..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

Saturday, May 14, 2011

෴ කපෝත ජාතකය ( කාක චෞරයන්ගෙන් පරිස්සම් වන්න ) ෴


අහසේ මැතිඳු පිං පාටින් දිලේය
ඒ පින් සඳේ ආලෝකය නැඟේය
බ්ලොගයේ ලිපිය වෙත පුන් සඳ එතේය
ජාතක කතාවක් නුඹ වෙත ගෙනේය


එක් සමයෙක් හි තිලෝගුරු බුදුරජාණන් වහන්සේ දෙව්රම් වෙහෙරෙහි වැඩ වසන සේක් ; එක්තරා ලෝභී වූ භික්ෂූන් වහන්සේ නමක් අරබයා කපෝත ජාතකය වදාළ සේක.

පින්වතුනි ; බ්ලොග් පාඨකයිනි ;

බරණැස් නුවර රජකෙනෙකුන් සිටින්නේ
ඔහුගේ නමින් මුළු භවනම දිලෙන්නේ
නුඹ මා දන්න රජකෙනෙකුයි සිටින්නේ
බඹදත් රජුන් දවසයි මෙය කියන්නේ

අප මහ බෝසතාණන් එහි උපන්නේ
සිටු ගෙයි පරවි කූඩූවකයි වෙසෙන්නේ
කූඩූව නිවසෙ මුළුතැන් ගෙයි තිබෙන්නේ
අරකැමි තුමා සමඟින් යහතින් සිටින්නේ

බෝසත් පරවි කුරුලා උදයෙම යනවා
බට කඩ පුරා රස ආහාර වළදනවා
රෑ කළුවර ගෙවෙද්දී යළි පියඹනවා
පරවිය සිතේ සතුටින් එහි නිදියනවා

දවසක් කපුටු කුරුලෙක් මේ ගෙයට උඩින්
පියඹා යද්දි දැනිලා එහි සුවඳ රැසින්
රස ආහාර ඇතේ මෙහි මට දැනෙන යුරින්
මෙහෙ නවතින්න ඇත්නම් එය පිනකි ඉතින්

මේ ලෙස සිතන කපුටා එහි විමසිල්ලෙන්
සිටු ගෙයි කෑම උයනා සැටි සැරසිල්ලෙන්
බලා සිටින විට කපුටා නැරඹිල්ලෙන්
පරවි කුරුල්ලා එහි රිංගනු දුටියෙන්



හෙට උදයේම පරවියා මුණ ගැසිය යුතූ
ඔහු සමඟින් සංවාදය තිබිය යුතු
ඔහුගේ මඟින් මේ භවනට එඹිය යුතු
මෙහි ඉදෙනා මසේ රස මම බැලිය යුතූ

පසු දා උදෑසන පරවිය ඉගිල යතේ
කපුට ඔහුගෙ පසු පස්සේ හඹා යතේ
ලං වූ විටදි කපුටා දා බසක් මෙසේ
පරවිය සමඟ ඉන්නා සැටි අසයි මෙසේ

පරවි රජෝ නුඹ ගැන පැහැදුනිමි මම
නුඹ හට උපස්ථානය කෙරුමයි මගේ සිත
නුඹ සමඟින් එක් කූඩුවෙ වසන්නට
දෙනු මැන අවසරය මා සිත පිනා යත

පෙනේද කපුටගේ කපටි කම

නුඹ හා මා වෙනස් බව නුඹ නොදන්නෙද
අප දෙදෙනා විසුම එක ගෙයි නොවන්නෙද
ආහාරයත් වෙනසක් නොම පෙනෙන් නෙද
එහෙයින් උපස්ථානය කෙලෙසින් කරන්නෙද

පරවියා එහෙම කපුටගෙන් ඇහුවා

ඒ බව දනිමි , මම කාබී පැමිණෙන්නම්
රෑ කල නුඹත් සමඟින් වාසය ඉන්නම්
අවසර දෙන්න නුඹ සමඟින් මිතු වෙන්නම්
කපුටා කීව වදනට පරවිය ඉඩ දුන්නා

ඉතින් දැන් , කපුටාත් පරවියත් දෙන්නම වාසය කරන්නේ සිටු මැදුරේ තියන අර , අරක්කැමියා හදල දුන්න කූඩුවේ.

දෙන්න උදේම කුඩුවෙන් පිටවෙලා කැම බිම අරන් හවස් යාමේ ආපහු කූඩුවට එනවා.

ඔන්න ඉතින් දවසක්

දවසක් සිටු ගෙදර ලොකු පාටියක් ඇති
මුළුතැන් ගෙයත් රස මසවුළු ගොඩක් ඇති
ඒ අතරෙත් මස් මාළුත් පිරී යතී
මෙය දුටු කපුටාගෙ සිත සතුටින් පිනා යතී

බොරු ලෙඩ අරන් කපුටා දැන් අසනීපෙන්
පරවිය විතරක්ම උදයෙන් පිට යාමෙන්
යන්නට කලින් අවවාදය පරවියගෙන්
කපුටෝ එපා වරදක් හෙම නොම කරපන්



පරවියා ගියා ඉගිලී දවසේ වැඩට
කපුටා ඉන්නවා කූඩුවෙ හොරකමට
අරකැමි මෙහා වෙන සීරුවෙ හොරවැඩට
කපුටා ගන්නවා මස් ඌගේ හොටට

අරකැමි ඇවිත් විමසුම් ඇස් වටේ යනා
හොරකම් කරන කපුටා බව ඉවෙන් දනා
අල්ලා ගන්න හොර කපුටා අතට ඉතින්
අරකැමි සැඟව ඇත විමසුම් රැඳුන ඇසින්

අරකැමි නැතේ කපුටා එනවා ඉගිලී
මස් හොට අරන් යන්නට හදනව ඉගිලී
අරකැමි පැනල අල්ලා ගන්නව එහදී
තෝ හොර කපුටා දෙන්නම් බැට උඹට සරී

කපුටාගේ පිහාටුයි අමුවෙන් ගැලවෙන්නේ
කපුටා වේදනාවෙන් කෑ මොර දෙන්නේ
නිරුවත් සමට අබ මිරිසුයි ඔහු දෙන්නේ
කපුටා ඉන්පසුව කූඩුවටයි යන්නේ

හවස් වන විටදි පරවියා පැමිණෙනවා
කපුටට වෙච්චි දේ දැක ඔහු දුක් වෙනවා
මිතුරේ නුඹෙ ලෝභය දැන් වැටහෙනවා
මම මෙහි නොසිට වෙන තැනකට පියඹනවා




එලෙසයි ජාතකය ලියවී තිබෙන්නේ
පාඩම් ගොඩක් සිතකට නම් ගෙනෙන්නේ
කපුටා පරවියා ලෙස දෝ සිතන්නේ
පරවිය මිසක කපුටෙකු නම් නොවන්න



උගත හැකි පාඩම්  ;
* වෙනස් අරමුණු ඇති පුද්ගලයින්ට ,එක් ව විසීම අපහසු බව.
* තම අරමුණට ළඟා විමට ගන්නා විවිධ ව්‍යාජ හේතු නිසා කොයි කවර වේලාවක හෝ අමාරුවේ වැටෙන්නෙ තමාව බව.

6 ප්‍රතිචාර:

කිඩෝ said...

ඇයි අක්කට එකපාරටම මේක මතක්වුනේ????

Lahiru Udayanga said...

ඇත්ත අක්කේ..ම්ක මම අත්දැකීමෙන්ම දන්නවා. :D

ගල්මල්-Coral said...

කතාවෙන් දෙන උපදේශය පින් දී හිතට ගත්තෙමි, බොහෝම ස්තුතියි වටිනා පොස්ට් එකට.

මේ තෙමඟුල් සමයේ සියළු සිත් බැතියෙන් පහන්වී ලොව සාමය හා සතුට උදාවේවා!

හිස් අහස said...

ඒක මහා බියකරු කතාවක් .. කපුටගේ පිහාටු ගලවන තැනදී මට මහා මොකද්දෝ අමුතු නිකම් අර මේ එපාවෙච්ච වගේ හැඟීමක් ආවා ..

අක්කා කලින්ම තොරන් බලන්න ගිහිල්ලද

Bindi said...

අපිට කෝ ඉතින් වෙසක් තොරන්. ස්තුතියි වසක් සමයේ බණ කතාවට.

දුකා said...

ජාතක කතාවයි උපදේසෙයි කවියෙන් නියමෙට දීලා තියෙනවා වත් . . අපූරුයි . .

මේ ඒක නෙමෙයි තොරණ් ගහපු අය දනන්වනම් ඔයාට මේ වගේ ජාතක කතා කවියෙන් කියන්න පුලුවන් කියලා . . .තොරණ් ගාව පදිංචි වෙන්න වෙනවා ඔයාට එහෙනම් . .. හි හි හී

Post a Comment

සිතක් ‍සොඳුරු වන තරමට අදහස් බොහෝ දැවටෙනු ඇත. නුඹේ සොඳුරු සිතේ අදහස් වචන කර යන නුඹට මගේ ස්තූතිය..... කියවූ ඔබටත් ස්තූතියි.

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...