..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

Wednesday, June 15, 2011

෴ ඉරණම්කාරී 6 ෴

කාරය ‍නො‍පෙනී යන තුරු බලා සිටි මම , යලිත් ‍නි‍වෙස කරා යන බසය අල්ලා ගැනීමට යන්නට සැරසුනත් , ඒ වන විටත් අ‍තේ ගුලි වී පැවති කඩදාසියත් , රුපියල් 1000ත් දැක ඒ අදහස වෙනස් කර ගත්තේ ,පොත් කියවන්නට ලෝබ වූවෙකුට පොතක් නොගෙනෑවිත් සිටි විට ඇති වන සිත් අමාරුවේ තරම මම ද දන්නා බැවිනි.


ගොඩගේ පොත් මැදුරට ගොඩ වී , ඒ වන විට පැමිණ තිබූ අලුත්ම පොත මිල දී ගත්තේ , කියවීමේ රුචිය ඇති අයෙකුට පරණ පොත් ගැනිම බොහෝ විට පළ නොමැති බැව් හැඟුන බැවිනි.පොත් අතර අතරමං වූ මා හට ද ගත යුතු පොත් කිහිපයක් කෙරේ සිත ගිය ද , තවම මාසයේ ඇරඹුම නිසා ත් නව රැකියාවේ වියදම , කෙසේ වේ දෝයි තක්සේරුවක තවමත් නොතිබුන නිසාත් මගේ පොත් ගැනීම පසුවට කල් දැමුවෙමි. මේ සියල්ල අවසානයේ , අඳුරු දුහුල් තිර සළුවෙන් පරිසරය සැරසෙන සවස්යාමයේ දී නිවස කරා යෑමට මට හැකි විය.

සියල්ල වෙනස් වීමට ඉතාම සුළු තප්පරයත් වුවත් ඇත. මා ගේ ජීවිතය ද එසේ වෙනස් ම මාර්ගයකට යැවීමට සමත් ලිපියක් රැගත් මගේ මව , මා නිවසට එන තෙක් බලා සිටියේ ඉතා සතුටින් වග නොකියාම බැරිය.


මා බෙහෙවින් ප්‍රිය කරන ,නමුදු මට කිසිවිටක නොලැබුන, දෑස්මානයේ පෙනෙමින් තිබී අතුරුදහන් වන රැකියාවේ , පත්වීම් ලිපියයි ඒ. ගම් පළාතෙන් බොහෝ දුර වුව ද සිතකැමතිම රැකියාව සඳහා මේ ලෝකයේ ඕනෑම තැනකට යෑමට මා සිදානමින් සිටියෙමි.

“පුතේ . . .අනිද්දට වැඩ බාර ගන්න තියෙන්නේ. දැන් මොකද කරන්නේ ඔය රස්සාවට “

“ දැන්ම මේ ලියුම ආව එක හොඳයි අප්පච්චි. නැත්තම් තව ටික කලක් ගියා නම් , මේ රස්සාවෙන් අයින් වෙන්නත් අමාරු වේවි .සමහර විට ,මටම මේ රස්සාව දාලා යන්න හිතෙන එකක් නැති වේවි “

“ ඒත් පුතේ , ලොක්කට කියන්න වෙයි නේ ද? “

“ ඔවු අප්ච්චි , ඒත් හෙට අපිට උදේම පිටත් වෙන්න වෙයි. නැත්තම් කොහොම ද අනිද්දට වැඩ බාර ගන්නේ ? . . . ම් ම් ම් . ....මං කෝල් එකක් දීලා කියන්නම්. “

“ ඒක හොඳයි “

එදින රාත්‍රිය , සෑහෙන දිගු විය විය. නින්දක් නෙතු මායිමට නොපැමිණියෙන් , තවමත් නොබැස ගිය සඳ එළිය තවමත් වසා නැති ජනෙල් කවුළු දොරින් කාමරයට එඹෙන්නට වූයේ, සඳ එළියේ සිරි විඳින්න එන්න කියන්න වගේ.

ජනේලයේ කූරු අතරින් හඳ දිහා බැලුවම , මට මතක් වුනේ අර පුංචි පොඩිත්තව . ඔහුව තව එක සැරයක් හරි දැක ගැනීමේ මහ ලෝබකමක් මයෙ හිතේ ඇති වුනත්, ඉන් පසුව හිතුනේ අනිද්ද ඉදන් මං ඉන්න යන්නේ , ඒ වගේ පොඩිත්තන් රැසක් මැදි කර ගන්න  නේද කියලයි.

ඒ අතරෙ හදිසියේම මතක් වුනේ , පොඩිත්තගෙ පියා හෙවත් මගේ බොස්ට දෙන්න ගත්ත පොත. ඒ වගේම ඔහුට බලන්න ඕනි කීව පොත. “ කවි කඳුර “.

පොත් අල්මාරිය දිහා මොහොතක් බලා හිටපු මං , ඒ අතුරින් “ කවි කදුර “ සොයා ගත්තේ හරිම ලේසියෙන්. මේවා අතුරින් එක පොතක් හරි අඩුනම් , පොත් අල්මාරිය දැක්ක ගමන් මට ඒක දැනෙනවා.මගේ පොත් කවදාවත් මං , පිට කෙනෙක්ට දෙන්න කැමති නැති වුනත්, යළි නොලැබෙන බව දැන දැනත් , ඔහුට මේ පොත දෙන්න මං ඒ වෙලාවේ තීරණය කළේ හරිම ලේසියෙන් සහ සතුටින්.

“ කවදාවත් ම නොලැබෙන “

ඒ වචන අතරෙ මැවෙන දුකත් යම් සතුටක් දෙනවා කියල මට හිතුනා.

අලුතින් ගත්ත පොතත්, කවි කඳුරත් හොඳට පාර්සල් කරපු මම , එය තුලට ලිපියක් දානව ද නැද්ද කියල හිතා ගන්න බැරිව අතරමං වුනා. විස්තර කියන්න තරම් , ඔහුත් මාත් අතර සේව්‍ය සේවක බැඳීමක් නැති බව සිහිවුනත් , ළඟ තිබුන කොළයක මං මෙහෙම සටහන් කරා.

නොදිලෙන සඳ ලෙස හැඳිනුව නුඹ වත
එළි වේවා අඳුරින් පිරි රැයකට
නොපැතුව මුත් පැතුමක් සිත දළුලන
ඉටු වේවා පැතුමක් නැති හදකට


තරු මල් යායේ මල් අහුලන්නට
කුමරිය එයි නොපැතුව සුබ මොහොතක
සඳ සාවත් තුරුලට ගෙන ළං කර
තරු පිළිගන්නු තරුවක් නැති අහසට


තරු සඳ නුබ ගැබ දෙස බලමින් සිට
අයෙක් පතයි සතුටම නුබ ගැබ වෙත
සතුටු සිතින් සමුදෙන්නට නුඹ වෙත
පායනු මැන සැමදා පුර පෝයට

“හිතවත් . . . .ම් ...හ්. . .. හිතවත් නැහැනේ.... නැහැ කියන්නත් බැහැනේ ....නැත්තම් කාර් එකේ දාගෙන ඒවිද? ම්ම්ම් ..... නැහැ ආමන්ත්‍රණ ඕනි නැහැ.

මේ සමඟ ඔබ සෙවූ පොත සහ ඔබ සඳහා ගත් පොත ඇත. මා සඳහා සුදුසුම යැයි මා සිතන සහ, මා ප්‍රියතම රැකියාව සඳහා වහාම කැඳවීමක් ලැබී ඇති හෙයින් , නැවතත් ඔබගේ ආයතනයේ සේවයට නොපැමිණිය හැකි බැව් දන්වන්නේ සතුටින්ද කණගාටුවෙන් දැයි කීමට නොහැකිය. මෙතෙක් මා වෙනුවෙන් දුන් සහයෝගයට කෘතඥතාවය පල කරන අතර , මා නිසා ඔබට හෝ ඔබ ආයතනයට මුහුණ දීමට සිදු වන අපහසුතාවන් ගැන කණගාටුව පල කරමි. “

ම්ම්මම්ම් ................ ෂා ....නියමයි. හරිම ඔෆීසියල් . . . . .

මීට
යටහත් සේවක

ම්ම්මම්. . . ඕනි නැහැ. ආමන්ත්‍රණයකුත් නැහැනේ.

ලිපිය පාර්සලය තුලින් රිංගවූ මම , පාර්සලයේ පිටතින් ඔහුගේ නම සහ ආයතනයේ ලිපිනයත් ලියූවෙමි. හෙට යන විට , මෙය ලියාපදිංචි තෑපෑලෙන් යවනවා. . . .

සියල්ල ඉටු කළ නිම වූ පසුව සිතට දැනුනේ සැනසීමකි. ගිලිහී යෑමට ඔන්න මෙන්න තිබූ දෙයක් අවසන් මොහොතේ දී යන්තමින් අල්ල ගත්තා වැනි හැඟීමක් ද සමඟ දැනුන අධික නිදිමත ,මා සිහින පාරාදීසයකට රැගෙන යන්නට ඇත.

“The feeling of love is the same feeling that you get when you stare into the moon on a clear night.”


හෙට සුබ දිනක් ,
මම
෴සොඳුරු සිත ෴
පින්තූරය -www.silumina.lk/2008/01/13

20 ප්‍රතිචාර:

මධුරංග said...
This comment has been removed by the author.
මධුරංග said...
This comment has been removed by the author.
මධුරංග said...

අලුත් පත්වීමක් ????? නියමයි නේ. සර්ගෙන් ඈත්වෙලා ඉන්න පුලුවන් නේ. අලුත් පත්වීම භාර ගනීද නැද්ද ? ඉක්මනට ඒ ටිකත් ලියන්න අක්කේ. ලස්සන කතාව. පොඩි පටලැවීමකුත් උනා. ආයෙම පරණ කොටසක් කියවන්න වෙන පාටයි. :)

Kalu Pusa said...

"The feeling of love is the same feeling that you get when you stare into the moon on a clear night"

මේක ඇත්තද ? Expirence නැනේ ? :(

වත් අක්කේ ලස්සන කෙල්ලෝ ඇයි කළු මහත බඩ තියන කොල්ලන්ටම කැමති වෙන්නේ :(

හසී said...

හෆොයි බොසාට මොකෝ වෙන්නේ එතකොට?

හිස් අහස said...

ඒ මොකද වෙන්න යන්නේ ?

සිතිජ said...

ඔයා සොඳුරු සිත කිව්වට මට නම් කියන්න තියෙන්නෙ 'අවුස්සන සිත 'කියලා.මට නම් හිතෙන්නෙ 'තමන්ගෙ කතාවක් නිකන් අනුන්ගෙ'වගේ කියාගන යනවා කියලා.මම හෙට වැඩ,දැන් නිදාගන්න ඕන .නිවාඩු දවසක් වුනානම් අම්මපා ඇහැරගෙන පෝස්ට් එක දානකම් බලාඉන්නව.මහේෂ් අය්යගෙ නවකතාවක් තරම්ම ඔයා මාව අවුස්සලා තියෙන්නෙ.කුමුදු තාරක ගෙ චිත්‍ර ටිකත් නියමෙට මැච් වෙනවා.හරීම සුන්දරයි...!

Dinesh said...

අළුත් පත්වීම ඈය බාර හනීවිද??

Observer said...

දැන් නෙ හරියටම කුතුහලය ඇවිස්සෙන්නේ, අලුත් රැකියාවට යය්ද? ලොක්ක මොකක් හරි පානියක් දාල කෙල්ලව නවත්ත ගනීද?

පන්සල් හංදිය said...

බලමු ඊගාවට ......

Anonymous said...

sure bos okata mokakhari kokkak danawa...mn nm hithanne meyata me job eken ainwenna denne na bos... ikmnta ithiriya liyandoooooo.....

ජනරඟ විජඉදු දේවසුරේන්ද්‍ර said...

ලස්සන කතාවක් සහෝදරී ඒ වෙනස් බව මම විඳිනවා

සිතුවිලි නිහඬයි said...

මොකද්ද මේ වුනේ...දැන් නම් කුතුහලයක් තීනවා...ඉක්මනට ඉතිරිය ඕන

Dee said...

අපොයි
ෆිල්ම් එකේ පටන් ගත්තගමන් කොල්ල මරුන වගේ වැඩක්නෙ උනේ..
බලමු මොනාවෙයිද කියල

- නිල් අහස - said...

හොද උත්තේජනයක් ඇතිවෙන විදිහට ලියනවා.
ඔහොම යං........

Good බබා said...

ane mandaaaaa ......monawa unath patta kathawa.........

කිඩෝ said...

සර් යන්න දෙන්නෑ ඕනෙ ඔට්ටුවක් (ටොක්කක් වගේ හොදයි නේ හි හි...)

Ravi said...

නින්දට යාමට ඇඳට ගියද ඇයට සිහිවූයේ බ්ලොග් අවකාශයේ ඇගේ හිතවතුන් සහ හිතවතියන්ය. ඔවුන්ට අවම වශයෙන් දැනුම් දීමක් හෝ නොකර වෙන්වී යාම අකෘතඥකමක් ලෙස ඇගේ සිතට වදදෙන්නට වූ බැවින් නැවත නැගිට සොඳුරු සිතට පිවිසි ඇය, තමා හෙට යන දුර ගමන ගැනද කලකට බ්ලොග් ලිවීම නතර කරන්නට සිදුවන නිසා ඒ ගැන සමාවන ලෙසද ඉල්ලා බ්ලොග් සටහනක් ලිව්වාය.

අවසානයේ ප.ලි. කොටසට ලොක්කාට ලියූ ලිපියේ සටහන් කල කවිපෙළ ද යෙදුවේ ඈ මුවඟට සිනහවක්ද නඟා ගනිමිනි."ඔන්න ඔහෙ දානව, සොඳුරු සිත ලියන්නෙ මමෙයි කියල එයා දන්න එකක්ය" ඈ තමාටම කොඳුරා ගත්තාය.

තවත් ස්වල්ප වේලාවක් තමන් ප්‍රිය කරන බ්ලොග් අතර සැරි සැරූ ඇය අන්තර්ජාලයෙන් ඉවත් වීමට සූදානම් වූවා පමණි.

නිර්නාමික ප්‍රතිචාරයක් අලුත් බ්ලොග් සටහනට ලැබී ඇතිබව දන්වන විද්‍යුත් පණිවිඩයක් පරිගණක තිරය මත සටහන් විය.

වහා පණිවිඩය විවෘත කළ ඈ එක හුස්මට ඒ කියවූවාය.

පුන්සඳ පෑයුවත් රෑ අහසේ,
දසතම එළි කල මුත් සඳ එලියේ,
සඳ නිති වැලපෙනවා සිත ඇතුලේ,
කිසිවෙකු නොදකින එකමය කරුමේ,

පෑයූ තරුවක් සඳ ලඟ තනියට,
එනමුදු දිලුනේ දවසකි සඳලඟ,
සඳවත සිතුවම් ඇඳලා ගියකල,
ඇඳි සිතුවම් බොඳවෙන්නේ කඳුලක,

කිසිදා මට හිමි නොවනා තරුවකි,
දවසකි පෑයූවේ, නෙත කඳුලකි,
තරු කුමරිය යලි හමුවෙද නොදනිමි,
ඉරණම වැළකිය හැකිවෙද නොසිතමි,

නිර්නාමික ප්‍රතිචාරයක් වුවද ඒ කවුද යන වග ඇයට කිසිසේත් සැකයක් නොවීය.

ගැහැණු සිතට සහජයෙන් හිමිවූ අතීරණය හමුවේ නැවත අසරණ වූ ඇය කුමක් කලයුතුද සිතා ගත නොහැකිව පරිගණක තිරය දෙස බලා සිටියාය.

Angel without wings said...

රවි අය්යා >> .......................

වත්>> බොසා නන් පවු අක්කෙ... අර පොඩ්ඩ ඊට වඩා පව්... ඒත් හැම දේම හොඳ විධියටම උනා නං මෙතන කතන්දරයක් නැතිව යනවනේ...

ප්‍රාර්ථනා said...

පොඩ්ඩා..අළුත් රස්සාව කරන තැන ඉඳිවිද...දන්නෙ නෑ..

Post a Comment

සිතක් ‍සොඳුරු වන තරමට අදහස් බොහෝ දැවටෙනු ඇත. නුඹේ සොඳුරු සිතේ අදහස් වචන කර යන නුඹට මගේ ස්තූතිය..... කියවූ ඔබටත් ස්තූතියි.

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...