..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

Sunday, May 22, 2011

෴ සෑම තැනම නුඹ , නුඹ විතරමයි / Here , There & Everywhere,෴



පොල්කිච්චෙක් පිනි ඉහිච්ච තටු සලනා හැටි දැකලා

මගෙ මතකය නුඹ ගාවම නතර වුනේ ඇයි
නටුවෙන් ගිලිහී වැටෙනා මල් පෙති වල පැහැ දැකලා
මගෙ මතකය නුඹ ගාවම නතර වුනේ ඇයි


ඉර අවුවේ මද්දහනේ දිලිසෙන ඩා බිඳු දැකලා
මගෙ මතකය නුඹ ගාවම නතර වුනේ ඇයි
පාසල් යන පුංචි පැටවු මුව කිරි සිනහා දැකලා
මගෙ මතකය නුඹ ගාවම නතර වුනේ ඇයි


ඉර දිලුනත් , මල් පිපුනත්, කුරුළු කොබෙයි හඬ ඇසුනත්
නුඹ මගෙ මතකෙට එන හැටි නතර වෙන්නෙ නෑ
මිනිස් මහිම , කරුණා ගුණ , ලොව ලස්සන මිටකට ගෙන
ඒ ලස්සන මට පුදාපු නුඹ මා ළඟ නෑ


මේ ලස්සන මට දකින්න , කියා දුන්න නුඹ දකින්න
දිනක් උදා වෙයි ද කියා නුඹත් දන්නෙ නෑ
ළඟ නැති මුත් මුළු ලෝකෙම දකින දකින තැන පීදෙන
නුඹ දුන් සුන්දර මතකය පරව යන්නෙ නැහැ

I See You Everywhere..........................


නැති නුඹ දැක , හිනහෙන
මම
෴ සොඳුරු සිත ෴

11 ප්‍රතිචාර:

Dinesh said...

"හැම තැනම නුඹ විතරමයි"

හරිම ලස්සනයි අක්කේ...

Bindi said...

හරි ලස්සනයි ..

කල්හාර දිසානායක said...

මොකද මේ ....... ලස්සන පද වැල් සෙට් එකක් ........

Ravi said...

විකසිත සුදු රෝස මලෙක,
පෙති මත රැඳි පිණි බිඳු මත,
හිරුරැස් වැටිලා දිදුලන,
දේදුන්නේ පාට හතයි.......මම,

මද සුළඟට මලෙන් ගිලිහි,
ඔබෙ උකුලට සෙමින් වැටෙන,
සේපාලික මල් පෙත්තේ,
මුදු මෙළෙකයි............ මම,

අරලිය වදුලේ පත් සිඹ,
මල් සුවඳත් දවටාගෙන,
ඔබ වත සිපගෙන හමනා,
මඳ සුළඟයි........... මම,

ලොව ලස්සන දකින තුරා,
නුඹ සිත සැනහෙනා තුරා,
නෙත නොගැටෙන නමුදු සොඳුර,
නුඹ ලඟමයි......... මම,

Anonymous said...

සොරි, වැරදිලා ආවේ. "හැම තැනම නුඹ විතරමයි" කියලා දාලා තියෙන නිසා මම හිතුවෙ අපේ මහ රජතුමා ගැන කියනවා කියලා.

Helping To People said...

ලස්සනයි ..

සුළඟිල්ල | pinkie said...

හික්ය. අර පොලිකිච්ච පිනි ඉහිච්ච තටු ගසන තැනට නම් ගොඩා......ක් ලයික්.. :D :D :D :D

nawammawatha said...

නුඹ පමණක්ම ජීවිතය වූ මට
නුඹ විනිවිදවම අනුන් දු‍ටු මට
ලොව තවමත් පැතැළි යැයි සිතනා
මිනිසුන් නැත්තේ නැති ලොව තුල
නුඹව පමණක්ම හැම තැනම දක්නේ
උරුමය අරුමයක් නොවූ නිසාවෙනි.

- නිල් අහස - said...

-ඇස ගැටෙනා දස දහසක් නෙතු මත ඔබෙ දෑසම මා සෙවූ තරම්-

හිත පතුලට ම දැනෙන පද වැලක්.

මධුරංග said...

ලස්සන පද ගැලපුමක්. ලස්සනයි වත් අක්කේ !!!!

සිතුවිලි නිහඬයි said...

වත් අක්කගේ බ්ලොග් එකට අපු මුල්ම දවස අද...කියවන්න ගොඩක් තියනවා...එත් වෙලාවයි නැත්තේ.....කොහොම හරි කියවනවා...පද ගැලපුම හරිම ලස්සනයි අක්කේ.............

Post a Comment

සිතක් ‍සොඳුරු වන තරමට අදහස් බොහෝ දැවටෙනු ඇත. නුඹේ සොඳුරු සිතේ අදහස් වචන කර යන නුඹට මගේ ස්තූතිය..... කියවූ ඔබටත් ස්තූතියි.

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...