has been removed by the author.
- නිල් අහස - said...

අනේ..මන්දා.
දැනුන දේ නිර්වචනය කරන්න අමාරුයි.

ඒ තරම්ම හිතට දැනුනා...වත්.

Hishan Melanga said...

මේ ලිපිය කියවල අනේ මේ මිනිස්සුන්ටත් තියෙන ප්‍රශ්න කියල හිතුන :)

Anonymous said...

kohomada akke oya me taram hodata mage athdakima wisthara kale?? mage adareth oya wagema lassana siduwimak una..hariyatama mita auruddai masa 3kata kalin...oya widiyamai..thana nam wenas...e adarei eda tibba sathutai tmat mn gawa tyenawa...sathutui...niyamata liyala tyenwa....

Kush said...

නියමයි වත්...ගොඩක් සමීප සිද්ධියක් ඔයාගේ බ්ලොගේ කොටන පළමු කොමෙන්ටුවට පාර පෙන්නුවා

Sujeewa Kokawala said...

හිතට දැනෙන්න ලියලා තියෙනවා. ලස්සනයි.

හැමෝටම ඔහොම වෙන්නේ නැහැනේ ඉතින්. අපිත් පොඩිත්තිය එක්ක ගොහින් ෆිල්ම් එකක් මුලින්ම බැලුවේ ඊයේ පෙරේදා [කුන්ෆු පැන්ඩා] ඔන්න. හැබැයි අපට නම ෆිල්ම් හෝල් අත්දැකීම නැහැ. ඊට වඩා නිදහසක්‌ තිබ්බා.

විසිතුරු said...

හරිම ලස්සනයි. මම අද තමයි ඔයාගෙ බ්ලොග් සටහන් බලන්න ආවෙ. ඇත්තටම මම කියවපු ලස්සනම ලිපි අතරින් එකක් මේක....

Niroshan said...

හ්ම..හිත නැවතත් අතීතයට...මගේ මුල්ම හාදුව දුන්නේ ඉස්කෝලේ යනකාලේ මගේ ප්‍රථම ප්‍රේමවන්තියට, එකත් බස් එකක් හිර වෙලා යන ගමනක. දැන් නං මතක් වෙනකොටත් ලැජ්ජා හිතෙනවා, ඒ කලේ කරපුවාට.

ඒත් අවුලක් නැහැ, එයා මගේ වෙලා දැන් අවුරුදු බර ගානක් නොවැ..

හිස් අහස said...

බඩ පපුව හෝස් ගලා දාලා ගියා . මටත් මගේ ප්‍රථම මෙවුව එක මතක් වුණා ඒත් මම කැමති මගේ ප්‍රථම මෙවුව එකට වඩා දෙවනියට ලැබුනු මෙවුව එකට .. ඒ ඇයිද කියලා මම තවම හොයනවා .

අපරාදේ මේක බැලුවේ කියලා හිතෙනවා . මේක බැලුවයිං උනේ යන්තම් ගල් ගැහිලා තිබ්බ හිත් පොජ්ජ උනුවෙච්ච එකයි . .දැන් ඉතින් දවසක් දෙකක් යනකම් බොටල් එකේ පිහිට තමයි

පොඩි මෑන් said...

ඇස් දෙකට කදුලු ආව..... ඇත්තමයි ජයවේවා.. මීට පස්සෙ හැමදාම එනවා..

Anonymous said...

ane mata nama palaweni ekei anthima ekai kiyala wenasak na serama ekai.. he he :D mokada mage palaweni eka thama, thama mama laga inne.. love her lot..

nawammawatha said...

නියමයි, හොඳයි, ලස්සනයි කියල මට මේක කියවනකොට දැනිච්ච ගැඟීම බාල්දුකරන්න හිතක් නෑ. මම මාතර එස්.කේ හෝල් එකට ආයෙමත් හිතින් ගියා. බොහෝම ස්තූතියි

චමිල said...

නියමයි අක්කේ...කතා කියවන්න වෙලාවක් නැතිවුනත් මේක ඉබේම කියැවුනා...
මටත් කතාවක් ලියන්න හිතුනා.. (අනේ මන්දා මේ වෙලාවක් නැතිව වැඩ ගොඩවෙලා ඉන්නකොට ඔයත් කොරන වැඩ :D )

සොඳුරු සිත said...

මට මෙච්චර කමෙන්ට් ගොඩක් හම්බුනාම ද කොහෙ ද යාළු....

ස්තූතියි කාටත්...

@ඔටෝ නුවන්ත@

ඔවු .අපි කවුරුත් ආදරය කරල තියනවා. කවුරුත් ආදරය නිසා දුක් වෙලා තියනවා.ඒත් ඒ දුක වගේම , ආදරයත් සදාකාලික නැහැ. නමුත් ඒ සුන්දර මතක මොහොතක් හරි අපේ හිත් සනසනවා.ස්තූතියි ඔටෝ නුවන්ත

@බස්සා@
ඔවු බස්සො. ආදරය බොළඳ වෙන කොට ලස්සනයි තමයි.මහප්‍රාණ විදිහට හිතන්න ඕනි නැහැ.සරල සුන්දර ආදරය , ජීවිතයට මෘදු බව ගේනව. ස්තූථියි බස්සා

@Isuru Sanjeewa@
ස්තූතියි අගේ කිරීමට Isuru Sanjeewa ......

Anonymous
අපොයි කමක් නැහැ. මාත් ඔය වාක්‍ය කොපි කරල තමයි ගත්තේ...

@මකුළුවා.....@
ඔයා කැමතිත් , මේ කතාවේ , මාත් කැමති වාක්‍ය දෙකකටම තමයි. ස්තූතියි මකුළුවා.....

Helping To People
මොකද අනේ මේ..හිනා වෙලා සංතෝශයෙන් ඉන්න යාළු....

ChammA
හාදු කොහොමත් ලස්සනයි... හෙහ් හෙහ් ...රසයි ...

@මධුරංග@
මාතර අයට කවි ලියන්න පුළුවන් කියල නියමයක් නැහැ දරුවෝ. මට වඩා හොඳට ඔයා ලියනව කියල මං කීවොත්... ?

@ADK කොලුවා@
ස්තූතියි ADK කොලුවා... මට පේන විදහට , ඔය ළමයත් ෆිල්ම් හෝල් වල දි හාදුවේ රස බලල තියන හැඩයි..හෙහ් හෙහ්... ස්තූථියි ආයෙමත්...

@Kiri@
හෙහ් හෙහ් ...දේශපාලනයට ලැදි අයට , ආදරය පේන්නේ ලද බොළඳ දෙයක් විදිහට වෙන්න පුළුවන්.... ඒත් මහා ලොකු දේශපාලකයොත් , ආදර හිත් ලඟදි ගොඩක් බොළඳයි කිරියෝ ...ස්තූතියි ..Kiri...

pabs
ඒ තරම්ම දිගත් නැහැ යාළු.....

සොඳුරු සිත said...

Ravi
හෙහ් හෙහ් ...රවි අයියා.. ඔයාගේ ෆස්ට් කිස් එක , පළමු ආදරය නෙමෙයි ද? හ්ම්... අහම්බෙන් ලැබුන , හිත මන්මත් වුන හාදුවක් වගේ.... හරියට , සමණළයෙක් බඩේ පියාඹනවා වගේ... හ්ම්...

සොඳුරු සිත said...

Ravi
හෙහ් හෙහ් ...රවි අයියා.. ඔයාගේ ෆස්ට් කිස් එක , පළමු ආදරය නෙමෙයි ද? හ්ම්... අහම්බෙන් ලැබුන , හිත මන්මත් වුන හාදුවක් වගේ.... හරියට , සමණළයෙක් බඩේ පියාඹනවා වගේ... හ්ම්...

@වෙද ගෙදර මහ වෙදනා@
ඔබගේ මතයට මගේ ආචාරය පුදන ගමන්ම , මගේ මතයත් කියන්නට අවසර, නලිනි ලස්සනට ලියනවා , ඒකෙ කතා දෙකක් නැහැ. නමුත් මගේ නම් වැරදි අඩුපාඩු බොහෝමයි. අකුරු වුනත් , වාක්‍ය ගැලපීම වුනත් බොහෝ වෙලාවට වැරදි, මට ඒ වැරදි පෙන්වා දෙන මගේ යාළුවන්ට තමයි මේ ස්තූතිය යන්න ඕනි. එයාල මෙතන කමෙන්ට් නොකර , මට පුද්ගලිකව ඊමේල් කරනවා. අක්කා , මේ හරිය වැරදි, ඉක්මනට මේ වැරදි හදන්න කියලා...

මේ කතාවලට ගැලපෙන ලස්සන ඉංග්‍රීසි පද හොයල දෙන්නෙ , අපේ රවි අයියා. එයාටත් මේ ස්තූථිය යන්න ඕනි....

ඇත්තම කියනව නම්, බ්ලොග් අවකාශයට සම්පතක් වෙන්නේ , අහම්බෙන් බ්ලොග් අවකාශයට ගොඩ වෙන ඔබතුමා වැනි අයයි...

සොඳුරු සිත said...

Ravi
හෙහ් හෙහ් ...රවි අයියා.. ඔයාගේ ෆස්ට් කිස් එක , පළමු ආදරය නෙමෙයි ද? හ්ම්... අහම්බෙන් ලැබුන , හිත මන්මත් වුන හාදුවක් වගේ.... හරියට , සමණළයෙක් බඩේ පියාඹනවා වගේ... හ්ම්...

@වෙද ගෙදර මහ වෙදනා@
ඔබගේ මතයට මගේ ආචාරය පුදන ගමන්ම , මගේ මතයත් කියන්නට අවසර, නලිනි ලස්සනට ලියනවා , ඒකෙ කතා දෙකක් නැහැ. නමුත් මගේ නම් වැරදි අඩුපාඩු බොහෝමයි. අකුරු වුනත් , වාක්‍ය ගැලපීම වුනත් බොහෝ වෙලාවට වැරදි, මට ඒ වැරදි පෙන්වා දෙන මගේ යාළුවන්ට තමයි මේ ස්තූතිය යන්න ඕනි. එයාල මෙතන කමෙන්ට් නොකර , මට පුද්ගලිකව ඊමේල් කරනවා. අක්කා , මේ හරිය වැරදි, ඉක්මනට මේ වැරදි හදන්න කියලා...

මේ කතාවලට ගැලපෙන ලස්සන ඉංග්‍රීසි පද හොයල දෙන්නෙ , අපේ රවි අයියා. එයාටත් මේ ස්තූථිය යන්න ඕනි....

ඇත්තම කියනව නම්, බ්ලොග් අවකාශයට සම්පතක් වෙන්නේ , අහම්බෙන් බ්ලොග් අවකාශයට ගොඩ වෙන ඔබතුමා වැනි අයයි...

@චමිල@
ඔයා ලියන කවි වල , හැන්ඟිලා තියෙන කතන්දරත් එක්ක , මේවා මොනා ද මල්ලි... ඔයා වවුල් තිප්පලේ චමිල නේද ?

@nawammawatha@
බුදු අම්මේ නවම්. ඔයා කොහොම ද ෆිල්ම් හෝල් එකේ නම කීවේ කියල මං මේ බැලුවේ..හෙහ් හෙහ්...ඉස්සර නම් එහෙ තිබ්බෙ , මකුණො පුටු. එස්කේ එකෙන් ෆිල්ම් බලල, එතනම තියන අයිස් ක්‍රීම් කඩෙන් අයිස් ක්‍රීම් කාලා .... හෙහ් හෙහ්

Anonymous
අනිත්ම එකම , පලමු එක වෙන්න..ආහ් වැරදුනා...පළමු ආදරයම අන්තිම ආදරය වෙන්න පිං කරල තියෙන්න ඕනි....ස්තූතියි Anonymous

සොඳුරු සිත said...

@පොඩි මෑන්@
පොඩිඩීඩී ... මම ඒ පැත්තේ ගියා.. එහෙමත් බ්ලොග් එකක්...මම දැක්කමයි ජීවිතේට. පොඩි මෑන් වුනාට බලන්න එපෑය පොඩ්ඩගේ බ්ලොග් එක...

සොඳුරු සිත said...

@- නිල් අහස -@
හිතට දැනෙන හැමදෙයක්ම , වචන වලට ගන්න බැහැ...ඔයා හරි ..ස්තූතියි නිල් අහස...

@Hishan Melanga@
හැබෑටම ..එක එක මිනිස්සුන්ට තියන ප්‍රශ්ණ වෙනස් තමයි.ඒත් කවුද ? කොහෙද කියල තියෙන්නෙ මේක ප්‍රශ්ණයක් කියල...ස්තූතියි හිෂාන්...

@Anonymous@
ඔයාගේ අත්දැකීමක් වගේ දැනුන ද...හ්ම්... හැබැයි මේක මගේ අත්දැකීමක් නම් නෙමෙයි යාළු..ස්තූතියි..

@Kush@
ස්තූතියි කුෂ් ...ස්තූතියි.පළමු කමෙන්ටුව වෙනුවෙන් ස්තූථියි.

@Sujeewa Kokawala@
හෙහ් හෙහ් ... අයිය ටත් මේ වගේ මතකයන් නැහැයි කියන්න නම් බැහැ තිං...

@විසිතුරු@
ස්තූතියි මේ පැත්තෙ ආවාට.

@Niroshan@
බස් එකක දි ....හනේ හනේ...නැහැදිච්ච කොල්ලො....හෙහ් හෙහ්..සතුටුයි දැන ගන්න ලැබුනට.හාදු දුන්න කෙනාම හාද වෙලා ලඟ ඉන්න බව...

Sujeewa Kokawala said...

[[අයිය ටත් මේ වගේ මතකයන් නැහැයි කියන්න නම් බැහැ තිං...]]

තියෙනවා. අමතක වෙන්නේ කොහොමද? හැබැයි අදත් ඉන්නේ එයාම තමයි.

අපි ඉතින් ඔය ලොකු ලොකු පොරවල් නෙවෙයිනේ. යාලු උනා, බැන්දා බබ්බු හදන් ඉන්නවා. ලොකු ලොකු අත්දැකීම් නැහැ :)

Anonymous said...

i remembere my first and last love.

ඔජායෙ.... said...

"෴ ශෘංගාරාත්මක පෙම්වතාට ලියමි ෴" සිට
"෴ පළමු හාදුව / The Immortal First Kiss ෴ " දක්වා කියවීමි.....ඉදිරියටත් කියවමි ....(comment නැතත්)...වචනයේ පරිසමාප්ත අර්තයෙන්ම විශිෂ්ඨයි .....ජය වේවා.....!!!! "෴ ශෘංගාරාත්මක පෙම්වතාට ලියමි ෴ " කතාව ගොඩාක් හිතට වැදුනා... මගේ කතාවත් ඒකමද කියල හිතෙනව....

ප්‍රාර්ථනා said...

ඇස් දෙකට කඳුලු එනවා කියවද්දි අක්කේ, හරිම ලස්සනයි.

Sabith said...

පස්ටයි පස්ටයි~

නචියා said...

අපරාදෙ අප්පා.. මම හිතුවා ඒ දෙන්නම එයාලගෙ ළමයත් එක්ක ෆිල්ම් එකක් බලන්න ඇවිත් කියලා. මොනා කරන්නද ඉතින්..

Post a Comment

සිතක් ‍සොඳුරු වන තරමට අදහස් බොහෝ දැවටෙනු ඇත. නුඹේ සොඳුරු සිතේ අදහස් වචන කර යන නුඹට මගේ ස්තූතිය..... කියවූ ඔබටත් ස්තූතියි.

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...