..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

Saturday, June 18, 2011

෴ ඉරණම්කාරී 8 ෴


 “ හෙලෝ ව්  . . . . . “

රිසිවරයේ එහා අන්තයෙන් නැඟුන කට හඩ නම් ඔහුගේ ම බව ඇය ට දැනෙයි.

“ හෙලෝ කතා කරන්න සංජු , ඇයි අද ආවේ නැත්තේ“

ඔහු තමාව හඳුනා ගත්තේ කෙලෙස දැයි මට නොතේරේ.

“ සර් මං . . “

“ ඔවු ඔවු . . . තමුන් තමයි. මොක ද අද නාවේ . ඊයේ බාර දුන්න වැඩ ටික නම් හොඳට කරල තිබ්බ. “

“ සර් , මට ගුරුපත්වීමක් හම්බුනා, හෙට වැඩ බාර ගන්න තියෙන්නේ , ඉතින් . . .  සර්ට කියන්නවත් වුනේ නැහැ. ගෙදර එන කොට ලියුම ඇවිල්ල “

“ ආහ්  . . . .  . කොහෙ ද ස්කෝලේ ? “

“ නෙළුව “

“ නෙළුව ?  ඒ කොහෙ ද ඒ “


“ ගාල්ලෙ එහා කෙළවර සර් “


“ ඇත්ත ද . . . . . . කමක් නැහැ . මගෙන් සුබ පැතුම්. බායි “



“පොඩ්ඩක් ඉන්න සර් “



ඔහු දුරකථනය විසන්ධි කර හමාරය. තව තවත් විස්තර කියා පලක් නොමැත. අනිත් අතින් , එවැනි දීර්ඝ විස්තරයක් පැවසීමට තරම් , ඔහු හා මා අතර ඇති බැඳීම කුමක් ද ? “



“ පුතේ , අපි යමු ද? බස් එක අල්ල ගන්න බැරි වුනොත් .නිකම් රස්තියාදු වෙනව “


          - - - - - - - - - - - - - - - - - - - - - -- - - - - - -

එය ඉතාම ගම්බද , දුෂ්කර පාසලක් වුව ද, දරුවන් සහ දෙමාපියන් නැති බැරි අය නොවූ හ. ඕනෑම වැඩකට කැප වී ක්‍රියා කරන්නට උපන් හැකියාව සහිත වූ ඔවුන් , සැබැවින්ම පාසලේ දියණුවට දායක වූ අතර උවමනා වූයේ ඉතා හොඳ මඟ පෙන්වීමක් පමණි.

ශිෂ්‍ය ශිෂ්‍යාවන් ගේ බලාපොරොත්තු ඉගෙනීමෙන් රැකියාවක් සොයා ගැනීම නොවූයේ, ඕනෑ තරම් ජීවනෝපායන මාර්ගයන් මෙම පළාතේ බහුල වූ නිසා වන්නට ඇත.සෑම අයකුටම පාහේ තේ වගාව සහිත බිම් කඩක් විය. බොහෝ නිවෙස් වල ඉදිරිපස ද සැරසී තිබුනේ , එකම මට්ටමට කපා සකසන ලද තේ පඳුරු වලිනි.

දරුවන් පාසල් නොපැමිණේ නම් , එයට එකම හේතුව , එදින ට ඔවුන්ගේ නිවසේ තේ පඳුරු වල දළු නෙළීමයි.

දළ කිලෝවක් රු.56ක් 60ක් පමණ වන අතර , සෑම සතියකටම වරක් දළු නෙළිම සිදු කරයි.කුඩා දරු දැරියන්ට පවා දළු නෙලිය හැකිය. කුඩාම දළුව සහ අනුයාත දළු දෙකක් සහිතව කැඩෙන අග්‍රස්ථය ... පිටේ හෝ ඉනේ බැද තිබෙන මල්ලට යන්නේ යාන්ත්‍රිකවයි.

ප්‍රදේශයේ බොහෝ අයට යතුරු පැදියක් හෝ තිබුනු බැවින් , පොදු ප්‍රවාහන සේවයේ මහා ලොකු අවශ්‍යතාවයක් ද නොදැනුනි. ඔඔවුන් බොහෝ විට ගිය යන දුරම ගමන ,කඩමණ්ඩිය වන අතර, ගාල්ල හෝ මාතරට යන අය ඉතාම හිඟ විය.

මා සති අන්තයේ නිවස බලා යන්නේ , ගාල්ලට ගොස් ,දුම්රියෙන් ය ,නෙළුව සිට ගාලු යාමට ඇති පොදු හා එකම බසය මඟ හැරුන හොත්, බසය පිටුපස හඹායමින් බසය අල්ලා දීමට ඉදිරිපත් වන ගැමියන් ඕනෑ තරම් ඇත.

ප්‍රභූපැලැන්තියේ යැයි සැලකෙන ඇතැම් අවිවාහක තරුණයන්ගේ සිතේ , මා පිළිබඳ විශේෂ උනන්දුවක් ඇති බව මට හැඟී ගියද . එක මට්ටමකට කැපූ ලා කොළ පාට සිත්තමකින් වට වූ ඒ ගම්මානයේ නැවතීමට මගේ සිතේ කිසිඳු කල්පනාවක් නැති බැව් මා ඔවුන්ට පැහැදිලිව පැවසුවෙමි.

නිසංසලේ තේ වතු අස්සේ නන්නන්තාර වෙමින් ,තිබූ මගේ ජීවිතය වෙනස් වූයේ ඉතා අහම්බයෙන් නමුදු මගේම වාසනාවටයි.

“ දැන් කියන්න බලන්න , පෘථිවියට ශක්තිය ලැබෙන , ප්‍රධානම ක්‍රියාවලිය මොකක් ද කියල ? “

“ ප්‍රශාසංස්ලේශණය“

“ හොඳයි . . . දැන් කියන්න . ප්‍රභාසංස්ලේශණ සිදු වෙන්නෙ කොහෙ ද කියල “

“ ටීචර් ටීචර් . . . . . . . ටීචර්ට පිනා එන්න කීවා “

“ පිනා .. . මොන පිනා  ද? අම්බලමේ පිනා  ද ? “

“ නැහැ ටීචර් . . .  ප්‍රින්සිපල් සර් “

“ ආහ් ඒක මිසක් , දුමිදු . . .  දුමිඳු කෝ ළමයි .“

“ අද දුමිඳුලයෙ දළු දවස ටීචර් “

“ ආහ් එහෙම ද. එහෙනම් මම එනකම් දන්න විදිහට හතරවෙනි අභ්‍යාසයට උත්තර ලියන්න. කෑගහන්න එපා “

මා විදුහල්පති කාමරය වෙත පියමනින විට , විදුහල්පතිකාමරයේ දොරකඩට වී අත් දෙකත් ඉනට තබා ගෙන පෙර මඟ බලා සිටිනා විදුහල්පතිවරයා දැක ගත , පය ඉක්මන් කෙරුවෙමි.

“ විශාකා වගේ එන කොට කෝල් එක කට් වෙලා. ආයෙත් ගනී මයෙ හිතේ. පොඩ්ඩක් වාඩි වෙලා ඉන්න මිස් . මාත් යනවා පොඩ්ඩක් එළියට ගිහින් එන්න.“

“ හොඳයි සර්.“

අද ඔහුගේ වත්තේ  දළු දිනය විය හැකි බැවි මට සිහිවිය. විදුහල්පතිවරයාගේ කීමට තරම් නරකක් නැත. කීමට තරම් හොඳක් ද නැත. ගුරුමණ්ඩලය සමඟ කිසිවිටක අවුල් නොසාදා ගැනීම ඔහුගේ හොඳක් නොව කපටිකමක් ලෙස මා දකිමි.

ඇමතුම ආවේ කාගෙන් ද? අප්පච්චී නම් ස්කෝල වේලාවන් හිදී කතා නොකරයි. නිවසින් හැරෙන්නට , දුරකතන ඇමතුම් එන්නේ ද නැත. කවුද එතකොට මේ. ?

“ ට්‍රිං ට්‍රිං ට්‍රිං  . . . . . . “

දුරකතනය හඩ නඟයි. මා රිසිවරය ග්‍රහණයට ගත් තේ , මේ ඔහු නම් , යැයි දහස් වාරයක් සිතමිණි.

“ ආයුබෝවන් “

“ ආයුබෝවන් , ආයුබෝවන් , . . කොහොම ද මගෙ කෙල්ලේ “

ඒහා අන්තයෙන් පිළිතුරක් ලැබුනේ, පැනයක් ද සමඟිනි.



Love is missing someone whenever you're apart, but some how feeling warm inside because you're close in heart..


තේ දළු යායේ සැඟවුන සිත සොයන
මම
෴ සොඳුරු සිත ෴

Image -  Silumina ,Kumudu Tharaka

22 ප්‍රතිචාර:

කිඩෝ said...

කොහොම ද මගෙ කෙල්ලේ..... :o හෑ කුප්පයි බොල... ආ හුටා තාත්තද දන්නෙත් නෑ කෝල් කලේ...

මධුරංග said...

කවුද අප්පේ කොහොමද මගේ කෙල්ලේ කියලා කතා කලේ ? එහෙනම් පත්වීම අරගෙන නේ. නියමයි නියමයි. මාත් මේ දවස්වල ගුරු පත්වීමක් ගන්න ට්‍රයි කරනවා.

ඇත්තටම අක්කේ තේ දලු කිව්වම තමා මතක් උනේ. නුවරඑළියේ ගෑනු ළමයෙක් අවුරුද්දක්වත් තේ දලු නෙලලා නැත්නම් එයා බදින්න සුදුසු නෑ කියලා මතයක් තියෙනවා ඔය වතුකරයේ පවුල් අතර. ඒ අතින් බලාගෙන ගියාම ඒ මිනිස්සු පව්.

සාතන් said...

කිරි අප්පට බල්ලො පැනපි කිව්වලු... අපේ ටීචර්ට කවුද ඔහොම කථාකරන්නෙ?....

ෆා said...

රොන්ග් නම්බර් එකක් වත්ද? වත් අක්කේ ඉතුරු කෑල්ලත් ඉක්මනට නොදැම්මොත් එවනවා සුදු වෑන් එකක් ඔහේට..

හසී said...

මේ මොකක්ද වෙන්න යන්නේ???

Dee said...

ඔය උගන්නන පන්තියෙ ලමයෙක් වෙන්ටැ...........
කෝල් කරන්නෙ. ඌ අද ඉස්කෝලෙ ඇවිල්ල නැතුව ඇති.ගෙදර ඉදන් කෝල් කරනව ඇති
(අත් දැකීමෙන් කියන්නේ)

හුදකලාවේ සටහන...෴ said...

ඉක්මනට ඉවර වෙන්න දෝ............???

හිස් අහස said...

කෙල්ලේ කීවා ? කවුද බොලේ කතා කරපු කොල්ලා ? මම හිතන්නේ රෝන් නම්බර් එකක් ..

Ravi said...

" හිත හීලෑ නෑ, හරිම මුරණ්ඩුයි තැන තැන ඇවිදිනවා, හිතෙන හිතෙන තැන නවතිනවා, "

ගීතයේ කියවෙන්නේ එසේය. මගේ හිත හීලෑනැති බව සැබෑවක් වුවද හිතෙන හිතෙන තැන නවතින්නක් නොවේ. හිත නවතින්නේ එකම තැනය.මම ඇය අමතක කිරීමට කොපමණ තැත් කලද එය කිසිසේත් කල නොහැක්කක් බව මට දැන් වැටහෙයි.

අගුලු ලා වසා තිබූ මගේ හිතට පිවිසීමට ඇය මෙතරම් විගසින් සමත් වූයේ කෙසේද? ඊටත් වඩා ඇයට පිවිසීමට මම මගේ හද විවෘත කලේ මන්ද? පසුගිය මාස දෙක මුලුල්ලේම මගේ හිතට වද දුන්නේ මේ ගැටළුවයි.

මේ සිත පෙළන දෙගිඩියාව තවත් ඉවසාගත නොහුණු මම දුරකථන නාමාවලිය පෙරලා අංකය සොයා ගෙන නෙළුව මහා විද්‍යාලයට ඇමතුමක් ගතිමි.

" හෙලෝ, මේ.........මිස් සංජුට පොඩ්ඩක් කතා කරන්න පුලුවන්ද? "

" ආ.....ඉන්න මම පණිවිඩයක් යවන්නම්, මහත්තය කවුද? "

මේ බොහෝවිට විදුහල්පති විය යුතුය. මෙයාට මොකටද ඒ විස්තර.

" මම.....මම මේ සංජුගෙ අයිය කෙනෙක්. "

දුරකථනය සවනට තබා ගෙන මිනිත්තු කිහිපයක් සිටි මම එක්වරම එය ක්‍රියා විරහිත කලෙමි.මා එසේ කලේ ඇයිද යන්නවත් මට වටහා ගත නොහැකිය.

නැවත දුරකථනය දෙස බලාගත්වනම සිටි මම රිසීවරය ඔසවා Redial බොත්තම තද කලේ " මේක හරි යන්නෙ නෑ, අද මේකට මොනව හරි කරන්න ඕනෙ " මටම කොඳුරා ගනිමිනි.

නෙලුව විද්‍යාලයේ රිසීවරය එසවෙනු ඇසිණි.

" හෙලෝ" ඒ ඇගේ හඬයි.මොහොතකට මට කුමක් කිව යුතුදැයි සිතා ගත නොහැකි විය.

" සංජු, මේ මම.............මට ඔයාව පොඩ්ඩකට හම්බ වෙන්න පුලුවන්ද?" මහත් අසීරුවෙන් මම තෙපලුවෙමි.

I do not know how you got into my heart,
I know only that you are there,
And........ you will never ever leave me,
Remember.........I dont want you to leave either,

හීලෑනැති හිතත් එක්ක වද විඳින

මම

෴ ලොක්කා ෴

සොඳුරු සිත said...

කිඩෝ
අනේ පොඩ්ඩො ...හිතෙන දේවල් ඔයාටත්....

මධුරංග
ඔවු මල්ලි.දළු කරඩන අයගෙ අත් දිහා බැලුවම දුක හිතෙනවා.ඇඟිලි වල පැල්ලම්. ඇඟිලි පැලිල...

සාතන්
ටීචර්ගෙ කොල්ලා ......හෙ හේ

සොඳුරු සිත said...

ෆා
හෙ හේ.... සුදු වෑන් එකක්...ඇයි අනේ රතු කාර් එකක් එවන්නකෝ...
දසහර වැරදි දේවල් නිසා, ජීවිතය හරි මගට එනවා....ස්තූථියි නංඟා..

සොඳුරු සිත said...

හසී
මොනා වෙයි ද කියල මංවත් දන්නෙ නැහැ නඟේ.අපි බලමු...ස්තූතියි හසී ...

Dee
අත්දැකීමෙන්ම කියනව නම් පිළිගන්න වෙනවා....අත්දැකීම තියෙන්නේ ,ගුරුවරයෙක් විදිහට ද ? නැත්තම් ශිෂ්‍යෙයක් විදිහට ද? ස්තූතියි ඩී..

හුදකලාවේ සටහන...෴
ඉක්මනට ඉවර කරන්න දෝ .....

හිස් අහස
රොන් නම්බර් ..හෙ හේ..අක්කට කෙල්ල කීවම මොකද මල්ලිලාට තරහ යන්නේ.

සොඳුරු සිත said...

Ravi
මගෙ ආදරණිය බොස් ... හෙ හේ... රවි අයියේ, ඔයා නිසා මම ඉරණම්කාරිගේ ඉරණම කී සැරයක් වෙනස් කළා ද?

අයිය ලියල තියන විදිහට ලොක්කත් හිතනව නම්, මොන තරම් නම් අපූරු ද.පිරිමින්ට එහෙම හිතන්න පුලුවන් විත්තිය පේනව. මොකද අයියත් එහෙම ලියන නිසා.

හැමදාමත් මම ලියන කවි, කතා තව තවත් ලස්සන කරන්න , ඒවාට වටිනකමක් සහ දීප්තියක් අරන් දෙන්න , අයියගේ කමෙන්ට් වලට පුලුවන්. ඒව ඒතරම්ම රසවත්.

රවි අයියගෙ කමෙන්ට් එක එනකම් මඟ බලන් හිටපු අවස්ථා අපමණයි.

ඉරණම්කාරිගේ ලොක්කටත් අයියගෙ හිතම තියෙනම් , ඉරණම්කාරිගේ හෙට දවස ගොඩාක් ලස්සන වෙයි....

අපි බලමු මොක ද වෙන්නෙ කියලා...

ස්තූථියි රවි අයියා....

Dinesh said...

" කොහොමද මගේ කෙල්ලේ" කියලා අහන්න ඉන්නේ කවුද?? ෂුවර් එකටම බොසාගෙන් වෙන්න ඕන..

ADK කොලුවා said...

අක්කණ්ඩි කතාව හොදයි, ආයේ දෙකක් නෑ, නමුත් කලින් පොස්ට් වල ලින්ක් ටිකත් පොඩියට හරි පැත්තකින් දැම්මනම් මරු. ගොඩ දවසකින් මේ පැත්තට ආවේ. ඔක්කොම ඒක හුස්මට දැන් කියවන්න ඕනේ. ලින්ක් ටික බලනකොට තමා නෑ කියල දැක්කේ. දැන් කම්මැලි හැරිලා යනවා කියල හිතුනත් මේක නොදා යන්න හිතුනේ නෑ. දැන් ඉතින් කොමෙන්ටුවකුත් දැම්ම එකේ නොකියව යන්න බෑනේ. ඔන්න ඔහේ කියවලම යනවා.

Observer said...

තාම කියෝගෙන යනවා.....

Anonymous said...

good

hansakinkini said...

කතාව ඉවර වෙනකල් හොරෙන්ම ඇවිත් කියවල යනව... සේරම කියවල කමෙන්ට් කරනව කියල හිටියට අද නම් ඉවසීමෙ සීමාව පැන්න....
මේ දුරකථන ඇමතුම ගැන කතාව කියවපු වෙලේ ඉඳල මගෙ හිත උඩ අයිස් කැටයක් තියල වගේ.... තාමත් පපුවට ඒ සීතල දැනෙනව...
ඊට හපන් මේ රවී අයියගෙ කමෙන්ට් එක...කතාව තවත් ලස්සන කරල විතරක් නෙවෙයි... කතාව කියවන අයට තම තමන්ගෙ කතාව නැවත ස්මරණය වෙලා තමන්ගෙම හැඟීම්වලින් මේ කතාවට ආවේශ වෙන්ඩත් ඉඩ හදල...
හැමදාමත් වගේ හරිම ලස්සනයි අක්කෙ ලියවිල්ල නම්....!!!
ඒ ගැන කතා දෙකක් නෑ!!!!

Anonymous said...

හරිම ලස්සණයි! දුරැ රටක ඉන්න මගේ සිත අවුරැදු 20කට විතර ඉස්සර දකින්න ලැබුණු නෙලුවට මොහොතකට ගෙනගියා!
"ඕනෑම වැඩකට කැපවී ක්‍රියා කරන්නට උපන් හැකියාව ඇති ඔවුන්,...... උවමනාවූයේ ඉතා හොඳ මඟ පෙන්වීමක් පමණි" යන යෙදුම මගේ සිත් ගත්තා. අපේ රටට ඕන කරන්නෙ අන්න ඒ දේ තමයි!

Ravi said...

බොහොමත්ම ස්තූතියි නංගියේ ප්‍රශංසාවට,

/ ඔයා නිසා මම ඉරණම්කාරිගේ ඉරණම කී සැරයක් වෙනස් කළා ද? /

ඒත් නඟේ මම හීනෙන් වත් නොහිතූ විදිහට මයෙ අතිං වැරැද්දක් උනාදෝ කියලත් හිතෙනව. ඒ කිව්වෙ මම නිසා ඔයා හිතාන හිටපු කතාව කීප සැරයක් වෙනස් කරන්න උනාය කිව්වම මගෙ හිතේ නිකම් විචිකිච්චාවක් වගෙත් ආව ඔන්න කිව්වහම මොකද? හෙහ්.......හෙහ්,

පන්සල් හංදිය said...

කොල්ලො ප්‍රින්සිපල්ට කතා කරන විදිය නම් බලු .....
ඒ ගමන කවුද, මොකාටද එන්න හදන්නෙ .........

ප්‍රාර්ථනා said...

ම්ම්... මට නම් කොයිල්..

Post a Comment

සිතක් ‍සොඳුරු වන තරමට අදහස් බොහෝ දැවටෙනු ඇත. නුඹේ සොඳුරු සිතේ අදහස් වචන කර යන නුඹට මගේ ස්තූතිය..... කියවූ ඔබටත් ස්තූතියි.

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...