..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

Wednesday, May 4, 2011

෴ ලස්සන වසිලිසා / Vasilisa The Beautiful ෴

මම මේ කියන්න යන කතාව , පුංචි කාලෙ ඉදන් කියවන්න හුරු වුන අය නම් අනිවාර්යයනේ දන්නව ඇති. ඉතින් ඒ සුන්දර මතකය අලුත් කරමින් , අතීතයට යමින් ගමන්ම ඒ ලස්සන කතාව කවියෙන් කියන්නයි මම මේ හදන්නේ.

(කවි මඩුවක් පැවැතේවෙන විත්තියත් යාළුවන් දන්නව ඇති කියල හිතනවා. විස්තර දන්නෙ නැති අයට බ්ලොග් එකේ දකුණු පැත්තෙ තියන “ කවි මඩුව“ පින්තූරය ක්ලික් කරල විස්තර හොයා ගන්න පුලුවන් )


හරි , අතුරු කතා වරය අවසන් . . . . . අපි දැන් ලස්සන වසිලිසා කියවමු.

බොහෝම දුර එක් ඈත අතීතෙක 
රුසියන් අසිරිය තිබුන රටේ
ලස්සන මුත් දුප්පත්කම බේරෙන
පවුලක් සිටියයි දිළිදු ගමේ

තරමක් වයසක නෝනයි සැමියයි
ලස්සන බේරෙන එකම දුවයි
එනමදු ගේ දොරකඩ එළි පත්තේ
දුප්පත් කම ගෙයි දොරට කොටයි

දවසක් මේ ගෙයි ගැහැණිය හදිසියෙ
අසනීපයකින් ඔත්පල වුවා
ලෙඩ ඇද දුප්පත්කමට නියවමින්
තව තව අසරණ කරලූවා

මගේ දුවේ දැන් දැන් මම මැරුණොත්
නුඹ ගැන බලන්න කෙනෙක් නැති
මම දෙන මේ ලස්සන බෝණික්කා
නුඹ ළඟ මා නිති තබනු ඇති

ගැහැණිය රහසින් ලස්සන කෙල්ලට
බෝණික්කා ගැන පවසනවා
අමතක වුවා ඇගෙ නම කිමට
ඇය නාමෙන් වෙයි වසිලිසා

දුවේ , මගේ හරි ලස්සන අසරණ
නුඹ කරදර මුණ ගැහෙනු ඇතී
ඒ සද මේ බෝණික්කට කැමට
පුංචි දෙයක් කට තබනු ඇතී

නුඹ ගේ කරදර , විය යුතු වැඩ ටික
රහසින් බෝණික්කට කියනු
නුඹ තනි වෙන්නැහැ බෝණික්කා
 හරි පරිස්සමින් නුඹ ළඟ ට ගනූ



මේ බව පවසා බෝණික්කා වත්
ඇගෙ අතටම දුන්නා විතරයි
ඇගෙ සිත සෝ ගගුලක ගිල්වා නිති
මව නෙත් යුග සදහටම වසයි

දුප්පත් ලස්සන වසිලිසා දැන්
මහලු පියත් සමඟින් නිවසේ
මහලු පියා මේ දෝණිගෙ තනියට
තවත් මවක් එහි අරන් එතේ

ඇත්තටම ඇගේ පියාට ඕනි වුනේ වසිලිසාට මවක් ගේන්න වෙන්න ඇති . ඉතින් අපි බලමු ඊට පස්සෙ වසිලිසාට හොඳ කලක් ලැබුව ද කියල. බබා- යාගා යකින්නියත් අරන් ලස්සන වසිලිස්සාත් එක්ක ඊළඟ කොටසින් හමු වෙමු.



වසිලිසා ගේ ලස්සන ලී බෝණික්කා
මම
෴ සොඳුරු සිත ෴




P.S Vasilisa the Beautiful (Russian: ) commonly known as 'Vasilisa’s Doll' is a Russian fairy tale collected by Alexander Afanasyev in Narodnye russkie skazki.

ඉඩ කඩ වෙලාව තියෙන, කියවන්න කැමති කෙනෙක් නම් මෙතනටත් ගිහින් යන්න.
http://ranrandil.blogspot.com/2011/05/4.html


මෙන්න වසිලිසා දෙවන කොට ස 

12 ප්‍රතිචාර:

Sujeewa Kokawala said...

තොරන් සම්ප්‍රදායට ලඟින් යන්නේ උපහාසාත්මක ව ද නැත්නම් ඉබේමද?

ළමා කතා හරියට දුක හිතෙන ඒවා. වැඩිහිටි කතා වලටත් වඩා. ඇයි දන්නේ නැහැ මේ මිනිස්සු පුංචි එවුන්ට රන් දෙපැය මෝඩ් එකේ කතා ම සපයන්නේ? මේකත් හාන්ස් ක්‍රිස්ටියන් ගේ එකක්ද?

ලස්සන කවි. දිගටම ලියන්න.

Helping To People said...

chuty kalematak weddi godak duka hitenawa. :(

amaapurva said...

@Sujeewa නැහැ මේක රුසියන් සුරංගනා කතාවක්. ඒ දවස්වල 'ලස්සන වසිලිස්සා සහ වෙනත් කතා' කියල ලොකු කොළ පාට කවරෙක පොතක් තිබුන. මා ගාව නම් තාමත් තියෙනවා.

පොඩි කාලේ ලස්සන මතක ඇවිස්සුවට ස්තුති වත් අක්කා !

ඉෂ් said...

වත් අක්කේ තාමත් මම ලස්සන වසලිස්සාට ආදරෙයි... කැමති නම් මම ලියපු කතාවත් කියවන්න http://ish-magesatahan.blogspot.com/2011/03/stone-flower.html

හිස් අහස said...

මේකනම් අමුතුම අමුතු කතාවක් වේවි මේ කතාව නම් මම කවදාකවත් අහලා නෑ කවිත් එක්කම යන හිනදා නියමෙට තියේවි .. මම අර පාන් ගෙඩ් කතාව නම් අහලා තියනවා ඒත් මේක නෙවේ ඒ ...

අපේ නංගිවත් සෙට් කරන්නඕන මේ කතාව කියවන්න ..

අනේ අපොයි ඔය කවි මඩුව මට බලන්න බෑ .. ලෝඩ් වෙන්නේ නෑ . මම නිකම් හිතෙන් මවාගන්නවා කවි මඩුව කොයිවගේද කියලා ..

ඉසුර නිර්මාල්(Isura Nirmal) said...

ලස්සන වසිලිස්සා සහ වෙනත් කතා අර ඝණකම පිටකවරෙ තියෙන පොත තාම ගන්න තියෙනවද? ගන්න තියෙන තැනක් තියෙනවනම් මටත් කියන්න.මම අවුරුදු ගානක් තිස්සෙ මේ පොත හොයනව.

Anonymous said...

@ ඉසුර .... ඒ පොත සරසවි බුක් ෂොප් එකේ තියෙනවා... මමත් දැකපු ගමන් ඒක ගත්තා...

කල්හාර දිසානායක said...

පොඩි කාලේ ඇත්තටම මම මේ කතාව අහලා නැහැ....... දැන්වත් අහමුකෝ........

Ravi said...

අඩේ,.... වසීලිස්සා කතාව මමත් පොඩි සන්දියෙ ආසාවෙන් කියවපු කතාවක්, ඒත් මට මතක තිබ්බෙ වෙනම විදිහකට, වැඩේ මට හිතෙන්නෙ ඔය ගෝනි ගනන් කතන්දර කියෙව්වාම ඔක්කොම හිත ඇතුලෙ අච්චාරු වෙලා අරකෙ කෑලි මේකට සෙට් වෙලා අමුතුම කතන්දර තමයි අපිට මතක තියෙන්නෙ,හෙහ්......හෙහ්,

මොනව උනත් වත් නංගි, කවි ටික නම් ඉස්තරම්....ඇස් වහක් කට වහක් නෑ, ඔන්න, ළමා කතා පොතක් ගහන්න තරම් වටිනවා,මේ............ ඇත්තම ඇත්ත,

kumaraya said...

පුංචි කාලෙ ඕක අහල තිබුණට දැන්නම් හරියටම මතක නෑ..
ඔය කතාව කවියෙන් නෙවෙයි නේද තියෙන්නෙ ..?

මධුරංග said...

ලස්සනයි. මම අදමයි මේ කතාව කියවන්නේ. මුලින්ම දෙවෙනි කොටස කියවලා තමයි පලවෙනි කොටස කියවන්න ආවේ. ආයෙම දෙවෙනි කොටස කියවනවා. හිකිස්...

මකුළු පැංචි said...

හරිම ලස්සනයි....මම ඔයාගෙ කවි පන්තිය මගේ බ්ලොග් පෝස්ට් එකකට ලින්ක් කලා කමක් නෑනේද???

http://makulupanchi.blogspot.com/2011/05/blog-post_3618.html

Post a Comment

සිතක් ‍සොඳුරු වන තරමට අදහස් බොහෝ දැවටෙනු ඇත. නුඹේ සොඳුරු සිතේ අදහස් වචන කර යන නුඹට මගේ ස්තූතිය..... කියවූ ඔබටත් ස්තූතියි.

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...