..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

Monday, April 25, 2011

෴ ආත්මීය හුදකලාව / Solitude



පාර පුරා පිපි පාට පාට මල්
සුවඳින් මාවත සැරසෙන්නේ
මල් මත සරණා සමණළ බිඟු රැළ
උදයෙම ගීතය අරබන්නේ

යන එන , නවතින අය ඒ අතරේ
සුබ පැතුමක් එක් කර යන්නේ
මේ හැම අතරේ නැතිවුන දේ ගැන
සිතමින් මං ඇයි වද වෙන්නේ

සියයක් සෙනඟක , හැමදෙන අඳුරන
මගෙ නෙත සිත ඇයි කකියන්නේ
මා හදවත යමෙකකු ගලවන් බව
නිතරම ඇයි මට සිහිවන්නේ

මල් මාවත , ගුමු ගීතය , පැතුමන්
මා වට අත්වැල් සයපයනවා
ඒ තාලෙට නැලවෙන මගෙ ගත සිත
ඈතට නොදනිම පා වෙනවා
“Loneliness and the feeling of being unwanted is the most terrible poverty.”

හැඟුමට - උණුසුම
සිතකට - සැනසුම

වගේම

මතකෙට නුඹ නැතිව

හුදකලා වූ
මම
෴ සොඳුරු සිත ෴

10 ප්‍රතිචාර:

BlogShan said...

ela. tharu 5i

*****

Dinesh said...

ගයන ගියක තනුව වි ලග
නුඹමයි නිරතුරු සවනෙ ඉන්නෙ
ස්වර අතරෙ නැලවි හිමිහිට
නුඹමයි මා සොයාගෙන එන්නෙ...

rajith said...

කවියකින්ම පිලිතුරු දෙන්න තිබ්බානම් හොදයි.මීට පස්සෙවත් එහෙම කරන්න බලන්නම්.

Helping To People said...

අාත්මීය හුදකලාව සසරපුරා

සොඳුරු සිත said...

BlogShan
ඇයි තරු පහක්... දෙන්න කො තරු 10ක්...ස්තූථියි BlogShan මල්ලි.........

සොඳුරු සිත said...

Dinesh
ගීයක - පද
කවියක - ලය
කුමට පලක්
නුඹ නැති කල

ස්තූථියි දිනේෂ් මල්ලි ..

සොඳුරු සිත said...

rajith
අන්න හොඳයි. බොහොම හොඳ අදහසක්. කවියකට පිළිතුරු කවියෙන්ම දෙන්න. කවි ලියන්න පුලුවන්. ලියලම බලන්න කෝ.
ස්තූථියි රජිත්...

සොඳුරු සිත said...

Helping To People
මට තරහ නැතිව ඔයාගේ නම කියන්න පුලුවන් ද? ඔයාටත් ගොඩක් ස්තූථියි . හැමදාම මේ පැත්තෙ ඇවිත් යනවට වගේම අදහසක් ලියල යනවට.
ඒ වගේම යාළු...දුකින් ඉන්න එපා හොඳද...

හිස් අහස said...

අක්කගේ කවි වලට ලස්සනයි කියලම කට රිදෙනවා ... පිලිතුරු කවියක් ලියන්නත් මට බෑනේ ! ... මම ලීවොත් ඒක පැල් කවියක් වගේ තියෙයි !

Ravi said...

When Christ said: "I was hungry and you fed me," he didn't mean only the hunger for bread and for food; he also meant the hunger to be loved. Jesus himself experienced this loneliness. He came amongst his own and his own received him not, and it hurt him then and it has kept on hurting him. The same hunger, the same loneliness, the same having no one to be accepted by and to be loved and wanted by. Every human being in that case resembles Christ in his loneliness; and that is the hardest part, that's real hunger. - Mother Theresa.

Post a Comment

සිතක් ‍සොඳුරු වන තරමට අදහස් බොහෝ දැවටෙනු ඇත. නුඹේ සොඳුරු සිතේ අදහස් වචන කර යන නුඹට මගේ ස්තූතිය..... කියවූ ඔබටත් ස්තූතියි.

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...