..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

මෙහි ලියැවෙන දෑ.............

"Art is something that lies in the slender margin between the real and the unreal."සාහිත්‍ය වනාහි සත්‍යයත් කල්පිතයත් අතර පිහිටි අනියත ප්‍රදේශයකට අයත් වේ.(Chikamatsu Monzaemon)

Monday, May 2, 2011

෴ මඟ වැරදුන කුරුළු රජෙක්ට ෴


කුරුළු කැඳැල්ලක උණුසුම කැටිවූව
කිරිලිය අඟෙයි පැටවුන් සුරතල් වූව
තම කූඩුවෙ සැනසුම සුව මදි වූව
විහඟෙකු සිත පිට යයි අවනත නූව

කවියට කලාවට  පදයට පෙම් බන්දා
කී ගී නිසා වුන් තැන අමතක  වූවා
ඉගිලී ගියත් සිත, ගත  කූඩුවෙ රන්ඳා
සිහිවන විටදි මඟ වරදක හිර වූවා

කළ දේ වැරදි දෙදෙනකු දැන් තැවෙන්නේ
තනිකඩ කිරිල්ලිය වෙනතක් බලන්නේ
අත්බැඳ ළං වු කිරිලිය හිත බිදෙන්නේ
නුඹ හට දැන් ද ඇය සිහියට නැඟෙන්නේ

කඳුළැල් සලන විහඟා ගයනා ගීත
ඇය හට ඇසේවා බිඳි හද සුවවූව
පෙර පෙම් හැඟුමන් ලොව නැවතත් ළං වූව
සෙනෙහස දැනේවා සිත වල්මත් වූව
 
ආදරයෙන් පිරි කූඩුව සදාලා
උණුසුම ගේන සිත ඒ තුල ඔතාලා
කිරිලිය පැටවුනුත් සමඟින් බෙදා ලා
වෙනකකු කුමට නුඹෙ ගීතය ගයාලා


What a happy and holy fashion it is that those who love one another should rest on the same pillow. 




අහක බැලූ තනිකඩ කිරිල්ලිය
මම
෴ සොඳුරු සිත ෴

6 comments:

  1. සැමදා නුඹත් සමගින් මෙහි පියමැන්න
    මා හට කාලයයි දැන් සමුගෙන යන්න
    දිනකදි අවැසි වූ‍වොත් මා වෙත එන්න
    අපට පුරුදු ගීතය නුඹ මුමුණන්න...

    - වෙන්ව යන කිරිල්ලියට කුරුල්ලෙකුගේ කවිය -

    ReplyDelete
  2. ඇගෙ හිත ඇතුලෙ ප්‍රේමය නොම වූවාලු
    තනිකඩ කිරිල්ලිය වෙනතක් බැලුවාලු
    එනමුදු කුරුල්ලා කලබල නොම වීලු
    ඌ තව කිරිල්ලියකට පෙම් බැන්දාලු

    ReplyDelete
  3. ආදරේ පිරි කූඩුව හැර දමලා
    ඉගිල ගියේ කිම සිත දුකෙහි රදවා
    පුන්ච් පැටවි හඩන හඩ ඇසීලා
    එන්න ආයෙත් කූඩුවට පියාඹලා..

    ReplyDelete
  4. කට්ටියම කවි ලියලා ..ඒත් ඉතින් අපි ගීත කෝකිලයෝ නෙවෙයිනේ ..අපි දන්නේ අදහසක් දෙන්න

    ලස්සන කවි පද ටික අක්කේ ..

    ReplyDelete
  5. කුරුළු කැදැල්ලක උණුසුම කැටිවුණු
    අමා සුවය දෙන අතු පැල හෙවණේ
    අසරණ වූ දා මට ඔබ පමණයි
    මඳකට හෝ සැනසුම ගෙන දෙන්නේ

    ReplyDelete
  6. කාලෙක ඉදලා මේ පැත්තේ ඉන්නෙම මග වැරදිච්ච උන්...මොකෑ මන්දා?..

    ReplyDelete

සිතක් ‍සොඳුරු වන තරමට අදහස් බොහෝ දැවටෙනු ඇත. නුඹේ සොඳුරු සිතේ අදහස් වචන කර යන නුඹට මගේ ස්තූතිය..... කියවූ ඔබටත් ස්තූතියි.

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...