..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

Friday, May 6, 2011

෴ ලස්සන වසිලිසා / Vasilisa The Beautiful ෴ 3

වසිලිසා පළමු  කොටස මෙතනිනුත්
දෙවන කොටස මෙතනිනුත්
කියවන්න පුලුවන්.

ඉතින් කොහෙන් ද අන්තිමට කතාව නතර වුනේ. . ම් ම් ම් ම් .. . . . .බබා-යාගා යකිනිය අහසින් මතු වුනා. . .  කතා පොතේ නම් තිබ්බෙ මෙහෙමයි

වංගෙඩියේ නැඟ පාවී පාවි
යකිනිය අහසින් මතු වෙන්නා
කොස්සෙන් ඇය යනෙනා මාවත අහසේ
අතුගාමින් ඇය පාවෙන්නා

(ගිය පාර කොටසේ පින්තූරය බැලුවමනම් මතක ඇති කට්ටියට)

මට රුසියන් ලේ ගඳක් දැනෙනවා
කවුරුද මගෙ භවනට ආවේ
බබා-යාගා යකිනිය කෑගසිමින්
වසිලිසා දෙස ඉඟි මැරුවේ

වසිලිසා මේ යකිනිය හමුවට
බියෙන් තැති ගෙනයි පැමිණෙන්නේ
ආ කරුණත් දිව පැටලී කියමින්
ඈ යකිනිය අහිමුව ඉන්නේ

මතකනේ . . වසිලිසා , මේ ඇවිත් තියෙන්නෙ එළියක් ගෙනියන්න.

අහා . . . . .  මේ එහෙනම් වසිලිසා. යකිණියගේ ඇස් දීප්තියෙන් බබලන්න ගත්තා.

ඒ ඔබදෝ ලස්සන වසිලිස්සා
උඹේ කුඩම්මා මගේ යෙහෙලී
බවනට විත් වැඩ පල කර දේ නම්
නුඹෙ කැමැත්තත් ඉටු වේවි

ඉන් පසු යකිනිය බබා-
යාගා
වැට දෙස බලමින් මුමුණන්නේ
භයංකාර වැට හෙමිහිට හෙමිහිට
“ක්රාස්" හඬින් ඕපන් වෙන්නේ

ගෙමිදුල ටම වන් වසිලිසා හට
බාච් ගසක් දැක ගත හැකි වේ
බාච් ගසේ අතු ඇගේ දෙසට විත්
ඇය අල්ලා ගැනුමට වෙහෙසේ

බච් - කියන්නේ රුසියාවේ තියෙන ( ශීතල අධික රටවල ) ගස් ජාතියක් ලු.

හා හා නවතිනු බාච් ගසේ
මැය මා නිවසේ මෙහෙකාරී
පැනලා යන්නට හැදුවෝ තින් නම්
ඇය අල්ලා ගනු නුඹ වෙහෙසී
( එහෙම කීවේ බබා-යාගා )

ගසින් ගැලවිලා නිවසට වන් විට
නිවසේ දොරකඩ තඩි බල්ලෙක්
දත් ටික නියවා ඇගෙ ලස්සන රුව
කන්නට කළු බල්ලා වෙහෙසේ

“ හා හා නවතුනු බලු තඩියෝ මැය
මගෙ නිවසේ වැඩටයි ආවේ
පැනලා යන්නට හැදුවෝතින් නම්
කීතු කෙරුම බව්වා සතුවේ
( ඔවු . . .බබා-යාගා ම තමයි මෙහෙම කීවේ)

බල්ලගෙ ගෙරවීමෙන් ගැලවුන ඇය
නිවසේ සාලය තෙක් ආවා
තඩි කළු පුසෙක් , නියපොතු උල්කර
ඇය සීරීමට ළං වූවා

“ හා හා පූසෝ මැය මගෙ නිවසට
ආවේ වැඩපල කර දෙන්නයි
පැනලා යාමට හැදුවෝතින් නම්
සූරා කැවොත් නුඹට හොඳයි
( ඔවු අප්පා . . .එයාම තමයි )

දුටුව ද මා සතු සිකුයුරිටියෙ ලොකු
පැනලා යන්නට නම් නොහැකී
මේ ලෙස පැවසූ බබා යකින්නිය
ගෙයි බංකුවෙ දිගවී ඇලවෙයි

ඒ ගෙයි යකිනිය හට උයලා දෙන
කළු මිටි ගැහැණියකුත් වුවා
යකිනිය කෑගසමින් ඒ ගැහැණිට
කන්න ගේන්නට අණ කෙරුවා

පිච්චුව ගව මස්
උණු කිරි වීදුරු
පිච්චුව ඌරු මසුත් සමඟින්
පිච්චුව කුරුළු කොබෙයියන් සමඟින්
ගොඩක් ජාති දැන් ඇය වළඳයි

කාබී අවසන වසිලිසා හට
පුංචි පාන් ගෙඩියක් ලැබුනා
යකිනියගේ හිත ඊළඟ කෑමට
වසිලිසා හොඳ යැයි සිතුනා

( වසිලිසාව පුච්චල කන්නයි බබා-යාගා ගේ අදහස)

කලකින් කෑවේ නැහැ මිනිසුන් මස
ඇය ළපටී රස මසවුලකී
මේ ගැන යටි සිත තබාන යකිනිය
මේ ලෙස වසිලිසාට
කියතේ




මෙදේරි ගොණිය පෙන්වු යකිනිය
වසිලිසාට මෙය අණ කරතේ
එහි ඇති කළු ඇට අහුලනු දැන් නුඹ
උදයේ එය නිම කළ යුතුවේ

එහි ඇති කළු ඇට අහුලා පිරිසිදු
කෙරුමට සතියක් මදි හරි නම්
මෙය දන්නා යකිනය හරි සතුටින්
ගොර දමමින් නිදියන්නට යෙදුනේ

බෝණික්කා දෑතට ගත් වසිලිසා
බෝණික්කට මෙය පවසනවා
උදයේ අවසන් නොකලොත් මේ වැඩ
යකිනිගෙ බඩ වෙත මම යනවා

බිය නොම වන් වසිලිස්සෝ රන් කද
මම ඉන්නා තෙක් මගෙ දෝණි
නුඹ නිදියන් මේ වැඩ පල සේරම
මම ඉටු කර දෙන්නම් පේ වී

බෝණික්කා ඒ ලෙස පවසා 
වසිලිස්සා සිත සනසවනා
ඇය නින්දට ගිය පසු බෝණික්කා
මේ ලෙස ගීයක් පවසනවා

කුරුළු කෙබෙයියනි
විහඟුනි පොල්කිච්චනි
ඉන්නා තැනකින් මෙහි එන්නේ
දුප්පත් වසිලිසාග ජිවිතයම
නුඹලගෙ ළඟ නොව දැන් ඇත්තේ

මෙය ඇසුනා විතරයි සැම දේසෙන්
කුරුළු විහඟ කැළ පැමිණෙනවා
මෙනේරි වල ඇති කළු ඇට සේරම
තුඩඟින් විඟහින් ඇහිදිනවා

( මේ අතරර තුර අර සුදු අසරුවා පියාඹලා යනවා )

උදයේ ඇස ඇර බලනා යකිනිය
පුදුමෙන් පුදුමෙට පත් වෙනවා
මෙනේරි වල එක කළු ඇටයක් නැති
බව දැක ඇය දෙස් දෙනවා

හොඳයි වසිලිසා නුඹ මේ පාරට
බේරුනා කියලා සිතට ගනින්
මම දැන් යනවා කැලයේ යන්නට
තව එක වැඩකුත් කරල තියන්

අර පෙනෙනා ගෝනියේ ඇත්තේ
මුං සහ පොපි ඇට ගොඩක් තමයි
මම ගොස් එන විට දෙගොඩට වෙන් කර
නොතිබුන හොත් නුඹ මගේ බඩෙයි

ඒ කියන්නේ පොපී ඇටයි , මුං ඇටයි කලවම් වෙලා කියන ගෝනියෙන් ඒව කොටස් දෙකකට බෙදල තියන්න කියල කීවා.

කවියෙන් කියන්න ගියොත් තව දිග වැඩි නිසා , ටිකක් මම මෙහෙම කියන්නම්.....

ඔන්න , ඉතින් වසිලිසා මේ ගැනත් බෝණික්කට කිවා. බෝණික්කා මීයන් සනුහරේටම එන්න කියලා පණිවිඩයක් යැවුවා. ඊට පස්සෙ ඒ සත්තු , අර මුං සහ පොපි වෙන් කරල දුන්නා. මේ අතරේ අර රතු පාට අසරුවා ගේ ගාවින් යන්න ගියා. ගෙදර උයන්න ඉන්න ගැහැණු කෙනා බබා-යාගාට කෑම හදල මේසෙ ලෑස්ති කරා.ඒ අතර තුර අර කළු අසරුවත් ගේ ගාවින් යන්න ගියා.


මේ අසරුවන්ගෙන් සංකේතවත් කරන්නේ . . . .

උදය

දවල්

රෑ


ඉතින් කළු අසරුව ආව විතරයි , ඇඳිරි වැටෙන්න ගත්තා. අර බබා-යාගා ගේ , ගේ වටේ තියෙන මිනි හිස් කබල් වල ,ඇස් වලින් ලොකු දීප්තියක් වැටෙන්නේ , කළු අසරුව ගියාට පස්සේ.


ඔන්න ඉතින් යකිනිය ආවා.

“ කෝ . . .  මං කී වැඩ ඉවරද ? යකිණිය ඇහුවා “

සියළ වැඩ ඉවරයි. වසිලිසා සතුටින් කියන විට යකිනියගේ ඇස් තරහින් රතු වෙන්න ගත්තා.

“ හා හොඳයි . උඹ නිදා ගනින් කීව යකිනිය. උයන පිහින වැඩකාරි ලඟට කිට්ටු වෙලා මෙහෙම කීවා.





හොඳ හැටි දර දා ලිප දල්වා පන්
ලිපේ වතුර හැලියක් තියපන්
වතුර නටන විට අර වසිලිස්සව
වතුර හැලියෙ දා තම්බා පන්

මං දැන් යනවා නිදියා ගන්නට
උඹ මේ ටික හරියට කරපන්
වසිලිස්සා තම්බා ගෙන කෑමට
අඩුවැඩියත් යහමින් හදපන්

දොර අස්සේ සැඟවුන වසිලිස්සා
මේ සැම රහසින් අහ ගන්නා
බෝණික්කා හට මේ සැම නැවතත්
රහසෙම ඇය යලි පවසනවා

වසිලිසා ට පුලුවන් වෙයි ද මෙතනින් ගැල විලා යන්න.

ඊළඟ කොටසින් වසිලිසා කතාව හමාර කරනවා.

වසිලිසා ගේ සිත සනසා , ඇය ළඟම ඉන්න ලී බෝණික්කී
මම
෴ සොඳුරු සිත ෴

මෙන්න , බෝණික්කා කුරුළු කොබෙයියන්ව ගෙන්න ගන්න කීව ගීතය.

" Tomtits , pigeons , sparrows hear me
There is work to do , I fear me.
On your help , my feathered friends,
Vasilisa's life depends.
Come in answer to my call
You are needed , one and all "

8 ප්‍රතිචාර:

රත්ගමයා said...

නියමයි අක්කෝ...මුල් දෙක මග ඇරුනා..ඒක නිසා කියවන්න ඕන..ඒත් කියවන්න වෙන්නේ මේක කියව්වෙට පස්සේ,,එක දිගට කියවන් ගියා..නවත්තන්න හිතුනේ නෑ

හිස් අහස said...

මමත් බලා ගෙන ඉන්නේ වලිස්සට ගැකවිලා යන්න හැකිවේවිද කියලා . ළමා කතා වලට මම ඉස්සරනම් ඒතරම් කැමති නෑ ඒත් මේ කවියෙන් ලියලා තියන නිසා බලන්න ආසයි

මගේ නගාටත් මම මේ කතාව පෙන්නුවා . එයත් පලවෙනි සහ දෙවැනි කොටස් බැලුවා බලලා.ප්‍රින්ට් කරලා තියාගත්තා . මේ කොටස පෙන්වන්නේ නෑ . මොකද මගේ ප්‍රින්ටර් එකේ රිබන් එක දැන් ඉවර වෙන්න ලඟයි .. මේක නගි දැක්කොත් මේකෙත් ප්‍රින්ට් අවුට් ඕන වෙනවා .

ලස්සනයි කතන්දරේ ..

කල්හාර දිසානායක said...

ඇත්තටම සෑහෙන්න වටින වැඩක් කරන්නෙ .......... ඔහොම යං ඔහොම යං ........

සිතුවිලි සිත්තමට නැගෙනා කවි පොත said...

පොඩි කාලේ ආසාවෙන් කියෙව්වෙමී
ඒත් අනේ කතන්දරේ මතක නැතී
අක්කාගේ පද පෙළ නම් දහස් වටී
මතකය යළි ගෙන ආවට ස්තූතී

අපූරුවට කතාව යයි පද ගැලපී
වසිලිස්සගෙ ගමනේ සිතුවම්ද මැවී
සොඳුරු කතන්දරේ මෙලෙස කියලා දී
අක්කේ ඔබෙ මහන්සියට ස්තූතී

රජිත් said...

පුලුවන් වෙලාවක මුල ඉදලම බලන්නම්.

මම ඩුමාංජරිය said...

මට අලුත් අත්දැකීමක්.ටිකක් කියෙව්වා.
නියමයි...... නියමයි......
ඉතුරු ටික ඉක්මනින්ම කියවනවා......

Ravi said...

සුන්දර සහ ඒ වගේම සරළයි,
ආයෙ නො එන ඒ අපෙ බාලේ,
ඒ කාලේ හැමදාම රැඳෙන්නට,
බැරිඋනෙ ඒ අපගේ කරුමේ,

හරිම අපූරුයි නංගි, ඔයාගෙ හැකියාව නම් අති විශිෂ්ටයි,

මම ඊයෙ රෑ නිදාගත්තෙ ලයිට් එකත් දාගෙන, ලයිට් නිව්ව ගමන් ඔන්න බාබායිගා එනව ඇඳ ළඟට,.......හෙහ්......හෙහ්,

ඉන්දික උපශාන්ත said...

බොහොම ස්තූතියි පොඩි එකාට තාත්ත කොමීටරේ මොනාද බලන්නෙ කියල කියා දෙන්න පුලුවක් තාලෙ එකක් ලිව්වට...දැං ඉත්ං අහන ප්‍රශ්න වලට උත්තර දීපන්කො!

Post a Comment

සිතක් ‍සොඳුරු වන තරමට අදහස් බොහෝ දැවටෙනු ඇත. නුඹේ සොඳුරු සිතේ අදහස් වචන කර යන නුඹට මගේ ස්තූතිය..... කියවූ ඔබටත් ස්තූතියි.

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...