..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

Monday, June 13, 2011

෴ ඉරණම්කාරී 4෴

ලතාගේ කතාව , සිත් ගන්නා සුළු විය. අදිමින් පද්දමින්, උස්පහත් කරමින් , විටෙක රහසක් කියන්නා පරිදිද , වටෙක් ගමටම ඇසෙන්නට ද ඇය කතා කරනා අයුරු අසා ඉන්නට පමණක් නොව බලා ඉන්නට ද ආසා ඇතිවෙයි. ඇස් ලොකු කරමින් , කට ඇඳ කරමින් , අභිනයෙන් දක්වමින් ,කිංකිනි සිනා සලමින් ඇය කතා කරන්නීය. උස් මහත් වුන දරුවන් තිදෙනකු සිටිය ද, ඇය තවමත් තරුණ පහේ කෙල්ලක මෙනි.

“ නෝනෙ අලුතෙන්ය ? “

“ ඔවු “

“ හෙහ් හෙහ් . . .ටික දවසයි.ටික දවසයි. “

“ මොනා ද ? “

“ මෙතනට ආපු හැම නෝනම වගේ, නෝනෙත් ඉදිවි ටික දවසක් “

“ ඇයි ලතා, එහෙම කියන්නේ, “

ඇය අතුගෑවිල්ල මදකට නතර කර , මා දෙසට පැමිණ යළිත් රහසින් දොඩන්නට විය.

“ මේ හාදයත් එක්ක වසන්න පුලුවන් කාටද නෝනෙ, වෙනකක් තියා “යැයි කතාව මදකට නතර කර තව තවත් මා සමීපයට පැමැණි ඇය “ තමුන්ගෙම ගෑණිත් දාලා ගිහින් නෙව “

“ ආහ් හැබෑ ද? ඒක හොඳයි “

“ හොඳයි ! හෙහේ මං මේ ඇහුවමයි ගෑණි දාලා ගියාම හොඳයි කීව කෙනෙක් “

“ නැහැ ලතා මං කීවේ , ගෑණු කෙනාට හොඳයි කියලා “

“ ඒක මිසක් “

ඇය යලිත් , කතාව නතර කර ඇමදීම පටන් ගත්තේය. නමුදු ඒ තප්පරයකි. යලුදු හිස උසවා මා දෙස බැලූ ඇය.

“ හොඳයි කියන්නත් බැහැ නෝනෙ... නෝනෙ අහල නැද්ද බුදුන් වහන්සේ කාලෙත් , කුමාරිකාවක් කොටෙක් එක්ක පැනල ගිය කතාව“

“ ඔවු ..අහල තියේ , මං ඒ කුමාරියව ටිකක් අඳුරනවා “

“ මොනව , නෝන ඒ කාලේ රජගහ නුවර ද හිටියේ “

“ හෙ හේ . . නැහැ ලතා ,කොටත් එක්ක ගිය කුමාරිගේ කතාව , කවුරුත් වගේ දන්නව “

“ ආහ් . . ඒක මිසක්. “

“ ඉතින් ලතා, මොකක් ද ඒකෙයි මේකෙයි සම්බන්ධය ? “

“ මේ බොසාගේ නෝනෙත් , මේ තරම වස්තු කන්දරාවක් දාලා, අර සුරතල් පුංචි එකත් දාලා, ගියේ කාත් එක්ක ද දන්නව ද නෝනේ “

“ කොටෙක් එක්ක ! ! “

“ හෙහ් හෙහ් ,  නෝනෙ , හැබැයි රණවිරුවෙක් එක්ක “

“ පවු “

“ කවුද නෝනෙ පවු , අපෙ බොසා ද ? “

“ නැහ් . . බොසාගේ නෝන “

“ ඔවු නෝනෙ, සීදේවි නෝන පොඩ්ඩ, හැබැයි ඉතින් බොසාට නම් ඒකෙන් වුනේ හොඳක් “

“ ඒ මොක ද ලතා ? “

“ දෙන දෙයියො ගෙට ගෙනත් දෙන්නෙත් නෝනෙ තියන වුන්ටමයි, කලින් නෝනෙ ගියා විතරයි, ඔන්න දැන් බෝණික්කෙක් වගේ එකියක් මහත්තයගෙ පාර පස්සේ, ඔන්න අතුගාලා ඉවරයි නෝනෙ“

“බෝණික්කියක් . . .පුංචි කෙල්ලක් ද ලතා “

“ පුහ් . . හොඳ පුංචි, මොනා නැතත් , ඒ නෝනෙ අදින ඇඳුම් නම් පුංචි කාලේ ඒව වගේ , ආහ් . .  නෝනොග බත් එක ද මේ, පුංචි මහත්තය කොහොම ද නෝනෙගෙ බත් එක හැලුවේ , ෂහ් පොළොස් මාළුවක් ද මේ , මාත් තවම දවල්ට කාලා නැහැ නෝනෙ“

බත් කටවල් දෙකක් පමණක් අහිමි වූ , තවමත් මගේ මේසය මත තිබෙන දිගාරින ලද කෑම පාර්සලය දෙස බලමින් ඇය අසයි .මගේ දෑස ඉඳුල් අත කරා ගියෙ ඉඹේමය.ඉඳුල් වේලි ඇත. මේ අතින් බත් කෑම කම්මැලි වැඩකි.

“ ඔවු ලතා , කාලා ඉවරයි මං, ලතා කැමති නම් අරන් යන්න “

වචන කටින් පිට වී හමාර වන්නටත් ප්‍රථම ඇය වහ වහා කෑම පාර්සලය ඔතා ගත්තීය.

“ එහෙනම් නෝනෙ , මං යනව. නෝනෙ ඉතින් තව ටික දවසක් වැඩට එන්නකෝ “

“ හොඳයි ලතා , ස්තූතියි “

ලතා ගිය පසු , කාමරය තුල රජවූයේ මූසල පාලුවකි. බොසාගේ අවවාදය මතක් වුවද එය සිතාමතාම බිද දැමීමේ ආසාවක් ඇගේ සිත පහළ විය. කිරීමට කිසිදු වැඩක් ද නැත. ඇයගේ පුංචි පහේ බ්ලොග් තීරුව ඉන් ටික වේලාවකට පසුව ඇය ඉදිරියේ වූ පරිගණක තිරය මත දිග හැරී තිබුනි. වත් පොතට රිංගීමට නොහැකි ලෙස , දොරවල් වසා ඇත. ඇය සුපුරුදු පරිදි බ්ලොග් පිටු අතර සරන්නට විය. කාලය ගත වූයේ ඉක්මනිනි. දොර ඇසෙන හඬ ඇසෙන තෙක්ම ඇය වුන්නේ බ්ලොග් ලෝකයේ අතරමං විය.

දොර හැර පියා , ඇතුලු වූයේ ලොක්කාය. කලබල වු ඇයට, විවෘත කර තිබූ , ඒ වන විට කියවමින් තිබූ බ්ලොගය මිනිමයිස් කරන්නට තරම් කාලයක් සොයා ගත නොහැකි විය. එදෙස බැලු ලොක්කාගේ මුවේ නැඟුනේ සිහින් මද සිනාවකි.

“ යන්නෙ නැද්ද ? දැන් ඔෆ් වෙන වෙලාව , පළවෙනි දෙවෙනි දවස් වල නම් ඉදීවි ඔහොම. ඊට පස්සෙ ඉතින් උවමනාවකටවත් සොයා ගන්න නැහැ “

බිත්ති ඔරලෝසුව දෙස යොමු වූ ඇගේ නෙතු දුටුවේ වේලාව පහද පසුවී ඇති බවයි. මෙතෙක් තම මේසය මත තිබූ ඇය වැඩ අහවර කළ ලිපි ගොනු දෙක රැගත් ඇය, ප්‍රධානියා අසුන් ගෙන සිටි මේසය වෙතට රැගෙන ගියේය.

“ සර් . . .‘

“ ආහ් .... වැඩ ඉවරද ? ඔතනින් තියන්න. මං බලන්නම් , දැන් ඔයා යන්න “

ඇගේ වතට වළාකුළක් පාත් වුනේ ,තමා ආසාවෙන් , පිළිවලට කෙරූ වැඩ ටික, පෙරළා බලා  පැසසුමක් දේ යැයි ඇය සිතා සිටි නිසා වන්නට ඇත.

අත බෑගයද ගත් ඇය, කිසිවක් නොපවසාම කාර්යාලයන් පිටවිය.

බස් නැවතුමේ සෙනඟ එතරම් නොසිටිය ද, හිඟයක් ද නොවීය. ඇය තවමත් මේ ප්‍රෙද්ශයට අමුත්තියක නිසා , බස් රථ එහා මෙහා යන වේලාව ඇය නොදනී. ළඟ සිටි තැනැත්තියකගෙන් බසය ගැන විමසූ විට ,ඇය කියා සිටියේ,,

“ අපරාදේ , ඒ බස් එක දැන් ගියා විතරයි. .ආයෙ තව එකක් එන්න පැය බාගයක් වත් යාවි ‘“

හ්ම් . . .

“ ඒකත් හොඳයි “ යැයි ඇගේ මුවින් පිට වෙත්ම , පෙර කී තැනැත්තිය ඇය දෙස බැලුවේ , පුදුම වූ දෑසිනි.

“ නැහැ මං කීවේ , ඒකෙ සෙනඟ වැඩි ඇති“

ඇය ඉන් පසු , තම දෙනෙත් පාරට අලවා ගෙන සිටියේ , ඇයට හොරෙන් බසය මෙතනින් ගියොතින් යැයි සිතා ගෙන වගේය.

ළඟ වුන් අයකු ගේ , තට්ටුවකට ඇය හැරී බැලුවේ....

“ මිස් මිස් , අන්න අර වාහනෙයේ ඉන්න මහත්තයා කතා කරනවා “

ඔහු පෙන්වූ මානය දිගේ බාලූ ඇය දුටුවේ , බස් නැවතුම මදක් පසු කර ගොස් නවතා ඇති නවීන පන්නයේ කාරයකි. හඳුනන්නෙ නැති කාරයකි... නමුදු ඒ තුල සිටින්නා හදුනනවා වන්නට ඇත. ඇය ඒ දෙසට පිය මැන්නේ මවිතය කුතුහලය රැදුන දෑසිනි.

ඇය වාහනය වෙත ආසන්නවත්ම එහි ඉදිරි වම් පස වීදුරුව සෙමින් පහත් විය.

“ නඟින්න “ ඔහු පැවසුවේ , ඇය දෙස බලා සිනා සෙමිනි .

* ඔහු කවුද ? කොහෙ ද මේ දෙන්නත් එක්ක යන්නේ, හෙට කොටසින් බලාපොරොත්තු වන්න.


වාහනයට ගොඩ වෙම් දෝ / නොවෙම්දෝයි සිතන
මම
෴ සොඳුරු සිත ෴


පස්වන කොටස ට යන පාර ....

26 ප්‍රතිචාර:

ජනරඟ විජඉදු දේවසුරේන්ද්‍ර said...

හැමදේම වෙන්නෙ හොඳටයි කියන ජාතියේ කෙල්ලෙක්ද/‍...අනේ හොඳයි හොඳ ගලායාමක් තියනවා

Observer said...

ලොක්කගේ කාර් එක වෙන්ඩැති නේද, ඉලෙක්ට්‍රික් ජනෙල් එහෙම තියෙන්නෙ. කන්තෝරුවේ අනිත් කට්ටිය එහෙම දැක්කොත් මොනවා නොකියය්ද මන්ද?

කතන්දර Kathandara said...

ගොඩ වෙන්න, ගොඩ වෙන්න.

මධුරංග said...

වාහනේට නගින්න එපෝ.... මම හිතන්නේ සර් කාරයා තමා වාහනෙන් ඇවිදිල්ලා තියෙන්නේ. සර්රුත් හෙනම මනමාලයෙක් නේ.

කල්හාර දිසානායක said...

ෂුවර් එකටම බොසා වෙන්න ඇති .......
ගොනා හැරෙන්නෙ පොල් පැලේව වගේ ..........

Helping To People said...

Mata meka kiyawala wena kata godak matak una

Dee said...

""වාහනයට ගොඩ වෙම් දෝ / නොවෙම්දෝයි සිතන
මම
෴ සොඳුරු සිත ෴""

ගොඩවෙමු ගොඩවෙමු,.....
ආයෙත් ඉතින් මොනව බලන්නද ඔකේ ඉන්නේ ඔයාගෙ බොස්......

නචියා said...

මම හිතන්නේ ෂුවර් එකටම බොස් තමයි. එයත් එක්ක යන්න ඇති කාර් එකේ. යන ගමන් විස්තර කතා කරන්න ඇති..

ඉතුරු ටිකෙන් බලමු..

හසී said...

බොස්ගේ කාර් එක වෙන්න ඇති :)

සිතුවිලි නිහඬයි said...

අදුරන කෙනෙක්ද මේ.......නැත්නම් ඉතින් කතා කරන්නේ නෑ නේද..................බලමුකෝ...ඉක්මනට ඉතිරිය දාන්න අක්කි....

- නිල් අහස - said...

මගේ හිතේ තියෙන උත්තරෙත් හැමෝම දාලනේ.
බලමු මොකද වෙන්නේ කියලා.

හා පැටික්කි (MS) said...

සාහ් ‍බොස් පළ‍වෙනි දව‍සෙම ලිෆ්ට් එකකුත් දුන්නද. ‍කෝ සැරයි කිව්වට සැර නෑ‍නේ ‍බොස්........

Dinesh said...

මං හිතන්නේ ලොක්කාගේ කාර් එක වෙන්න ඇති..

දුමී said...

ඔන්න බොලේ අද කාලේ කෙල්ලෝ, වැඩට ආපු පළවෙනි දවසෙම බොසාගෙ පොඩි එකාටත් කවලා, බොසාගේ හිස්ටරියත් දැනගෙන ඔන්න දැන් බොසාගේ කාර් එකෙත් යන්න හදන්නෙ....!!

නියමයි නගෝ, නියමෙට ගලාගෙන යනවා....!!

හිස් අහස said...

ඒ බොසා වෙන්න බෑ මොකද කියනවානම් කතා නායිකාවගේ බොසා හිනාවෙන්නේ නෑ නේ !

මගේ බොසත් දවස තිස්සේම ඉන්නේ බුම්මට්ටා වගේ . ? පේන්න බෑ

බුම්මගෙන ඉන්න එක බොසාලගේ හැටියක් වෙන්න ඇති ඉඳපල්ලකෝ මම අයින් වෙන දවසට ඔය වගේ උන්ට කියනවා රෙදි ගැලවෙන්න ..

මකුළු පැංචි said...

මං නං හිතන්නෙ ඔය බොසාම වෙන්ට ඇති..මොකද දැන් ඔෆිස් ටයිම් එක නෙවෙයිනෙ...ඒකනෙ ඕෆිස් ටයිම් එකෙන් පස්සෙ බ්ලොග් බැලුවත් බැන්නෙ නැත්තෙ..ඉතින් ලිෆ්ට් එකකුත් දෙන්න හිතෙන්න ඇති... :D

Ravi said...

වීදුරුව සෙමින් පාත්වීගිය පසු ජනේලයෙන් ඈ දුටුවේ මඳ සිනහවෙන් යුතු ලොක්කාගේ මුහුණයි.

නඟිම්දෝ නොනගිම්දෝ දෙගිඩියාවෙන් ඈ මොහොතක් පසුබා සිටියාය.

" නගින්ඩ, නගින්ඩ අර පාරේ මිනිස්සුත් හැරි හැරී බලනව " නොරිස්සුමෙන් මෙන් කී ඔහු වම්පස දොරද නැමී විවෘත කලේය.

නැවත වරක් සිතීමට සුනංගු නොවූ ඈ ඉදිරි අසුනේ වාඩිවී අත්බෑගය උකුල මත තබාගෙන දොර සෙමින් වැසුවාය.

පසුපස බලන පැති කණ්ණාඩිය දෙස මොහොතක් බලාසිටි ඔහු වේගයෙන් ඇදී ආ ලොරියක් හඬනඟා ඔවුන් පසුකරගිය වහාම මෝටර් රථය සෙමෙන් පාරට ගත්තේය.

" ඔයා බහින තැන කියන්න " ඉදිරිය බලාගෙන රිය පදවන අතර ඈ දෙස හැරී බලා පැවසූ ඔහු නැවත පාරේ වංගුවක් වූ හෙයින් වහා ඉදිරියට දෑස් යොමු කලේය.

" හොඳයි සර් " සෙමින් පැවසූ ඇය උකුල මත තිබූ අත් බෑගයේ උර පටිය අතැඟිලි අතර දවටන්නට වූවාය.

" අර ඔෆිස් එකේදි ඔයා බල බලා හිටිය බ්ලොග් එක සොඳුරු සිත නේද?"

කිසිසේත් බලාපොරොත්තු නොවූ ඔහුගේ පැණයෙන් විපිළිසර වූ ඇගේ දෑස එක්වරම ඔහුගේ මුහුණ දෙසට යොමුවූයේ ඇයටත් නොදැනීමය.

" දෙයියනේ ඒ මගේ බ්ලොග් එක කියල සර් දන්නවද කොහෙද? " ඇගේ සිතට එක්වරම පැන නැඟුනු පැනයට ලොක්කාගේ ඊළඟ වචන කිහිපය පිළිතුරු ගෙන ආවේය.

" කවුරු උනත් හරිම ලස්සනට ලියනව, ඒක කියවනකොට ඒ ලියල තියෙන්නෙ මා ගැනයි කියල මට හිතෙන වෙලාවල් අනන්තයි"

අයාගත් දෙනෙතින් යුතුව ඔහුගේ මුහුණ දෙසම බලාසිටි ඇයට ඔහුගේ වදන් ඇසුනේ කොහේදෝ ඈතක සිට ඇසෙන පරිදිය.

" මොකද ළමයො මේ බය වෙලා වගෙ? " ඔහුගේ හඬින් සිහි එලවාගත් ඈ ජනේලයෙන් ඉවත බලද්දී දුටුවේ තමා බැසිය යුතු හංදිය පසු වීමට ආසන්න බවය.

" සර්, මාව ඔතන බස්සන්න "

වාහනය නැවැත්වූ පසු වාහනයෙන් බැස දොර වැසූ ඈ, ජනේලයෙන් එබී බලා " බොහොම ස්තූතියි සර් " මඳ සිනහවක් පාමින් පැවසුවාය

වාහනය නොපෙනී යන තුරුම ඈ ඒ දෙස බලා සිටි බව වැටහුනු ඈ ලැජ්ජාවෙන් මෙන් වට පිට බලා නිවස දෙසට පිය මැන්නාය.

සොඳුරු සිත ලියන්නේ ඈ බව තමා දන්නා බව ඇයට අඟවමිදෝ/නොඅඟවමිදෝ සිතන මම ෴ ලොක්කා ෴

මකුළු පැංචි said...

හෙහ් හෙහ්...නියම කොමෙන්ටුව රවි... :D

Observer said...

@ රවී,
දැන් "සොඳුරු සිත" ලියන්නෙ මොනවද බොලේ?

Anonymous said...

sure oke inne bosa...wahaneta naginna epo.......

Angel without wings said...

පොලොස් මාළුවත් එක්ක කෙසෙල් කොලේ ඔතපු බත් එකක්... ම්ම්ම්ම්ම්ම්ම්.... මගෙ බඩගින්න වැඩි උනා....

අක්කෙ ඔයා ඊලඟ කොටස ලියන්න කල් ගන්නෙ රවිගෙ කමෙන්ට් එකෙන් පස්සෙ හිතන් හිටපු කතාව වෙනස් කරන්න උනු නිසා නේද..??? හි හි..

Out of jokes.. Iz Nice.. waiting for the next part...

සොඳුරු සිත said...

http://sodurusitha.blogspot.com/2011/06/5.html

සොඳුරු සිත said...

Angel without wings
Anonymous
Observer
මකුළු පැංචි
හිස් අහස
සිතුවිලි නිහඬයි
හසී
නචියා
Dee
ජනරඟ විජඉදු දේවසුරේන්ද්‍
කතන්දර
මධුරංග
කල්හාර දිසානායක


ස්තූතියි ...ස්තූතියි... සියළු දෙනාටම හදපිරි ස්තූතිය...

කතාව ඉවර වුනාම ..කාටත් වෙන වෙනම ස්තූථි කරනවා....
සියළු දෙනාටම ස්තූථියි..

රූපවාහිනියේ විකාශය වෙන මෙගා වගේ... මම ලියන කතාවත් එපා වේ ගෙන එනව නම් මට කියන්න.. අවංක අදහස් හිත නොරිදවා කියන්න පුලුවන් ඔයාල වගේ යහළුවන්ට විතරයි...

ඒ නිසා ඒක මගෙ ඉල්ලීමක්... එපා වෙන කතා ලියල පලක් නැහැනේ...

අනේ බොල සොඳුරු... උඹ ලියන කතා , උඹටම හොඳයි ...කියල එදාට කියන්න...

Ravi said...

@ Observer,

හෙහ්, හෙහ්, වැඩේ ඇත්තම තමයි බොලේ,

සොඳුරුට මල පැනලද කොහෙද මට ස්තූති කොරලත් නෑ මෙදා ගමන,

මේ යකා කොහෙද ඉඳන් කඩා පැනල මගේ කතාව කාල දානව මදිවට තව ස්තූතිත් කොරපල්ලකො....හුහ්, කියල සොඳුරුට හිතෙන්ට ඇති මයෙ හිතේ......

Observer said...

@ Ravi,

හ්ම්...හ්ම්....

ප්‍රාර්ථනා said...

වත්ගේ දෙබස් නම් ෂෝක්.. හරිම ධනාත්මකයි වගේ.. ඒ වගේම හරි අමුතුයි..හි..හී..

Post a Comment

සිතක් ‍සොඳුරු වන තරමට අදහස් බොහෝ දැවටෙනු ඇත. නුඹේ සොඳුරු සිතේ අදහස් වචන කර යන නුඹට මගේ ස්තූතිය..... කියවූ ඔබටත් ස්තූතියි.

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...