..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

මෙහි ලියැවෙන දෑ.............

"Art is something that lies in the slender margin between the real and the unreal."සාහිත්‍ය වනාහි සත්‍යයත් කල්පිතයත් අතර පිහිටි අනියත ප්‍රදේශයකට අයත් වේ.(Chikamatsu Monzaemon)

Friday, June 24, 2011

෴ ඉරණම්කාරී (අවසන් කොටස ) ෴

සිදු වූ අනපේක්ෂිත සිදුවීමත් සමඟම දෙදෙනා මොහොතකට ගොළු වූ වත් , බොළඳ විය පසු කර සිටිය වුන් නිසා හොඳ සිහි එල්ඹ ගැනීමට තරම් වේලාවක් නොගියේය.


“ සොරි “


“ ඉට් ස් ඕකේ “


“ අපි යමු නේ ද ? “


“ මොනව හරි බීලම යමු ද ? “


“ දැන් බැහැ . “


“ හොඳයි එහෙනම් , යමින් ගමන් මඟ දි කොහෙ හරි  . . . . . . . .  “


“ ඕනි නැහැ . . . . .මට රෑ වෙන්න කලින් ගෙදර යන්න ඕනි “



රිය තුල පැතිර ගියේ දැඩි නිහඬතාවයකි. ඔහුගේ ඇස් මාර්ගයෙන් ඉවතට නොගියේ , ප්‍රථමවරට රිය පදවන්නාක් මෙනි. ඇය ද කිසිවිටක ඔහු දෙස නොබැලු වේය. නමුදු ඔහු හා මේ ගමන පැමිණී ම ගැන සිය දහස් වරක් සිතින් තමාටම දොස් කියා ගත්තී , රිය කවුළු දොරින් පිටත බලාගත් වනම සිටියා.


අවසානයේ ගැඹුරු සුසුමක් හෙළු ඔහු , තම කටහඬ අවදි කළේ , මාර්ගයේ පසක වූ තේ පැන් සැලක් අසළට රිය නතර ගරන ගමන්ය.


“ මොනහ හරි බොමු. මට හරි බඩගිනි “


කිසිත් කතාවක් නොකළ ඇය ද ඔහු පසු පසින් වැටුණාය.


“ මොනා ද කන්නේ ? “


“ ම්ම් තේකක් ඇති “


“ සංජු මාත් එක්ක අමනාප වෙන්න එපා. මට ඒක දරාගන්න අමාරුයි.මම අද ආපු ගමන වැරදී කියල මගෙ හිත කීවත්, ආයෙත් මේ වගේ වැරදි නොකෙරෙන්න , ඔයාට දුකක් නොදී ඉන්න , අද මේ දේ මං කියන්නම ඕනි “


“ කියන්න “


“ අනිද්දට , මම ජීවිතේ දෙවෙනි වතාවටත් විවාහ වෙනවා සංජු “


“ හ්ම් . . . .  මදාරා “


“ එවු මදාරා තමයි , මට ඒ විවාහයට පිටු පාන්න බැහැ. ආදරය කියන්නේ විවාහය ම නෙමෙයි “


ඇය සිනා සුනේ ඔලොක්කුවට ද , දුක් මුසු හැඟීමකින් ද එසේත් නැති නම් , කිසිම හැඟීමකින් තොරව දැයි හඳුනා ගැනීමට ඔහුට නොහැකි විය.


“ ඒක හොඳයි. කිසිම මනුස්සයෙක්ට තනියම ජීවත් වෙන්න බැහැ. විශේෂයෙන්ම පුතාට “


“ පුතා . . . . පුතා ගැන මම හිතනව නම් , මම කරන්න ඕනි අවිවාහකව ඉන්න එකයි සංජු. මොක ද කියනනම්, මගේ විවාහයෙන් පස්සෙ පුතා මගෙන් ගොඩක් දුරස් වෙනවා “


“ ඉතින් ඒක දුක් වෙන්න දෙයක් ද , මදාරට පුතා කිට්ටු වෙන එක කොයි තරම් හොඳ ද “


“ හෙහ්  . . .මදාරට කිට්ටුවෙන එකක් ගැන නෙමෙයි මම කියන්නේ , පුතාව දැනටමත් හොස්ටල් එකක නතර කරන්න ඔක්කම සූදානම් කරලත් ඉවරයි “


“ මොන ව “


“ ඔවු . . . . අපිට ඕනි දේවල් , අපි කැමතිම දේවල් , අපේ ළඟ තියා ගන්න බැහැ සංජු , ජීවිතේ ඉදිරිය ගැන හිතලා , අපිට ගොඩක් දේවල් කැප කරන්න වෙනවා “


“ ඔහෙට නම් පිස්සු “


“ ඔවු මට පිස්සු  , මං හිතුවා අඩුම තරමින් ඔයාට වත් මාව තේරුම් ගන්න පුළුවන් වෙයි කියල සංජු, දැන් බැලුවම ඔයත් “


“ මට කවදාවත් පිරිමි තේරුම් ගන්න බැහැ. ඒත් එයා අර පොඩි එකාට කරන අසාධාරණ වැඩේ නම් මට උහුලන්න බැහැ. . . . . . .  එක අතකින් දරුවන් ගැන හිතන්න කලින් තමන් ගැන හිතන එකෙත් වරදක් නැහැ . අපි යමු නේද මට රෑ වෙනවා “


“ ඔයා තවම තේක බීල නැහැ නේ “


“ඒක ඇල් වෙලා , මට එපා නිවුන තේ අපි යමු “


ඇය , ඔහුටත් කලින් අසුනින් නැගිට , රිය වෙත පිය මැන්නේ . කාටත් නොපෙනෙන ලෙස ඉනූ කඳුළු පිසිමිනි.


ඉතාම සෘජු සහ පැහැදිලි මාවතක රිය ධාවනය වූයේ අධීක වේගයෙනි. ජීවිතයත් මේ වාගේ නම් . කිසිවකුටවත් බිය නොවී , තමා සිතු පරිදි තමාගේ ජීවිතය ද මෙසේ ධාවනය කරගෙන යෑමට හැකිය. නමුදු එක් දෙයක් පමණක් වෙනස් වේ. එනම් සෘජු හා පැහැදිලි මාර්ගයේ අධික වේගයෙන් යනවා වෙනුවට , තම සිත් ගත් ඇයත් සමඟ හැකිතාක් සෙමින් දිවිය ගෙන යමි, එයට හේතුව , ඇය හා ගෙවෙන , ගෙවන සෑම මොහොතක් ම ඉතාම වටිනා බැවිනි.මෙසේ සිතූ ඔහු එක්වරම රියේ ධාවන වේගය අඩු කළේය.


ඔහු ඇය දෙස බැලුවේ , ඇය තමා දෙස බලා සිටිනා බවට ඔහුට හැඟුනු බැවිනි.


ඇය තම කටහඩ අවදි කළාය.


“ එයාට බැරි ද , පුතාව හොස්ටල් දාන එක තව අවුරුද්දකට කල් දාන්න “


“ මට කසාද බඳින එක කල් දාන්න බැහැ සංජු “


“ කෙහෙලේ මල් කසාඳයක් ගැන නෙමෙයි මං කියන්නේ “


“ ප්‍රෙහ්ලිකා නොකිය කෙලින් ම කියන්න “


“ පුතාව හොස්ටල් යවන එක තව අවුරුද්දකින් කල් දාන්න පුලුවන් නම් , මට පුළුවන් පුතා වෙනුවෙන් යාට උදවුවක් කරන්න “


“ ඒ කොහොම ද ? “


“ මට තව අවුරුද්දකින් , ට්‍රාන්සර් එකක් ගන්න පුළුවන් , කොළඹ ස්කෝලෙකට, එයා අකමැති නැත්තම් , මට පුලුවන් පුතාව මගෙ ස්කෝලෙට ගන්න. ඒත් ඒක පුතාට කරන අසාධාරණයක් “


“ පුතා ඔයා ළඟ ඉන්නව නම් , ඒක මගේ හිතට ලොකු සහනයක් බව ඇත්ත, ඒත් . . . . . .  ඔයා තවමත් තනිකඩ ගැහැණූ ළමයෙක් “


“ ඒකෙ ප්‍රශ්ණයක් නැහැ “
ඉන් පසු ඔවුනතර පැවතියේ දැඩි නිහඬ බවකි.ඉතාම ආසා කරන දේවල් හි පැවැත්ම , ඒ දේවල් ළඟාකර ගත් වහා පලායන බැඩ් ඇය අහදන සත්‍යයක් නිසා, කිසිවිටක ඇය ආසා කරන දේ ළඟාකර ගැනීමට නොහැකි වූවායැයි ඇය හඬා වැටෙන්නෙ නැති නමුදු තවමත් නොපිපුන පොහොට්ටුවක් වැනි වූ පොඩ්ත්තා ගැන නම් ඇගේ සිතේ උපන්නේ සෝකයකි.


ඇයව නිවසටම ඇරල වූ ඔහුගේ සිත, දුකක් මෙන්ම , කිව නොහැකි , වටහා ගත නොහැකි සැනසිලිදායී හැඟීම් රැසකින් ද වෙලා ගෙන තිබුනි.


ඔහු තම සිත දැඬි කර ගත්තේ . පිරිමිකමටම ලැබී ඇති දැඬි බවේ උපරිම සීමාවත් ඉක්මවා යමිනි. සියල්ල සිදු වන්නේ හොඳට නම් , එයට ඉඩදිය යුතුව ඇත.



ඉන් ටික කලකට පසුව  ඉතා දුර බැහැර පාසලකට ස්ථාන මාරු ලැබ පැමිණියේ ඉතා ම නිහඬ ගුරුමහත්මියකි. ඇය ඉතාම කරුණාවන්ත වූ අතර , සමාජය හා මුහුවීම ඉතාම අඩු විය. ඇගේ පුතා ද ඉතාම හුරුබුහිටි කීකරු දරුවෙකු වූ අතර විටින් විට පැමිණෙන මහත්මයකු මිසක ඔවුන් බැලීමට පැමිණෙන වෙන අයකු නොමැති බව විමසිලි ඇස් ඇති ගැමියෝ පවසන්නට විය.


ජීවිතය නම් නොපැතූ දේ සමඟ නොදන්නා මාර්ගයක යෑමට සිදු වෙන චමත්කාරය පිරි සොඳුරු ගමනක් බව ඒ සුන්දර ගුරුතුමිය නිතර පවසන වදනක්  බැව් ඇයට ආදරය කරන දරුවන් පවසයි.

“Sacrificing your happiness for the happiness of the one you love, is by far, the truest type of love.”

ඇගේ ජීවිතයට සුබාසිරි පතන
මම
෴ සොඳුරු සිත ෴


මෙතෙකේ මා සමඟ රැඳී සිටිමින්  , අදහස් පළ කළ හා නොකළ සියළු දෙනාටම , ඉරණම්කාරියගේ ස්තූතිය මෙයින් පිළිගන්වමි.

34 comments:

  1. ඉවරාරාරාරාරාරාරාරායියියි ...............

    ReplyDelete
  2. කියෙව්වා කියෙව්වා! අවසානය නම් බලාපොරොත්තු නොවුනක්! ඒත් ඒ අවසානයට මං හරිම කැමති. සොඳුරු සිතැත්තියට ස්තූතියි!

    ReplyDelete
  3. මම හිතුවට වඩා ගොඩක් වෙනස් අවසානයක්. කියන්න දෙයක් නෑ. හොදටම පැහැදිලියි. ලස්සන කතාව අක්කා. ටිකක් දුකයි..

    ඊළග කතාව කවදද පටන් ගන්නේ

    ReplyDelete
  4. අනේ ඔයා ඒක ඉක්මනට ඉවරකරලානේ....හරිම නරකයි...එත් අවසානය හොදා..ඒ තාත්තනම් කිසිම කමකට නෑ

    ReplyDelete
  5. හ්ම්ම්.. වෙනස්ම අවසානයක්.... නියමයි අක්කේ..තවත් කතාවකින් හම්බවෙමු

    ReplyDelete
  6. මෙච්චර දවසක් කතාව කියෙවුවා කමෙන්ට් එකක්වත් නොදා, අන්තිමටම කමෙන්ට් එකක් දාන්නං තියලා හිතලා.. දැන් මේ කෑල්ල කියෙවුවට පස්සෙ මොනා කියන්නද කියලා හිතාගන්න බෑ.. ඕන්න ඒ නිසා මං මොකුත්ම කියන්නෙ නෑ.. :)

    ReplyDelete
  7. අම්මලාගේ හිත් වල තරම්...දරුවන්ට ඉඩක්...තාත්තලාගේ හිත් වල කොයින්ද...
    බොලද කතාවක් නොවී..කාලයට ගැලපෙන විදියට කතාව අවසන් වීම ගැන සතුටුයි.
    වෙනස්ම විදිහක අලුත් කතාවකට පෙරමග බලා හිදිමි.

    ReplyDelete
  8. මාරම අවසානයක්... ලේසියෙන් මිනිහෙක්ට හිතාගන්න බැරි විදිහට ඉවර වුනේ....

    ReplyDelete
  9. මම හිතපු දේ හරි.... පුතා ගැන කොටස හිතුවෙ නැති උනත් කතාව මෙහෙම වෙයි කියල මම හිතුව...

    ලස්සනයි.... මට හිතට වැදුනු ගොඩක් තැන් තිබ්බා...

    පොතක් ලියන්න අක්ක...

    ReplyDelete
  10. අයියෝ මෙහෙම ඉවර කරන්නේ ඇයි?
    ඔහොමද මෙගා ගෙනියන්නේ?
    දහවෙනි කොටසින් පස්සේ, එයා මොයාට, මෙයා එයාට ලියුං යවනවා දාන්න තිබුනනේ මාස ගාණක්ම යනකං!

    ReplyDelete
  11. උරුම කරුමකම් ඔබෙ ජීවිතයේ
    පතාගෙනයි මා සසරෙහි ආවේ
    ඔබ හද ගැහෙනා ඉමිහිරි රාවේ
    සැනසුම් සුසුමකි මට මේ සසරේ

    හිරු එළියේ හෝ සඳ එළියේ හෝ
    හිරු සඳු නැති මහ ඝණ අඳුරේ
    යන එන හැමතැන හැමදා එකසේ
    සෙවනැල්ලක් වෙමි ඔබගේ සෙවනේ

    උණු කඳුළක හෝ හසරැල්ලක හෝ
    ඔබ හද සැලෙනා මොහොතක දී
    දුක සැප සමබර කරමින් එකසේ
    පවනක් වෙන්නෙමි ඔබහට සුවසේ

    ReplyDelete
  12. ගොඩ දවසකින් මේ පැත්තේ ආවේ....

    කතා සෙට් එකම එක කතාවත් එක හුස්ම ගානේ දොළොස් හුස්මකට කියෙව්වා....

    ම්ම්ම්ම් ඉස්සර ඉතිං මේවා කියවලා කිව්වේ පට්ට අනර්ඝයි මැක්සා...
    ඒත අද.... වෙන මොනා කියන්නද අක්කේ.. අතිවිශිෂ්ඨයි....

    මේ පැත්තේ එන්න මතක්වුනා ඔන්න.... හික් හික්...

    ReplyDelete
  13. මම හිතපුම නැති අවසානයක්නේ ඔයා කතාවට දුන්නේ අක්කේ.. මම හිතුවෙම බොස් සංජු එක්ක යාළුවෙයි කියලා.. කොහොම උනත් කතාව හරිම ලස්සනයි අක්කේ...

    ReplyDelete
  14. ඇත්තම කියන්නම් අක්කේ මම මේ අවසානයට කැමතිත් නෑ. මම නොහිතපු විදිහට කතාව අවසාන උන එකට නෙමේ එහෙම කියන්නේ. කතාවක් උනාම කුතුහලය කියන දේ තියෙන්න ඕනේ. එතකොට තමයි කතාව රසවත් වෙන්නේ.

    මම මේ අවසානයට කැමති නොවෙන්නේ අර අහිංසක පුතාව හොස්ටල් එකට දාපු එකට. එයාට දැන් අම්මත් නෑ තාත්තත් නෑ. !!!!!

    පව් අහිංසකයා !!!!!

    කොහෙවත් යන කෙල්ලෙක් ගේ ආදරයක් ඉදිරියේ තත්තායි පුතායි වෙන් උනා. !!!!!!!

    ඒ අතින් අර කෙල්ලට පි දෙන්න ඕනේ. වෙන මොකවත් හින්දා නෙමේ අර පුතාව බලාගන්න කැමතියි කිව්ව එකට

    ReplyDelete
  15. nosithu awasanayak.man ada kiwa kiyala matak wei.oya liyanna digatama.oya kawadahri mehema liwoth lankawama adunanana kata liyana kenek wenawamai.all the best

    ජීවිතයට සුබාසිරි පතන
    මම
    ෴ අසම්මතයට ලැදි මිනිසා ෴

    ReplyDelete
  16. නිමි.

    තවත් මෙගවෙක අවසානය...

    ReplyDelete
  17. Excellent ..... seerama kiyevva......:D

    ReplyDelete
  18. කතාව මුල ඉන්දලම කියෙව්වා. කමෙන්ට් එකක් දාන්නෙ නම් මුල්ම වතාවට. වෙනස්ම අවසානයක්.. බලාපොරොත්තු උනේ සාම්ප්‍රදායික අවසානයක්.. ඒත් අපි හිතුවෙවත් නැති තැනකට අවසානයේදි අපිව එක්කගෙන ගිය එකට ස්තූතියි.

    ReplyDelete
  19. ලස්සනයි නංගි, නොසිතපු අවසානයක්, දෙන්න එකතුවෙන එකක් නැහැ කියල හිතුවට පොඩි එකා අවසානයට සම්බන්ධ වුනු විදිහ මටනම් හිතුනෙම නෑ.

    ඒත් ලොක්කගෙ පැත්තෙන් වෙනම කතාවක් තියෙන්න පුලුවන් නේද?

    ReplyDelete
  20. ඒකනම් ඉතින් අවසානය පිලිගන්නවා ඇරෙන්න වෙන මොනවා කරන්නද ?

    කතාව ලස්සනයි ඔයා ලියන අනික් කතා වලට වඩා ගොඩක් වෙනස් .හැබැයි හැම කතාවකම තිබුනු දුක්බර ගතිය මේ කතාවෙත් නොඅඩුවම තිබුනා .

    හැපී එන්ඩිං එකක් මෙදාපාර මම බලා පොරොත්තු වුණා .ඒත් මේ සෝක එන්ඩිං එකෙන් කතාවට අමුතු මෙවුව එකක් ලැබුනා කියලා මට හිතෙනවා .

    ගොඩක් ලස්සන කතාවක්. තව කතාවක් ලියමු . ..

    ReplyDelete
  21. සංජුලා ට වෙන්නෙ මෙහෙම එව්වම තමා. ඒ හැර වෙන කිසිවක් නොපවසමි.

    ReplyDelete
  22. කොහෙත්ම නොහිතපු අවසානයක්. හ්ම්ම්ම්ම් හැබැයි ඒක හුගක් ලස්සනයි

    ReplyDelete
  23. අර බොසා නම් පොඩ්ඩක්වත් කොන්ද පණ නැති ප්‍රාණියෙක්,.. ඔයාට පුළුවන් නම් දෙන්න... එයා මදාරාව තෝරගන්න සාධාරණ හේතුවක්.. ඒ කිසිම දෙයක් නැතුව...:/
    ඒත් වත්... ගොඩාක් සංකීර්ණ ඒ වගේම පිහිපිට ඉන්නවද කියලා හිතාගන්නත් බැරි තරම් හොඳ කෙනෙක්..
    ඒත් අක්කේ..මම වත් ගත්ත තීරණයට එකඟ නෑ.. එයා ඇයි මුළු ජීවිතේම තනිකඩව ඉන්න හිතුවේ..?

    ReplyDelete
  24. වත් අක්කේ....ඇගේ ජීවිතයට කිව්වෙ..''මදාරා''ගෙ ජීවිතයටවත්ද?? :D.. මොකද්ද අනේ පොඩි එකාගෙනුත් ඈත් වෙලා ලොක්කට ඔය කසාදෙ බඳින්නම තිබ්බ හේතුව... :/

    ReplyDelete
  25. මට මේ කොටස මිස් වෙලා, පැනල තියෙන්නෙ විකල්ප අවසාන කොටසටනෙ. මේ අවසානය හිතට ඇල්ලුවා විකල්පෙට වඩා, මදාරා බොස්ව දාල ගියාම ටීචර්ට තාම චාන්ස් එක තියෙන හින්දද මන්ද?

    ReplyDelete
  26. ඉතාම හොද කථාවක්. ඔබ ඇයි කෙටි කථා එකතුවක් නොලියන්නේ? මම හිතනවා හොද පොතක් ඔබ අතින් අපට ලැබයි. මට හරියට මතක නැහැ ඔබද කියලා නමුත් මම මේ බ්ලොග් අවකාශය හදුනාගත් මුලම මේ වගේ මම ඉතාම අශාවෙන් කියවූ කථාවක් පලවුනා. ඒකෙ පොඩි දැරියකගේ හොල්මනක් ඇගේ නැති වූ ජීවිතයත්, ඇගේ මවගේ නාමයත්, පියාගේ අළුත් මනාලිය ලවා පිරිසිදු කරගත් ආකාරය ඉතාම ලස්සනට ලියා තිබුනා. මට ඒ දිනවල කමෙන්ට් දානන දන්නෑ. නමුත් මම අදටත් ආසයි ඒ කථාවට. මේකත් ඒ වගේමයි. තවත් ලියන්න. ජය!!!!

    ReplyDelete
  27. මෙතෙකේ මා සමඟ රැඳී සිටිමින් , අදහස් පළ කළ හා "නොකළ" සියළු දෙනාටම , ඉරණම්කාරියගේ ස්තූතිය..

    මේක නම් මටම ලියලද කොහෙද.. හැමදාමත් ඉරණම්කාරිගේ ඉරණම දැනගන්න මග බලාගෙන හිටියා.. සොඳුරු සිතගේ සිත වගේම අකුරු ඇමිනුමත් හරිම සොඳුරුයි..

    ReplyDelete
  28. පුරුදු විදියටම අක්කා කතන්දරේ පාඨකයට බාරදීලා....ඉතුරු ටික හිතා ගනින් කියලා...හික්ස්...එක එකට ‍කමෙන්ට් නොදා අන්තිම එකට දැම්මේ කතාව සම්පූර්ණයෙන්ම කියවන්න ඕනෙ හින්දා.....ලස්සන කතාව වත් අක්කේ....

    ReplyDelete
  29. @වෙද ගෙදර මහ වෙදනා@
    හරි පුදුමයි. මා හිතුවේ නැහැ වෙද මහත්තයත් මම ලියන දේ කියවනව කියලා...

    ස්තූතියි..

    ඔබ එය කියන කතාවත් ලීවේ මායි. “පලිගැනීම“ තමයි කතාවේ නම. පොතක් නම් හදල තියේ..පළකර ගන්න අතේ මිටේ කාසි ටිකක් ගැවසෙනකම් ඉන්නේ..ස්තූතියි වෙදමහත්තයෝ...

    ReplyDelete
  30. කතාවම කියෙව්වා. ගොඩක්ම හිතට දැනෙනවා. කියන්න වචන නෑ..

    ReplyDelete
  31. අවංකවම කියන්නම් සුන්දර විස්කන්ක නිවහල් අවසානයක් මම ආසයි.. මොකද ආදරේ කියන්නේ හිමි කර ගැනීමටම නෙවේ පරත්‍යාග කිරිමට.. ලස්සනයි අක්කේ....

    ReplyDelete
  32. හොදයි, ලස්සනයි. ඒත් දුකයි.

    ReplyDelete

සිතක් ‍සොඳුරු වන තරමට අදහස් බොහෝ දැවටෙනු ඇත. නුඹේ සොඳුරු සිතේ අදහස් වචන කර යන නුඹට මගේ ස්තූතිය..... කියවූ ඔබටත් ස්තූතියි.

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...