..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

Tuesday, June 21, 2011

෴ ඉරණම්කාරී 10 ෴

මා දුර තියාම විදුහල්පති කාමරයදෙස නෙත් යොමාන ආව ද, විදුහල්පතිතුමා දොරකඩ නොවීය. විදුහල්පති කාමරයේ පිටත බිත්තියට වාරු කරන ලද තැපැල් පියන් ගේ ලියුම් මල්ල සහිත පා පැදිය පමණක් දැකිය හැකි විය. සිතේ උපන් බලාපොරොත්තු නොබි දී තබා ගත්තේ ඉතාම අසීරුවෙන් බව නම් නොකියාම බැරිය. විදුහල්පති කාමරයේ කිසිවකු නොවූ අතර , දුරකතනයේ රිසිවරය තිබූ අයුරින් , ඇමතුමක් බලාපොරොත්තුවෙන් කිසිවකු සිටින අයුරක් නොපෙනුනි.


බිඳුනු සිතින් විදුහල්පති කාමරයෙන් පිටත ට බසින විට ම , කොහේ දෝ සිට පැමැණි මත් සුළඟක පුසුඹ මගේ නැහැයට දැනුනි. විදුහල්පතිතුමා උදයේම අනුමත වී දැයි සැක සිතූ මා අවට සුවඳ දිගේ බැලූ විට දුටුවේ , සුසුදු සුදු දත් දෙපළම පෙනෙන සේ සිනහ වෙමින් මා දෙස බලා සිටන තැපැල්  පියුම් මහතාවයි.

“ නෝනේ . . . කොහොමෙයි නෝනෙ ?“

“හොඳින් ඉන්නවා. අපේ ප්‍රින්සිපල් සර්ව දැක්ක ද ? “

“ ආහ් ...නෝනේ ...සර් ගියා වත්තට ගිහින් න්නෙයි කියලා, මං යන්නෙයි නෝනෙ “

“ ආහ් හොඳයි. අද අපට ලියුම් නැද්ද ? “


“ බුදු නෝනෙ . . . . තව ඩිංගිත්තෙන් අමතක වෙනව නෙව. කොහෙ ද , සෝමසිරිය පාන්දරම ගහයටට කැන්දයින් ගියායින්. “

හදිසියේ යමක් සිහිවූවෙකු ලෙස ඔහු තම රාජකාරි පා පැදියේ බැඳ ඇති කාකි මල්ලට අත පොවන්නට විය. එතුලින් ඔහු පිටතට ගත්තේ , හොඳින් ඔතන ලද තරමක් ලොකු පාර්සලයකි.

“ මෙන්න නෝනෙ , මේක නෝනෙට. මේක බාර දෙන්න තමයි විදුහල්පතිතුමා නෝනව හෙවුවෙ. මේන් මේ කඩදහියෙත් අත්සන් කළා නම් “

පාර්සලය අතට ගත් මම කඩදාසියේ මාගේ කෙටි අත්සන යෙදුවේ . පාර්සලයේ ලිපිනය කෙරේ අවධානය යොමු කරමින්ය. අත් අකුරු නම් හුරුපුරුදු ගතියක් නොමැති , නුපුරුදු , නොපැහැදිලි බැඳි ඉංග්‍රීසි අකුරු විය. මා නිවසේ සිටි යුගයේ , නිවසට තැපෑලෙන් ලැබෙන එකම පාර්සලය වූයේ “නවයුගය “ සඟරාවයි.එය ද මෙතරම් විශාල නැත.

“ මං යන්නෙයි නෝනෙ “

“ හොඳයි හොඳයි , ගිහින් එන්න කෝ “

පාර්සලය  ගැන වූ කුතුහලයෙන් යුතුව පන්තියට ගිය ද? පන්තියේ කෙරෙමින් තිබූ ප්‍රායෝගික පරීක්ෂණය හේතුවෙන් , පාර්සලය විවෘත කිරීමේ කටයුත්ත කල් දැමීමට සිදු විය.නොසිතූ ලෙස කාර්ය බහුල වූ එදින,  පාර්සලය විවෘත කිරීමට සිදු වූයේ , රාත්‍රී ආහාරය ද ගෙන , නින්දට ගිය පැයේය.

යහනේ සැප පහසුව වාඩි වූ මා , සීරුවෙන් පාර්සලය දිග හරින්නට වූයෙමි. පාසලේ දී තිබූ කඩිමුඩියේ හැටියට පාර්සලය විවෘත කිරීමට ගියේ නම් , පාර්සලය ඔතා ඇති කවරය තිරු තීරු ඉරි යනවාට සැක නැත. මැනිලා කඩදාසිය ඉවත් කළ පසු වූයේ , රැපින් පේපරයකි.ඉතාම සීරුවෙන් ය ද ඉවත් කළ විට පාර්සලයේ වූ දේ දුටු මා නෙත් අදහා ගත නොහැකි විය.

අලුත්ම අලුත් , පසු ගිය සතියේ ප්‍රකාශයට පත් වූ නව කතා පොත් දෙකක් සහ කුඩා ප්‍රමාණයේ ඉංග්‍රීසි නව කතා පොතක් ඒ තුල විය. ඉංග්‍රීසි නව කතා පොත අලුත් නොවු අතර , නිතර භාවිතා තර ඇති බවක් පෙනෙන්නට තිබුනි. පොත් එකින් එක ගත් මම , නැහැයට ළං කර ඒවායේ නැවුම් සුවඳ වින්දෙමි.පිටු මුල සිට අගටත් අග සිට මුලටත් පෙරළා බැළුවෙමි. ඉංග්‍රීසි නව කතා පොතෙන් විහිඳුන සුවඳ , එයටම ආවේණික බවක් ඉසිලුවේ , පොත අයිතිකාරයාගේ සුවඳ මේ යැයි පවසන්නාක් මෙනි.



සිංහල නව කතා පොත් දෙකෙහිම , ලොකු අකුරින් වූයේ නව කතාවේ නමයි. නමුදු ඉංග්‍රීසි නව කතා පොතේ ලොකු අකුරින්  මුද්‍රිතව තිබුනේ එහි කතෘගේ නමයි. “ නිකොලස්  ගේ මැසේජ් ඉන් අ බොටල් “ ඒ නව කතාවයි. ඉංග්‍රීසි නව කතා කියවීමෙන් මා බැහැර වී සිටි මුත් , ඉංග්‍රීසි විත්‍රපට නැරඹීම නම් සිත් ගන්නා සුළු කාරණාවක් විය. හුරුබුහිටි පුංචි පොත නැහැයට ළං කර පෙරලා බැලුවේ එයින් විහිදුන සුවඳ නැවතත් විඳ ගැනීමට සිත දැක් වූ කැමැත්ත බර පතල වූ හෙයිනි.පොත තුල වූ යමක් ඇද මතට වැටුනේ ඒ ඇසිල්ලෙනි.

හතරට නමන ලද සුදු කඩදාසියක් වූ එය , දිග හැර බැලීමට ප්‍රථම , කොඳ මල් සුවඳින් පිරි රාත්‍රී මද පවනින් , පෙනහළු පුරවා ගත්තේ , එක හුස්මට ලිපිය කියවා අහවර කිරීමට අවශ්‍ය ඉන්ධන ලබා ගත යුතු වූ නිසා ය.

To send a letter is a good way to go somewhere without moving anything but your heart.

ඊළඟ කොටසින්  . . . . .

* කවු ද ලියුම එවුවේ ?
* මොනව ද ලියුමෙ තිබ්බේ ?


ප/ලි : - දැන් නම් මේක හෑල්ලක් වගේ වෙලා කියල මට හිතෙනවා.... මොකද කරන්නේ ? දිගටම ලියන්නත් කම්මැලි ? නොලියත් බැහැ. කොටි වලිගෙ අල්ල ගත්ත වගේ ....................

22 ප්‍රතිචාර:

සිතුවිලි නිහඬයි said...

සුවර් එකටම අර සර්ගෙන් වෙන්න ඇති ....කොටි වල්ගේ අල්ල ගත්ත වගේ උනාට කමක් නෑ...ඉක්මනට ලියන්න අක්කා...

හසී said...

අනේ කතාව දඩස් ගාලා ඉවර කරන්න නම් එපා අක්කේ.. නියමයි ඉක්මනට ලියුම දිග අරිමු.... හැබැයි අනුන්ගේ ලියුම් කියවන්න හොද නෑ නේ.... :)

මධුරංග said...

ඔන්න අපිට හිතන්න දෙයක් ඉතුරු කරලා තියලා. ඇත්තටම කවුද මේක එව්වේ ? බොසා ද ? ඇයි මේක එව්වේ ? අපිට මේ මොකවත් තේරුම් ගන්න බෑ. වත් අක්කට යතුරු පුවරුව හැරවෙන හැරවෙන අතට තමයි කතාව ගලාගෙන යන්නේ. ඒ නිසා මේ සියල්ලටම ඉඩ දීලා අපි බලාගෙන ඉන්නවා.

ආහ් අර පොතේ කතාව තියෙන ෆිල්ම් එකක් බැලුවා මම් පොඩි කාලේ. පොඩි කාලේ නිසා කතාව තේරුනේ නෑ. පොඩි කාලේ කියලා කිව්වේ සාමාන්‍ය පෙළ කරන්න අවුරුද්දකට දෙකකට විතර උඩදි.

කතන්දර Kathandara said...

පොත් එවන්නේ අර රට ඉන්න අයිය නේද?

සොඳුරු සිත said...

@කතන්දර Kathandara
ඔවු... මට පොත් එවුවෙ නම් ,රට ඉන්න ඒ අයිය තමයි.ඒත් සංජු ට පොත් එවුවෙ කවුද කියල ඊළඟ කොටසින් තමයි කියන්නේ....

සොඳුරු සිත said...

@සිතුවිලි නිහඬයි
ඔවු. ඒ සර් වෙන්න පුලුවන්. ඇයි ඉතින් , එයාටත් මේයා පොත් යවල තියෙනව නෙ... ස්තූථියි සිනි...

සොඳුරු සිත said...

@හසී
ඔවු ..අනුන්ගෙ ලියුම් කියවන්න හොඳ නැහැ. ඒ වගේ ලියුම් වගේ හිතකට කතා කරන තවත් දෙයක් ඇත්තෙත් නැහැ.

හෙට ලියන්නම් කො පැණි බේරෙන ලියුමෙ තිබ්බ දේවල්...ස්තූතියි හසී ...

සොඳුරු සිත said...

මධුරංග
සා/පෙළ කරන්න අවු.2කට කලින් , හොඳ පොඩි....ඒ කතාව හරිම ලස්සනයි. ඒකෙ තියෙන්නෙ මෙන්න මෙහෙම කතාවක්....

සැමියා හැර ගිය මැදිවියේ ලස්සන කාන්තාවක් ඉන්නව , පුවත්පත් තීරු ලිපි ලියන්නියක් එයා.(තෙරේසා තමයි මතක හැටියට නම් නම )එයාට පොඩි පුතෙකුත් ඉන්නවා.

දවසක් එයා ව්‍යායාම කරන්න වෙරළෙ යන කොට , එයාට හමුවෙනවා , බෝතලයක් ඇතුලෙ දාපු ලිපියක්.ඒ ලියුම ලියල තියෙන්නේ , සැමියෙක් එයාගෙන් දුර ගියපු වයිෆ් ගැන. හරිම රසවත් වගේම සෙනෙහස පිරුණ ලියුමක් ඒක.

ඉතින් තෙරේසා , ඒ ලිපියට කොයි තරම් වශී වෙනව කියනව නම් , ඒ ලිපිය ටිකක් විතර වෙනස් කරල , ඇය වැඩ කරන පත්තරේ තීරු ලිපියක් විදිහට පල කරනවා. නොසිතූ විදිහට ඒ තීරු ලිපිය ජනප්‍රිය වෙනවා. ඒ වගේම , ඒ තීරු ලිපිය ගැන මේ ලේඛිකාවට ලැබෙන රසික ලිපි නිසා ඇය තව තවත් පුදුම වෙනවා.ඒ මොකද කියනව නම්, ඒ වගේ බෝතල් වල දාපු ලිපි , ඒ වගේ ආමන්ත්‍රණය කරපු ලිපි ගැන තව තව ආංරචි ලැබෙනවා.

ඇය මේ ගැන සෙවුවම , ඇයට දැන ගන්න ලැබෙනවා , මේ ලිපි හැම එකක්ම එකම කෙනෙක් ලියපු බව.

ඒ ලියපු කෙනා කවුරු වුනත් , හරිම ආදරණීය සංවේදී හදවතක් ඇති කෙනෙක් බව ඇයට වැටහෙනවා...

ADK කොලුවා said...

ඔය ඉතින්.. කවුද එව්වේ කියල ඉවර කොරානම් මක් වෙනවද?? එහෙම උනානම් අපිටත් තිබුන පොඩි ෆැන්ටසියක් ගොඩනගාගන්න.. හිකි. හිකි.. අගෙයි.. අගෙයි...

Observer said...

"නවයුගය" සඟරාවක් හැටියට ආවේ අපි පොඩි කාලෙනේ (1960-70 කාලෙ) මේක මොන යුගයෙ කතන්දරයක්ද?

කිඩෝ said...

හා හා මිස්ට හොර ලියුමක් ඇවිල්ලා.... හි හි

සොඳුරු සිත said...

ඉතින් ඇය , නොසිතූ විදිහට ඒ සුන්දර මනුස්සයව සොයා ගෙන යනවා.

ඒ සොඳුරු මනුස්සය ජීවත් වෙන්නේ ඒ වගේම සොඳුරු වෙරළ තීරයක් අසබඩ, ඔහුගේ ආදරණීය බෙටර් හාෆ් හෙවත් නෝන මහත්තයා මිය ගිහින්. ඒ දුක නැති කර ගන්න තමයි , එයා එහෙම බෝතල් වලට ලියුම් ලියල දාලා මුහුදෙ පා කරල යවන්නේ.යාගෙ නම ගැරට්. මැරුණ නෝනගෙ නම කැතරින්.

ඉතින් කොහොම හරි ගැරට් සහ තෙරේසා ආදරයෙන් වෙලෙනවා. අන්තිමට ගැරට් දැන ගන්නවා , තෙරේසා තමන්ව හොයන ආවේ අර ලියුම් නිසා කියලා. තෙරේසා ගැව තිබිල ගැරට්ට හමුවෙනවා ඒ ලියුම්...හැබැයි වැඩේ කියන්නේ. යින් එක ලියුමක් ලියල තියෙන්නෙ ගැරට් නෙමෙයි. ගැරට්ගෙ නෝන හෙවත් කැතරින් , ඇය මැරෙන්න කලින් ලියල , බෝතලයක දාලා පා කරපු ලියුමක් තමයි ඒ.

තෙරේසා හිතුවෙ ඒ ලියුමත් ලීවේ ගැරට් කියලයි. ...අන්තිමට ගැරට් හරියට දුක් වෙනවා , කැතරින් ලියපු අන්තිම ලිපිය කියවල.

තෙරේසයි , ගැරටුයි වෙන් වුනත්, ඒ හිත් වල ආදරය රැදිල තියෙනවා.ඉතින් ගැරට් හිත හදා ගෙන , කැතරින්ගෙ ඔක්කම මතක මුහුදෙම පා කරල අරිනවා. ඔහු හිතනවා අලුතින් ජීවිතය පටන් ගන්න තෙරේසත් එක්ක.

ගැරට් තෙරේසට ලියුමක් ලියනවා , අලුත් ජීවිතයක් පටන් ගමු කියලා. උාහ් අමතක වුනා . ගැරට් මුහුදු යන්නෙක්. ගැරට් හදනව ලස්සන රුවල් බෝට්ටුවක්. ඒකෙ නම “ කැතරින්“

ඉතින් අර ලියුම තෙරෙසට ලියල ලියල තියල , ගැරට් යනවා කැතරින්ට ලියපු අන්තිම ලියුම මුහුදට දාන්න. ඒ මුහුදු ගමනෙ දි ගැරට්ට සිද්ද වෙනවා , මුහුදෙ සැඩ කුණාටුවකට මුහුණ දීපු පුංචි පවුලක් බේර ගන්න. ඒ පවුලෙ තාත්තවයි .දරුවවයි බේර ගත්තත් , ගැහැණු කෙනාව බේර ගන්න ගියපු ගැරට් .ආයෙ කවදාවත් මෙලොවට එන්නෙ නැහැ.

ගැරට් ගේ මරණය දැන ගෙන හි එන තෙරේසා , තෙරේසට ගැරට් ලියපු ලියුම කියවල කඳුළු වලින් ඇස් පුරෝ ගන්නව...

ඒ කතාවෙ ලස්සන තියෙන්නෙ , ලියපු ලියුම් වල තියෙන වචන වල...

අපූරු කතාවක්......

සොඳුරු සිත said...

@Observer
හනේ හනේ..... “ නවයුගය“ ඒ කාලෙත් තිබ්බ. දැනුත් තියනවා ...කියවන්න බොහෝ දේ තියන වටිනා සඟරාවක්. තැපෑලෙන් ගෙදරටම ගෙන්න ගන්න පුලුවන්.

දැන් නම් රු.30ක් වගෙයි මතක....

සොඳුරු සිත said...

@ADK කොලුවා
මම නොකීවට , ඔයාල දන්නව නේ , කවුද පාර්සලය එවුවෙ කියලා... වෙන කවුද ඉතින්, එයාම තමයි ....

හෙහ් හෙහ් හේ.... ස්තූථියි ADK කොලුවා

සොඳුරු සිත said...

@කිඩෝ
හොර .... මොන හොර ද? ලියුම ආවේ මිස්ට ....

කිඩෝ ..ඔයත් ඒ ටීචර්ගෙ පන්තියෙ ඉන්න දඟ ළමයෙක් වගේමයි ...

Dinesh said...

මට පේන්නේ බොසා පොතක් පෙරලන්නයි වගේ යන්නේ.. අනේ අක්කේ කම්මැලියි කියලා නවත්තන්නනම් එපා.. ඉවර වෙනකම් ලියන්න..

Angel without wings said...

ලියන්න ලියන්න... දිග වැඩි උනාට කමක් නෑ quality එක හොඳ නං...

බලමුකො ලියුමෙ මොනාද තියෙන්නෙ කියල....

sameerausa said...

දිගටම ලියන්න

නචියා said...

ටික දවසකින් කියවන්න බැරි උණා. එක දිගට බලාගෙන ගියා පෝස්ට් පහක්ම කමෙන්ට් කරන්නෙත් නැතිව.

දිග වැඩි උනාට කමක් නෑ. ලියන්න. ඉතුරු ටිකත් කියවන්න බලාගෙන ඉන්නවා.

පන්සල් හංදිය said...
This comment has been removed by the author.
පන්සල් හංදිය said...

මේ කෑල්ල කියවන්න කම්මැලි පෝස්ට් එකක් .......
බලමු ඊගාව එක ......

ප්‍රාර්ථනා said...

අනේ..අනේ..

Post a Comment

සිතක් ‍සොඳුරු වන තරමට අදහස් බොහෝ දැවටෙනු ඇත. නුඹේ සොඳුරු සිතේ අදහස් වචන කර යන නුඹට මගේ ස්තූතිය..... කියවූ ඔබටත් ස්තූතියි.

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...