..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

මෙහි ලියැවෙන දෑ.............

"Art is something that lies in the slender margin between the real and the unreal."සාහිත්‍ය වනාහි සත්‍යයත් කල්පිතයත් අතර පිහිටි අනියත ප්‍රදේශයකට අයත් වේ.(Chikamatsu Monzaemon)

Thursday, June 23, 2011

෴ ඉරණම්කාරී 11 ෴

ලොක්කාගේ ලියුම කියවා නිම වන විට ඇයට දැනුනේ  මොහොතකට සිහින ලොවකට ගොඩවැදුනාක් මෙන්ය. අගනගරයේ ඉහල පැලැන්තියට අයිති වූ ඔහුට ,සිංහල ලිපියක් තබා වාක්‍යක් ගලපා ගැනීමට හැකිදැයි තිබූ සැකය පළවා හැරීමට මේ ලිපිය ඕනෑවටත් වඩා ප්‍රමාණවත් විය. පද ගලපා ලියා තිබූ කවිය ද සැමදා දකින කවි වලට වඩා වෙනසක් ගත්තේය.

පිළීතුරු ලිපියක් අවශ්‍ය බව නොකියා තිබුනත් , අසන ලද ප්‍රශ්ණ කිහිපයක් එහි තිබුනි.එදා රාත්‍රියේ සිහින පුරාම , ඇය කළේ ඔහුට පිළිතුරු ලිපි ලිවීමයි.

මෙසේ ඇරඹුන ලිපි ගනු දෙනුව , ඇගේ සිතට ගෙන ආවෙ විශාල අස්වැසිල්ලකි. ලිපි මෙන්ම හුවමාරු වූ පොත් පත් ගනන ද ඔහු , ඇගේ සිතේ ජීවමාන කිරීමට සමත් විය. හමුවී වුවත් කතා බහ කර හුවමාරු නොවන අදහස් රැසක් , ලිවීම නිසා හුවමාරු විය. සිත අභ්‍යන්තරයේ ගුලී වී ඉකි ගසන හැඟීම් රැසක් , එකිනෙකාට පවසන්නට වූ ඒ ලිපි වල තැවරූ තිබුනේ හෘදයාංගම අවංකකමයි.

ඔහුට මදාරා හා විවාහ වීමට සිදු වන බව එකම එක් ලිපියක පවසා තිබුනා මතකයේ රැඳී තිබුන අතර , මා කිසිදිනක එයට හේතුව කිසිවිටක නොවිමසූ අතර , ඔහු ද නැවත කිසිම විටක ඒ බව සඳහන් කළේ ද නැති.

එහෙත් ,  හිරු බසිමින් තිබුන එක් සුන්දර සැදෑවක් , මේ සියලුම සිදු වීම් කණපිට පෙරළිමට සමත් විය.

එදි න සිකුරාදා දිනයක් වූ අතර පසු දා නිවස බලා යෑමට අවශ්‍ය කළමණා පිළියල කිරීමෙහි ඇය නිරත වී සිටන විට , නවාතැනේ හිමිකාරිය ඇගේ නම අමතා කතා කරනු ඇයට ඇසුනි.

“ සංජු ..... දුවේ . . . . . .  මෙන්න කවු ද ඇවිල්ලා “

ඇය හමු වීමට නිතර නිතර පැමිණෙන පාසල් සිසු සිසුවියන් ඇයට අරුමයක් නොවේ. කරමින් සිටි වැඩය අහවර කරම යන්නෙමියි සිතූ ඇය ,

“ හා . . . . . හා නැන්දේ. පොඩ්ඩක් ඉන්න කියන්න. මං එන්නම් “

වචන පිටවී අවසන් වීමටත් පෙර ඇගේ කාමරයේ දොර කඩ තිර රෙද්ද මෑත් කරමින් ගෙහිමි කත පෙනී සිටියේ , අපූරු මනමාල සිහනවකින් සරසා ගත් වතක් ද ඇතිවය. ඒ වත දුටු පමණින් ම, කුමක් හෝ අරුමයක් සිදු වී ඇති බැව් ඇයට වැටහුනි.

“ ඇයි නැන්දා  , ? “ ඇය විශ්මය රැඳි දෙනෙත් වල වූ හැඟීම් වචන බවට පෙරළමින් ඇසුවාය.

“ අන්න අර ළමයා ඇවිත් බලා න ඉන්නවා “

“ ආහ් . . . පොඩ්ඩක් ඉන්න කියන්න. වෙලාවකට හරිම වදේ. පවු . . .  ඉගෙන ගන්න තියෙන ආසාව නෙ “

“ ඉගෙන ගන්න , ඉගෙන ගන්න ආපු බවක් නම් පෙන්නෙ නැහැ ළමයො. උගන්නන්න ආව බවක් තමයි පෙන්න තියෙන්නේ “

එසේ පැවසූ ගෙහිමි කාත්නාව ආපසු යෑමට සැරසුනි.

“ ආහ්  . . . . “

කරමින් සිටි වැඩය නතර කර ඇය , ගෙහිමි කාන්තාව පසු පසින් වැටුනාය.

තවමත් සාලයේ  දොරකඩ මත සිට ගෙන , ගෙතුලට පසු පස හරවා , අවට සිරි නරඹමින් සිටි අමුත්තාව හඳුනා ගැනීමට ඇයට වැඩි වේලාවක් නම් ගත වුනේ නැති.

සිතට දැනුන විශ්මය පාලනය කර ගත නොහී ඇගේ මුවින් පිටවූයේ

“ ඔයා ! ! ! ! !“

විශ්මය රැඳි හඬික් සිහි එළඹ ගත් අමුත්තා ද ,  හිස හරවා ඇය දෙස බැලුවේය.
------------------------------------------------------------------------------------------

ඉන් මද වේලාවකට පසුව ඔවුන් දෙදෙනා දැක ගත හැකි වූයේ  සැඳෑ හිරු රැස් වලින් නැහැ වෙමින් තිබුන  , පුංචි ළමයි ගේ කෑකොස්සන් නාදයෙන්  පිරී තිබුනු , දකුණූ පළාතේ නම ගිය සුන්දර වෙරළ තීරයකය. රැළි පිට රැළි විත් ඇගේ දෙපා තෙමන්නට විය, කළුම කළු පැහැති ඇගේ දිලිසෙන අකීකරු කෙහෙරැළි ලුණු රස මුසු සුළඟට එකතු කළේ අපූරු සුවඳකි. ඇයට අඩි .තුන හතරක් පිටු පසින් සිටි ඔහු , සිත පුරා ,නෙත පුරා අගේ රැවත් , පපුව පිරෙන්නට ඇගේ සුවඳත් වින්දේ සිත රැඳි කාංන්සිය ක්ෂිතජයෙනුත් ඔබ්බට පලවා හරිමිනි. වරින් වර හිස හරවමින් , ඔහු දෙස බලමින් ඇය සිනාසුනාය.

ඇය ළඟට යෑමට . ඇගේ අතින් අල්ලාගෙන, ඇගේ ඇගේ ගෑවෙමින් රැල්ල පෑගීමට , ඇගේ බඳින් අල්ලා , මුහුදට විසි කිරීමට ඔහු වයසින් මුහුකුරා වැඩි බව ඔහුට සිතෙන්නට ඇත. නමුත් සිත කියන දේ නෑසු කය , සෙමෙන් සෙමෙන් ඇය කරා ඔහු මෙහෙය වන්නට විය.
හිස ඔසවා ඔහු දෙස බැලූ ඇය ,

“ අපරාදේ , පුතාවත් එක්කන් එන්නයි තිබ්බේ “ යැයි පැවසුවේ , රැල්ල පාගමින් සෙල්ලම් කරන පොඩිත්තන් දෙස බලමිනි.

“ කොහොම එක්කන් එන්න ද ? අද මං ආවේ මං වත් නොසිතපු ගමනක් කොට “

“ ඒ කීවේ ? “

“ නැහ් . . . .  ඔෆිස් එකේ වැඩකට ගියපු ගමන් . නිකමට හිතිලා ඔයාව බලන්න ආවේ“

එකවර නැඟී ආ මහ රැල්ලක කින්  ඔවුන් දෙදෙනා නැහැ වී ගියේ නොසිතු ලෙසිනි. බිය වූ ඇය , ඔහුගේ අතින් අල්ලා ගත්තීය.


“for whatever we lose (like a you or a me) / it's always ourselves we find in the sea

හෙටක් ගැන නොසිතා , නෙත ක්ෂිතජයේත් , සිත මුහුදු සුවදේත් පා කර හැරි
මම
෴ සොඳුරු සිත ෴

18 comments:

  1. දන් නම් කතාවේ හොදම හරිය වගේ. ප්‍රශ්නත් එයි මට හිතෙන විදියට. බලමු ඊළග කොටසත් මොකද වෙන්නේ කියලා.
    ලස්සනයි.....

    ReplyDelete
  2. හ්ම්ම්ම්ම් බලමු මොකද ඊළඟට වෙන්නේ කියලා

    ReplyDelete
  3. අද වෙලාව හොදයි වගේ මෙන්න කමෙන්ට් කරන්න පුලුවන් මටත් :-)

    ReplyDelete
  4. ඊළග කොටසෙදි බොස් ආදරේ ප්‍රකාශ කරාවි මං හිතන්නේ..

    ReplyDelete
  5. අයිෂ් අම්ම ගුණ්ඩු... ඔන්න ලවු ඒක නැගලම යනෝ... හොද හොද සෙල්ලම් එළිවෙන ජාමෙට කිව්වලු. බලමුකෝ ඉස්සරහට මොකෝ වෙන්නේ කියල.

    ReplyDelete
  6. බලමුකො සංජු ටීචර්ට බොසා මොනව උගන්නයිද කියල..;)

    ReplyDelete
  7. උල්කාපාතය වැටෙද්දි මම කරපු ප්‍රාර්ථනාව වැරදුනා. කමක් නෑ.

    අම්මෝ මේ සර් නේද ඇවිදිල්ලා තියෙන්නේ. ඇයි පුතාව එක්කන් නාවේ ? සර්ට අර මිස් එක්ක තනි වෙන්න ඕන වෙලා නේ ? ඒක තමයි ලෙඩේ.

    මට හිතෙන්නෙම සර් රුයි මේ කෙල්ලයි අතරේ මොකක් නමුත් ලොකු සම්බන්ධයක් තියෙන පාටයි.

    ReplyDelete
  8. අසාදාරනයි බොසාගේ ලියුම අපට පෙන්නුවේ නෑ...

    ReplyDelete
  9. හෙටක් ගැන නොසිතා අදත් පිස්සු නටන
    මම

    ......

    ReplyDelete
  10. දැන් තමයි කතාවේ හොඳම හරිය ..

    ReplyDelete
  11. හලේ නියමයි ආ.....

    ReplyDelete
  12. ඔහොම තමයි ආදරේ හැටි..
    මටත් ඕකනේ වෙලා තියෙන්නේ.
    හිත හීලෑ........නෑ.

    බලමුකෝ .. නේද..

    ReplyDelete
  13. වත්...බය හිතෙන්නේ නැද්ද ඔයාට? :/

    ReplyDelete
  14. මං හිතන්නේ මම දන්නව ඊලඟට මොකද වෙන්නෙ කියල...

    බලන් ඉන්නෙ හරිද බලන්න......

    ReplyDelete
  15. ඔන්න අද තමයි ඉස්සර වෙලාම මේ බ්ලොග් එක කියෙව්වේ එක හුස්මට ඉරණම කාරී කියෙව්වා.. ලස්සනට ලියලා තියෙන්නේ...

    ReplyDelete
  16. කුතුහලයෙන් කියවනව.

    ඊයෙ කොමෙන්ට් එකට ලැබුන පිළිතුර නිසා, බ්ලොග් එක පුරාම "සොඳුරු සිත" ගෙ ඊමේල් ලිපිනය හෙව්ව, මගෙ ඇස් පේනව අඩුද? නැත්නම් ලිපිනය පල කරල නැද්ද?

    ReplyDelete
  17. @ Observer
    අනේ සමාවෙන්න. බණ්ඩ කොළඹ ගිය එකේ අනිත් කතාව තමයි මම කියල තියෙන්නේ.....

    මෙන්න ලිපිනය...

    sondurusitha@gmail.com

    ReplyDelete

සිතක් ‍සොඳුරු වන තරමට අදහස් බොහෝ දැවටෙනු ඇත. නුඹේ සොඳුරු සිතේ අදහස් වචන කර යන නුඹට මගේ ස්තූතිය..... කියවූ ඔබටත් ස්තූතියි.

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...