..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

මෙහි ලියැවෙන දෑ.............

"Art is something that lies in the slender margin between the real and the unreal."සාහිත්‍ය වනාහි සත්‍යයත් කල්පිතයත් අතර පිහිටි අනියත ප්‍රදේශයකට අයත් වේ.(Chikamatsu Monzaemon)

Friday, June 10, 2011

෴ ඉරණම්කාරී ෴ (01)

ඇය සුපුරුදු පරිදි නියමිත වේලාවටත් කලියෙන් කාර්යාලයට පැමිණ තිබුනි. කාර්යාල නිලධාරීන් බහුතරයක් ඒවන විට ද කාර්යාලයට පැමිණ සිටිනු ඇයට දැක ගත හැකි විය. කාර්යාලයේ ප්‍රධානියා තවමත් පැමිණ නොසිටිය ද ආයතනයේ මනාකළමණාකරණයකින් යුතු වූ බවට සාධක බැලු බැලු අත පෙනෙන්නට තිබුනි.

“ මිස් අතනින් වාඩි වෙලා ඉන්න , මං සර් ආවම කතා කරන්නම් “

ප්‍රධානියාගේ සහයක යැයි සිතිය හැකි තරුණයකු ඉතා සුහදශිලීව පැවසුවේ , අසුන් ගැනීමට ආසනයක් ද පෙන්වමිනි.
කඩිගුලක් ඇවිසුන සේ එකවරම ක්‍රියාකාරි වූ මිනිසුන් හා ඝෝෂාව ඇගේ නිසංසල කල්පනා දැහැනට බාධකයක් නොවිනි. නමුදු හිටි වනම ඇය ඉදිරියේ පෙනී සිටි පෙර කී තරුණයා “ මිස් සර් මිස්ට කැබින් කට එන්න කීවා “ යැයි පසන විටම ඇය නැඟී සිටිය ද යා යුතු ඉසවුව නොදැන ඇය ඔහු දෙසම බලා සිටින්නට විය. ඇගේ සිතුවිලි තේරුම් ගත් තරුණයා. “ මේ පැත්තෙන් එන්න මිස් “ යැයි පවසමින් ගමන් කරන්නට විය. ඔහු පසු පසින් වැටුන ඇය නැවතුනේ සිසිල් වාතාශ්‍රය සහිත කුඩා නමුදු හුරුබුහුටි කුටියකටයි.

“ කසුන් යන්න , මං පස්සෙ කතා කරන්නම් “

කුඩා කාමරයේ වු විශාල මේසයේ අයිතිකරු ගේ ගැඹුරු හඬ මෙහි ප්‍රධානියා තමන් බව හැඟවීමට අවශ්‍ය පරිදි සැකසි තිබුනා වැනිය. වැඩබාර ගැනීමට පැමිණෙන ලෙස දන්වා තිබු ලිපිය ද අතට ගත් ඇය , ඔහු ඉදිරියේ සිට ගෙන ඔහු මේසයේ අලවා ඇති මුහුණ ඔසවන තෙක් බලා සිටිය ද , ඔහු තම දකුණු අත ඔහුට ඉදිරියේ වූ ආසනයට දිගු කර අසුන් ගන්නා ලෙස සන් කලේ , මේසය මත වූ ෆයිල් ගොඩේ අලවා තිබූ දෑස් ඉන් ඉවතට නොගනිමිනි.ඔහුගේ වමත රැදි පෑන , කොළ අතර දිව ගියේ ද තැනින් තැන වත් ගිමන් හරින්නට ඉඩක් නොතබාය.

ඇය සුවපහසු ආසනයේ අසුන් ගත්තේ අපහසු වෙනි. තමා ඉදිරියේ සිටින ආගන්තුකයාට ගරු නොකරන, ආඩම්බරකාර ආයතන ප්‍රධානියා ගැන ඇයට ඇති වූයේ තදබල කලකිරීමකි. මොහු සමඟ දවසේ දහවල් කාලයේ පැය අටක් ගත කළ හැකි ද යන්න ඇයගේ සිතට පැමිණි පළමු පැනයයි.

තවමත් ලිපි ගොනු තුල දුවන නැමුන හිස දෙස ඇය බලා සිටින්නට විය. සරල හැඩයකට , ඉතා පිළිවලකට කපා තිබු ඔහුගේ හිස කෙස් , තද කළු පැහැයෙන් දිලිසෙන්නට වුවත් , ඒ අතර තිබූ සුදු වූ කෙස් ගස් දෙක තුනක් කෙරේ ඇගේ ඇස යොමු විය. සිහින් නිල් පැහැති හරස් ඉරි වැටුන අත් දිග කමීසය, එයටම ගැලපෙන ටයි පටිය කෙරේ ඇගේ දෑස් යොමු වෙත්ම ඉතාම ක්ෂණයෙන් හිස එසවූ ඔහුගේ දෑසට ඇගේ දෑස හසුවූයේ සෙරක ග්‍රහණය කර ගැනීමට මාන බලමින් සිටියකු සේය.

ඇය තරමක් තැති ගත් නුමුදු , ඇගේ දෑස් ඔහුගේ දෑසින් මුදවා ගැනීමට ඇයට නොහැකි විය. ඔහු ද පසු වූයේ ඊට නොදෙවෙනි අයුරිනි. ඔහු ප්‍රධානියාය. මොහොතකින් සිහිඑළඹ ගත් ඇය, තම අත තිබු ලිපිය ක්ෂණයෙන් ඔහු වෙත දිගු කළේ ගරුසරුවක් නැති ලෙසින් දෝයි ඇයට පසුව සිතුනි.
 
ඇය දෙස බලාගෙනම ලිපිය අතට ගත් ඔහු ගේ මුවින් නැගුනේ ප්‍රීතිමත් මද සිනාවක් ද නැතිනම් ආඩම්බර කාර උපහාසාත්මක සිනාවක් දැයි ඇයට නොතේරුනි.

“ ආහා . . . . . .එහෙනම් ඔයයි මගේ වැඩ පහසු කරන්න එවපු නෝන මහත්තයා “

“ මම මේ . . .  ඇසිස්ටන් ...“

“ හරි හරි.. ... අර තියෙන්නේ ඔයාගේ පුටුවයි මේසයයි. පහසු කිරීම කෙසේ වෙතත් , මගේ වැඩ අවුල් නොකර ඉන්නව නම් ලොකු උදවුවක්“

එපමණක් පමණක් පැවසූ ඔහු , නැවතත් ලිපිගොනුවේ දෑස් අලවා ගත්තේය.  වුන් අසුනින් නැඟිට ගත් ඇය, ඔහු පෙන්වූ කුඩා මේසය සහ පුටුව අසලට ගියේ , කලකිරුණ සිතිනි.

ඔහුගේ කුඩා කාමරයට ඇතුලුවන ස්ථානයේම දොරකඩ අසල වූ ඒ කුඩා මේසය මත ,  එල්සීඩී මොනිටරයක් සහ ප්‍රින්ටරයක් එක් පසක ද , බොහෝ කලකින් අත්පහසක් නොවිදි රතු පැහැති රෝස මලක් බහා ලන ලද කුඩා මල් වාසයක් අනිත් පස ද විය.

කැරකෙන රෝද සහිත පරිගණක පුටුව මත හිද ගත් ඇය , ඇගේ අත් බෑගය කුඩා මේසය මත තබා නැවතත් හැරී පිටුපස බැලුවේ ලොකු හුස්මක් ඉහලට ඇද ගනිමිනි. ඉහලට ඇද ගත් හුස්ම පහළ දැමීමට නොහැකි වූයේ, ප්‍රධානියා ගේ දෙනෙත තමා දෙසට යොමු වී ඇති බව දැක ගන්නට ලැබීමෙනි.

උන් අසුනින් නැගිට ගත් ඔහු සෙමින් ඇය වෙත පැමිණියෙන් ඇය ද නැගී සිටින්නට සිතුවා පමණි.

“ හා හා නැගිටින්න ඕනි නැහැ. ඔය ඔතන දෙවෙනි ලාච්චුවෙ ඇති වාර්තා වගයක්. තවම ඒවා ක්ලියර් කරල නැහැ. බලන්න පොඩ්ඩක් තමන්ටවත් පුලුවන් ද කියල කම්ප්ලීට් කරන්න. මං දැන් යනවා කන්ෆරන්ස් එකකට. කොල්ස් ආවොත් කියන්න දෙකෙන් පස්සේ කතා කරන්න කියලා. තමන්ට ඕනි නම් ඔය කම්පියුටරය යූස් කරන්න පුලුවන්. හැබැයි නිකම් රස්තියාදු ගහල තිබ්බොත් , තමන් ගැන මට තීරණයක් ගන්න වෙයි. “ යැයි පැවසූ ඔහු අවසන් වදන් පවසනවාත් සමඟම ඇරුණ දොරින් නොපෙනී යන්නට ගියේය.

ලාච්චුවේ වූ ලිපිගොනු වාර්තා , ඔහු කීවු තරම් සංකීර්ණ නොවුනද, හරිම අපැහැදිලි තත්ත්වයේ තිබුනි. ඇය ඒ සියල්ල පිළිවලකට නිම කළේ සිතුවාටත් වඩා අඩු කාලයකිනි. ඇගේ පළමු රාජකාරි කාර්යය එතරම් පහසු වීම ගැන ඇය සතුටු වූ අතර  වැඩ නිම කළ  ඇය එම ලිපි මුද්‍රණය සඳහා යොමු කළ  ඇය , ඉඹා ගාතේ දුවන කර්සරය පුරුද්දට මෙන් ගිනි නරියා අයිකනය වෙත රැගෙන යද්දීම විවර වූ දොර අතරින් පැමිණියේ කුඩා  අමුත්තෙකි.

“ තාත්ති , ඔයා නරි නෝටි , අද මාව එක්කන් යන්න එනවා කීවට ආවේ නැහැ “

වයස අවුරුදු හයක පමණ හුරුබුහිටි කුඩා කොලු පැංචෙකු තම පැමිණිල්ල ඉදිරිපත් කරමින් ආවේ කාට නමුත් , වෙනදා නොදකින සොඳුරු රුවක් තම පියාගේ කාමරය තුල සිටිනු දැක්කේ , අයා ගත් මුව වසා ගත නොහැකිව ඇය දෙසම බලා සිටින්නට විය.

A Boss in Heaven is the best excuse for a boss on earth, therefore If God did exist, he would have to be abolished.


෴ මතු සම්බන්ධයි ෴


අලුත් රැකියාවේ පළමු දවස , ගත කරන
මම
෴ සොඳුරු සිත ෴

මෙන්න ඊළඟ කොටසට පාර

19 comments:

  1. ඉක්මනට කතාව දාන්න අක්කා.....ලස්සනයි

    ReplyDelete
  2. මේ කතාව නම් මමත් කියවයි වගේ....

    ReplyDelete
  3. අළුතින් රැකියාවට ගියේ මම වගේ දැනුනා අක්කණ්ඩි..... :)

    ReplyDelete
  4. අලුත් ජොබ් එක කරන්න අමාරු වෙන එකක් නෑ. සුභ පතනවා අලුත් ජොබ් එකට....
    ගිනි නරියා බලන්න යන එකනම් නොකර ඉන්න තිබුනේ. මොකද පළවෙනි දවසනේ.

    ReplyDelete
  5. ඕයේ.... අළුත් කථාවක්... ඉතුරු ටිකත් දාමුකො ඉක්මනට...

    ReplyDelete
  6. කතාවක් තියෙනවා නම් අපි එතන.
    ආසාවෙන් කියෙව්වා.

    බලමු නේද...කතා නායිකාවට මොකද වෙන්නේ කියලා.

    ReplyDelete
  7. ෂා......... නියමයි නේ වත් අක්කා ඔයාගේ කතාව. ඉක්මනට ඉතුරු කොටස් ටිකත් ලියන්න අක්කේ. මේ ඔයාගේ අත්දැකීමක් ද ? නැත්නම් කල්පිතයක් ද ?

    කොහොමත් සාහිත්‍යය කියලා කියන්නේ සෑබෑවයි කල්පිතයයි අතර දෙයක් ලු නේ.

    ReplyDelete
  8. If you have to write a story in instalments stop it at the point when the readers are dying to know what happens next.

    මේ කියමන නංගි ඔයානම් හරියටම පිළිපදිනව....හෙහ්, හෙහ්,

    දවසක් මටත් කිව්ව මතකද...." අයියා කතාවක් කෑලි කඩනවනම්, ප්‍රේක්ෂකයින්ගෙ කුතුහලය උපරිම වෙන තැනින් කතාව කඩන්න " කියල, කතා ලිවීමේ කලාව පිළිබඳව මට මෙතෙක් ලැබුනු හොඳම උපදේසය......හෙහ්, හෙහ්,

    හැබැයි ඒ වගේම මෙහෙම කියමනකුත් ඒ එක්කම තියනව අමතක කරන්න එපා, හොඳද?

    Stop a story at the point when the readers are dying to know what happens next, but continue the story ASAP because instead of dying they will loss interest in your story if you wait too long,

    ReplyDelete
  9. "ගිනි නරිය ඕපන් කර ඇඩ්‍රස් බාර් එකේ facebook.com ලෙස ටයිප් කර....."

    ඔහොම නම් කරන්න එපා අක්කෙ, කතාව එපිසෝඩ් 2ක 3න් ඉවර කරන්න වෙයි :D

    ReplyDelete
  10. ඉක්මනට ඉතුරු ටිකත් දාන්න. ගොඩාක් ලස්සනයි....

    ReplyDelete
  11. අප්පේ ඇති යන්තං කවි වෙනුවට කතාවක් පටන් ගත්ත,
    බොස්ගෙ නෝනා එයාව දාල ගිහිල්ල, එහෙමත් නැත්තං හදිසියෙ අභාවප්‍රාප්ත වෙලා එහෙම නැහැ කියල ප්‍රාර්ථනා කරනවා.

    විහිළුවක් කලාට ගණන් ගන්න එපා, කතාවේ ඉතුරු ටික ඉන්ටරෙස්ටින් වෙය් කියල හිතෙනව

    ReplyDelete
  12. හපෝ මේ කොටස් වශයෙන් පලවන කතා....

    ReplyDelete
  13. අළුත් කතාවක්.. ලස්සනයි අක්කේ...

    ReplyDelete
  14. ආයෙමත් ලස්සන කතාවක් .. කවුද බලමු දොරෙන් ආවේ .. මම හිතන්නේ නෝනාගේ පරන කේස් එකක් වගේ ..

    බොසා කියලා ගියේ අන්තර්ජාලයේ රස්තියාදුගහන්න එපා කියලා ඒත් නෝනා එවුවා අහන්නේ නෑ වගේ ..

    මගේ බොසා වගේමයි ඒකධිපතියෙක් ..මම දවසක් මගේ ලොක්කට පිටිපස්ස හැරිලා යනකොට පොඩි කින්ඩියක් දැම්මා ඒක පොර දැක්කනේ ! ...

    දිගටම ලියන්නකෝ.. ආසාවෙන් කියෙවුවා

    ReplyDelete
  15. අළුත් රැකියාවට සුබ පැතුම්!

    ReplyDelete
  16. ලමයෙකුත් ඉන්න ‍බොස් කෙනෙක් ගැන ආදරයක්ද ඇති වේගන එන්නෙ .......
    ලස්සනයි ......
    බලමු ඊගාව කොටසත් ..................

    ReplyDelete
  17. වත් නගාගේ ගෙවල් පැත්තෙ ගොඩ දවසකින් ආවෙ නෑ කියලා මතක් උනාම ඇති උනේ ලොකු වරද කාරි සිතිවිල්ලක්. පහුගිය දොහේම කිසිම ඉස්පාසුවක් තිබුනේ නෑ. එහෙන් මෙහෙන් ඔළුව දාපු වෙලාවට අතට අහු උන බ්ලොග් එකක් දෙකක් කියෙව්වා මිසක්ක, පිලිවෙලකට නිදහසේ කිසිම දෙයක් කියවන්නත් ලියන්නත් වෙලාවක් තිබුනේ නෑ. අද උනත් එහෙමයි. ඉහේ මුදුනටත් ඉහලින් වැඩ ගොඩ ගැහිලා. දවස් 7 මදිවෙලා ඉන්නෙ ඒ වැඩ රාජකාරී ටික ඉවර කොරගන්න.

    මේ කතව පටන් ගැන්මේදීම ගොඩක් හිතට වැදුනා. මොන වැඩ තිබුනත් අනිත් කොටස් දෙක කියවලාම තමයි ආපහු පස්ස බලන්නෙ.

    ReplyDelete
  18. හරි ලස්සන කතාවක් වගේ..ම්ම්...රසායි..

    ReplyDelete

සිතක් ‍සොඳුරු වන තරමට අදහස් බොහෝ දැවටෙනු ඇත. නුඹේ සොඳුරු සිතේ අදහස් වචන කර යන නුඹට මගේ ස්තූතිය..... කියවූ ඔබටත් ස්තූතියි.

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...