..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

Saturday, June 11, 2011

෴ ඉරණම්කාරි ෴ 02

ඉරණම්කාරී එක කොටස මෙතනින්  . . .

පුංචි එකා කට අයාන , තමා දෙස බලා සිටිනු දුටු ඇයට පහල වූ සිනාව දොරේ ගලන්නට වැඩි වේලාවක් ගත නොවීය.
 
“ පුතා !!! කාවද සොයන්නේ  ?. . .  “
 
සිහනහව අතරින් ඇය පවසද්දි , පුංචි එකා හිස ඇල කර ඇය දෙස බලමින් “ කෝ තාත්ති , ඔයා කවුද ආන්ටි “

“ ඉතින් . . .  මෙහාට එන්න කො  . . .! ! ! “

ගුරුවරියකට කීකරු වන සුවච දරුවෙකු මෙන් පුංචි පුතා , ඇය කරා ඇදී ආවේ , කාන්දමට හසුවූ ඉදිකට්ටක් පරිද්දෙනි. ඇය තමා ළඟට පැමිණි  පුංචි දරුවාගේ අවුල් වූ හිස කෙස් සෙනෙහසින් පිරිමදින්නට වුයේ ඔහු තව තවත් තමා ආසන්නයට කිට්ටු කර ගිනිමිනි. උණුසුමට තුරුල් වන පුංචි පූස් පැටියකු මෙන් පුංචි දරුවාද ඇයට තව තවත් ගුලි වූයේ , තම සිරුරේ මුළු බරම ඇය ගේ ශරීරයට දෙමිනි.

“ පුතා බත් කාල ද පැටියෝ “ ඇය සෙනෙහසින් විමසන්නට විය. ඇයට ද කුසගින්නක් දැනෙන්නට වූයේන් තමා තවමත් දිවා ආහාරය නොගත් බව සිහිවිය.

නැහැ ...... තවම කෑවේ නැහැ. ගෙදර ගියහම කනවා

මේ වයසේ පුංචි දරුවන් , බත් කෑමට හොර බව ඇය දන්නේ ඇගේ සහෝදරියගේ දියණිය ද මේ වයසේම පසුවන්නියක නිසාය.

“ පුතා ආව එක හොඳයි. ආන්ටි හිටියෙ තනියම බත් කන්න විදිහක් නැතිව. පුතා අද මාත් එක්ක බත් කමු ....“

“ අනේ  . . . මගෙ බන්ඩි ෆුල්.. .මේ බලන්න. තාත්තිත් බනීවි දන්නෙ නැති අයගෙන් බත් කෑවා කියල “

ප්‍රධානියාගේ පුත්‍රයා බව පසක් කරමින් ම, සුපුරුදු ආඩම්බරකම පෑමට පොඩි එකා ද සැදී පැහැදී සිටියේය.

“ අනේ පුතා . .ආන්ටිට බඩගිනි. ආන්ටි බත් කන ගමන් පුතාටත් එකම එක බත් කටක් කවන්නම් “

“ ආහ් . . . හෙනම් ෂෝක් . “

“ කොහෙද පැටියෝ අත සොදන්න තියෙන්නේ “

පොඩිත්තාගේ මඟ පෙන්වීම මත , අත් සෝදා ගත් ඔවුන් දෙදෙනා , දිවා ආහාරය ගැනීමට හරිබරි ගැහුනා පමණි. පොඩිත්තා දුව ගොස් ප්‍රධානියාගේ ඉදිරිපිට වූ පුටුවට නැඟ , ප්‍රධානියාගේ මේසය මතට ගොඩවී වාඩි වූයේ , ඔහු ඒ සිරිත සැමදා කරන බවට සාක්ෂි සපයමිනි.

“ හොඳ ළමය වගේ ඔතනින් බහින්න දරුවෝ. “



“ බැහැ බැහැ  . . මම මෙතනමයි ඉන්නේ. බහින්නෙ නැහැමයි“ කුඩා චන්ඩියා තම අණසක පැතුරුවේ ප්‍රධානියාගේ කාමරය දෙවනත් කරමිනි. කාමරය තුල සිදුවන කිසිවක සද්දය පිටතට නොආසෙන බව ඇය සැක හැර දැන ගත්තේ , වසා ඇති තිර ආවරණ මදක් ඈත් කර වීදුරු අතරින් පිටත බැලීමෙනි. බොහෝ දෙනා දිවා ආහාරයට ගොස් සිටි අතර , ඉතිරි කිහිප දෙනා සතුටු සාමිච්චියේ යෙදී සිටින බව පෙනෙන්නට තිබුනි. ඇතැම් විටක ඔවුන්ගේ මාතෘකා අතරට , අද අලුතින්ම කාර්යාලයට පැමිණි තමාව ද ඉල්ලක විය හැකි බව ඇයට සිතුනි.

උදෑසනය ම පිසින ලද බත් සහ ව්‍යාංජන එක් කර සාදා ගත් පාර්සලය පමා වී වුවද නරක් වී නොතිබුනේ කෙසෙල් කොලයක ඔතන ලද නිසා වන්නට ඇත.

“ අනේ . . .මයෙ හොඳ දරුව වගේ මෙතනට න්න පුතේ බත් කටක් කන්න “

“ බැහැ . . . බැහැ  . . .  බැහැමයි “

පුංචි දඟකාරයාගේ මුරණ්ඩුකම ඉතා තදින් ම බලපැවැත්වුන හෙයින් , ඇය පදමට ව්‍යාංජන සහ බත් අනා සාදා ගත් බත් ගුලියද ගෙන පොඩිත්තා වෙතට ළං වූවාය. බත් ගිලිය දුටු පමණින් , ඔහු කට ඇරියේ , ඇගේ සිත කිරී ගස්සමිනි.

මේසයෙන් පහලට දමා ගත් කකුල් දෙක සොලවමින් බත් කට රසකරමින් කන්නට වූ පොඩිත්තා දෙස ඇය බලා සිටියේ අප්‍රමාණ වූ සෙනෙහසිනි.

ඇය දෙස බලා සිනසුන ඔහු ඇගේ සිරුරට මුවා වී තිබූ බත් පාර්සලය දෙස නැමී බලන්නට වූයේ තවත් බත් කටක් ඉල්ලීමට මෙනි.

“ රසයි ද පුතා ? “

“ ඔවු . . . .  සුවඳයි . . රසාසාසාසාසායි . . . . .  .“

ඇය තවත් බත් කටක් අනා පොඩිත්තා වෙත ගෙන ඒමට හදත්ම එකවර විවර වූ දොරේ සද්දයත් , ප්‍රධානියාගේ හඬත් නිසා ගැස්සී ගිය ඇගේ අතින් බත් පිඬ බිමට වැටී සි සී කඩ යන්නට විය. බත් පිඩ විසිරී යන මග දිග ඔස්සේ දිව ගිය ඇගේ දෙනෙත නතර වූයේ , ප්‍රධානියාගේ දිලිසෙන සපත්තු දෙක ළඟයි.

ඇගේ සිත බියෙන් ගැහෙන්නට විය. . . .

බත් පිඬ විසුරුවේ නොසිතා අත පසු වී
මා හදවත නුඹ බින්ඳේ  ඇයි මුසපත් වී




෴ මතු සම්බන්ධයි ෴


සමාව අයදින දෑසින් , නුඹ දෙස බලන
මම
෴ සොඳුරු සිත ෴

26 ප්‍රතිචාර:

Observer said...

හොඳය් වගේ කතාව, ඊ ලඟට වෙන්නෙ මොකද කියල බලාගෙන ඉන්නෙ දැන්....

StArry aNgeL said...

යකෙක් වගේ ඇඟට කඩාගෙන පනිද දන්නේ නෑ......

සාතන් said...

"කෑම කන්න ‍වෙනම රූම් එකක් තියෙනව නේද?... මෙතන කෑම කන තැනක් නෙමෙයි.." - ආයතන ප්‍රධානී -

හසී said...

හ්ම්ම්.. ලස්සන කතාවක් :)

- නිල් අහස - said...

ලාවට..ලාවට හිතා ගන්න පුලුවන් මොනා වෙයිද කියලා.
ඉතුරු ටිකත් ලියමුකෝ බලන්න.

කතන්දර Kathandara said...

මෙගා වගෙයි නේද නගෝ?

කල්හාර දිසානායක said...

අයියෝ හොඳම තැනින් නවත්තලානේ ........
බොසා මොනා කියයිද .........

කිඩෝ said...

හයියෝ වත් අක්කේ හැලුවා නේද බත් එකක් :D

හා පැටික්කි (MS) said...

හානේ...... පළවෙනි දවසෙම කරපු වැඩේ.......

මෙතන කන තැනක්ද මිස් වත්.........

ලස්සනයි ඉක්මනට ඉතිරිය.... :)

Ravi said...

" හුහ්, මෙතන නාඩගම් පොලක් කියලය හිතුවෙ? පුතා මම කියල තියනව නේද මගෙ මේසෙ උඩට නගින්ඩ එපාය කියල, දුවනව යන්ඩ එළියට "

බිරුසන් දුන් ප්‍රධානියා ගේ හඬට බියවූ පොඩි එකා හඬාගෙන එළියටම දිව ගියේය.

කිසිවක් කරකියා ගත නොහී බියෙන් තැතිගත් ඇගේ දෙනෙතට කඳුලු ඉනුයේ නිරායාසයෙනි.

ඇය දෙස යටැසින් බලමින් මේසය වෙත ගිය ඔහු පොඩි එකා හුන් ලෙසම මේසය මත හිඳ ගත්තේය.

" හ්ම්, අඬන්ඩ පුලුවන් පස්සෙ, බත් කටක් අනල කැව්වොත් අපිත් නොකා ඉන්නෙ නැහැ, පුතා මොකද තාත්ත මොකද? මොකද නෝන මහත්තය කියන්නෙ?මගෙ සහයටනෙ එවල තියෙන්නෙ, බත් කවන එකත් සහයක් තමයි......හෙහ්, හෙහ්,...."

ඔහු හඬ නගා සිනාසෙද්දී ඇය ඔහු දෙස බලා සිටියේ දෙසවන් අදහා ගත නොහැකි පරිද්දෙනි.

Dinesh said...

හරිම අපුරුවට ඇරබුන කතාවක් අක්කේ.. ඊළගට මොනවා වෙයිද කියලා දැනගන්න ආසාවෙන් ඉන්නේ..

හිස් අහස said...

"කෙල්ලේ උඹ මගේ කොල්ලට බත් කවලා මෙතන ප්‍රමෝෂන් ගන්නද හදන්නේ ? මගේ කොන්ඩේ ටිකක් වැඩිය තිබුනාට මම කොන්ඩේ බැඳලා නෑ හරිය !..මම ඔයවගේ කෙල්ලෝ අඳුරන්නේ මොන්ටිසෝරි යන කාලේ ඉඳන්ම .. ඇහිඳපිය මේ එක බත් ඇටයක් ගානේ ..."

කවුද දන්නේ ඒවාගේ ඒකාධිපති බොසෙක්ද ඉන්නේ කියලා ..

කතාව ලස්සනයි ඒක හින්දා නිකං අපිටත් ඊලඟට වෙන ටික හිතට එනවා .ඒකයි ඒක මෙතන ලියලා දැම්මේ ..

Ravi said...

" මොකද මේ මෙතන වෙන්නෙ?, පුතා මම කියල තියනව නේද මගෙ මේසෙ උඩට නගින්ඩ එපාය කියල, දුවනව යන්ඩ එළියට "

ඔහුගේ කෑගැසීමට බියපත් වූ ඇගේ දෙනෙතට කඳුලු ඉනූයේ නිරායාසයෙනි.

තාත්තාගේ කෑගැසීම ගණනකටවත් නොගත් පොඩි එකා කකුල් පැද්දීම නතර නොකරම මෙසේ කීවේය.

" තාත්ති මොකටද බොරුවට කෑ ගහන්නෙ? තාත්තිටත් බඩගිනියි කිව්ව නම් ආන්ටි ඔයාටත් බත් කවයිනෙ, නේද ආන්ටි?"

සවන් අදහාගත නොහුණු ලෙස ප්‍රධානියා ඇරුණු මුවින් සහ රතුවී ගිය වතින් යුතුව පුතා දෙසත් ඈ දෙසත් මාරුවෙන් මාරුවට බලනු දුටු ඇගේ කඳුලු අතරින් නිරායාසයෙන් එලියට පැන්නේ සිනාවකි.

ඒ සමඟම ඈ වමතින් මුව වසා ගත්තේ වරදක් කලේ යයි නිතැනින්ම සිතුනු බැවිනි.

" මොකෝ තාත්ති බය වෙලා වගෙ? ආන්ටි අපි තුන් දෙනාටම ඇති වෙන්න බත් ගෙනල්ල තියෙන්නෙ, නේද ආන්ටි?"

එවරනම් ඇගේ සිනහව එළියට පැන්නේ වැලැක්වීමට ඈ කිසිදු උත්සාහයක් නොගත් බැවිනි.

" පුතා......" තවත් යමක් කීමට ගිය ඔහු ඈ දෙස එක් වරක් හැරී බලා තවමත් රතු වූ වතින් යුතුව සෙමින් දොර වසා කාමරයෙන් පිට විය.

" තාත්තිට බඩගිනි නැතුව ඇති, ඒකයි අර යන්ඩ ගියේ, ඒත් බඩගිනි නැත්නම් මොකද අර ඉස්සෙල්ල කෑගැහුවෙ?" පොඩිත්තා කකුල් පද්දමින් තමාටම කිය ගත්තේය.

දරු සෙනෙහසින් ඔද වැඩීගිය ඈ දකුණතේ ඉඳුල් නොතැවරෙන පරිදි ඔහුගේ ගෙල වටා අතක් යවා තුරුලු කොට ගෙන නලල කීප වරක් සිප ගත්තාය.

දුමී said...

හෆොයි, ඒ බත් එකේ විස්තරේට මටත් බඩ ගිනි උනානේ බොලේ.... කොහෙද මේ ගොල්ලොත් එක්ක මේක කරන්න බෑනෙ. අරෙහෙන් මාරයා.... මෙහෙන් වත්.... ඇපටයිට් එක වැඩි කරලා අපිව තව මහත් කරන්න හදනවා...


කතාව නම් නියමයි. ඔය කියන සෙනෙහස දකින්න පුළුවන් වෙන්නෙ ගොඩක් වෙලාවට අම්මා කෙනෙකුගෙන් විතරයි.....

සොඳුරු සිත said...

ඉරණම්කාරී ඊළඟ කොටසට (3)
http://sodurusitha.blogspot.com/2011/06/3.html

සොඳුරු සිත said...

දුමී@දුමී අයියව බ්ලොග් එකට ගෙන්න ගන්න ඕනි නම් , කරන්න තියෙන හොඳම වැඩේ මං දන්නව, කෑමක් කොහෙන් හරි ගෑවුන කතාවක් ලිව ගමන් , මෙන්න දුමී එතන....

හිහි .......කෑම සුවඳ දැනෙන ඉක්මන...

සොඳුරු සිත said...

@ Ravi
මනමාල බොසා , පොඩි එකා පන්නමින් ,කකුලක් පද්දමින් , මේසයේ වාඩි වී ඇගෙන් ඉල්ලන බත් කට....
“ අනෙ අම්මප , මෙහෙත් කුලප්පුවක් “ ඇගේ සිතට ආ සිතුවිල්ල ඇය සිරකර ගත්තාය.
පොඩිත්තාට කැවීමට අනා ගත් බත් පිඩ බිම හැලුනි. යහමින් තවත් බත් කටක් අනා ගත් ඇය , බොසා ළඟට කිට්ටු විය.
ඔහු මුව විවර කළේ , උතුරු පිටාර යන මනමාල වන්නමේ ඊළඟ තාලයට මාරු වෙමිනි.
“ ඉඳා කාපන් ,“
ඇය බත් පිඩ , ඔහුගේ මුහුණ පුරා ගෑවෙන ලෙස කැවුවාය. කැවුවා නෙව, ඇතුල්ලුවාය....
තෘප්තිමත් සිනාවක් ඇගේ වතේ ඇඳි තිබුනි.ඉඳුල් අතින්ම අත් බෑගය ගත් ඇය, වැසුනු දොරින් නොපෙනී යනු ඔහු බලා සිටියේ , විමතිය රැඳි දෑසිනි...
පුදුම කෙල්ලක් ...ඔය ගියාට හෙට එයි.ඔහුට සිතුනි...

එදා සිට තවමත් ඔහු තවමත් ඇය එන තෙක් බලා සිටියි...

සොඳුරු සිත said...

@Ravi
දඟකාර සුරතලාගේ පියාට ........

දඟයා ළඟට ලං වු ඇය, දඟයාගේ කණ අල්ලා සිමින් මිරිකුවාය.

“ ඌයි ...“

ලැජ්ජාවෙන් රතු වූ , ප්‍රධානියාගේ කම්මුල් මතක් වූ ඇයට සිතුනේ, මෙහෙමත් ලැජ්ජා වන ප්‍රධානියෙක් , මෙවැනි සුරතල් දඟයකුගේ හිමිකාරයෙක් වුනේ කෙසේ ද යන්නයි....

සොඳුරු සිත said...

Observer
මගේ නිවහනට සාදාරයෙන්, ආදරයෙන් පිළිගන්නව.ස්තූතියි කමෙන්ටුවට. රංග ලියන මගේ ලෝකය තුල කරක්ගහන නුඹ වැනි තරුණයෙකු (හදවතින් ) පැමිණිම අගේ කරනව..ස්තූථියි නැවතත්...

සොඳුරු සිත said...

@ StArry aNgeL
හැම පිරිමියෙක් ම යකෙක් තමයි, හැම ගැහැණියක්ම යකින්නියක් තමයි..... ස්තූතියි ඒවග මතක් කලාට හෙ හේ ස්තූථියි ඒන්ජල්...

සොඳුරු සිත said...

@සාතන්
ප්‍රධානියා එහෙම කීවට...තව ටික දවසකින් කියාවි මෙහෙම.

“ කොහෙ ද යන්නෙ ළමයෝ...පිස්සු නැතිව මෙහෙ ඉදන් කන්න “

ස්තූතියි සාතන් ........

සොඳුරු සිත said...

හසී
ස්තූතියි පුංචි හසී....

සොඳුරු සිත said...

- නිල් අහස -
හෙ හේ........ නිල් අහස වුනාම.මුලු ලෝකෙම පේනව..ඒ නිසා වෙන්න යන දේ හිතා ගන්න නිල් අහසට පුලුවන්..ස්තූථියි ...

මධුරංග said...

කතාව ගොඩක් ලස්සනයි. ඉක්මනටම ඉතුරු කොටසත් කියවලා එන්නම්.

ප්‍රාර්ථනා said...

අයි අයියෝ...:/

sajith indika said...

Hmm.. Aulak na wade...

Post a Comment

සිතක් ‍සොඳුරු වන තරමට අදහස් බොහෝ දැවටෙනු ඇත. නුඹේ සොඳුරු සිතේ අදහස් වචන කර යන නුඹට මගේ ස්තූතිය..... කියවූ ඔබටත් ස්තූතියි.

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...