..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

මෙහි ලියැවෙන දෑ.............

"Art is something that lies in the slender margin between the real and the unreal."සාහිත්‍ය වනාහි සත්‍යයත් කල්පිතයත් අතර පිහිටි අනියත ප්‍රදේශයකට අයත් වේ.(Chikamatsu Monzaemon)

Tuesday, June 14, 2011

෴ ඉරණම්කාරී 5 ෴

සිමින් පහත් වූ වීදුරු කවුළුව අතරින් ඇය ,රිය තුලට එඹී බැලුවාය. පුදුමයකි. සිනා පිරි මුහුණින් යුතුව සිටින්නේ ආයතන ප්‍රධානියාය.

“ නඟින්න “

ඔහු වාහනයේ ඉදිරි වම් පද දොර හරිමින් පැවසුවේය.දෙගිඩියාවක ගිලී තිබුන සිත , එයින් මිදවීමට සමත් වුනේ , ඔහුගේ බල කිරීමයි.

“ නඟින්න , නඟින්න . . . මෙතන වාහනය නතර කරන් ඉන්න බැහැ ළමයෝ “

ඇය වාහනයේ ඉදිරි ආසුනට ගොඩවී දොර වැසුවාය.

“ දොර වැහුන්නේ නැහැ. මොකද , මඟදි පාරට පනින්න ද? ඔන්න ඔසරි පොටත් පාරේ “

නැවත වරක් දොර ඇරි ඔහු ම , දොර වැසීමට තැත් කළේ ඇගේ ඇඟේ නොගෑවෙන්නට බලවත් උත්සාහයක් ද දරමිනි. ඇය තව තවත් ආසනයට බර වූවාය.

“ දැන් හරි . . . .යි පවසමින් ඔහු කාරය සීරුවෙන් මාර්ගය යට ගත්තේ , ඇගේ සිතට සීරුවට සිසිල් වීමට හරිමිනි.

කාරය වේගයෙන් ඉදිරියට ඇදෙයි.

Listen,
do you want to know a secret

Do you promise not to tell,
woh, woh, woh

Closer,
let me whisper in your ear

Say the words you long to hear
I'm in love with you, oo

සිහින් සංගීතය වාහනය පුරා පැතුරුනේ , ඒ කාගේ ගීයක් දැයි සෙවීමට ඇගේ සිතට බල කිරීම දසමඟිනි. කාගේ වුවත් ඉතා ලස්සන පැරණි ගීයකි. සුක්කානම මත තිබුනු ඔහුගේ දෑතේ ඇගිලි ගීතයේ තාලයට විටින් විට නටන්නට විය.

දෑස පාරේය , සවන ගීතයේය , හිත කොහේ පියඹන්නේ දැයි කවුරු නම් දනී ද?

බලා ඉද්දි ඔහුගේ පිපුන වත කළු වළාකුළකින් වැසී යන්නට වැඩි වේලාවක් ගත නොවීය.

“ මිස් . .  මාර වැඩේ නෙ මිස් “

“ ඇයි සර් . . . . “

ඔහුගෙන් පිළීතුරක් නොලැබුන නමුදු , කාරය නැවතත් මාර්ගය පසකට කර නතර කරන ලදී. කොහෙ දෝ සිට දුව ආ තරුණියක් සිනා සෙමින් කාරයේ මා සිටි තැන දොර හරින්නට විය. තව ඩිංගෙන් ඇය මා උකුලේ වාඩි වෙනු ඇතැයි මට සිතුනි.

“ මදාරා . .  ඔයා පිටි පස්සට යන්න “

තුෂ්ණිම්භුත වූ ඒ තරුණිය නොහොත් මදාරා ට ඒ වදන් ඇසුනිදැයි සැක සහිතය.ඇය මදාරා දෙස මොහොතක් බලා සිට සියල්ල තේරුම් ගත්තී ,

“ මං මං බහින්නම් සර් “

“ නැ නැ ඔයා ඉන්න. මෙතන වැඩි වෙලාවක් ඉන්න බැහැ. හ්ම් හම් මදාරා නගින්න “

කෝපයෙන් රතු වූ සියුම් සුකොළ මුහුණ දැන් මට පෙනෙන්නේ වාහනෙයේ ඉදිරි පස ඇති , පසු පස බලන දර්පණයෙනි. ඇය ඉවත බලන වේලාවක් ඉලක්ක කර ගනිමින් , ඇය මදරා වෙත හොරෙන් බැලීමට ගත්තීය. කෙසේ බලන්න ද? මදාරා ගේ දෙනෙත  ද දර්පණයේ ඇලුනු ගමන්ය. සැබැවින්ම ඇය සුරංගනාවියක් මෙන් හැඩය. සිහින් රෝස පැහැති දොතොල. ගිනි ගන්නා ඇස් දෙක. ඇත් දළ පැහැති දිලිසෙන සම, පිරුණු කලවා , ඇය සැබැවින්ම මදාරා මලක්මය.

( මට මේ කතාව ඇය , ඇය කියල ලියන්න ලොකු පරිශ්‍රමයක් ගන්න වෙනව යාළුවනේ... මෙතැන් සිට මම , ඇයට ආරුඪ වෙන්නම්......)
මා කවුද ? සැබැවින්ම මා ඇගේ සුපුරුදු ආසනය පැහැර ගත් සෙරක නොවේ ද? ඉතා ඉක්මනින්ම මා සිත හීනමානයට පත් වී හැකිලී යන්නට විය. හීන මානයේ අඩියටම වැටෙන්නට නොකැමැති වූ මට ඉන් ගැලවීමට මඟ පෙන්වුයේ  “ ගොඩගේ පොත් මැදුරයි “

“ සර් සර් .....සර් පොඩ්ඩක් ඔතන නතර කරන්න සර් ....“

හදිසියේ පැවසූ නිසා , පොත් මැදුර පසු වී තරමක දුරක් ගොස් තිබුනි.

“ තමුසෙට පිස්සු ද ? මෙහෙම වුන් හිටි ගමන් නතර කරන්න. මේ කොහෙ කියල හිතුව ද? අනික තමුන් ගෙ නවතානැන මේ හරියෙ කියල නෙමෙයි නේද කියල තිබ්බෙ “

“ අනේ ඔවු සර් . . . දුරයි තමයි තව... ඒත් ඒත් මට .... පොතක් ගන්න තියනවා. මං බහින්නම් “

“ අහා . . .එහෙම ද? හරි හරි .ඒකත් හොඳයි.“

වාහනයේ වේගය ක්‍රමයෙන් අඩු වූයේ, ඔහුගේ කේන්තියද නිවමිනි.

“ ඔහොම ඉන්න පොඩ්ඩක්. මං එතනින්ම නවත්තන්නම් “

“ නැහැ මං මෙතනින් බහින්නම් “

ඉදිරිපස වංගුවෙන් වානය හැරවූ ඔහු නැවතත් සුපුරුදු මාවතට අවතීර්ණ වී , ගොඩගේ පොත් මැදුර ආසන්නයේ වාහනය නැවත්වීය. ලැබුන සුනංගුවෙන් ම වාහනයෙන් බට මා හට සිතූ ලෙස පැන යාමට නොලැබුනි.

“ හෝව් හෝව් මිස් ..පොඩ්ඩක් හෝව් .. . . මට ත් මෙන්න මේ පොත ගෙනත් දෙනව ද තරහ නැතිව. “

ඔහු තකහනියේම කුඩා කොළ කැබැල්ලක යමක් කුරුටු ගා , එය මා වෙත දිගු කළේ දාහේ මුදල් නෝට්ටුවක් ද සමඟිනි.

“ කවි කඳුර . . . . “ එය දුටු මා මුවඟට නොදැනම මද සිනාවක් එන්නට ඇත.

“ මොකද හිනා වෙන්නේ “

“ නැහ්  . . . මේ පොත මා ළඟ තියනවා සර්. මං ගෙනත් දෙන්නම්. “

“ අහා එහෙම ද? එහෙනම් ...මා වෙනුවෙන් වෙන පොතක් ගන්න “

එයට පිළිතුරක් දීමට මට ඉඩක් නොලැබුනේ , පිටු පස ආසනයේ සිටි මදාරා මල , මාව ද තල්ලු කරමින් ඉදිරි පස අසුනට නැඟීමට ගත් උත්සාහය නිසාය.

“ හරි හරි . .  අපි යං බබා. මෙතන නවත්තන් ඉන්න බැහැනෙ. “ ඇය ඔහුට පවසා , මා දෙස ද බලා සිනා සෙමින් පැවසුයේ ,

“ ඔය බොරු , මෙයාට ඕව බලන්න වෙලාවක් නැහැ , ඔයා කැමති පොතක් ගන්න ඕකෙන් , අපි යනවා .බායි “

ප්‍රධානියා මා හට කිසිවක් කීමට සැරසෙනු දුටු නමුදු , එයද නොදුටුවා සේ මා යළි මගේ ගමන යන්නට පටන් ගත්තෙමි.


ඇය මාගෙන් වෙන් කර ලිවීමට අසමත් වූ
මම
෴සොඳුරු සිත ෴

බොසා ආසාවෙන් අහපු ගීතය තමයි මේ . . . .


චිත්‍ර සියල්ල ම උපුටා ගත්තේ - සිළුමිණ පුවත්පතෙනි..

18 comments:

  1. හරි නේ !!!!! හරි නේ !!!!!!
    අපි කට කැඩෙනකන් කිව්වා වාහනේට නගින්න එපාය කියලා. කොයි.....!!!!!
    කනකට ගත්තා යෑ. දැන් හරි නේ !!!!!

    වාහනේට නැග්ගා වගේ බොසාගේ ජීවිතයටත් ගොඩ වෙන්න වෙයි. බොසා හොද නම් කමක් නෑ. ඒත්.......

    ReplyDelete
  2. වත් නගා බීට්ල්ස් ලගේ සිංදු අහනවා කියලා මම අදනේ දන්නෙ. බීට්ල්ස්ලගේ මම ආසම කරන සිංදුවක් තමයි මේක. කොටින්ම කිව්වොත් මම පොඩි කාලේ ඉඳලම බීට්ල්ස් පිස්සෙක්. ඒ ගොල්ලන්ගෙ හැම සින්දුවක්ම වීඩියෝ එකක්ම මගේ ලඟ තියෙනවා.

    මොනව උනත් කතාවට ගැලපෙන විදිහට සිංදුවත් දාල තියෙන නිසා ඒක අහන ගමන්ම කියවන්කොට රසය දෙගුණ තෙගුණ වෙනවා.....

    ReplyDelete
  3. ස්තූතියි මධුරංග.... ඒක නෙමෙයි මධූ ... ඔයා මේ ජංජාලයේ ස්ථිර පදිංචි කරුවෙක් ද ?

    බොසා ගේ ජීවිතය පිටතින් සරල වගේ පෙනුනට...එහෙම් පිටින්ම අවුල් ජාලාවක් වගේ....

    දුමී අයියා
    දුමි අයියා... බීටල්ස් ලගේ ගීත සරලයි සුන්දරයි නිසා , අහන්න පුලුවන් මට... නැතිනම් වැඩිය ඉංග්‍රීසි සින්දු වලට රුචිකත්වයක් නැහැ.... හෙ හේ...
    ස්තූති දුමී අයියා..දහසක් වැඩ කන්දරාවක් මැද්දෙ මේ පැත්තේ ගොඩ වෙනවට ...

    ReplyDelete
  4. මදැයි ඉතින් කරා.......... ‍බොස් පව් අප්පා. යන මඟ දිගට බැනුම් අහන්නැති ප්‍රස්න ‍කෝටියකට යට‍වෙලා.

    ReplyDelete
  5. ඇත්තටම ලස්සනයි ..වත්.
    හැමදාම ආසාවෙන් කියවනවා.

    ReplyDelete
  6. හපොයි මේ කෙල්ල මොකක්ද මේ කරගත්තෙ. [ඒක තේරුම් ගන්නනම් ආයෙ කියවන බැරිවෙච්ච පෝස්ට් හතරම කියවන්න එපැයි - ටික දොහක් මේ පැත්ත බලන්න නැරි උනොත් විනාසයි]

    ReplyDelete
  7. ලස්සනයි වත් අක්කේ...මං කිව්වනෙ ටක්කෙටම...ඔය බොසාම තමා කාරෙක නැවැත්තුවෙ කියල..හපෝයි බළලා මල්ලෙන් එළියට පැනලද කොහෙදෝ..''ඇය'' කියලා ලියාගන්න ගිහින් ටැපලිලා නේද..?? හිකිස්... :D

    ReplyDelete
  8. මහ අතීත කාල පොරක් නේ මේ බොසා!

    ReplyDelete
  9. බොස්ගේ මදාරා මල වෙනුවට ඇය බොස් ලගට යාවි මගේ හිතේ.. ඊලග කොටසින් බලමු ඇය මොනවගේ පොතක් පෙරලාවිද කියලා..

    ReplyDelete
  10. බොස්ටත් ක්ලැසික් ටේස්ට් එකක් නෙ තීන්නෙ!

    ReplyDelete
  11. @සොඳුරු සිත :
    අපෝ නෑ අක්කේ. මම අන්තර්ජාලෙන් රස්සාවක් හොයනවා

    ReplyDelete
  12. බොසා නම් එනන පොට හොඳ නෑ .. බොසා සෙවලයෙක් වගේ

    .එලම කිරි අල්ලගනින් නෝනේ බොසාව !

    ReplyDelete
  13. ෂ....මේ එපිසෝඩ් එක ලතාට කියාගන්ඩ විදියක් තිබ්බ නං.....ලතා කතාව පතුරය් කන්තොරුවෙ ලුණු ඇඹුල් එහෙමත් දාල.....

    ReplyDelete
  14. තාම ඉතින් මුකුත් කියන්න බැනේ....ඉක්මනට ඉතිරිය දාන්නකෝ බලන්න අක්කා.............

    ReplyDelete
  15. කවුද ඒ මදාරා.... අද තමයි කියවන්නේ අනේ...

    ReplyDelete
  16. අයියෝ.. මනමාල කුරුල්ලෙක්ද කොහෙද..:D

    ReplyDelete

සිතක් ‍සොඳුරු වන තරමට අදහස් බොහෝ දැවටෙනු ඇත. නුඹේ සොඳුරු සිතේ අදහස් වචන කර යන නුඹට මගේ ස්තූතිය..... කියවූ ඔබටත් ස්තූතියි.

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...