..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

Thursday, June 16, 2011

෴ නුඹෙ සීතල ගොළු හදවතට / To Your Frozen Heart ෴


ගත දොවනා දිය බිඳු අතරේ
නුඹෙ සීතල සිත හමුවෙනවා
මඟ යනෙනා විට පය ගැටිලා
නුඹෙ ඒ සිත විසි වෙනවා

රැය නිදනා විට සුව යහනේ
නුඹෙ උණුසුම හමුවෙනවා
තුරුලට ගන්නට බැරි තරමට මට
උණුසුම , සීතල දෙනවා

අද නැතිවට හෙට ළඟ දිම දවසක
කතරක මා තනි වෙනවා
එදිනට නුඹෙ මේ සීතල හදවත
වැඩියෙන් මට ළං වෙනවා

මැඩෝනත් මෙන්න මෙහෙම කියල තියෙනව ....

You only see what your eyes want to see
How can life be what you want it to be
You're frozen
When your heart's not open



ඉරණම්කාරි ට පුංචි විරාමයක් දෙන්න හිතුනා . . . . එයා මාව කළඹවලා. ඔයාල ලියන කමෙන්ට් වලින් , මගේ හිතේ තියෙන අවසානය විටින් විට වෙනස් වෙනවා. දන්නවනේ ගැහැණු සිත ගැන.
අස්ථිරයි.
චපලයි.
මඩේ හිටවපු ඉන්න වගේ.

( වෙන කාගෙ නැතත් , මගෙ හිත නම් එහෙමයි. අනිත් ගැහැණු අය එහෙම නැතිව ඇති )


ඕනි වෙලාවට ළඟට ගන්නත් , එපා වෙලාවට විසි කරන්නත්
මිනිස් හිත කියන්නේ , සෙල්ලමක් නෙමෙයි . . . . . .


එහෙත්
සමහර වෙලාවට අපි එහෙම කරන්නේ , අයහපත් හිතකින් නෙමෙයි. ආදරය වැඩි හින්දමයි.
ඉරණම්කාරීත් , හිත ගිය දේ මඟ දාලා දුර යාවි. . .


"Love is a fire. But whether it is going to warm your heart, or burn down your house, you can never tell."


ජීවිතය එහෙමයි
ජීවිතය විඳින විඳවන
මම
෴ සොඳුරු සිත ෴

11 ප්‍රතිචාර:

පූසා said...

මම ඉන්නේ කතාව ඉවර වෙනකම් කමෙන්ට් කරන්න :)

ඉන්දික උපශාන්ත said...

ඔන්න ඔන්න ඉතින්. මේ ගෑණු උන්දැල ඉල්ලගෙනමනෙ කන්නෙ!

Podi Kumarihami said...

//දන්නවනේ ගැහැණු සිත ගැන.
අස්ථිරයි.
චපලයි.
මඩේ හිටවපු ඉන්න වගේ.//

මම දන්න සමහර පිරිමි හිතවලුත් ඒවගේමයි. තත්පරෙන්, තත්පරේට වෙනස්වෙනවා.

හදවතක් ගොලුවෙලා, සීතලත් උනාම කොහොම ඇද්ද?

මධුරංග said...

මම බැලුවා එකපාරටම ඉරණම්කාරිට මොකද උනේ කියලා. කමක් නෑ. හැකි විදිහට ලියන්නකෝ. වත් අක්කා මොනා ලිව්වත් අපි කියවනවා.

ඒ හින්දා නොලිය ඉන්න එපා. ලියන්න. මේ කවි පද ටික ලස්සනයි. අක්කා ලගදිම කොහේ නමුත් යනපාටයි.

ගෑනු හිත ගැන කියපු දේවල් වලට අක්කගේ කටේ සීනි අහුරක් දාන්න වටිනවා.

Angel without wings said...

නෝ කමෙන්ට්ස්...

Helping To People said...

Lassanai godak
ජීවිතය විඳින විඳවන මම

- නිල් අහස - said...

මටත් හිතෙනවා අපේ කමෙන්ට්ස් හන්දා ඔයා හිතන් හිටියට වඩා යමක් කරන්න වෙයි කියලා. කමක් නෑ හිතට වදින කතාවක් අපට දෙන්නකෝ..කල් අරගෙන හරි.

Dinesh said...

ඉරණම්කාරිට මොකද වෙන්නේ කියලා බලන්න ඉන්නකොට් අක්කා නිසදැසක් දාලා..

ලස්සනයි අක්කේ නිසදැස..

arunishapiro said...

කවි කෑල්ල සිංදුවකින් ගයන්න කවුරු හරි ඉල්ල ගනිවී, ඒ තරම් ලස්සනයි!!

සිතුවිලි නිහඬයි said...

අර ගැහැණු සිත ගැන කියපු එක අපිට වගේම පිරිමින්ටත් බලපානවා මන් හිතන්නේ......ඔය මොන ලීවත් මමත් එනවා ඒවා කියවන්න

පන්සල් හංදිය said...

හොඳ පදවැල් ටිකක් .........

Post a Comment

සිතක් ‍සොඳුරු වන තරමට අදහස් බොහෝ දැවටෙනු ඇත. නුඹේ සොඳුරු සිතේ අදහස් වචන කර යන නුඹට මගේ ස්තූතිය..... කියවූ ඔබටත් ස්තූතියි.

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...