..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

Sunday, June 12, 2011

෴ ඉරණම්කාරී 3 ෴

දිලිසෙන සපත්තුවේ දිස්නය , ලොක්කාගේ මුහුණේ හැඩ නිල කියා පෑවා මෙනි. ඇය මදින් මද හිස එසෙවුව ද , ලොක්කාගේ මුහුණ දෙස බැලීමට නොහැකිව ලත වූවා ය.

ඇය ගැහැණුකමටම උරුම වූ අනුකම්පාව යදින දෑසින් ඔහු වෙත බැලුවේ , මදක් පමා වී වුවත්, ඇය තමා දෙස බලන තෙක්ම ඔහු ඇය වෙත නෙත් හෙලන් සිටි බැව් ,ඔහුගේ දෑස් දුටු සුනංගුවේ ඇයට සිතුනි. මුහුණ පුපුරා කැබලි වලට විසිරෙන්නට ආසන්නව තිබුණි. . . “ යකෙක් වගේ , පිරිමි ඔක්කම එකයි“ වචන වලට නොපෙරෙළුනු වදන් සිත තුල ගොනු විය.

“ රනිඳු . . .  යං ගෙදර. බලාගමු ගෙදර ගිහින් “

පොඩිත්තාගේ ඉන වටා සුරත යැවූ ඔහු , පොඩිත්තාව වඩා ගත්තේ ඉතාම සැහැල්ලුවෙනි. . . .

“ අනේ බැහැ බැහැ . . .  මට බඩගිනි තාත්ති . . . තියන්න මාව . . බිමින් තියන්න කෝ. . . “

වස දඟයෙකු වූ පොඩිත්තාගේ දැගලීම , පොඩිත්තාගේ පියාට දරා ගත නොහැකි බව ඒ මුහුණ දෙස බලා සිටින මට පෙනුනි.

“ රනිඳු , . . . . . . “

ගිනි සැර විහිදෙන තම පියාගේ දෑසත් ඉහලට ඔසවා මුහුණට ළං කර දබරඟිල්ලත් දුටු පොඩිත්තා , ඉන් මෙල්ල වූයේ, මින් කර කර ඇති වැරදි සහ දඬුවම් සිහිවීමෙන් වන්නට ඇත. පියාගේ පළල් උරහිසේ පුංචි හිස හොවා ගත් පොඩිත්තා.

“ ඉහි ඉහි . .  ඉතින් මං කීවේ මට බඩගිනියි කියලනේ  . . ඉහි ඉහි ඉහි. . . තාත්ති නරකයි. ඉහි ඉහි “

සෙමින් හඬන පොඩිත්තාගේ හඬට ,ගලක් වන්ව සිටි ලොක්කා , මලක් මෙන් මෘදු වන්නට විය.

“ අපි යං රනිඳු , යන ගමන් මැක් ඩොනල්ඩ් එකට යමු . . “

“ මැක් ඩොන්ලඩ් යෙ යේ  . . . “

පොඩිත්තා ගේ සිනාවත්, ප්‍රීතිමත් මුහුණත් දුටු ලොක්කාගේ වත සිනා මලක් පිපුනි. හ්ම් . . . හිනා වුනාම පුතු වගේම හැඩයි. මෙතෙක් ඔහු දෙස බලා සිටි ඇයට සිතුනා පමණි. ඒ ලස්සන මුහුණ යළිත් කොරොස් කටක් වූයේ , ඇයි දැයි බැලූ මට පෙනී ගියේ, තවමත් විවෘත වී පවතින පරිගණක තිරය දෙසට ඔහුගේ දෑස් යොමු වී ඇති බවයි. තිරයේ දිග ඇරී ඇති ගිනි නරියා නිවෙස් පිටුව. . . ඒ ලස්සන මුහුණ , සුපුරුදු ලොක්කාගේ මුහුණබවට පත් කරන්න ප්‍රමාණවත් විය.

ඔරවා ගත් මුහුණින් , ඔහු මේසය මත වූ “විදුලි සීනුව “ නාද කළේ , ඔෆීසියට පමණක් නොව , මුළු ගමටම ඇසෙන ලෙසිනි.

තප්පරයෙන් කාමරයේ දොරකඩ දර්ශණය වූ කසුන් . .

“ සර් . . .“

“ වාහනය ගන්න . . . අර ක්ලීනින් සර්විස් එකේ ලතාට කියන්න මගෙ රූම් එක සුද්ද කරල දාන්න කියලා, අපි යං පුතා “

එවදන් කියමින්ම කාමරයෙන් එළියට යෑමට සැරසුන ඔහු , මා සමීපයට විත් නතර වී ,

“ මේ කාමරයෙ ආයෙ කැම කන්න තියා ගන්න එපා. පහල තට්ටුවේ තියනවා ලන්ච් රූම් එකක් , කැන්ටිමකුත් ඇති. රස්තියාදු ගහන්න තියා ගන්න එපා කියල කීව නේද මම. “ යි

පැවසුවේ ඇය දෙස බලාදැයි ඇය නොදැන සිටියේ, ඇයගේ දෙනෙක් බිමට නැඹුරු වී තිබූ බැවිනිත බිම බලා ගත් වනම ඇය දෙපසට ඔලුව සැලුවේ “ හා“ යැයි කියන්නට මෙනි.


ඇය නැවතත් හිස එසෙවුවේ , කාමරයේ දොර ඇරෙන  හඬ සවන් වැකීමෙන් පසුවයි. ලොක්කාගේ පිටවීමත් , ලතාගේ පැමිණීමත් එක විට වාගේ සිදු විය.

“ ලතා . . පුතා බත් ඉහිරවලා. පොඩ්ඩක් සුද්ද කරල දාන්න “

“ හොඳයි සර් “

කාමරයේ දොර පළුවට අත තබා ගත් ලොක්කා , ඇය නැවතත් හිස හරවා තවමත් බිය රැඳි දෑසින් සිටින ඇය දෙස බැලුවේ . .  හැඟුමන් රහිත මුහුණකිනි.

“ මං හවස එනවා. අර වැඩ ටික ඉවර කරල තියන්න “

“ හා හොඳයි සර් “

දොර වැසුනි. මුළු කාමරය හිස් කරමින් ඔවුන් පිටවිය.

නමුත් ලතා. . . .

ලතා ඇමදීමට වඩා වේලාව ගත්තේ , කතා කිරීමටයි. ඇය නම් සැබෑම රොයිටර් පුවත් සපයන්නියක බව , අලුත් නෝනාට හඳුනා ගැනීමට වැඩි වේලාවක් ගියේ නැත.





* ලොක්කා මනමාල ය ද
* ලොක්කගෙ නෝන දාලා ගිහින් ද
* පොඩි එකා කාගෙ ද

පොඩිත්තාගේ උප්පැන්නයේ සිට විස්තර දැන ගැනීමට. හෙට උදයේම ලතාගේ කතාව අහමු.


ලොක්කාගේ වත ගොත සොයන , සොක්කා
මම
෴ සොඳුරු සිත ෴

16 ප්‍රතිචාර:

Dinesh said...

කොහොමත් වැඩ කරන තැන්වල ලොක්කන්ගේ විස්තර හොදටම දන්නේ පොඩ්ඩෝ කියලා කියනවනේ.. අපි අනිත් කොටසින් එහෙනම් ඒ විස්තර දැනගමු..

දුමී said...

වත් නගෝ, මෙච්චර කොටට ලියන්න එපා බොලේ..... තව ටිකක් දිගට ලිව්වානම් එක හුස්මට කියවලා යන්න තිබුනා.....!

ඔය ඔක්කොම කොල්ලො එකයි... කොහොම හරි බලන්නෙ බොස්ව දැලේ දාගන්න තමයි.... ඔන්න බලන්න මම නොකීවද කියලා....!

කතන්දර Kathandara said...

ඔය එන්නේ නිකං ටෙලියක් වගේ සෙට් වෙලා ගානට!

හා පැටික්කි (MS) said...

ඔන් ආවා කතාවේ ගිනි ගෙඩි දෙඤ්ඤං දෙඤ්ඤං දෙඤ්ඤං........ හප්පා........ ලියමු බලන්න අක්කියා.

බොද ම්දුම් said...

වෙනසක් ඔනෑද නාකිචිච්යේ නාකිචිච්යේ නාකිචිච්යේ නාකිචිච්යේ නාකිචිච්යේ

බොද ම්දුම් said...

වෙනසක් ඔනෑද නාකිචිච්යේ නාකිචිච්යේ නාකිචිච්යේ නාකිචිච්යේ නාකිචිච්යේ

සොඳුරු සිත said...

@ Dinesh
ඒක ඇත්ත... මොරගෙ පස්සෙන්ම යන පුංචි මාළුවෙක් ඉන්නවලු.ඒ වගේ තමයි.ස්තූතියි Dinesh මල්ලි.

සොඳුරු සිත said...

@ දුමී
අයිය , දෙයියන් බුදුන් දැක්ක වගේ...
අයිය බොස් කෙනෙක් ද? එහෙනම් කෙල්ලන්ගෙන් පරිස්සමි වෙන්න.කෙටියෙන් ලියන්නේ , කියවන්න පහසුවට. කම්මැලි වෙයි කියල හිතෙන නිසා... අනික , දිගට ලියන්න , මටත් කම්මැලි...

ඉක්මනින් ලියන එකත් හොඳයි... මොකද , ඉන්න ඉන්න , මගේ හිතේ තියෙන අවසානය වෙනස් වෙනව...

ස්තූතියි දුමී අයියා. . . .

ගිනි අව් සහ ගිනි කෙලි said...

ගිනි අව් සහ ගිනි කෙලි තවත් ලියන්න

සොඳුරු සිත said...

@ කතන්දර Kathandara
දැන් තියෙන “මෙගා ටෙලි“ වගේ වෙලා.එපාම වෙයි ද දන්නෙ නැහැ...
ස්තූතියි කතන්දර මේ පැත්තෙ ආවට....

ඉන්දික උපශාන්ත said...

දැං වෙනදේ හිතා ගන්න පුලුවන්. ඒ නිසා දුකහිතුනත් කමක් නෑ වෙනස් අවසානෙකට යං

මකුළු පැංචි said...

අපෝ...මේ බොසාගෙ සැර..පොඩි එකානං හරිම හුරතල්.... :)) ඉක්මනට ඉතිරියත් ලියන්න අක්කී...

sanawije said...

බලමු, බලමු, "ලතාගේ කතාව" කොහොමද කියල.....

මධුරංග said...

ලතාගේ කතාවත් පබ්ලිශ් කලා කියලා දැන ගත්තා. ඒ කතාවත් කියවන්නම්. අපෝ මේ ලොක්කා නම් කිසි කමකට නැති එකෙක්.

කල්හාර දිසානායක said...

කෝ මම දාපු කමෙන්ට් එක .....

ප්‍රාර්ථනා said...

හෙ..හේ.. අපූරුයි..

Post a Comment

සිතක් ‍සොඳුරු වන තරමට අදහස් බොහෝ දැවටෙනු ඇත. නුඹේ සොඳුරු සිතේ අදහස් වචන කර යන නුඹට මගේ ස්තූතිය..... කියවූ ඔබටත් ස්තූතියි.

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...