..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

Saturday, May 21, 2011

෴ සඳෙන් ඉඩමක් ගත් පෙම්වතාට ෴



අවර දිගින් හිරු බැසගෙන යන
සැන්දෑ හෝරාවේ
හෙන්දිරික්කා මල් පිපිලා සුවඳ
හමන හැන්දෑවේ


වැලි මිදුලේ අඹ ගහ යට මිටි බංකුවෙ එක තුරුලට
වාඩි වෙලා නුඹයි මමයි උන්නා නුඹ හට මතකද

අවර දිගින් හිරු බැසගෙන යන
සැන්දෑ හෝරාවේ
හෙන්දිරික්කා මල් පිපිලා සුවඳ
හමන හැන්දෑවේ


“ආන් බලන් “ නුඹේ ඇඟිලි දිග මා නෙතු රැවටිල්ලට
ලද ඇසිල්ලෙ නුඹ මා වත සිම්ඹේ ඇයි හොර රහසෙම


අවර දිගින් හිරු බැසගෙන යන
සැන්දෑ හෝරාවේ
හෙන්දිරික්කා මල් පිපිලා සුවඳ
හමන හැන්දෑවේ


මිටි බංකුවෙ මං විතරයි හෙන්දිරික්කා මල් යායට
ආරංචියි නුඹ ගිය වග සඳ ළඟ ඉඩමක් අරගෙන


අවර දිගින් හිරු බැසගෙන යන
සැන්දෑ හෝරාවේ
හෙන්දිරික්කා මල් පිපිලා සුවඳ
හමන හැන්දෑවේ


“Flatter me, and I may not believe you. Criticize me, and I may not like you. Ignore me, and I may not forgive you. Encourage me, and I will not forget you. Love me and I may be forced to love you.”


මිටි බංකුවේ තනිවම ඉන්න 
මම 
෴ සොඳුරු සිත ෴

12 ප්‍රතිචාර:

කල්හාර දිසානායක said...

සැලෙන්න එපා ........

- නිල් අහස - said...

අපූරුයි....
මොන තරම් ලස්සනට දුක සගවපු පද වැලක් ද..

Podi Kumarihami said...

ලස්සනයි.

සඳෙන් ඉඩමක් ගත්තේ ඔහේ ඉඞම් ගනන් හන්දා වෙන්ට ඇති.

MaRLaN said...

මේක ඔන්චිල්ලාවක් නේ...

කවිය(සින්දුව) ලස්සනයි අක්කේ

Helping To People said...

මිටි බංකුවෙ මං විතරයි

Dinesh said...

සදට ආදරේ නුඹ
ගිහින් සද ලගටම
නුඹත් එක්ක සද ගැන
කතා කල මා අමතක කර..

නිම්ශා said...

ලස්සනයි

dishanrajapaksha said...

ලස්සනයි ගොඩක්

Bindi said...

ඔයා සඳ ගැන ලියපු ලිපිය දැකලා වෙන්ට ඇති එයා වශී වුනේ

Ravi said...

හිත හිරිගඩු පිපෙන සුළඟ,
හමනා හැන්දෑ යාමේ,
හුදකලාව අඹ ගහ යට,
මම හිටියේ ළතැවිල්ලේ,

කන්ද උඩින් පුරහඳ පායන වක සොළසක් සපුරා,
අඹ අතු අතරින් මිදුලට කිරි සඳ දිය රැස් වගුරා,
බලා හිඳිමි සඳ වත මත නුඹේ සිනා කැන් දිලෙනා,
තනිවම මම සිටිමි මෙතැන නුඹට පෙනෙනවද මන්දා,

හිස් අහස said...

හඳ ගැන ලියන එවුවට ඉතින් සඳරු එක පයින්ම කැමතියි ..ආයේ අහන්න දෙයක් නෑ ..ලස්සන කැටිවූ දුක්බර කවියක් ඒක

යසියා said...

ගොම්මනක මල් සුවද මටද දැනෙනව තවම..
තවම නුබෙ උනුහුම ඉල්ලනව හදවතම...
නුබේ ඒ සුගන්දෙට නාස් පිඩු ලෝබෙන්ය...
රිද්දන්න බැහැ තවත් ඒකයි ගියේ මම...


විරහව හැමතිස්සෙම හොදම නිරමන හදන්නෙ අපි හැමෝටම ඒකට අත්දැකීම් තියෙන නිසං වෙන්නෑති නේද??

Post a Comment

සිතක් ‍සොඳුරු වන තරමට අදහස් බොහෝ දැවටෙනු ඇත. නුඹේ සොඳුරු සිතේ අදහස් වචන කර යන නුඹට මගේ ස්තූතිය..... කියවූ ඔබටත් ස්තූතියි.

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...