..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

මෙහි ලියැවෙන දෑ.............

"Art is something that lies in the slender margin between the real and the unreal."සාහිත්‍ය වනාහි සත්‍යයත් කල්පිතයත් අතර පිහිටි අනියත ප්‍රදේශයකට අයත් වේ.(Chikamatsu Monzaemon)

Monday, June 20, 2011

෴ ඉරණම්කාරී 9 ෴

මොහොතක් ගොළු වුන ඇයට , කතා කිරිමට සුදුසු වචන තෝරා ගැනීමට සටනක් දීමට සිදු විය.

“ ම් ම් . . . ඔය කවුද ? “

“ අනේ ,අනේ , මේ ටිකට ගැහැණු ළමයට අපිව අමතක වුනා එහෙනම් “

“ මම මේ ඉස්කෝලෙ පන්තියක උගන්නන ගමන් ආවේ. කරුණාකරල කියන්න පුළුවන් ද තමන් කවුද කියලා “

“ ටීචර් නෝන , නපුරු වෙන්න එපා. මං මේ කතා කළේ ස්තූති කරන්නයි , වැඩියෙත්ම මගේ ඉතිරි සල්ලි ඉල්ල ගන්නයි.. . . .  හෙහ් හෙහ් “

“ ආහ් . . . . .සර් “

“ හිටපු සර් , ළමයො හිටපු සර්.... “

“ අනේ . . . මම නිවාඩුවකට ගෙදර ආපු ගමන් , ඉතිරු සල්ලි ටික ගෙනත් දෙන්නම් “

“ පිස්සු ද ළමයො. ඇත්තටම පොත් දෙක හම්බෙලා ගොඩක් කල් , ඒත් කොහෙ ද , කතා කරන්න ක්‍රමයක් තිබුන්නෙ නැහැ නෙ. පස්සෙ මම, එදා ඔයා මට කතා කරපු නොම්බරය බොහොම අමාරුවෙන් හොයා ගෙන , එහාට කෝල් කරල තමයි විස්තර හොයා ගත්තේ “

“ ආහ් . . .  ඒ අපේ අප්පච්චිගේ යාළුවෙක් “

“ ඉතින් ටීචර් , තවම පඩි ගත්තෙ නැද්ද ? ගන්නකො   හොඳ මොබයිල් ෆොන් එකක් “

“ ගන්න ඕනි. ඒත් වැඩකුත් නැහැ.මෙහාට සිග්නල් නැහැ නේ. ඇරැත් කවුරු කතා කරන්න ද? අප්පච්චිත් කතා කරන්නෙ බෝඩිමේ තියෙන ලෑන්ඩ් ෆෝන් එකට “

“ දැන ගත්ත එක හොඳයි. එහෙනම් සංජු පස්සෙ කතා කරමු. මට දැන් මීටින් එකක් තියනවා.පන්තියේ ළමයිත් බලාන ඇති නේ..... මම මේ ගත්තේ පොත් දෙක එවුවට ස්තූති කරන්න “

“ සර් . . . .  පුතා “

“ ආහ් .... හරි වැඩේ වුනේ. පුතා ඊළඟ දවසෙ ඇවිත් ඔයාව සෙවුවා.මාත් එක්කත් තරහ වුනා. එයා හිතන් ඉන්නේ එදා බත් හැලුන සීන් එකට , මං ඔයාට බැනල එලෙවුව කියල “

“ පවු “

“ එහෙනම් , සංජු . . .  බායි “

“ බායි , බුදු සරණයි සර් “


රිසිවරය නැවත තැබීමේ මහා ලොකු ලෝබකමක් ම,සිතේ ඇති විය. නැවත පන්තිය වෙත ගිය ද , අදාළ පාඩමට අවතීර්ණ වීමට ටික වේලාවක් ගත විය.

“ ටීචර්ගෙ කොල්ල කතා කරල වගේ .....“

පන්තියේ සිටින ඇට්ටර , මුරණ්ඩු කොළුවෙකු වූ ප්‍රසන්නගේ හඬ මා නැවතත් ප්‍රභාසංශ්ලේශණට රැගෙන ආවේය.

ඉන් පසු කිහිප දිනක්ම , “ ටීචර් , පිනා එන්න කීවා ,“ යන පණිවිඩය රැගත් කුඩා දරුවෙකු මා කරා පැමිණේයැයි මා මඟ බලා සිටිය ද , පණිවිඩය රැගත් කිසිවකු හෝ පැමිණියේ නැති.ඉදහිට හැඩවෙන පාසලේ දුරකථනය , මා වෙනුවෙන් නාද වුනේ ද නැති.නැවතත් මා සිත ලා තේ දළු පිරි , පින්න ඉසිනු තේ යායවල් ගානේ සරන්නට විය.

සති අන්තයේ දී ද නිවස බලා යෑම එපා වීමට තරම් කරුණු යෙදුනේ , සෙනසුරා දින උදයේ සිටම ගමනේ යෙදී , රාත්‍රිය වන විට නිවසට ගියත් , නැවතත් ඉරිදා පාන්දරින්ම ආපසු ආ යුතු හෙයිනි. තවමත් පරිවාස කාලය වූ බැවින් නිවාඩු ලබා ගැනීම ද අසූරු විය.රාත්‍රී කාලයේ එහා මෙහා යාම නිසාත්, හිමිදිරි පාන්දරම ආපසු ඒමට සුදානම් වන නිසාත් මා නිසා මගේ දෙමාපියන් ද කරදර විඳින්න වීම ද ,මගේ සති අන්ත ගමනා ගමනය සීමා කිරීමට හේතු විය.

හිමිදිරිය යැයි නොසලකමින් , උදයේම පිබිදෙන අම්මා , මා වෙනුවෙන් ම  බත් මාළු පිනි පිසින්නීය. බොහෝ දින වල දී ,ඒ  කෑම පාර්සලය දිග හරින විට මගේ මතකයට නිතැතින්ම සිහිවන්නේ , ලොක්කා ගේ පොඩි පුතුය. කෙසෙල් කොළයක දවටා , හොඳි හින්දා සාදන මාළු පිනි , හිමිදිරියේ සැකසුන ද හවස් වන තෙක්ම පිළුණූ නොවී පවතින්නේ තවා ගත් කෙසෙල් කොළයේ ඔතන නිසාවත් , හොඳි හින්දා පිසින නිසා වත් නොවේ , මගේ මවගේ අත් ගුණය සහ සෙනෙහස ඔතා සාදන ලද නිසාම බව මගේ හැඟීමයි.

දිනක් . . . . . . . . . . . .

“ ටීචර් . . . . ටීචර් ..... පිනා එන්න කීවා “

හිතේ පිපුන  ඉද්ද මල් යාය පර වීමට කලින් විගසින් , විදුහල්පති කාමරය මම පිය මැන්නෙමි.

I sit here and wonder if you'll ever understand just how much of me belongs to you.

කට හඬ ඇසුමට රිසින්, කල් බලන
මම
෴ සොඳුරු සිත ෴

පින්තූර උපුටා ගත්තේ - සිළුමිණ - ඇඳල තිබ්බේ - කුමුදු තාරක

20 comments:

  1. "කට හඬ ඇසුමට රිසින්, කල් බලන
    මම"

    මේ මොකෝ මේ. මේ අක්කට සර් කෙරෙහි ආලවන්ත හිතක්වත් පහල වෙලාද ? අනේ අපොයි මේ හිත් කියන ඒවානම් තබ සතේකට මායිම් කරන්න හොද නෑ.

    අක්කට සර් කෙනෙක්ව ගැලපෙයිද මන්දා. (මම් කතා කලේ වත් අක්කා ගන නෙමේ. කතාවේ අක්කා ගැන) කොහොමහරි ලස්සනට ගලාගෙන යන කතාවක්. නෑ නෑ මෙගාව !!!!

    ReplyDelete
  2. සර් කාරයා වහා පන්නමු! මූ ටීච කෙනෙකුට කතාකරන හැටි දන්නෑනෙ සික් දෙන්න හිතෙනවා රුපියලට විකුනන සත පනහෙ බුල්ටො එකක්....

    ReplyDelete
  3. සංජුගේ හිතේ සර් ගැන ආදරයක් ඇති වෙලා.. එකට හේතුව උනේ පොඩි පුතාද නැත්නම් සර්මද??

    ReplyDelete
  4. එයා එක්ක කතා කරන්න ඒ තරම්ම ආසද.....හිතක හැටි.....

    ReplyDelete
  5. මේ ලියන්නෙ අපේ සංජු ටීචර් ගැන වත්ද?.... ;)

    ReplyDelete
  6. ඇහ්.... සංජු....! මම නම් ඔන්න මෙහෙම කරන්නෙ නෑ ලස්සන කතාවක් දිගටම ලියන්න.

    ReplyDelete
  7. තවමත් කියෝගෙන යනවා

    ReplyDelete
  8. කුතුහලය...ආදරය..විශ්මය පිරිලා.
    ආසාවෙන් කියවනවා...වත්

    ReplyDelete
  9. සුන්දර කතාවක මුසුවෙන අහිංසක පෙමට..අම්මපා මමත් බැහැල පෙම්කරනවා..මස්තිෂ්කෙන් හා අනුමස්තිෂ්කයෙන් සමානුපාතිකව

    ReplyDelete
  10. "සංජු, මට ඔයා එක්ක පොඩ්ඩක් කතා කරන්න පුලුවන්ද? "

    නිහඬතාවයෙන් ගතවූ මොහොතකට පසු ඇගේ හඬ දුරකතන වයර් දිගේ ගලා ආවේය.

    " සර් කියන්නෙ මුණ ගැහිල කතාකරන්න නම්......මේ දවස්වල ඒක නම් ටිකක් විතර අමාරුයි.....මම වීක් එන්ඩ් එකම ගමනෙමයි ගත කරන්නෙ......ප්‍රශ්නයක් නෑ...සර්, සර්ට කියන්න තියෙන දෙයක් මෙහෙමම කියන්න......."

    " ඔයාව දකින්නත් ආසයි සංජු......වීක් එන්ඩ් එකේ එන්න, අපි හම්බවෙමු......මම ගෙදරටම ගිහිල්ල දාන්නම්, මොකද කියන්නෙ?"

    නැවත නිහඬ තාවයකි...." සංජු ඔයා ඉන්නවද ළමයො? "

    " ම්ම්ම්ම්.....සර් හම්බවෙන එක ගැන අපි පස්සෙ කතා කරමු,........දැන් සර්ට කියන්න තියන එක කියන්නකො....."

    " ඒක කියන්න තමයි ළමයො මම කිව්වෙ හම්බ වෙමුය කියල, හා....කමක් නෑ,හරි .......එහෙනම් මම කෙලින්ම කියන්නම්කො,.......මට තවත් මේක හිතේ හංගගෙන ඉන්න බැහැ,ඔයා ගැන මගෙ හිතේ අදහසක් තියනවයි කිව්වොත් ඔයා මොකද ඒ ගැන කියන්නෙ? "

    "................................"

    " සංජු, මොකෝ ළමයො එක පාරට මියුට් බට්න් එක එබුවෙ? මා එක්ක තරහ උනාද? "

    "සර් මෙහෙම කිව්වට සර් මා එක්ක අමනාප වෙන්න එපා.....මම මේ කියන්නෙ අවංකවම ඇත්ත මට හිතෙන විදිහට........සර් ගැන මගේ හිත ඇතුලෙ තියෙන්නෙ මොන වගෙ අදහසක්ද කියල මට තාම හිතාගන්න බැරුවයි සර් ඉන්නෙ......ඒක ගෞරවය, ආදරය, සෙනෙහස ඔය ඔක්කොම පොඩ්ඩ පොඩ්ඩ එකතුවෙලා හැදිච්චි සංකීර්ණ හැඟීමක් කියලයි මට දැනට නම් හිතෙන්නෙ "

    ඇය කතාව නවත්වා මොහොතක් සිටියාය. ඇගේ හුස්ම වැටෙන හඬ පමණක් නෙලුවේ සිට පැමිණ මගේ සවනට පතිතවූ මිනිත්තු කිහිපයකට පසු මම කටහඬ අවදි කලෙමි.

    " නෑ සංජු මම අමනාප වෙන්නෙ නෑ, අමනාප වෙන්න කිසිම හේතුවක් මෙතන නැහැනෙව,......... ඔයාටම තීරණයක් ගන්න මම ඔයාට කාළය දෙන්නම්, ප්‍රශ්නයක් නෑ...........ඕන තරම් වෙලාව අරගෙන කල්පනා කරල, මා ගැන ඔයාගෙ හිතේ තියන හැඟීම මොන විදිහෙ එකක්ද කියල ඔයාම තීරණය කරන්න. "

    " අනේ...සර් මාත් එක්ක............"

    " නෑ, ළමයො, නෑ, ඔයාට ඕන විදිහට ඔයාගෙ ඉරණම තීරණය කරන්ට ඔයාට ඉඩ දෙන එක තමයි හරි විදිහ...... I understand perfectly, you decide for yourself.........i will accept whatever it is.......... Bye, Sanju "

    රිසීවරය ආපසු තබා ඒ දෙස මොහොතක් බලා සිටි මම එක් දිනක් පමණක් ඇගේ පහස ලැබූ පුටුව, මේසය සහ පරිගණකය දෙස හිස් බැල්මෙන් බලා සිටියෙමි.

    Life doesn't always flow as you would like,
    But that's the sheer beauty of it too,
    Waiting with bated breath for something,
    Invariably makes it precious beyond imagination,

    ඇගේ ඉරණම තීරණය කිරීමට ඇයටම ඉඩ දීමට ,
    සහ............. එසේම,
    මගේ ඉරණම කුමක් වුවද එයද නොපැකිල බාර ගැනීමට තීරණය කල,

    මම

    ෴ ලොක්කා ෴

    ReplyDelete
  11. ආසාවෙන් කියවමින් සිටිමි .. ඔය කෝල් එක නම් ලොක්කාගෙන් නෙවේ වෙන කාගෙන් හරි .

    ලොක්කාට දැන් හිතෙනවා ඇති කරගත්ත මෝඩ කමක මහත කියලා .

    ReplyDelete
  12. අයි අයියෝ......... මේ ලොක්ක සංජුව පිස්සු වට්ටවයි වගේ... බලමු බලමු එහෙම වෙයි ද කියලා ...

    රවි අයියා ..ස්තූතියි හැමදාමත් වගේ හිත පුරා චිත්‍ර ඇඳෙන කමෙන්ට් එකට.

    ReplyDelete
  13. රෙස්ලින් වලට කෑමතිනම් මෙහෙට එන්න පොස්ට් එක හොදයි http://wrestlingsl.blogspot.com/

    ReplyDelete
  14. Ys Ys no mobile connection for Neluwa :) its my idea i told u :)

    ReplyDelete
  15. අපිත් ආසයි කියවන්න . ලස්සන ආදර කතාවක් කියවන්න කවුද ආස නැත්තේ

    ReplyDelete
  16. පොස්ට් එක හොදයි රෙස්ලින් බලන්නට කෑමතිනම් මෙහාට එන්න http://wrestlingsl.blogspot.com

    ReplyDelete
  17. ලස්සනයි කතාව...දිගටම ලියන්න අක්කා...

    ReplyDelete
  18. ආයිත් පරණ සර්මද කොහෙද ........
    දැන්වත් ලව් ස්ටෝරියක් පටන් ගනියිද .........

    ReplyDelete
  19. ඔය කෝල් එනකන්නේ පෙරුම් පිරුවේ..

    ReplyDelete

සිතක් ‍සොඳුරු වන තරමට අදහස් බොහෝ දැවටෙනු ඇත. නුඹේ සොඳුරු සිතේ අදහස් වචන කර යන නුඹට මගේ ස්තූතිය..... කියවූ ඔබටත් ස්තූතියි.

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...