..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

Thursday, April 14, 2011

෴ මගේ අවුරුද්ද III ෴ (අවසන් කොටස )


‘‘ සුදු මැණිකෙ . . .  මේ අහන්න සුදු මැණිකෙ. අනුන්ගෙ පවුල් ගැන හොයනවට වඩා නරක ද , තමන්ගෙ පවුල ගැන බලාගත්තනම්. මම මේ තරහකට කියනව නෙමෙයි සුදු මැණිකෙ. විමලෙ දැන් දරු දෙන්නෙක් ගෙ අප්පච්චි කෙනෙක්. තව එකෙක් බඩේ. ගිය දේවල් ගැන සොයල හිත නාක් කර ගන්නවට වැඩි ය හොඳ නැද්ද ? තමන්ගෙ පාඩුවෙ වුන්න නම් . මීට වැඩිය දේවල් මගෙන් අහන්න එන්න එපා. “

හුන් පිලෙන් නැගිට ගත් ඔහු දැරිය ද එතනම දමා ගෙතුලට යෑමට ගොස් නැවතත් හැරී මා දෙස බැලුවේ මා ද , පිටුපා යන ඔහු දෙස බලා සිටිය දීම ය.

“ මේ ලබන්න තියෙන අලුත් අවුරුද්දෙවත් ඒක සිහියට අරන් වැඩ කරන්න බලන්න සුදු මැණිකෙ“ 

කුඩා දැරිය ලයට තුරුල් කර ගත් මා ඇගේ හිස සිම්ඹේ පූස් පැටියකු මෙන් ඇය මා තුරුලට තව තවත් තුරුල් වෙද්දීය.

රාත්‍රී කෑම මේසය උත්සව සිරි ගත්තේය. පොඩි වුන් නැගණියගේ බැනුම් ද නොතකා අයිස් ක්‍රීම් , කෑමට ගත්තේ බත් පත දෙස නෙත් කොනකින් වත් නොබලමිනි. මට සිහිවූයේ ගල් පියස්ස ලඟ දිදුටු දරු දෙදෙනායි. ඔවුන් විමලෙගෙ දරුවන් ද ?


පසු දින උදෑසනම මා මහ ගෙදරින් පිට වූයේ සිතෙහි ක්‍රියාත්මක වෙමින් තිබූ අරමුණු කිහිපයක් ඉටු කර ගැනීමේ අභිලාෂයෙනි. නගරයේ කඩවල් කිහිපයකට ගොස් අවශ්‍ය අඩු වැඩිය සියල්ල සිතේ පරිදි මිල දී ගත් මා ,යම් මුදලක් අඩු පාඩු වූ බැවින්   මුදල් හර පතින් මුදලක් ලබා ගැනීමට ගිය විට ,නෙතු ගැටුනු දුරකතන කුටිය නිසා හදිසියේම මට මගේ ස්වාමි පුරුෂයාට කෙසේ දැයි විමසා බැලීමට සිත් විය. නමුත් මා නිවසේ නැති බව දැන ගෙන වත් ඔහු මා වුන්නද මළාදැයි සොයා බැලුවේ නැති. මා කුමකට නම් මගේ කාලය ඔහු වෙනුවෙන් වැය කරන්නේද ? 

මගේ ගමේ පාසලේ මිතුරියක වූ  සඳා හමුවීමට ගිය මට සඳාගෙන් ද ලැබුනේ මස්සිනා මට දුන් පිළිතුරට නොදෙවෙනි පිළිතුරකි. කවදත් මුරණ්ඩු ගති ඇති මාගේ මුරණ්ඩුකමට උත්තේජක වැනි වූ ඒ වදන් නිහඩ මුවින් සහ වැසුනු කණින් අසා වුන් මා ඔවුනට සුබ නව වසරක් පතමින් මගේ මාවතට අවතීර්ණ වූයෙමි.


නිහඬ දින කිහිපයක් ගෙවී ගිය අතර අවුරුදු නැකත් උදා වන කණ් පිපිරෙන රතිඤ්ඤා හඩ ඇසෙන විට ,මා සිටියේ රබර් වත්ත මතින් වැටී තිබුන සුපුරුදු අඩි පාර දිගේ පිය මනිමිනි. දෑත්  හිස් නොවූ අතර ,දෑත් වල වූ බරැති මලු වල වූයේ නගරයෙන් ගෙනා අවුරුද්දයි. දෑත් පිරි තිබුනු අතර මට වුවමනා වූයේ පිරුණු දෑත් ඔවුනට දී හිස් වූ මා සිත පුරවා ගන්නට වන්නට ඇත.

ගල් පියස්ස පසු විය , රබර් වත්තේ එක් මං සලකුණක් වූ පුංචි ළිඳ පසු විය , ඒ කිසිවක් වෙනස් වී නොමැත. හද ගැස්ම වැඩිවෙයි. පය ඉක්මන් වෙයි. දෑස් විඩාබර වෙයි. 


 කෙමෙන් කෙමෙන් හිතේ ඇඳී තිබු ජායාවක් වන් මැටි නිවහන සොයමින් පැමිණි දෑස් නතර වූයේ ගොඩනඟා ගෙන යමින් තිබුනු සිමෙන්ති ගඩොලින් බැඳුනු නිවහනක් වෙතයි. ඔවුන් මෙහි නැද්ද? මා ගමේ නැති වූ සිවු වසරට අවුරුදු හතක දරුවෙක් ඔවුනට සිටින්නෙ කෙසේද ? මස්සිනා බොරු කියා මා රැවටීමට සිතුවාද? සඳා ද මා මඟ හැරියේ ඇයි?

“ අයියා . . . . ඕක මගේ .... දේ දේ දේ   දෙන්න කෝ ........ බලන්න අම්මා ......... “

වයස හතක පිරිමි ළමයා ගේ වටා දුවයි. ඒ පිටුපස යන්නේ හොටු පෙරා ගත් සිඟිත්තියයි. ඒ පිටු පසින් . . . . . .ගැබ්බර ගැහැණියකි. . . ගැහැණියගේ නෙත් අහඹු ලෙස මා නෙත් හා ගැටුණි.

හුන් තැනම ගල් ඇසුණු ඇය . . .
 
මා දෙසම බලා වුන් ඇය නැවතත් කෑගසන්න විය. “ විමලේ විමලේ........ මේ ඇහුන ද විමලේ . . .  පොඩ්ඩක් මෙහාට ආවනම් “

මගේ සිත ගැලවී බිම වැටෙන්නට ආසන්න විය.
තෑගි සියල්ල මෙතනම බිම අතැර ආ මඟ ඔස්සේම ආපසු දිව යෑමට මගේ සිත කියයි.

කැළඹුන ගත සිත සුවපත් කර ගැනීමට මා බිම බලා ගත්තෙමි. හිස ඔසවා බැලීමට තරම් ආත්ම ශක්තියක් මා තුල නොවීය.

අනේ මා වාගේ මෝඩියෙක් . . . . . කුමට මේ ගමන පැමිණුනා  ද?

“ සුදු මැණිකෙ “

ඒ හඬ මා තුලින්ම පැණ නැගුන ද? මා සවන් තුල නිතරම දෝංකාර දෙන ඒ හඬ . . . . .  උනන කඳුළු වලකා ලීමට මා යටි තොල තදින් සපා ගත්තෙමි.

“සුදු මැණිකෙ , මොකද මේ. . .  කොච්චර දෙයක් ද ආපු ඒක. . යන් යන් එන්න යන්න ගෙට “ ඔහු මා දෑතින් ගත් බර සැහැල්ලු කළාක් මෙන්ම මගේ සිත  පිරි ඉතිරී යමින් තිබූ දූක්ක දෝමනස්සයන් ද ඔහුගේ දෑතට ගත් බවක් මට සිතුනි.

ඔහුට සිටියේ සිඟිති දියණියන්ම දෙදෙනෙකි . ඔවුන් දෙදෙනා නිවුන් සහෝදරියන් විය. වැඩිමහළු පිරිමි දරුවා කාගේ කවුරුන් දැයි නිනවුවක් නොවූ නමුදු , ඔහු ගැබ්බර ගැහැණියට අම්මා කියනවාත් විමලෙට මාමා කියනවාත් මට කිහිප වරක්ම ඇසුණි.

මගේ පැමිණීමත් සමඟම ඒ නිවස එකම අවුරුදු උත්සවයක සිරියක් ගත්තේය. සිඟිත්තියට මා ඇඳුම් කිහිපයක්ම ගෙනා අතර සමහරක් ප්‍රමාණයෙන් විශාල බැව් පෙනුනි. ඇය ඒවා හැඳ අප ඉදිරියට ආ විට අවුරුදු කුමරිය සිනා තොටක් රැගෙන ආවාක් මෙන් මුලු නිවසම සිනා හඩින් පිරී යන්නට විය.

රස කැවිලි , ඔවුන් කවරදාකවත් නොටුදු ඇතැම් පැණි රස කෑම වර්ග එකින් එක ඔවුන් අතර බෙදී යන්නට වූයේ ඔවුන් සැකසූ කොකිස් , කැවුම්, අතරස, ආස්මී ද බෙදී යන අතර තුරය.

විමල් ඒ වන විට දරුවන් දෙදෙනකුගේ පියෙක් මෙන්ම කිසිවකු විසින් අතැර ගොස් සිටි ගැහැණියකට ස්වාමියෙක් ද වී සිටියේය.


ප්‍රීතිමත් පැය ගණනක් අවසානයේ දී සමුගෙන යා යුතු හෝරුව එළඹ තිබුනි. කුඩා වුන් බිම පෙරළෙමින් මට වදින නිමේෂයේ මා ඔවුන්ගේ හිස අතගෑවේ කිව නොහැකි හැඟීම් සමාදායක උරුමක්කාරිය වෙමිනි.


විමලෙ මා ඇරලවීමට ගල් පියස්ස තෙක්ම පැමිණියේය. ඔහු ඉතා සතුටින් ජිවත් වන බවත් , මා මෙහි පැමිණිම නිසා සතුටු වන බවත් , ලබන වසරේ ද මා මෙලෙස පැමිණේ යැයි අපේක්ෂා කරන බවත් , සියල්ල සිදුවන්නේ හොඳටම බවත් ඔහු පැවසූවේය.


ගල් පියස්ස අභියස දී මඳකට නතර වූයේ සමුගැනීමේ වේදනාව බෙදා ගැනීමටයි. මඳක් මා වෙත සමීප වූ ඔහු දකුණතින් මා වම් කම්මුල ස්පර්ශ කර පැවසූවේ.


“ ගිහින් එන්න සුදු මැණිකේ. . . හැමදේම අමතක කරල සතුටින් ඉන්න. ඇත්තටම මම දැන් හිතන්නෙ මගේ පවුල ගැන විතරයි. ඒත් . . . . මේ ගල් පියස්ස කඩල බිඳල දාලා ඒ කළු ගල් වලින් මගේ ගේ හදන්න තරම් නපුරු හිතක් මට නැහැ සුදු මැණිකෙ. මේ ගල් පියස්ස මෙතන මේ විදිහට තියනකම්ම මගේ හිතත් ,ඔයා වෙනුවෙන් මේ ගල් පියස්ස යට හැමදාම ඉන්නවා. සුදු මැණිකෙත් , මා වෙනුවෙන් වෙන් වුන හිත මේ ගල් පියස්ස යටින් තියල , අදම කොළඹ යන්න. මේ ගල් පියස්සෙන් එහාට මට අයිති ඒ හිත අරන් යන්න එපා සුදු මැණිකේ.“

ගල්පියස්ස දෙස මොහොතක් බලා සිටි මා ඔහුගෙන් සමු ගෙන හිත ගල් පියස්සේ සඟවා මහ ගෙදරට පිය මැන්නෙමි. . .  දුර තියා ම මා දුටු දෙයින් මා සිත අදහා ගත නොහැකි විය. මා බැලීමට පැමිණි මගේම අවුරුදු කුමරා ආලින්දයේ මා පියාගේ හාන්සි පුටුවේ වාඩි වී මඟ බලමින් සිටියි. මා දුටු විගස පුටුවෙන් නැඟී මා එන පෙර මඟට ආ ඔහු ගේ දෑස් ඔහුට කලින් මාගෙන් සමාව අයදින්නට විය.


“ මට සමාවෙන්න කෙල්ලෙ. . .  ආයෙ එහෙම වෙන්න මම ඉඩ තියන්නෙ නැහැ. මට සමාවෙන්න “


ගල් පියස්ස යට තබා ආ මා සිතට අමතරව ආදරයෙන් පිරුණු තවත් සිතක් මා ළඟ ඇති බැව් මට පසක් කර දුන් මගේ හොඳම අවුරුද්ද මෙය නොවන්නේ ද?

I have memories - but only a fool stores his past in the future.  ~David Gerrold

ඔබ සැමට සුබ නව වසරක් වේවා
මම
෴ සොඳුරු සිත ෴

චිත්‍ර උපුටා ගැනීම - සිළුමිණ සහ දිවයින පුවත්පත් මඟිනි....... 



35 ප්‍රතිචාර:

MaRLaN said...

හොදයි... ලස්සනයි

හිස් අහස said...

ජයවේවා ඔන්න අන්තිමේදී අක්කා අතින් හැපී එන්ඩිං කතාවක් ලියැවිලා . මෙන්න මම කියවන්න කැමතිම මෝස්තරේ කතාවක් . ලකුනු දහයෙන් අටක්ම මේකට දෙන්න පුලුවන්... කුතුහලය දනවන ලිවිල්ල . කියවන්න ආසහිතෙන සරල වචන භාවිතය මම හරිම කැමති දේවල් තමයි .

සුබ අලුත් අවුරුද්දක් වේවා අක්කේ...

Dinesh said...

හරිම ලස්සනයි අක්කේ මේ කතාවනම්...
සුභ අළුත් අවුරුද්දක්!!

සාතන් said...

කියන්න වචන නෑ... නියමයි...

Kathandara said...

ලියවෙන ගෙතෙන කියවෙන හැම අකුරකම
ලොකු බලයක් ඇතිය ඒ ගැන සැකය කිම
බ්ලොග් කියවන ලියන හැමටම ලබන මෙම
නව අවුරුද්ද ජයවේවා පතමි මම

දාහක් හමාරක් තව ලිපි ලියවේවා
කියවන අයගෙ ඇස් ඒ දෙස යොමුවේවා
සැමටම එයින් හද තුල තුටු ඇතිවේවා
සිංහල වියුණු අවකාශය බැබලේවා!

-කතන්දරකාරයා

dishanrajapaksha said...

I have memories - but only a fool stores his past in the future. ~David Gerrold
Love this,

ඔබටත්, සුබම සුබ නව වසරක් වේවා

හසී said...

නියමයි අක්කා.. හරිම ලස්සනයි, අවසානයට මම ගොඩාක් ආසයි..!

හා පැටික්කි (MS) said...

අක්කියටත් සියළු බලා‍පො‍රොත්තු ඉටුවන, සතුට ‍සොම්නස සපිරි නිදුක් නි‍රෝගී බවින් පිරි වාසනාවන්ත සුභම සුභ අළුත් අවුරුද්දක් ‍වේවා......!!!!

ලස්සනයි අක්කි‍යෝ කතාව...... හරිම ලස්සනයි........

Ravi said...

අතීත සොඳුරු සැමරුම් කිසිදින මතකයෙන් ගිලිහෙන්නට නොදෙන්න.

එහෙත්..............,
එකම එක් කොන්දේසියකට පමණක්ම යටත්ව,
ඔව්,
එකම එක කොන්දේසියකට පමණක්,
එනම්...............,
අතීත සැමරුම්,
වෙහෙසකර වූ මේ දිවි ගමනේ සරතැස නිවනා සිහිල් සුලඟක්,
තනි නොතනියට, නිබඳ අතනොහැර, පසුපසම එන සෙවණැල්ලක්,
විනා,
වෙහෙසකර දිවි ගමන, තවත් වෙහෙසට පත් කරවනා,කරපින්නාගත් බර පොදියක්,
ගමන අඩාල කරවනු වස් පාදයකට ලූ විලංගුවක්,
කර නොගන්න.

I am only taking away the sweet memories,
not the regrets nor the sadness,
For the simple reason that,
it's so much easier and so much better.

ලස්සන කතාව වත් නංගි, සරලයි ඒ වගේම ගැඹුරුයි.

Anonymous said...

මේක ප්‍රබන්ධයක් ද?? ඇත්ත සිදුවීමක් ද?? ..මාත් දවසක මේ වගේ අලුත් අවුරුදු දවසක් ගෙවාවී.ජීවිතේ දැන් දැන් හැමදේම වෙන්නේ ඒ විදිහට..හුඟාක් ලස්සන නිර්මාණයක්..

JHOTHISHALANKA said...
This comment has been removed by the author.
JHOTHISHALANKA said...

ලැබුවා වූ අළුත් අවුරුද්ද ඔබටත් බලාපොරොත්තු සඵල වන අළුත් අවුරුද්දක් වේවා!.

kANI said...

සොඳුරු අක්කා... මගේ මූණු පොතේ රික්වෙස්ට් එක ඇපෘව් කරන්ඩෝ.... කතාව නම් ගින්දර!

සොඳුරු සිත said...

@ kANI
නම මොකක් ද දරුවෝ...කණී kANI කියල කෙනෙක් මට රික්වෙස්ට් කරල නැහැ නේ ........

ස්තූතියි kANI

සොඳුරු සිත said...

@JHOTHISHALANKA
ඔයාට වැරදිලා යාළු. මම හසන්ති නෙමෙයි... හසන්ති තමයි රත්නපුර. මම මැණිකක් නෙමෙයි යාළු. මම මාතර...
අනික මම කැම්පස් එකේ ගිය එක බැච් ට්‍රිප් එකක් වත් ගියේ නැහැ යාළු...

සොඳුරු සිත said...

@ Anonymous
එහෙම වෙන්නෙ නැහැ යාළු..සෘඛාත්මකව හිතන්න එපා.ධනාත්මක වෙන්නත් එපා. හොඳම දේ තමයි , කිසි දෙයක් වැඩිය ගණන් ගන්න එපා.......ස්තූථියි ..........

සොඳුරු සිත said...

@ Ravi
WOW ...
මම කොටස් තුනකින් ලීව කතාවේ සම්පූර්ණ සාරාංශය අයිය ලියල...

@ Anony
කියවන්න රවි අයියගේ කමෙන්ට් එක... මාත් ඉස්සර හරිම මෝඩයි. එක දේම ගැන හිත හිත. දුක මත්තෙම හැපි හැපි හිටියෙ මමත්. අනේ අපොයි ..මේ ජීවිතේ තව ටික කාලයයි. ආදරය කරන්න ඕනි සතුටින් ඉන්න මිසක ඒ මත්තෙ දුක් විද විද නැති වෙන්න නෙමෙයි කියල මම ඉගෙන ගත්තා....

රවි අයියාගේ වචනත් ඒකට ගොඩක් උදවු වුනා...

ආදරය කරා... ඈත් වුනා ... දුරස් වුනා... ඉතින් එච්චරයි.. රවි අයියා කියනව වගේ ඒ මතකය විතරක් අරන් ආදරය කරා කියල සතුටුවෙන්නයි ඕනි...

ආලෙ බිඳුනු දා කුමකට කඳුළු හෙලනු සකී....
ආලවඩන යන තේරුම බෝසත්කම සකී..

සොඳුරු සිත said...

@ හා පැටික්කි (MS)
හොර හාවි.අල්ල ගන්න තමයි හිටියෙ කන් කෙටි දෙකෙන් ම.. මොනාද අර කතාව.. දෙන්නම මට හැංගුවා නේද? හිහි සුබ පැතුම් හාවියේ... ආදරය කරන්න හැබැයි පරිස්සමින් හාවියේ..

දුක දරා ගන්න පුලුවන් හිත් වලින් විතරයි ආදරය කරන්න ඕනි...

ඉතින් සුබම සුබ අලුත් අවුරුද්දක් හාවිටත් හාවිගේ හාවටත්...

සොඳුරු සිත said...

@ හසී
ස්තූතියි හසී... හසී ට සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා කියල වත් අක්කා කියන්න කීවා....

සොඳුරු සිත said...

@dishanrajapaksha
ස්තූථියි dishanrajapaksha ... මේකත් ඒ වගේම ලස්සනයි අර්ථවත් නේද?

I am only taking away the sweet memories,
not the regrets nor the sadness,
For the simple reason that,
it's so much easier and so much better.

ඉතින් ..සුබම සුබ අලුත් අවුරුද්දක් dishanrajapaksha...

සොඳුරු සිත said...

@ Kathandara
සමන් පිච්ච මලක් හොයා ගන්න වින්ද වදයක් නේද කතන්දර...
කතන්දරටත් කතා ගොඩක් ලියන්න පුලුවන් වෙන සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා...........

සොඳුරු සිත said...

@සාතන්
ස්තූථියි සාතන්..

අවුරුද්දට අම්මගෙන් බැනුම් අහ අහ ගෙදරට වෙලා ඉන්නව කියල ආරංචියි.. සුබම සුබ අලුත් අවුරුද්දක් සාතන් ඔයාටත්.........

සොඳුරු සිත said...

@ Dinesh
ස්තූථියි Dinesh ...ඒවාගේ ඔයාටත් පවුලේ සියළු දෙනාටත් සාමය සතුටු පිරි සිරි සුබ නව වසරක් වේවා කියල ප්‍රාර්ථනා කරනවා ........

සොඳුරු සිත said...

@හිස් අහස
ඔයා හරි මම මේ හැපි එන්ඩින් කතාවක් / ධනාත්මක කතාවක් ලීවම ද කොහෙද..

ඒක නෙමෙයි මොකද මේ අලුත් අවුරුද්දෙ , ඉටු කරන්න බැරි , බොරු පොරොන්දු දෙන්නේ ආහ්.. අයිය වගේම දේශපාලනයට යන්න හිතාන ඉන්නව ද හෙ හේ....

සොඳුරු සිත said...

@MaRLaN
මාලන් ස්තූථියි මල්ලියේ............
පාස්කු මංගල්‍යයට දැන් අපිට මොනා ද දෙන්නේ ම්ම්ම්... ආදරය ගැන කවියක් ද?

JHOTHISHALANKA said...

ඒක හරි මට වැරදිලා.ඔයා මට දාපු කමෙන්ට් එකේ විදියට මම හිතුවෙ හසන්ති කියලා.මොකක්ද අනේ අර කිව්ව මැණික් කතාව ඒකනම් මටත් තේරුනේ නැහැ.රත්නපුරේ කට්ටිය ගැන කිව්ව හින්දද එහෙම කිව්වෙ.ඒක විස්තර කරන්න නැත්නම් දකින අය හිතාව මම ඔයාට "මැණික" කියල කිව්වයි කියලා...යාළු.

හිරණ්‍ය said...

ලස්සනයි,,,,සුබ නව වසරක් වේවා. :)

ඉන්දික උපශාන්ත said...

මං කලින් කොටස් දෙක කියවල සද්ද නැතුව හිටියෙ කතාව ඉවරවෙනකල්. ලස්සන කතාව, ඒත් ඇයි සුදුමැණිකෙට මොබයිල් එකක් නැත්තෙ?
අපි හැමෝගෙම ජීවිතවල විමලෙල සුදු මැණිකෙල ඉන්න නිසා මේක දැකපු අලුත් අවුරුද්දෙ උනත් ඇස් රතු නොවුන කිව්වොත් බොරුවක්.
දිගටම ලියන්න...
සුභම සුභ අලුත් අවුරුද්දක්...!

JHOTHISHALANKA said...

මම මෙතන කලින් කමෙන්ට් කලේ ඔයාගෙ ලිපි එකක්වත් කියවන්නේ නැතිව සාමාන්‍යයෙන් මම වැඩියෙන් කියවන්නේ මාරයා,හිස් අහස,කතන්දර,දුමී,බ්ලොග් ගඩොල්,අකේලෙ හම් වගේ නවකතා ස්වරූපයෙන් බැහැරව සාමාන්‍ය කතාබහ ස්වරූප ලේඛන ශෛලයෙන් පිරිමි අය ලියන බ්ලොග්.මම ඔයාගෙ ලිපි ගොඩක් අද කියෙව්වා.නිවාඩු පාඩු දවසනේ,ඇත්තටම විද්‍යා විෂයයන් කරපු කෙනෙක් වෙලත් අක්‍ෂර වින්‍යාස ව්‍යාකරණ ආදිය රැකගෙන ලිපි ලිවීම විශිෂ්ඨයි.ඔයා ලියන්නේ හරියටම ලේඛිකාවක් විදියට.ඔයාගෙ ලිපි තව තියෙනවා මට කියවන්න.ඒවත් කියවන්න ඕන.දැනට කියවපු ලිපි වල හැටියට මටනම් හිතෙන්නේ මේ දවස්වල ටී.වී. එකේ යන ගොන් පාට් ටෙලි නාට්‍ය වලට වඩා ඔයාගෙ බ්ලොග් එකේ ලියල තියෙන කතා කෙටි ටෙලි නාට්‍ය වලට ඉතා සුදුසුයි කියලා.එක තැනක ලියල තිබුනා ඔයාට පොතක් ලියන්න අවශ්‍යතාව තියෙනවා කියලා.මමනම් කියන්නේ ඒක ඔයා කල යුතුමයි.බ්ලොග් අවකාශයට සීමා වෙලා ඉන්න ඔයාව එතකොට මුළු රටම දැන ගනීවි.ආ අර මැණික් කතාව දැන් තේරෙනවා.

MaRLaN said...

පිස්සුද අක්කේ එදාට මම මුකුත් ලියයිද කියලා මට ශුවර් නෑ... :D මගෙ උපන්දිනෙත් එදාමලු :P :D

Anonymous said...

@සොඳුරු සිත

දුක දරා ගන්න පුලුවන් හිත් වලින් විතරයි ආදරය කරන්න ඕනි...

මේ කතාවනම් සහතික ඇත්ත..රවි අයියගේ comment එකේ විදිහට ඒක සොඳුරු අතීත සැමරුමක් කරන්න මට තාම හයිය මදි අක්කේ..ඒත් දවසක ඔයා කලා වගේ අලුත් වෙන්න අතීතය ආදරබර සැමරුමක් කරගන්න මටත් පුලුවන්නම්... _maleesha_

dishanrajapaksha said...

@ සොඳුරු සිත

කියන්න ලේසි උනත් කරන්න ගියාම තමා අමාරුකම තේරෙන්නේ. නේද? සමහර මතකයන් අමතක කරන්න බැරි උනත්, ඒ මතකයන් එක්ක සතුටින් ජිවත් වෙන්න ඉගෙනගන්න පුලුවන්නම්, අමතක කරන්න උත්සහ කරනවට වඩා ලේසි වෙයි මන් හිතන්නේ :)

සොඳුරු සිත said...

dishanrajapaksha
ඔවු..අමතක කරන්න ,අමතක කරන්න වෙන්නෙ තව තවත් මතකයටම එන එක. හිත රිදවෙන එක. කරන්න තියෙන්නේ මතක අමතක කරන්න වෙහෙසනවට වඩා , ඒ මතකය හිතේ ඉතිරි කරල ගිය එකට ස්තූති කරන්න පුලුවන් විදිහට බලන එක.

සොඳුරු සිත said...

JHOTHISHALANKA
BBC ... ඇයි මම විතරද? එහෙනම් ඔයා විදයා විෂයයන් හදාරල දැන් ජෝතිශ්‍ය ගැන ලියන්නේ.. බැරිද මගෙත් වේලා පත් කඩ බලල දෙන්න... කෝකටත් පොතක් ලියන්න කලින් “ වේලාව බලවන “ එක හොඳයි නෙව.

ස්තූතියි යාළු හැමදේටම......

සොඳුරු සිත said...

ඉන්දික උපශාන්ත
ඔයා හරි ඉන්දික. මටත් තැනකදි ඕනි වුනා කියන්න , සුදු මැණිකෙ ජංගම දුරකතනය නිවසේ අමතකව ආපු බව. ඒත් අත් බැගය වාහනයේ තිබ්බ කියල පස්සෙ කියන්න ඕනි වුන නිසා , ජංගමයේ කතාව අතහැර දැම්මා...

ඉන්දිකටත් ගමේ සුදු මැණිකෙක් ඉදල වගේ... ඒ සුදු මැණිකෙ ඔයාට ඉතිරි කරපු මතකයන්ට විතරක් ආදරය කරන්න. විදින්න. සතුටු වෙන්න. ඒත් ඇස් රතු කරන් දුක් වෙන්න එපා යාළු.

Post a Comment

සිතක් ‍සොඳුරු වන තරමට අදහස් බොහෝ දැවටෙනු ඇත. නුඹේ සොඳුරු සිතේ අදහස් වචන කර යන නුඹට මගේ ස්තූතිය..... කියවූ ඔබටත් ස්තූතියි.

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...