..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

මෙහි ලියැවෙන දෑ.............

"Art is something that lies in the slender margin between the real and the unreal."සාහිත්‍ය වනාහි සත්‍යයත් කල්පිතයත් අතර පිහිටි අනියත ප්‍රදේශයකට අයත් වේ.(Chikamatsu Monzaemon)

Monday, June 6, 2011

෴ ශෘංගාරාත්මක පෙම්වතාට ලියමි ෴

මගේම ආදරණීය රං . . . . . . . . .

නිමා කිරීම කෙසේ වෙතත් ආරම්භය සනිටුන් කරන්නේ කෙසේ දැයි මට නොවැටහේ ,

නුඹ මට මුණ ගැසුනේම දඟකාරකම උරුමකොට ගත් මුරණ්ඩු ආඩම්රකා නොසන්ඩාලයකු සේය. පුංචි දෙයක් එහා මෙහා වුවත් කන්දක් තරම් තරහා ගන්නා නුඹ මා සමඟ මොහොතකින් අමනාප වෙයි.

මා සමඟ පමණක් නොව , නුඹ බොහෝ දෙනා සමඟ යන්නේම රණ්ඩුවටයි. පැරදීම කිසිම විටක බාර නොගන්නා නුඹ , නුඹ හරි යයි බොහෝ විට සිතා සිටියි.ආදරය සහ ප්‍රේමය ගැන නුඹ දරන මතය සමඟ මා තෙරම් උරණ වී ද?

ප්‍රේමය සම්බන්ධයෙන් නුඹගේත් මගේත් අදහස් අහස පොළව මෙන් නොව සක්වලයන් දෙකක ජීවත් වන ජීවීන් දෙදෙනකුගේ අදහස් තරමටම බෙහෙවින් පරස්පර විය.


වත්තමායිම ලකුණු කරන වතු සුද්ද ගසක පිපුන වතු සුද්ද මලක් මෙන් මා මා ගැනම සිතා සිටි අවධියේ දී මා පෙමින් බැඳුනේ දහසකුත් එකක් බලාපොරොත්තු මත්තේ සමාජය හා පැවති මත හෙලා දකිමිනි.

එතෙක් මා ඇසුරු කර තිබූ පොත පතෙහි තිබූ සුපසන් පිවිතුරු ආදරය සොයමින් මා වන ගත වූයෙමි. නන්දා මාලනියගෙන් අසා ගත් වචන ඔස්සේ දුවමින්
රාගයෙන් තොර සඳ එළි වැටෙන ඉස්සව්ව සොයා ඇවිද්දෙමි , .උදෑසනම මිහිමත සැතපෙන්නට එන රන්හිරු රැස් අස්සේ රිංගමින් ද විටෙක සිලි සිලි හඩ නඟන බෝ මළුවේ වැලි කැටයක් ගානේ විපරම් කරමින් ද සිපිරිසිදු ප්‍රේමය සෙව්වෙමි.

 ඒ ගමනේ දී ප්‍රේමය මේ යැයි පවසමින් මා කරා ළං වූවන් , අවසානයේ ඉතිරි කර දුන් රැවටීම සහ විරහ වේදනාව තුරුළු කර ගත්තේ ඔවුන් සමඟ කිසිදු විදිහක අමනාපයක් සිත තුළ රුවා නොගනිමිනි.


මා අමනාප වූයේ මා සමඟින් පමණි. සියල්ල අවසානයේ දී වඩ වඩාත් හුදකලා වූයේ මායි. හුදකලාව මා වඩ වඩාත් මිතුරු ඇසුරට යොමු කළ ද, ප්‍රේමය සිත තුලට වද්දා නොගන්වා ගැනීමට තරම් ඉන් පසු මා බෙහෙවින් ප්‍ර වේසම් සහගත වූයෙම්. මා ලොවට ඇතුලු වන්නන්ට වෙර දරන්නන්ට දොර පියන් තදින් වැසුවෙමි. එවන් මොහොතක අගුළු දැමූ දොර පියන් හැරීමට එඩිතර වූයේ නුඹයි.

බෙහෙවින් පරස්පර අදහස් දැරූ අප දෙදෙනාගේ මුල් හවුවීම ඉතාම කෙටි වුවත් , ඉන්පසු සිදුවූ සෑම හමුවීමක්ම කතික තරඟයක උච්ච අවස්ථා සිහිගන්වන සුළු විය.ඒ බොහෝ අවස්ථා වල දී නිතරඟයෙන්ම නුඹ ජයග්‍රණය කරද්දී මා කළේ පැනයාමයි.

මා බෙහෙවින් අගය කරන ඔබගේ බාහිර රූපය සමඟ බද්ද වී තිබු, මා කෙසේවත් අනුමත නොකරන ගතිගුණ , මා සිත රිදවූ තරම් නුඹ දන්නේ නැතිව ඇති. ඒ එක් රැයක දී නොනිදා මා හැඬුවෙමි. එදින ගැලූ කඳුළුත් සමඟ පිවිතුරු ප්‍රේමය නම් ෆැන්ටසි සිහිනය ද දිය වී බොඳ වී යන්නට ඇත.

ඉන් පසු දින සිට මා බෙහෙවින් වෙනස් කෙල්ලක වූයෙමි , නුඹ හා බැදී නුඹ සිතුවිලි සමඟ සරන්නට වූයෙමි. ඇතැම් විටක නුඹ දොඩන ශෘංගාරය පිරි වදන් හමුවේ මා හැකිළී නැති වී ගිය මුත් , නුඹ මා අසල නොමැති සුනංගුවේ මතකට එන ඒ වදන්ම මා සිත වෙන කවරදාටවත් වඩා පුබුදුවා ලීමට සමත් විය.

නුඹ ඉදිරියේ බෙහෙවින් ලැජ්ජාශීලී යුවතියක වූ මා ,නුඹ සමඟ අමනාප වූ වාර නම් කොපමණ ද? ඒ සියල්ල ට නුඹ සිනා සුනේ හැට පැන්න මැහැල්ලියකගේ බාල බොළඳ හරසුන් දේට සිනා සෙන කොලු ගැටයකු සේය.

ආදරය ගනු දෙනුවක් බවත් , ආදරයට ආදරය මිසක , ආදරය සොයා යෑමක් හෝ ආදරය දමා ගිය පසු හඬා වැලපීමක් නුඹගේ ලොවේ නැති බව ත් නුඹ මට ඉතා දැඩිව කියා සිටිද්දී නුඹ සමඟ උරණ වුවද ,සත්‍ය එය බව මා තෙරුම් ගනිමින් සිටින්නෙමි.
නුඹ පෙනෙන තරමටම දැඩි හදවතක් නැත්තෙකු බව මට විටක සිතෙන්නේ මා වදන් හමුවේ නුඹ ඇතැම් විටක ඉතාම මෘදු වන බැවිනි.

මා ආදරණිය රං . . . .

වතු සුද්ද මලක් වී බඹරුන් යැයි සිතා දෙඹරුන්ට රැවටුන මා , දඟකාර රං සමණළයකු ඉදිරියේ රෝස මලක් වී ඇති බව පමණක් මට දැනේ. . .

මලක් පිපී සැළුනා මතකයි
ගෙයි දොරකඩ වැට අයිනේ ......
බුදු පුදයට පමණයි නෙළුවේ
වෙන කිසි අගයක් නැත්තේ
මල හොඳටම හැඬුවා
ඉකි බිඳිමින් හැඬුවා

දිනක් අහම්ඹෙන් රං සමළයෙක්
මල දැක එහි ඇඳුනා
මල රවටා පැණි ගන්නේ නැති මුත්
මල මත පිනි සැළුවා
ලොව ලස්සන බව
මල් සුමිහිරි බව
මලක අගය කීවා
පැණි බොන්නට ඇසුවා

මල දැන් සතුටින්
රං සමණළයා නැහැ දැන් ඉගිලෙන්නේ
මල මිය ගිය මුත්
මලේ සොඳුරු බව
සමණළයයි දන්නේ


If nothing ever changed, there'd be no butterflies. 



රෝස මලක් වුන වතු සුදු මල
මම
෴ සොඳුරු සිත ෴

18 comments:

  1. සමනලයෙක්ට නේද මේ ලියලා තියෙන්නේ ? ලස්සන ලියමනක්.

    ReplyDelete
  2. මේක ලිව්වෙ මම ද? මට හිතා ගන්න බෑ

    ReplyDelete
  3. අනේ අක්කේ සමනලුන්ට මම අකමැතියි ! පෝස්ට් එකයි කවියයි ලස්සනයි ඔයාගේ අතින් ලියවෙච්ච තව ලසන ලිපියක් තමයි මේක ඒත් සමනලුන්ට මම අකමැතියි .!

    මොකෝ දැන් ලියන්න හොර ? කකා බිබී ඉඳලා කම්මැලි වෙලාද කොහෙද ?

    ReplyDelete
  4. ආදරය ට ආදරයම මිසක්....එකඟයි මම ... ඔයා ලස්සනට ලියනවා අක්කා...පද පෙල නම් සුපිරි..

    ReplyDelete
  5. සමනලයෙකුට ලියූ කවියක්
    මල් පෙති වල මුසුවී තිබුනා
    කවි පද පෙති හැලි ගිය මුත්
    සමනලයා කවි නොදැක්කා..

    ReplyDelete
  6. සමනලයාගේ ගීතය...


    එදා මෙදා තුර කදුලට විවරවු දෑස් පියන්පත් කවුලුවසා...
    ලයේ ගලාගිය සෙනේහයේ සුදු සිනා පිරුනු රතු දෙතොල පියා..
    මිලානවිගිය රෝස කුසුම් පෙති කම්මුල් සුදුමෑලි පාට හොවා..
    දෑත ලයේ බෑද අවසන් ගමනට සොදුරිය මට නොකියාම ගියා....

    ReplyDelete
  7. ලස්සනයි..පද වැල.
    "නරක සමනලයා" ගැන නෙවෙයි නේද ..මේ කියන්නේ.

    ReplyDelete
  8. ආදරේ ආත්මීයව ගලනවා..ලස්සනයි

    ReplyDelete
  9. මම යන්නෙත් ඔයාගෙ රං ගියපු පාරෙමයි.....අවසානය කොහොම වෙයිද දන්නෙ නෑ......

    ReplyDelete
  10. ලස්සනයි අක්කා......පද ගැලපිමත් හරිම අපුරුයි.....

    ReplyDelete
  11. Samanayantath wedi tiyana kale.. :) nice to see these types of things..! Good one..

    ReplyDelete
  12. මම හිතන්නෙ ආදරය කියන්නෙ ගනු දෙනුවක් නෙමේ ....
    අපිට පෙරලා ආදරය ලැබුනත් නොලැබුනත් ආදරය කරන්න පුලුවන් නම් ඒක තමා සැබෑ ආදරය .......

    ReplyDelete
  13. මේක මොන ‍වර්ගයක සමනලයෙක්ද අක්කෙ :)
    කාලෙකින් මේ පැත්තෙ එන්න වුනේ... නියමෙට ලියල තියෙනව.

    @කල්හාර දිසානායක: ආදරය කියන්නෙත් ගනුදෙනුවක් තමයි බන් අයියෙ...

    ReplyDelete
  14. ආදරය ගනුදෙනුවක් කර ගත්තොත් මලයා, හිතට දුක වැඩියි ....
    එහෙම නොකර ගත්තොත් හිතට නිදහස් ...

    ReplyDelete

සිතක් ‍සොඳුරු වන තරමට අදහස් බොහෝ දැවටෙනු ඇත. නුඹේ සොඳුරු සිතේ අදහස් වචන කර යන නුඹට මගේ ස්තූතිය..... කියවූ ඔබටත් ස්තූතියි.

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...