..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

Tuesday, May 31, 2011

෴ වියළුණ කවි දොළ ෴


සීතල පිනි කැට සිත තෙමනා යාමේ

මා නුඹ ගැන කවි පද ගෙතුවා ඊයේ
ඈතට ඈතට නුඹ ගිය අද දින
සීතල වී මා හද ගල් වී ඇත
නැහැ කවි ලියවෙන්නේ
පද නැහැ ගැලපෙන්නේ


කඳුළක උණුසුම හද දවනා යාමේ
සපථ වුනා නොසිතීමට නුඹ ගැන
නොපෙනෙ ඉමකට වහන්ව අද දින
පන්හිඳ නැති විලා
කවි පොත හිස් වීලා
පෙම ඇත මියැදීලා
මා සිත තනිවීලා


කවි දොළ වියලෙන මහ වැසි කාලේ
නුඹ ඉන්නව නම් නිල් විල වාගේ
නොපෙනෙන්නට වුන්නත්
සිත සතුටින් ඉන්නම්
නුඹ සිත සතුටින් නම්
කුමකටදෝ පද වැල්

වියළුණ කවි දොළ කඳුළින් පුරවන
මම
෴ සොඳුරු සිත ෴

ප/ලි :-

මේ දින වල කියවන පොතක පුංචි කොටසක් .....................
නොසලකා හරින ලද ළදරුවෙකු මෙන් ඔහු ප්‍රේමය පැතුවේය. ප්‍රේමය යනු රාගය නොව ආත්ම පරිත්‍යාගී ගැඹුරු සංතෘෂ්ඨියක් හා කාව්‍යමය *ප්‍රීණනයක් බව ඔහුට ඒත්තු ගියේ ය. එහෙත් මේ අවබෝධය ඔහු ලබා ගත්තේ ඕනැවට වඩා ප්‍රමාදවය. ඒ වන විට පසුතැවිලි හා හෘදය සාක්ෂියේ දෙස් තැවුල් වල ට ඔහු එල්ල වී අවසාන ය.
*
satisfaction

පොත :- රන් රෝස - ආරියවංශ රණවීර
        
The Golden Rose by Konstantin Paustovsky



Nobody knows what's better: the path of doubt towards insight, or the path that doesn't know any doubt.
- Konstantin Paustovsky -

14 ප්‍රතිචාර:

Bunny said...

"ප්‍රේමය යනු රාගය නොව ආත්ම පරිත්‍යාගී ගැඹුරු සංතෘෂ්ඨියක් හා කාව්‍යමය ප්‍රීණනයක් බව ඔහුට ඒත්තු ගියේ ය"

මටත් එත්තු ගියා :D

යසියා said...

අක්කේ අක්කගෙ හිත සුන්දරයි ඇත්තමයි... නැත්නම්.. පොතක කතාවක් තමන්ගේ කරගෙන අපිත් එක්ක බෙදාගන්නවයැ...
මොන වගේ කතාවක්ද වත් අක්කේ ඕකෙ තියෙන්නේ???
කෙටියෙන් කියන්න පුලුවන්ද?

ජනරඟ විජඉදු දේවසුරේන්ද්‍ර said...

සීමා මායිම් නැති සිතුවිල්ලක්..කෙලෙස ගලපන්නද හතරැස් කොටුවක

ශාන්..... said...

ලස්සනයි වත් අක්කේ.....

Dinesh said...

කවි හිත පාළුවෙලා
නුඹ මං ලග නැති නිසා
ගොතන කව් පදයක් පාසා
තාලය කොහිද අතරමං වෙලා..

මධුරංග said...

ලස්සනයි වත් අක්කේ මේ කවි පද ටික.

රාජ් said...

කදුලක උණුසුම හදවත දැවුමුත්..
නොපෙනෙන ඉමකට ඔහු අද ගියමුත්..
පන්හිද සැගවි ඇත තව ඔබ ලග..
සතුවිලි නිහඩ නොම කරන් කිසිදින..

Podi Kumarihami said...

//"ප්‍රේමය යනු රාගය නොව ආත්ම පරිත්‍යාගී ගැඹුරු සංතෘෂ්ඨියක් හා කාව්‍යමය ප්‍රීණනයක් බව ඔහුට ඒත්තු ගියේ ය" එහෙත් මේ අවබෝධය ඔහු ලබා ගත්තේ ඕනැවට වඩා ප්‍රමාදවය. ඒ වන විට පසුතැවිලි හා හෘදය සාක්ෂියේ දෙස් තැවුල් වල ට ඔහු එල්ල වී අවසාන ය.//

ඇත්ත කතාව. ඒත් කාට කියන්ටද?

සිතුවිලි නිහඬයි said...

කවි පද ටික හරිම ලස්සනයි....

- නිල් අහස - said...

සංවේදි හිතකට කවරෙකුගේ හෝ අත්දැකීමක් තමන්ගේ කරගෙන විදින්න වගේම විදවන්නත් පුලුවන්.

ලස්සන පද වැලක්....වත්

Helping To People said...

පෙම ඇත මියැදීලා
මා සිත තනිවීලා

Ravi said...

ඈත දුර කඳු මතින් ඇරඹී,
බුබුළු නඟමින් ගලාගිය දොල,
මසිත ඉපදුනු හැඟුම් කැටිකල,
තැවුනු සිත සැනසුවේ කවි දොල,

දාස් දෙන හිරු රැසින් වියැලී,
සිඳී ගොස් රත් වැල්ල පමණකි,
ඉවුරු තෙර වැතිරී ඉඳින්නෙමි,
කවි සිතද වැලි අතර වලලමි,

තරු අහස said...

නුඹ ගැන ලියවෙන කවි පද මැකුනා
සිතුම් ගෙතුම කල කාලය ගෙවුනා
ලොව්තුරු යැයි කී ප්‍රේමය මැවුනා
වැටෙහෙන විට නුඹ පව් යැයි සිතුනා...

කල්හාර දිසානායක said...

කීමට ඇත්තෙ ලස්සන පද වැල් ටිකක් බවය .......
එල ........

Post a Comment

සිතක් ‍සොඳුරු වන තරමට අදහස් බොහෝ දැවටෙනු ඇත. නුඹේ සොඳුරු සිතේ අදහස් වචන කර යන නුඹට මගේ ස්තූතිය..... කියවූ ඔබටත් ස්තූතියි.

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...