..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

Wednesday, May 25, 2011

෴ මුදුව / The Ring ෴ (1)

“ඔය තරම් වද වෙන්නෙ මොක ද ? ඒක තවත් එක මුද්දක් විතරයි.“
ඔහුගේ  වචන ඇගේ සිත පසාරු කරන ඊතල වැන්න. “ඒ වුනාට මට ඒක ගොඩක් වටිනවා.“

“ඔවු මම දන්නව ,තමුසෙට ඒක වටින්නෙ ඇයි කියල. මඟුල් මුද්ද උකස් තිබ්බත් , මඟුල් මුද්ද නැති වුනත් නැති රුදාවක් , නිකම්ම නිකම් රිදී මුද්දක් නැති වුනාම “

ඇය දුටු දා පටන්ම, ඇයගේ සුරතේ මැද ගිල්ලේ රැඳුන මේ මුද්දට ඇය මෙතරම් විශේෂත්වයක් දක්වන්නෙ ඇයි ද යන්න ඔහුට ගැටළුවක් වූයේ අද ඊයේ නොවේ.ඇය තමා සමඟ අතිනතගෙන පෝරුවේ නැඟි දින ද මේ මුදුව ඇය සුරතේ මැදගිල්ලේ පහස ලබමින් සිටි හැටි ඔහුට සිහිවෙයි.ඇතැම්
දිනක ඇය රැකියාවට යෑමේදී ඔහු පෝරුමස්තකාරූඩව ,ඇය වමතේ වෙදඟිල්ලේ පැලඳූ මුදුව අමතකව ගියද , කිසිම දිනක ඇඟිල්ලෙන් නොඟලවන ලද සිහින් සුදු ගලක් ඔබ්බවන ලද ,රිදී මුදුව නම් ඇයට කිසිදා අමතක නොවේ.

ඔහු ඇතැම් දිනක , මේ මුදුව ගැන ඇගෙන් විමසූ විට ඇය දෙන පිළිතුරු වලින් ඔහු සෑහීමකට පත් වූයා යැයි ඇයි සිතන්නේ නම් එය ඉතාම දෝෂ සහගත නිගමනයකි. මුදුව ගැන ඇගෙන් විමසන විට , ඇගේ දෑස් දීප්තියෙන් බබලනයුරුත් , ඉතාම මෘදු ස්වරයකින් ඇය එයට දෙන පිළිතුරත් ඇගේ මුවින් පිටවන වචන හා කිසිලෙසකත් ගැලපේදැයි ඔහුට සැක සහිතය.


“ මේ මුද්ද හැදුවෙ මගෙ ග්‍රහ අපලෙකට “ ඇය මුලින්ම කී ඒවදන් ඔහු විශ්වාස කළද , අපලය තවමත් ගෙවී නොමැති දැයි ඇගෙන් විමසීමට ඔහුගේ සිත පසුබට වෙයි.


ඇය බොහෝ විට හුදකලා වන අවස්ථාවන් වලදී ,ඇය සුරතේ රැදි මුදුව වමතින් ස්පර්ශ කරන ගමන් සිහින් සිනාවක් ඇගේ සුන්දර වත තව තවත් සුන්දර කරන අපූරුවත් , ඇය හුදකලාව සිටිය ද එවන් අවස්ථාවලදී ඇය වඩ වඩාත් සතුටින් සිටින බවත් දකින ඔහුට ඇයගේ රිදී මුදුව ගැන ඇති වන්නේ තද බල වෛරසිතකි.


තම සිත දරා ගත නොහී දිනක් ඔහු “ තමුසෙගෙ අපලෙ තවම ඉවර නැද්ද? ඔය මුද්ද දැන්වත් ගලවනව “ යැයි පැවසූ අයුරු ද,එයට ඇය ප්‍රතිඋත්තර ලෙස දුන් වදන් තමා තව තවත් අසරණ කළයුරුද ඔහු මතකය.

“ තමුසෙ තමයි ඕයි මගෙ අපලෙ. මේ මුද්ද මට වාසනාව ගෙනාවා “ කිසිදිනක තමන්ට තමුසෙ ,ඕයි යැයි නොඅමතන ඇය, එදින දැඩිලෙස කිපීමට තරම් මේ මුද්දෙ රැදි රහස කුමක් ද?

පුලපුලා බලාසිටි එක් දිනක් නොදැනීම තමා ළඟට පැමිණියේ රහස එළිකර ගැනීමට උදවුවක් ලෙසද, ඇයගෙන් පළිගැනීමට හෝ ඇය රිදවීමට බලාසිටි ඔහුගේ නපුරු සිතට ඉඩ දීමක් ලෙසදැයි සිතීමට ඔහුට වුවමනා නැත.

එදින ඇය මල් පාත්ති අතර රැදි වල් පැල සුද්ද කරමින් සිටියේ තම නිරුවත් දෑතිනි. එක්වරම නැඟුන කෑගැසීමත් සමඟම ඔහු මිදුලට දුව ආයේය. ඇගේ සුරත විෂ සර්පයෙක් දෂ්ඨ කර ඇත.බලා සිටිද්දීම සුරත ඉදිමෙන්නට විය.

“ මුද්ද ගලවන්න දැන්ම , නැත්තම් ඕක කපන්න වෙයි “ඔහු වහා පැවසුවේය. වේදනාවෙන් මුසපත් වී සිටි ඕ ,මුද්ද ගලවා ඇගේ ගවුම් සාක්කුවේ දමා ගනු ඔහුගේ තියුණු ඇසට හසු විය. ඉන් පසු වේදනාවෙන් සිටි ඇය රෝහල් ගත කිරීමට යන අතර මඟදී මුදුව තමා අතට පැමිණියුරුත් , වේදනාව අඩු වූ විගස ඇගේ මතකයට පැමිණි මුදුව සොයමින් ඇය ගේ පෙරලන යුරුත් , ඇගේ දුක්බර දෙනෙතේ රැදි කඳුළු, පිරුණු කම්මුල් දිගේ රූටා විත් , ඇගේ තොල් අතර සැගවීයනයුරුත් ඔහු බලා සිටින්නේ සංසාරආත්ම ගනණක පැතූ පැටුමක් ඉටු කර ගත් පරිද්දෙනි.

ඩමින්, දන්නා සෑම තැනකම මුදුව සෙවූ ඇය. අවසන ඉතා වෙහෙසට පත් වූවාය. කිසිවක් නොදෙඩූ ඇය නානකාමරයට රිංගා ඇතිවන තෙක් හැඩුවාය. අවසන නිදිඇදේ බිත්තියට මුහුණලා සැතපුන ඇය,  මු
දුවේ ආරම්බය සොයනු වස් තම දෑස් පියාගත්තේ වසර තුනක් දුරින් වු තම ජීවිතයේ ලස්සනම දවසකට දැහැන්ගත වෙමිනි.

-------------------------------
ඇය නැවත වරක් දුම්රිය පොළ තුල සිට එළියට පැමිණියාය. ගාල්ල කොළඹ ප්‍රධාන මාර්ගය දිගේ නිනවුවක් නොමැතිව ,එහාට මෙහාට දුවන වාහන අතරින් තම දෑස ද සීරුවෙන් එහා මෙහා යැවූ ඇය , තම දුක්බර මුහුණ බිමට නැඹුරු කර ගත්තීය. ඉහළට ගත් හුස්ම පොද වාතලයට මුදා හැරි හඬ ඈ අවට සිටි වුන්ටද ඇසෙන්නට ඇතැයි ඇයට සිතුනේ සුසුමත් සමඟම කිහිපදෙනෙක්ගේ කුතුහලාත්මක නෙත් ඇය වෙත යොමු වෙද්දීය.

ඇය අකැමැත්තෙන් වුවත් තම අත් බෑගය කරා සුරත යවා , පිටතට ගත් ජංගම දුරකතනයේ තනි පැහැ තීරුව වෙත දෙනෙත් හෙළුවා පමණි. තවමත් විවෘත නොවී පවතින කහ පැහැති පුංචි ලියුම් කරවය දුටු ඇගේ දෙනෙතේ නැඟුන දීප්තිය දුටු යමෙකු වේ නම් ඇයට ඔල්මාදය සෑදී යැයි සිතනු නොඅනුමානය.තප්පරයෙන් තප්පරය හැඟීම් වෙනස් වෙන ඇඟේ සුන්දර මුහුණ තවත් එළිය කරමින් ඇගේ පිරිපුන් තොල් යුගල අතරින් මතු වූයේ සිහින් සිනාවකි. කඩිසර ඇගේ සුරතේ ඇඟිලි ජංගමයේ යතුරු පුවරුව හරහා දිව යන්නට විය. වැසුන කවරය විවර විය , එතෙක් දිලිසෙමින් විශාලව තිබූ කළු ඉංගිරියාව , සෝකයෙන් කුඩා වන්නට විය, ආසා වෑහෙන තොල් සඟලේ මතු වූ මන්දස්මිතය වියැකී පරව ගියේය.
“ Dear valued customer "this is a ......... remind your bill . . . .“

සෝ බර පලවී තිබූ මුහුණ එසැනින් කෝපයෙන් පිරී යන්නට විය. කඩිමුඩියේ ජංගම දුරකතනය නැවත අත් බෑගයට දැමීමට සැරසුනා පමණි.

“ ඩින් ඩොන් “

තව ත් විවෘත නොකරන ලද ලිපි කවරයක පැමිණිම සනිටුහන් විය. එවර ඇය ලිපිකරවරය විවෘත කළේ හැඟීම් රහිත මුහුණකිනි.

“ සමාවෙන්න . මම දැන් අම්බලන්ගොඩ.යන්න එපා , එනකම් ඉන්න “

ජංගම දුරකතනය දවාහළුකරන බැල්මක් හෙලු ඇය වට පිට බැලුවේ තමා ඉන්නෙ කොහිදැයි හදිසියේම විපරම් කිරීමට සිත් වූ නිසාය. ඇගේ දෑස හා කෙලින්ම ගැටුන
පාර එහා පැත්තේ උද්‍යානයේ සිටින කළු හැදගත් කොල්ලා ඇයට ඇසක් ගැසීය. ඇගේ ගිනි බැල්ම රැදි දෑස ඔහුව ක්ෂණයෙන් මඟ ඇරිය ද නැවත වරක් තමා අවට බැලූ ඇය දුටුවේ ,තම සංගමයේ අන්තිමයා හෙවත් ප්‍රමාදකාරයා එන තෙක් දුම්රිය ස්ථානයෙන් පිටතට වී සිටින තරුණ පහේ පුංචි සංගමයකි.

ඇගේ දෙපා ටිකින් ටික ඔවුන් වෙත ගොස් නැවතුනි. දැන් ඇය දෙස පිටත සිට බලන්නෙකුට ඇයව පෙනෙන්නේ මේ පුංචි සංගමය මෙහෙයවන තරුණ පහේ ගුරුවරිය ලෙසිනි. මීට පැය බාගයකට පමණ පෙර ඇය සිටියේ දැන් ඇයට ප්‍රතිවිර්ද්ධ දෙසින් පාර එහා පැත්තේ ඇති උද්‍යානයේ සිමෙන්ති බංකුවක වාඩි වී ගෙන වුවද කළු හැදි ඇස් ගසන්නාගෙ ඇස් මායිමෙන් වහන් වීමට ඇය දුම්රිය ස්ථානයට පැමිණියේ ෆ්ලැට් ෆෝම් ටිකටුවක් ද අරගෙනයි.ඇය දැන් පිටතට පැමිණි නිසා , නැවතත් ඇතුලතට යාමට ටිකට් ගන්න වනවාට වඩා වැඩි බියක් ඇගේ සිත අරක් ගත්තේ, දුම්රිය සේවකින් ද තමා ගැන වරදවා සිතමින් ඇස් ගසන්නට පෙළඹෙයි යැයි ඇය සිතු නිසා වන්නට ඇත.


පුංචි සංගමයේ දඟයෙක් ඇයට සිනාවකින් කළ සංග්‍රහය දුර දිග ගියෙන් පුංචි සංගමය කවුද , කොහි යන්නෙ ද පමණක් නොව ප්‍රමාද සඟයා ගැන විස්තර පවා දැන ගන්නා තරමට ඇය සහ ඔවුන් හිතවත් වූයේ ඇගේ වේලාව ගතවීම ඇයට අමතක කරන තරමටයි.ඇගේ සිනහව, කතාව පුංචි සංගමයට සඳ පෑවුවාක් වන්නට ඇත්තේ ඇය සැබැවින්ම අකලට පෑයූ සඳක්ම නිසා වන්නට ඇත.

ඇගේ ලෝකය සංගමය සීමා වෙද්දී නද දුන් ඇගේ ජංගම දුරකතනයේ හඬ පවා ඇයට නෑසීයන්නට විය.

“ අක්කා ඔයාගේ ෆෝන් එක “

“ ආහ් . . . . “

ඇය වහ වහා අත් බෑගයට සුරත යැවූවද කලබලයේ තරමට ජංගමය සොයා ගන්නා අවස්ථාව වන විට පැමිණෙමින් තිබූ දුරකතන පණිවිඩය විසන්දි වූවා පමණි.

“ අපරාදේ . . . . . “

“ ආයෙ එයි .... අක්කා ඕක හෑන්ඩ් ෆෝන් එකක්. හෑන්ඩ් බෑග් ෆෝන් එකක් නෙමෙයි “

නැවතත් ජංගමය අත් බැගය තුලට රුවන්න ඇය ගන්නා වෙහෙස දුටු එක් සංගම් සාමාජිකයෙක් පවසන්නට විය.ඔහු දෙස බලා සිනා සුන ඇය තම අසාර්ථක අත්සාහය අතැර ජංගමය තම සුරතේ රදවා ගත්තී නැවතත් ගාලු කොළඹ ප්‍රධාන පාරේ දිවෙන වාහන පෝළිමට තම ඇස් යොමු කළේ , ඔහුගේ සුවඳ ළඟ ළඟම ඇගේ නැහැයට මෙන්ම හදවතට ද දැනුන නිසාය.

පුංචි සංගමයේ ප්‍රමාදකරු ඈතීන් දිව එනු දුටු සංගම් සාමාජිකයෝ යුහුසුළුව ඇගෙන් සමුගන්නට වූයේ කොළඹ බලා පිටත් වන දුම්රිය ද මහ හඬනඟමින් ඔවුන්ගේ පැමිණීම බලාපොරොත්තුවෙන් රැඳී සිටීම නිසාය.

“ ටිකට් ගනිල්ලා, ටිකට් ගනිල්ලා, අන්න ලේටා එනවා , අක්කා අපි එහෙනම් ගිහින් එන්නම්, බුදු සරණයි අක්කා. පරිස්සමින් “

ඔවුහු එකිනෙකා ඇගෙන් සමුගන්නට වූයේ කලක් පටන් හැඳින ගත් දයාබර මිතුරියකගෙන් සමුගන්නා පරිදිය.

ඔවුන් ගිය පසු තමා නැවතත් කළු ඇඳුම් කාරයාගේ ඇස්වහට හසුවිය යුතු ද? ඔවුන්ගේ ලේටා හෙවත් ප්‍රමාදකාරයා ඔවුන් අසලට පැමිණියේ වචනයෙන් පමණක් නොව මුළු ශරීරයෙන්ම ඔවුන්ගෙන් සමාව අයැදිමිනි.

“ පොඩ්ඩක් පරක්කු වුනා බං “

“ හොඳ පොඩ්ඩ, බොට අද පනිෂ්මන්ට් . ගනින් කාටත් උඹ ගානේ ටිකට්. . . . .ඔවුන් මහ හඬින් සිනාසෙන්නට වූ අතර..ඒ සිනා හඬ මැද්දේ සිටි ඇය , ඇගේ ප්‍රමාදකරු සොයනු වස් නැවතත් ගාලු පාරේ වාහන අතරට නෙත් යොමන්නට වූවාය.......

සුවඳ ලඟ ලඟම . . . . . . .

“Love is a promise, love is a souvenir, once given never forgotten, never let it disappear.”



නැති වූ මුදුව සොයමින් ,තවමත් වෙහෙසෙන
මම
෴ සොඳුරු සිත ෴

මුදුව දෙවන හා අවසාන කොටස ට මෙතනින්

25 ප්‍රතිචාර:

සුපර් මාරියෝ said...

මුද්ද දුන්නේ කවුද?
if(ex-boyfriend)
{
අනේ මෙහෙමත් චපල ගෑනු... බැන්දයින් පස්සෙත් කලින් එකා ගැනන් හිතන්නේ...
}
else{return o}

මමත් අම්බලන්ගොඩ.... හික් හික්...

eසිංහලයා(අකිල ප්‍රසාද්) said...

ලස්සන කතාවක් අක්කා............
ඉතුරු කොටසත් ඉක්මනට දාන්න...
කියවන්න ආසාවෙන් බලන් ඉන්නවා..

කිඩෝ said...

මතු සම්බන්දයිද නැත්තං අවසානයද??? මගේ මීටරේ අවුල් ගහලනෙ... අවසානෙ ටිකක් තේලෙන්නෑ වගේ...

පූසා said...

තව කොටසක් තියනවා නේද අක්කේ? හරිම ලස්සනයි ඉවසිල්ලක් නෑ ඉතිරි ටික කියවනම්!

Ravi said...

මැදඟිල්ල රැඳි රිදී වන් මුදුව,
දිලිසෙනා මිණක් බැඳි ඒ මුදුව,
නොමැකෙනා අතීතෙක මතක සැමරුම් නිබඳ,
සෙනෙහසේ නිසල විල් දිය තලේ,
අඳින තෙලි තුඩ ද ඔබමය සබඳ,

කල්හාර දිසානායක said...

අඤ්ඤකොරොස් බාං ...........
ඔලුවට වැටුනෙ නැහැ .........

Dinesh said...

මුදුවේ ඉතිරි කතාව එනකම් බලන් ඉන්නවා...

නිම්ශා said...

ලස්සනයි අක්කා...

Bindi said...

අපි අවසානය හිතා ගන්නද ? මතු සම්බන්දද ?

නිශ් said...

හ්ම්ම් කාලෙකට පස්සෙ ආයෙ හොඳ ලියමනක් වත් බලමු කතාවෙ ඉයුරු ටික

කිඩෝ said...

@සුපර් මාරීයෝ, අඩෝ උබත් අම්බලන්ගොඩද බන් මමත් අම්බලන්ගොඩ....

හා පැටික්කි (MS) said...

අනේ කතාව හිතාගන්න වෙනවද අපිට...... අයියෝ......... අපි පව්.....

සරත් ලංකාප්‍රිය said...

අපරාදේ ලිවිල්ල නැවත්තුවනම්....කියවන්න හිතෙන ලියවිලි.. ආපහු එන්නොන කීපවතාවක් ඔක්කොම කියවන්න. ..කුතුහලය ඉතිරිකරලා කතාව හිටි ගමන් නවත්තන එකෙන් ඉතින් බැනුම් තමයි හම්බවෙන්නේ !!

- නිල් අහස - said...

තව කොටසක් ඇති කියලා හිතෙනවා.
මේ ටිකෙන් හරි අදහසක් හිතා ගන්න අම‍ාරුයි වගේ.
බලමු ඊලග පෝසට් එක....

සිතුවිලි නිහඬයි said...

අක්කා...මේක මතුසම්බන්දයි නේද.............මාත් අම්බලන්ගොඩ...හික්ස්.........ඉකමනට ඉතිරිය ඕන ..........

සුපර් මාරියෝ said...

යකෝ කීදෙනෙක් අම්බලන්ගොඩද මෙතන ඉන්න....? :-o

නචියා said...

මුද්ද ගැන නම් මම හිතාගත්තා...ඊලග කොටසත් තියේ නේද... එකෙන් බලමුකො මුද්ද දුන්නේ කවුද කියලා..

ලස්සනයි...

nawammawatha said...

හ්ම්ම්.. මට හිතාගන්න පුළුවන් මුද්දේ හැඟීම අත්දැකීමෙන්.

හසී said...

හ්ම්ම්.. බලමු කවුද මුද්ද දුන්නේ කියලා

Bindi said...

අපි කාට කාටත් ඇති හිතේ හැංගිච්ච රිදී..පිත්තල මුදු...ඉඳ හිට අතගාල පොලිෂ් කලත් කමක් නැහැ ..එත් ඔව්ව උදේ හවා පැළඳ ගෙන උන්නොත් රන් මුදුව පව්. හොඳ කැරට් 24 රන් මුද්දක් හම්බ වුනාම ඔය පරණ පිත්තල මුදු කෑලි විසීම කරන්නත් පුළුවන් එකේ රශ්මියට.

...රන් මුද්දට ආදරේ මම ....

හිස් අහස said...

අප්පේ නිදාගෙන හිටි කෙනාට අහැරිලා .. දිගම දිග කතාවකට මුල පුරලා ! ඉතින් මමත් හති දාගෙන කතාව කියෙවුවා .

මුද්ද කතාව ලස්සනයි ..එන්නම් අදහස් දෙන්න ලබන ඊළඟ කොටසෙදීත් . ඔයාගේ ලිවීමේ හැකියාව ගැන මම වර්ණනා කරන්න ඕනෑ නැහැනේ !..ඒක හැමෝම දන්නවා

Helping To People said...

next...

යසියා said...

කටවහපිය මාරියෝ... මමත් පලවෙනි ආදරේ නැතිවෙනකම්ම හිතාගෙන හ්ටියෙ තහනම් පෙම වැරැද්දක්ය කියල... නෑ බන්.... අවන්ක ආදරේ මැරෙනකන් මතකයේ තියෙනවා...
උදාහරනයක් දෙන්නම්.....
කොච්චර වතුර ගැලුවත් මහාග0ගාවක...හැමදාමත් පතුලක් තියෙනවා... වතුර තිබ්බත් නැතත්......
තහනම් ආදරයට වයිර කරන්න එපා ඒක පවක්.....
මගුල් මුද්දෙන් ආදරේ නවත්තන්න බෑ...

වත් අක්කේ සමාවෙන්න මගෙ හදවත කෑගැහුවා ඒක දැකලා... ඔය වගේ කෙල්ලෙක් ගැන මම දන්නවා.. මගේ කලින් ආදරේ දැන් එයා නම් ප්‍රසිද්ද කරලත් තවම මම ගැන හොයනවා.....

"තහනම් සෙවනේ ඉන්න තව මොහොතක් ඉඩ දෙන්න"

සොඳුරු සිත said...

සුපර් මාරියෝ
අහා..... සුපර් නම් ඉතින් අම්බල්ගොඩ , ගාල්ල , මාතර පැත්තෙ පිස්සු කොල්ලෙක් වෙන්නම එපෑය නැද්ද..... දෙවෙනි කොටස ලීවා.ඉවර කරා...

සොඳුරු සිත said...

eසිංහලයා(අකිල ප්‍රසාද්)
ඉතිරි කොටසත් ලීවා... ගොඩාක් ස්තූතියි මල්ලි දිරිමත් කිරිමට...

කිඩෝ
තේරෙන්නෙ නැද්ද ..හ්ම් ඒක ඉතින් ලියපු කෙනාගේ දුර්වලතාවය. බලන්න අනිත් කොටසත් කියවල ටිකක් හරි තේරෙයි ද කියල..

පූසා
ඔවු මල්ලි.දෙවෙනි කොටස ලිවා. ඉවර කරා...ස්තූතියි මියෑව්වෝ....

Ravi
ස්තූතියි අයියා..හැමදාමතත් ලස්සනම ලස්සන කවි කමෙන්ට් එකක් ලියනවට....

කල්හාර දිසානායක
හ්ම් ඒ කියන්නෙ මගෙ ලිවීම අසාර්ථකයි....මම බං නෙමෙයි... ආයිත් කියවන්න මම කෙල්ලක් කියල හිතල...හිතන්න දෙයක් නැහැ කාහොමත් මම කෙල්ලක් හිහි

Post a Comment

සිතක් ‍සොඳුරු වන තරමට අදහස් බොහෝ දැවටෙනු ඇත. නුඹේ සොඳුරු සිතේ අදහස් වචන කර යන නුඹට මගේ ස්තූතිය..... කියවූ ඔබටත් ස්තූතියි.

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...