..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

මෙහි ලියැවෙන දෑ.............

"Art is something that lies in the slender margin between the real and the unreal."සාහිත්‍ය වනාහි සත්‍යයත් කල්පිතයත් අතර පිහිටි අනියත ප්‍රදේශයකට අයත් වේ.(Chikamatsu Monzaemon)

Friday, May 27, 2011

෴ මුදුව / The Ring ෴ (අවසාන කොටස)

සමූහය ද නංවා ගත් දුම්රිය මහ හඬක් නඟමින් පිටමන් වූයේ ඇය තවත් තනි කරමිනි. දුම්රිය දෙස බලාගත්වන බලා වුන් ඇයට කවුදෝ කතා කරනු ඇසුනෙන් අකමැත්තෙන් මෙන් හිස හරවා බැලූ ඇය දුටුවේ පාරෙන් එහා පසට අත දිගු කරන් ඇයව අමතන මිනිසෙකි. “ මිස් ...මිස්ට අන්න අර ය කතා කරනවා “ ඔහු පෙන්වූ ඉසවුව කරා ගිය ඇගෙ දෙනෙත , මෙතෙක් පුල පුලා බලා සිටි දෙනෙත හා ගැටී මොහොතකට නරත විය. සිසිල් සුවදායි හැඟීමකින් ඇගේ සිත පිරී ඉතිරී යද්දි ඔහුත් ඇයත් එක්ව එක්වර මදසිනා නැඟුවේ එකම හැඟීම දෙසිතක පිළිසිඳ ගත් පරිද්දෙනි.

“ ස්තූතියි “ පණිවිඩය දුන් තැනැත්තාට ස්තූති කළ ඇය , ඇගේ හා ඔහුගේ දෙනෙත් බැදී සෑදුන මාවත දිගේ ඔහු වෙත ගමන් කරනු දැකිය හැකි විය.

“ ගොඩක් වෙලා ද ඇවිත් “

“  ඔවු !!!!“

“ පරක්කු වුනා. . .  ට්‍රැෆික් එක “

“ කමක් නැහැ .දැන් ආවනේ “

“ නඟින්න “ ඔහු කාරයේ වම් පස ඉදිරි දොර පියන හරිමින් ඇයට පැවසීය.

කිසිකතාබහක් නැතිව ඔහේ පාවී ගිය වාහනය නතර වූයේ නිදහස් හා පාළු මාවතක මුහුදු සුළඟ විදිමිනි.

“ ඉතින් “

“ හ්ම්  . . . . “

“ මම දන්නව, අපි දෙන්න හමුවෙන අන්තිම දවස අද, ඒත් ඔයා මට පොරොන්දු වෙන්න වෙන්වීම ගැන කතා කරන්නෙ නැහැ කියලා. ඔයා දන්නවනේ අපි දෙන්නා වෙන ලවර්ස්ල වගේ නෙමෙයි කියල. ඔයාට තව අවුරුදු තුනක් මා වෙනුවෙන් බලා ඉන්න බැරි බව මම දන්නවා. මටත් මේ වෙලාවෙ ඔයාව ළඟට ගන්න බැහැ.“

“ ඇයි ඒ “ කම්මුල් දිගේ ගලන කඳුළක ලුණු රස කටට දැනෙන ඇසිල්ලේ ඇය ඇසීය.

“ හ්ම් . . . . ඉදිරියට මොන දේ වුනත් , ඔයා මා එක්ක මගේ හිත ළඟින්ම ඉන්නව නේද ? “

ඔහු , ඇගේ දෑසට එඹෙමින් ඇසුවේ ඇයගෙන් පිළිතුරක් අපේක්ෂාවෙන්ම නොවූව ද? දෑසේ ගැබ්වූ පිළිතුර කඳුළක දියවී අපතේ යන්නට විය.

“ අපි දෙන්න වෙනස් කියල හැමවෙලේම කියන්නෙ ඇයි ? මම තව ඔයා වෙනුවෙන බලා ඉන්න එපා කියන්නෙ ඇයි? “

ඇයගේ එකදු පැනයකටවත් පිලිතුරු ඔහු සතු නොවීය. ඇගේ වත දෝතින් ගත් ඔහු ඇයගේ තොල් සිඹින්නට වූයේ ඇගේ කඳුළු ලුණු රස  සැමදා මතකයේ තබා ගන්නට මෙනි.

දීර්ඝ හාදුව අවසානයේ ඇය ඔහුගේ පලළ් පපුව මත හිස හොවා ගනිමින් ඉකි ගසමින් හැඬුවාය. ඒ ඇයි දැයි ඔහු විමසුවේ නැති අතර , ඒ ඇයි දැයි ඇයද දැන නොසිටින්නට ඇත.

“ හවස් වෙලා “ ඔහුගේ තුරුලින් මිදෙමින් ඇය පැවසූවේ මුහුදේ ගිලෙන්න ආසන්න ගිනි බෝලය දෙස බලමිනි.

“ තව ටිකක් ඉන්න කෝ “

“ බැහැ. රෑ වෙනව “

“ හ්ම් . . හරි. යමු . මම ඔයාව ගේ ළඟින් බස්සන්නම්.“

“ ගේ ලඟින් ? “

“ ඔවු “

වාහනය සැර දමන්නට විය. නිහඬ හෝරා කිහිපයක් අවසානයේ ගමනේ අවසානයට පැමිණ ඇත. ඇය විවර වූ දොර පියනින් වම් පය පිටතට තබන ඇසිල්ලේම තමාට දකුණින් සිටින ඔහු දෙස නැවත වරක් හැරී බැලුවාය.

“ ගිහින් එන්නම් “

එක් වරම ඇයගේ සුරතින් ඇල්ලු ඔහු , “ පොඩ්ඩක් ඉන්න , මම ඔයාට . . . . කියමින් කාරයේ ඔහු ට ඉදිරිපසින් වූ කුඩා රදවනය විවර කල ඔහු එයින් පිටතට ගත්තේ කුඩා බෑගයකි.
එය ඇය වෙත දිගු කළ ඔහු, කුතුහලය රැදි දෑසින් මද වෙලාවක් ඔහු දෙස බලා සිටි ඇය , ඇගේ වමතින් එය ගත් පසුවයි ඇගේ සුරතේ ග්‍රහණය ඔහු මුදා සිටියේ.

“ ගෙදර ගිහින් බලන්න “

“ මම ආදරෙයි “

දකුණු පයද වාහනයෙන් පිටතට ගෙන කෙලින් වී සිට ගත් ඇය , දොර පියන වැසුවේ හද දොරගුළු ද තදින් වසන්නෙමැයි සිතා ගෙන ද?

නැවත හැරී බලයි දෝ යි චකිත සිතින් ඇය නෙපෙනී යන තෙක්ම පසු පස බලන දර්පණයෙන් ඔහු බලා සිටිය ද , ඇය කිසිවිටක නැවත හැරී නොබැලුවාය. එය ඔහුගේ සිතට දුක මෙන්ම සතුට ද ගෙනාවේ , ඇය ඇගේ සිත හදාගන්නට ඇතැයි යන හැඟීමෙනි. ඇයගේ අවසන් ඡායාවද මැකී ගිය පසු සුක්කානම මත හිස තබා ගත් ඔහු මෙතෙක් වෙලා හිත රැදි තිබූ දුක පහව යන තෙක් හැඩුවේය.

පුංචි කවරය තුල වූයේ හොඳින් දවටන ලද කුඩා ජුවලරි පෙට්ටියකි. එය තුල වූ මුදුව ඇයගේ දිගැටි ඇඟිලි වලට සරිලන ලෙසටම සාදා තිබුනි. මුදුව නැත. ඔහු ද නැත. නොදන්නා , නොහැඟෙනා , හැඟීමක් රැසක් සමඟ වෙනකුත් සමඟ ඇය යහන බෙදා ගනියි.


ඇය චපලය , ඔබ කියනු ඇත. සැබැවින්ම ඇය චපල යැයි මාද කියමි. එහෙත් ඇය වැරදියැයි මා නොකියමි.

නැතිවූ මුදුව යලි කිසිදිනක ඇයට හමු වූයේ නැත. නමුදු ඇය හා ඇගේ සැමියා අතර එතෙක් තිබු හොඳ හිත ද ටිකින් ටික දෙදරා යන්නට විය.අවසානයේ ඇය ඔහුගෙන් වෙන් විය.


වෙන් වී ටික දිනකින් ඇය සොයා , අමුත්තෙක් පැමිණියේය. ලොවටම අමුත්තකු වූ ඔහුත් , ලොව හොඳින් දන්නා ඇයත් එදින සිට එකම නිවස , එකම යහන, එකම ජිවිතය බෙදා ගනිමින් , විටෙක අමනාප වෙමින් , විටෙක යහළු වෙමින් සියල්ල බෙදා ගමින් ඔවුන් ජීවත් වෙයි.

නමුදු ඉන් පසු ඇය කිසිම දිනක මුදුවක් පැළදුවේ නම් නැති.



Nobody has ever measured, even poets, how much a heart can hold.


මුදු නොපළඳින
මම
෴ සොඳුරු සිත ෴

21 comments:

  1. කතාව කියවනකොට මැවිලා පෙනුනා. හුඟ කාලෙකින් මේ වගේ කෙටිකතාවක් කියෙවුවෙ. කොටස් දෙකම ඒක හුස්මට කියෙවුවා. තව කතාවක් ළඟදීම බලාපොරොත්තු වෙනවා

    ReplyDelete
  2. අනේ මන්ද මේ වගේ කථාවලටම මම කැමති ඇයි කියල... ;)

    ReplyDelete
  3. මුද්දක් ගිය දුරක්......
    කතාව හරිම ලස්සනයි අක්කියා.........

    ReplyDelete
  4. jewite mawi mawi penawa apahu.mewage ewa godak liyanna...

    ReplyDelete
  5. කතාවනම් ලස්සනයි ගොඩාරියක් අක්කා....

    ReplyDelete
  6. අක්කේ මට ආදරේ ගැනවත් ජීවිතේ ගැනවත් එච්චර අත්දැකීම් නැහැ, ඒත් මට හිතට දැනෙන විදියට අපේ හැදවත් පෙම් කරන්නේ අපිට නැති දේවල් වලට... අපි අකමැති දේවල් වලට... තියෙද්දී ඕන නෑ කියලා හිතුනට නැති වුනාම දුක හිතෙනවා...කොයි ලෝකෙකින් හරි හොයාගෙන එන්න හිතෙනවා..ඒක කරන්න බැරිදෙයක් වුනත් හිත අන්තිම හුස්ම පොද වෙනකන්ම ඒ දේ වෙනුවෙන් ජීවිතය කැපකරනවා.....

    මම කතාවක් කියන්නද?
    මට පුන්චිකාලේ සෙල්ලම් මැටි අශ්වයෙක් හිටියා... මම සෙල්ලම් කාර් එක්ක සෙල්ලම් කරලා ඒවා සේරම කඩලා දැම්මා...ඒන් ඒ පැත්තකට වෙලා ඉදපු මැටි අශ්වයා අද මගේ ලමා කාලයේ එකම සිහිවටනය වෙලා....

    අවන්ක ආදරයත් මට හිතෙන්නෙ ඒ මැටි අස්වයා වගෙයි කියලා...
    (අක්කේ හැඩි කලානම් මල්ලියට සමාවෙන්න)

    ජය වේවා...

    ReplyDelete
  7. කතාව ලස්සනයි...ඒත් ඉක්මනින් අවසන් නොවුනා නම් හොදයි.

    ReplyDelete
  8. අනේ මන්දා මටනම් තේරෙන්නේ නෑ.................෴

    ReplyDelete
  9. When your heart can hold no more,
    Filled to the brim with thousand of memories,
    Will it dump some out,
    To prevent bursting forth,
    No way,
    It would just expand itself a little bit more,
    In order to accommodate all of sweet memories,
    That's why you can't measure how much your heart can hold, never ever,
    No one would be able to,
    Not even.......you,

    ReplyDelete
  10. When your heart can hold no more,
    Filled to the brim with thousand of memories,
    Will it dump some out,
    To prevent bursting forth,
    No way,
    It would just expand itself a little bit more,
    In order to accommodate all of sweet memories,
    That's why you can't measure how much your heart can hold, never ever,
    No one would be able to,
    Not even.......you,

    ReplyDelete
  11. කතාව ලස්සනයි ආසාවෙන්ම මේ කොටසයි ක්ලින් කොටසයි කියෙවුවා . කතාව ගැන තව තව දේවල් කියන්න මට උවමනාව තිබුනත් ..ඕන නෑ මම මේ කතාවට කැමතියි .

    මම කොහොමත් වඩා කැමති හැපී එන්ඩිං සයිත එවුවට .. මෙකේ අවසානය කොයිවගේද කියලා මම තාම හිතනවා .

    ReplyDelete
  12. මේකත් කියෙව්වාමයි සම්පූර්ණ කතාවම තේරුනේ .........
    ඇත්තටම මම කීප සැරයක් කියෙව්වා ....
    ලස්සනට ලියලා තියනවා ......

    තව එකක් මම ‍මෙච්චර දවස් හිතාගෙන ඉඳියෙ ඔයා කොල්ලෙක් කියලා ..... අද තමා දැන ගත්තෙ "අක්ක, අක්කා " කියනකොට .......

    ReplyDelete
  13. හරිම ලස්සනට ලිය උන කතාවක් අක්කේ... ගොඩක් ආසාවෙන් කියෙව්වේ...

    ReplyDelete
  14. කිව්වත් වගේ ආසාවෙන් කියවගෙන ගිය ආදර කතාවක්. වත් අක්කා කවි ලියනවට අමතරව මේ ලියන කතා ගොඩක්ම ලස්සනයි අක්කේ.

    ReplyDelete
  15. කතාව පුදුම විදියට හිතට දැනුන වත් අක්ක.ඇත්තටම හැඟුම්බරයි..
    ඊළඟ කෙටි කතාව කවද්ද ලියන්නේ..

    ReplyDelete
  16. ඇත්තටම ලස්සනයි.. ගොඩාක්..

    ReplyDelete
  17. ගොඩක් හිතට දැනුන කතාවක්. මන්තරකාරිත් අතීතෙට ගියා මොහොතක්...හරිම ලස්සනයි...

    මුදු නොදෙන මම
    මන්තරකාරි

    ReplyDelete
  18. කොටස් දෙකම එක හුස්මට කියෙව්වා... නරකද කෙටි කතා පොතක් ලිව්වොත්. ඔයගේ කෙටි කතා හරිම ලස්සනයි. මමනම් උපරිම විඳිනවා....

    ReplyDelete
  19. ලස්සනයි...!
    තව එකක් ලඟදිම දානවා නේද??

    ReplyDelete
  20. ලස්සනයි... අවසානයත් හොදයි... මොකද මුදු නොපළදින මම කියලා දාලා තියෙන්නේ...

    ReplyDelete
  21. ලස්සනයි...අත්දැකීමක් ද?

    ReplyDelete

සිතක් ‍සොඳුරු වන තරමට අදහස් බොහෝ දැවටෙනු ඇත. නුඹේ සොඳුරු සිතේ අදහස් වචන කර යන නුඹට මගේ ස්තූතිය..... කියවූ ඔබටත් ස්තූතියි.

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...