..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

මෙහි ලියැවෙන දෑ.............

"Art is something that lies in the slender margin between the real and the unreal."සාහිත්‍ය වනාහි සත්‍යයත් කල්පිතයත් අතර පිහිටි අනියත ප්‍රදේශයකට අයත් වේ.(Chikamatsu Monzaemon)

Sunday, May 15, 2011

෴ කවි පොතක් , සහ පාඨමාලා ගාස්තුවක් අතර මම ෴

වත් පොතේ ඉන්න අය අතුරින් , කවියක් නොලීව කෙනෙක් සොයා ගන්නත් බැරි තරම්. ඒ තරමට කවිකාරයෝ , කවිකාරියෝ පිරිලා.

ඒත් එයින් කී දෙනෙක් , කඩෙන් කවි පොතක් අරන් කියවල තියද?පොත් කඩවල් වල කවි පොත් රාක්ක ගානේ වේලෙනවා. සමහර පොත් කඩවල කවි පොත් නැහැ. විකිණිලා ඉවර වෙලා එහෙම නෙමෙයි. විකිණෙන්නෙ නැති නිසා , කවි පොත් ගන්නෙ නැහැ.

ඊයේ පෙරේදා දවසක , රාජකාරි වැඩකට ගාලු යද්දි , මම දැක්කා ගාලු පිට්ටනියට මෙහා තියන වෙළඳ සංකීර්ණයේ පොත් ප්‍රදර්ශණයක්. ඉතින් රාජකාරි වැඩේත් හිතුවටත් කලින් අහවර වුන නිසා , පොත් ප්‍රදර්ශණයට රිංගුවා.සංතකේටම තිබ්බෙ , මම කරන පාඨමාලාවට බඳින්න කියල ගෙනාව මුදල් ටික විතරයි. ඒකත් ගාණට.

පොත් අල්ලල බලනව විතරයි, ගන්නෙ නම් නැහැ කියල හිත හදා ගෙන ප්‍රදර්ශණයට ඇතුල් වුනා. කාලයක් තිස්සේ හොයපු පොත්, එහෙම් පිටින්ම රාක්ක උඩ. සෑහෙන මිලත් අඩුයි. පොඩි පොඩි අවුල් තමයි පොත් වල තිබ්බේ. කවර ඉරිලා. පිටු ඇලවිලා.කොහොමින් කොහොම හරි දන්නෙම නැතිව පොත් හතර පහ හයක්ම අතේ.කුරුණෑගල පැත්තෙ ඉඳල ආපු කට්ටියක් බවයි කතාවෙන් දැන ගත්තේ.

“ ලස්සන වසිලිස්සා “ පොත හොය හොය හිටපු , නමුත් හොයාගන්න බැරි වුන පොත... තව පොත් ගොඩාරික් තිබ්බා.

තෝරල බේරල ගත්ත පොත් ටික , බිල් කඩන තැනට ගෙනල්ල මම කීවා.

“ මල්ලි , බිල ලියන්න කලින් මට ගාණ කියද කියල කියන්න “ කියල.

ගාණෙ හැටියට , පොත් දෙකක් අයින් කරන්න වුනා.

ඉතිරි ටික ගෙදර අරන් ආවේ , හිතේ සතුටකින් වගේම හිතේ තිබ්බ ලොකු බරකින්. මොකද ,කියනවනම් පාඨමාලාවට මුදල් බඳින අන්තිම දවස අද. ඒත් ඒක අද බඳින්න බැරි වෙනවා.මුළු මුදලට තව දෙදාස් ගාණට ආසන්න මුදලක් අඩුයි..

එන විදිහක් බලමු කියල හිත හදා ගත්තෙ , පොත් ටික දිහා දිලිසෙන ඇස් යවන ගමන්.

ඒ අතරෙ තිබ්බ කවි පොතක තිබ්බ කවි පන්තියක් මේ සමඟ ලියන්න මට හිතුනේ කවි පොතක් පල කරපු ඒ රචකයාට උපහාරයක් විදිහටයි.

තිස් පැයේ කණට වැටුනද දහම් නිතී
පංසලේ වෙසෙන බල්ලන් සපා කතී
යහගුණේ සපිරි මිනිසුන් අතර සිටී
නුහු ගුණේ තිබෙන දුදනද එසේ වෙතී


හංසයා දියෙන් කිරි වෙන් කළද සොඳින්
කණ කොකා සමත් වේවිද එයට ඉතින්
නොහැකි මුත් සපන් කම් සෙසු අයට උඩින්
බෝ සිටී හංසයන් වන්නට හදන කොකුන්

කලාලය වියූ මිනිසා එ දුක දනී
කලාලය මතින් යන අය එය නොදනී
බොහෝ දුක් දරා මල් මාලා සැඳුනි
එමල් පැළදි අය දන්නෙ සැප පමණී

පියාසර කරන දහවල් නොයෙක් අත
බොහෝ සියොතුන්ට නිදනට කූඩු ඇත
දෑත දෙපය ඇති සමහර දනන් වෙත
පාර මිසක රෑ නින්දට ගෙයක් නැත

රණින් කෙරුන අපමණ මිණි වොටුනු මත
කැළුම් නගා සැරසුවද තමන් වත
කුළුණු ගුණෙන් තොරවී කුරිරු නම් සිත
රනින් කළ ඳ ඒ හදවත පලක් නැත

කවි පොතේ නම ; හිතෝපදේශය නොකී කවි
වන්ද්‍රසිරි දොඩන්ගොඩ
කවි විතරක් නෙමෙයි , ලස්සන චිත්‍ර පොත පුරාම තිබ්බා
චිත්‍ර ඇඳල තිබ්බේ ; ශානත කේ හේරත්

20 ප්‍රතිචාර:

Buratheno said...

හික් හික් හික්.. මාත් සමහරවෙලාවට ඔය වැඩේ කරලා තියෙනවා.. නිකං උඩින් උඩින් බලන්ට කියලා ගිහිං පොත් මිටියක් අතින් අරන් ගෙදර එනවා.. පොත් ප්‍රදර්ශනේකට ගියාම මට තියෙන ලොකුම ප්‍රශ්නෙ තමා මොන පොත්ද නොගන්නෙ කියන එක.. :)

තිස්ස දොඩන්ගොඩ said...

අර "ලස්සන වසිලිස්සා" පොත පරණ එකම නම් මට විකුණනවද...? සාධාරණ ගාණක් කියන්න... මම ගන්නවා...

said...

තිස්ස අයියේ වසීලිස්ස පොතක් ඕනේද? අලුතින් ගහලා තියේ පරණ එකට 75%ක් සමාන එකක් ගාන නම් 600ක් වෙනවා ඕනේ නම් ඒකක් අරන් එවන්නම් ඔහාට :-)

Dinesh said...

ඇත්තනේ අක්කේ මමත් කවි පොතක් කියවලාම නැහැනේ... කෝස් එකේ සල්ලි වලට ඉතින් මොකද කර ගත්තේ??

nawammawatha said...

ඔයාත් එතනට ගියාද, පහුගිය හයවෙනිද දවාලෙ ගමේ ගිහිල්ල එනගමන් ආයෙම කොළඹ එන්න තිබුන බස් එක පිටත් වෙන්න විනාඩි විස්සක් තිබුන නිසා මායි චූටිමැණ්කෙයි පුතුපැටියයිත් එතනට ගියානෙ. මටත් ඔය පොත් ප්‍රදර්ශණයක් දැක්කොත් මඟෑරල එන්න බැරි ලෙඩක් තියෙනව.

kumaraya said...

මමත් ඉතින් .. ඔය පොත් ප්‍රදර්ශන වල කරක් ගහන්න ආසයි.. ඒ වුනාට වැඩියෙ පොත් ගන්නෙ නම් නෑ. සල්ලි නෑනෙ. ඉඳල හිටල ගන්නෙ ඔය නවකතා වගේ දෙයක් තමා ..ඒත් මට ඕනකරන පොත නිතරම හොයාගන්න නෑ....මම හොයන්නෙ නිකොලොයි ගොගොල්ගෙ මළ මිනිස්සු / එහෙම නැතිනම් රොබින්සන් කෲසෝ එකේ පරණ මුද්‍රණයක්/ ඒත් නැතිනම් රොබට් නොක්ස්ගෙ ලංකා විස්තරයෙ පරණ එකක් [මෑතකදි ගහල තිබ්බ හෙන තඩි මුද්‍රණයක් .. දකිනකොටම අප්පිරියයි.ගන්න හිතෙන්නෙත් නෑ.]
කවි පොතක් නම් ජීවිතේට අරගෙන නෑ. පොඩි කාලෙ ඉඳලම ඔය කවි කියන ජාතිය මට ඇල්ලුවෙ නෑ.

සොඳුරු සිත said...

Buratheno
සහතික ඇත්ත Buratheno. ලෝභකම මිස වෙන මොකක්ද? පොත් දැක්කම ඇති වෙන තන්හාව.

මම ගෙනාපු සමහර පොත් ටිකක් කියවන කොට මොකට ගෙනාව ද කියල හිතිලත් තියෙනවා.

තව සමහරක් පොත් තුන් හතර පාර කියවල තියෙනවා.

ස්තූතියි Buratheno ..මේ පැත්තෙ ගොඩ වැදුනට.

සොඳුරු සිත said...

තිස්ස දොඩන්ගොඩ
අවසානාවක මහත. ඒක වසිලිසා වුනාට. ඉංගිරිසි පොත.Vasilisa The Beautiful..........

මම ඉස්සලාම කියෙවුවෙ ඝන කවරය තියෙන සිංහල පොත. ඒ පොත ආයෙ ආසාවටවත් දකින්න බැරි වුනා.

ඔන්න මරණෙ ගාව ඒ පොත තියලු. කීය ගියත් කමක් නැහැ අයියා. පොත ගෙන්න ගන්න.

දරුවන්ට බලන්න කියාපු පොත...

සොඳුරු සිත said...


අන්න “ම“ කරන ව නම් හොඳ වැඩ. ස්තූතියි... තිස්ස අයියට පොතක් යවමු...

සොඳුරු සිත said...

Dinesh
කෝස් එකේ සල්ලි ගෙවන්න පරක්කු වුන නිසා , වැඩිපුර රු.1000ක් ගෙවන්න වුනා....

මොනා කරන්නද ? පොත් ටික ගත්ත නෙව...හිහි

ස්තූථියි Dinesh මල්ලි.

සොඳුරු සිත said...

nawammawatha
අහා... මම ගියේ 4 වෙනි ද බදාදා දවසක වගෙයි මතක.... එහෙනම් අපි කවුරු කවුරු එක අත්තෙ කුරුල්ලෝ..

ස්තූතියි නවම්.........

සොඳුරු සිත said...

kumaraya
කුමාරයා ගොඩක් කලකින් ... මාලිගාවේ ඉන්න කුමාරයටත් සල්ලි නැහැ කියන්නෙ ඉතින්...

ඔයා අච්චර පොත් ගොඩක් කියවන්නේ පුස්තකාලයෙන් අරන් ද? අපිට කොහෙද එච්චර හොඳ පුස්තකාල....

ඔයා මම ලියන කවිත් කියවන්නෙ නැද්ද කුමාරයෝ.

ගල්මල්-Coral said...

පොත් දැක්කොත් නම් ආයේ කතාවක් නැහැ, පොත් ගන්න සල්ලි තිබුනේ නැති කාලේ බැනුම් අහ අහා පුස්තකාලවල පිහිට තමයි. ලස්සනම වැඩේ කියවන්න පොත් අරන් යන අය මතක් වෙන්න ද කොහේද පොත් ආපහු ගෙනත් දෙන්නේ නැති එකයි.

ගල්මල්-Coral said...

කවි පොත්වලට කැමති අයට පොඩි හෝඩුවාවක්:

සුබස පොත්ගුල
http://www.subasa.lk/pothgula/download.php

සැළලිහිණි සන්දේශය, සිරිත් මල්දම, අමාවතුර, යසෝදරාවත, කව්සිළුමිණ, වදන් කවි පොත... කෘතීන් දැනට මෙතැනින් ලබාගන්න පුලුවන්.

මෙය කොළඹ විශ්ව විද්‍යාලයේ අගනා වැඩක්.

චමිල said...

මම නන් කවි පොත් සෑහෙන්න ගත්ත ඒ දවස්වල. ගොඩක් වෙලාවට සති අන්තෙ නුගේගොඩ පැත්තෙ ඇවිදලා පොත් කීපයක් අරන් එන සිරිතක් තිබ්බ. කොහොමත් කවි කියවන්ඩ කැමති. කවි පොත් ගන්ඩ තව හේතුවක් තමයි ඒවයේ ගාන අඩු වීම. අනික කියවන්ඩ තියන පහසුව. වැඩට යද්දි බස් එකේදි හරි කෝච්චියේදි හරි කියවනවා. බහිද්දි පොත කියවල ඉවරයි.
කවි පොත් ගාන අඩු උනත් සල්ලි දීලා ගන්න අයනම් ගොඩක් අඩුයි.

@ගල්මල්-Coral
මේක නම් ගොඩක් වටිනවා. ස්තූතියි...

Bindi said...

අනේ මන්ද මටත් ඔය ලෙඩේ තියෙනවා තදටම. පොත් කියව කියව ගිහින් බස් නැවතුම වැරදිච්ච වාර අනන්තයි. ගෙට ගොඩවෙද්දීම තියෙන්නෙත් මහා විශාල පොත්රාක්කයක්. දැන් නම් වැඩිපුර ළමා පොත් තමයි.

ගහේ කටු උල් කරන්න ඕනය . තවම පෙර පාසලේ ඉන්න පුංචි කෙල්ල කියවන අපුරුව දැකල ගුරුවරු පුදුම වෙනවා.

ඔයාගේ කවි ලස්සනයි. මමත් කවි වලට ආසයි.

Ravi said...

හෙහ්.....පොත් ප්‍රදර්ශන ගැන නම් කතා කරන්න එපා.පාර අයිනෙ ලෑලි දෙක තුනක් හරස් කරල පොත් ටිකක් වනාගෙන හිටියත් ඒක ඇතුලට ගිහිල්ල සමහරවිට දූවිලි පිරිච්ච පොත්වල දූවිලි ටිකක් වත් අතේ ගා ගත්තෙ නැත්නම් මට එදාට ඔන්න නින්ද යන්නෙ නෑ.

අනික ඔහොම නොසිතූ තැන්වල තිබිල මට බොහොම වෙලාවට මම කාලයක් හොයපු පොත් හම්බ වෙලා තියෙනවා. ඒ නිසා මම ඔය පොත් ප්‍රදර්ශන වලට දැක්කොත් නොගිහින් ඉන්නෙ නම් නෑ.

කල්හාර දිසානායක said...

මටත් ඔය වගේ වැඩ වෙලා තියනවා ...... පොත් ගන්න ගියාම කරන්න තියන වැඩ ඔක්කොම අමතකයි .........

රජිත් said...

පොඩි කාලේ නම් පොත් හුගක් කියවනවා.නමුත් දැන් කියවන්න ලැබෙන කාලය අඩුයි.ගොඩක් වෙලාවට පුස්තකාලෙන් ගේන පොතුත් භාගෙට කියවලා ගිහින් බාරදෙන වෙලාවලුත් තියෙනවා.දැන් නම් වැඩිපුර පත්තර තමයි බලන්නේ.

"දෑත දෙපය ඇති සමහර දනන් වෙත
පාර මිසක රෑ නින්දට ගෙයක් නැත"

මට මේ ලියලා තියෙන කවි පේලියෙන් හිතට වැදුනු කවියක් .මේ ලගදි බස් එකක යද්දිත් හිගන්නෙකුට මිනිහෙක් බැන්නා ඔය කවියට සමාන කවියක් කියලා.............:D

kumaraya said...

අපොයි ''වත්'' ... මම ඔයාට මීට කලින් කියල තියෙනවනේ ... කුමාරයෙක් වුණාට මම දුප්පතෙක් කියල.
කවි නොකියවනව කියල මම කිව්වෙ නෑ. මම කියල තියෙන්නෙ මට ඒව වැඩිය හිතට අල්ලන්නෙ නෑ කියලයි.

Post a Comment

සිතක් ‍සොඳුරු වන තරමට අදහස් බොහෝ දැවටෙනු ඇත. නුඹේ සොඳුරු සිතේ අදහස් වචන කර යන නුඹට මගේ ස්තූතිය..... කියවූ ඔබටත් ස්තූතියි.

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...