..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

මෙහි ලියැවෙන දෑ.............

"Art is something that lies in the slender margin between the real and the unreal."සාහිත්‍ය වනාහි සත්‍යයත් කල්පිතයත් අතර පිහිටි අනියත ප්‍රදේශයකට අයත් වේ.(Chikamatsu Monzaemon)

Sunday, June 26, 2011

෴ හීනෙන් හීනෙට / Dream to Dream,෴

කාලයක් තමන්ටම කියල හීනයක් නොතිබුන කෙනෙක් , එක පාරටම හින දකින්න පටන් ගත්තා , දකින්න විතරක් නෙමෙයි , ටික කලකින් ඒ හීන වල ජීවත් වෙන්නත් පටන් ගත්තේ , ඒ හීන ඔක්කොම ඉටු වෙයි කියලා වෙන කවරදාවත් නොතිබුන බලාපොරොත්තුවක් සිතේ ඇති වුන නිසා ම වෙන්න ඇති.

ඒත් දකින සිහින ඔක්කම සැබෑ වෙන්නෙ නැහැ කියලා ආයෙත් වරක් ඇයට එත්තු ගියා.

“ සිහින දකින්නන්ට විතරයි ඒ හින හැබෑ නර ගන්න පුළුවන් , සිහිනයක් නොදකින්නෙක් ට අඩුම තරමින් හීනයක් වත් නැහැ “ කියලා සිතුවත්. ඇය හිතාමතාම හීන වල අතරමං වෙන එක නතර කරා. කොටින්ම හීන දකින එකත් නතර කරා.

ඒත්  . . . . . . . .  නොසිතූ විදිහට දැකපු හීන වැලක් නිසා , අද හිමිදිරියේ ඇහැ අරින්නත් ඇයට ලෝබ හිතුනා. ඒ තරමට ඒ හින ලස්සනයි. කොච්චර ලස්සන වුනත් , එළිවෙලා පැයක් දෙකක් යන කොට , ඇයට හිතුනා , ආයෙත් ඇගේ හින වලට ඇවිත් , ඇගේ හීන පුරා සරන්නෙ නම් හොඳකට නෙමෙයි විත්තිය. දකිනකම් ලස්සනයි.

“ අනේ , මට ඇහැරෙන්නෙම නැත්තම් “ ඇයට සිතුනා. ඇහැරුණාම තමයි මේ විකාර ඔක්කම.

කොහොම  වුනත් ඇගේ සිතට බයයි. කාලෙකට පස්සෙ හීනෙන් දුටුවේ ඇයි ? කරදරයක් ද? අසනීපයක් ද?

“ අනේ  . . . කොහෙ හිටිය ත් සතුටින් , සැනසීමෙන් ඉන්න ඕනි “


ඇය සිය දහස් වාරයක් ප්‍රාර්ථනා කරා. ඒ වගේම ඊටත් වඩා පහත් හඬින් ඇය මෙහෙමත් මිමිණුවා.

“ කරුණාකරල , මගෙ හින වලට ආයෙත් එන්න එපා “

ගීතේ තාලෙට මුමුණන
රස කවි පදයක් වූවට
ඒ කවි පද හදවත තුල
සිරකර ගනු බෑ

රන් හිරු කිරණේ සැඟවී
උණුසුම් සුව ගෙන දුන්නට
ලොවට හොරෙන් වහන් වෙලා
ඉන්නට මට බෑ

යන එන මඟ මල් පාවඩ
අතුරා සුවයක් වූවට
මඩ ගෑවුන පය පැටලෙයි
එන්නට මට බෑ

හීනෙන් හීනෙට එන නුඹ
හරි සැනසීමක් වූවට
ඒ හීනෙන් අවදි නොවී
ඉන්නට මට බෑ


කවි පදයක් සිරගර ගනු නොහැකි වුවත් හදවතේ - නුඹ ලියන්න තව කවි පද වැල් ගයන්න විහඟුන් ලෙසේ

ලොවට හොරෙන් වහන් වෙලා ඉන්නට බැරි මුත් මෙසේ - නුඹ හෙලන්න උණුසුම් රැස් මල් පිපෙන්න හදවතේ
මඩ මිස මල් අයිති නැතත් පා පහසට මේ බිමේ - නුඹ සදන්න මල් පාවඩ සුවඳයි මට මඟ දිගේ

අවදිවන්න බැරි වූවත් හීනෙන් දකිනා රැයේ - නුඹ සිටින්න හැම හීනෙම එළිය කරන් හැම රැයේ


කොහේ , කොතැන , කොයි ලෙසකින් වුන්නත් නුඹ මේ ලොවේ
සැනසුම සුව නිරෝගි සුව නුඹට පතමි මා මෙසේ


නුඹටත් , නුඹ ආදරය කරන සියළු දෙනාටත් , සුබාසිරි පතන
මම
෴ සොඳුරු සිත ෴


“Better never to have met you in my dream than to wake and reach for hands that are not there.”

8 comments:

  1. හිතන්න අමාරු සිතුවිලි ගොඩක් තමයි.. ඒ වුනත් තරහක් නොහිතා හොඳක් වෙන්න යයි පැතීම වටිනවා...

    ReplyDelete
  2. වචන වලින් ලියන්න බැරි ගොඩක් දේවල් හිතුනා.. ඒත් මොනාමහරි ලියන්න ඕනම නිසා ලියන්නම්...

    "ඉන්න තැනක පරිස්සමෙන් ඉන්ඩ ඕං..."

    ReplyDelete
  3. මගෙත් ඉස්සර හීන ගොඩක් තිබ්බා. ඒ හීන ඔක්කොම නම් හැබෑ කරගන්න බැරි උනා. ටිකක් විතර හැබෑ කර ගත්තා.

    ඇත්තටම හීන දකින්න තියෙනවනම් හොදයි. අපි ආසම හීන. නමුත් හීන දැකාඅ ඇහැරුනාම ටිකක් විතර දුකයි.

    ReplyDelete
  4. එක හීනෙන් රෑ එලිවෙන්නේ නෑ .. හීන උඩ තමයි ඇත්තක්ම බිහිවෙන්නේ . හීන එක්ක ජීවත් වෙන්න මාත් ආසයි හැබෑ ලෝකෙට වඩා හීන ලෝකේ ලස්සනයි ...

    ReplyDelete
  5. ගොඩක් අයට කරන්න බැරි...ගොඩක් අය දන්නේ නැති ...හැබෑ ආදරය කියන්නේ...ඔන්න ඕකට..තමයි ..වත්.

    ලස්සන හිනයක් වගේ...සැබෑ ජීවිතයක් උදා වෙන්න පතනවා.

    ReplyDelete
  6. පේන හීන හෑම දෙයක්ම හෑබෑ උනොත් ඡීවිතේ ලස්සනක් නෑහෑනේ.ඡීවිතේට අබියෝග එන්න ඕන.එත කොටයි ලස්සන.එන හෑම දුකක්ම කරදරයක් ම බාර ගන්න ඕන.එත කොටනේ අපි ඡීවත්වෙනවා කියලා දෑනෙන්නේ.

    ReplyDelete
  7. ජීවිතයටම හීනයක්...
    හෑබෑයි හීනයක් කියල ලේසියෙන් දෑනගන්න හම්බවෙන්නේ නෑ...
    මොකද මේ හීනෙන් අවදිවෙන්න අපි ආසා නෑ...

    ReplyDelete
  8. Coming to terms with your mind,
    Your own way & time you have to find,
    No one can do it for you believe me,
    Sure as thy finger would burn if you touch fire,

    Life is not a bed of roses it seems,
    More like a path with thorns galore,
    But do not ever abandon that four letter word,
    None other than sweet & lovely " HOPE"

    ReplyDelete

සිතක් ‍සොඳුරු වන තරමට අදහස් බොහෝ දැවටෙනු ඇත. නුඹේ සොඳුරු සිතේ අදහස් වචන කර යන නුඹට මගේ ස්තූතිය..... කියවූ ඔබටත් ස්තූතියි.

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...