..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

Tuesday, April 12, 2011

෴ උදවුවක් / Your Assistance Needed Urgently ෴

බොඳ වෙච්ච හීනයකට පණ දීල බලන්න , අභියෝගයකට මුහුණ දීල බලන්න , මේ අලුත් අවුරුද්දේ දී මට පුංචි උදවුවක් කරන්න....................

මේ ලිපිය ලියන්නේ සොඳුරු සිතට පුංචි පහේ උපකාරයක් බලා පොරොත්තුවෙන්..... නැහැ නැහැ.. මුදල් අතමාරුවක් නෙමෙයි. දැනුම ටිකක් , කරුණු කාරණා ටිකක් දැන ගන්න.

මම ලියන දේ කියවන අය අතර පොත් පත් නිතර කියවන අය වගේම. පොත් පත් ලියපු අයත් ඇති කියල මම හිතනවා. ඒ නිසයා එවන් අය දන්නා කරුණු බිඳක් ඉල්ලා ගන්නයි මේ වෑයම.
මෙන්න මේකයි සොඳුරු සිතට උවමනා කරන උදවුව. . .

සොඳුරු සිතේ , හීනියට තිබ්බ අදහසක් තමයි පොතක් පල කරන එක. ඒත් පුංචි පුංචි හේතු ගොඩාරියක් නිසා ඒ හීනය බොඳ වෙලා ගියා. පොත් ලියනව තියා , ඒ ගැන ආයෙ හිතන්නෙවත් නැහැ කියලයි මම හිතුවේ..

ඒත් . . . . . . ඒ හීනයට ආයෙත් පාට ගාන්න මට ආසයි.

ඒත් ඊට කලින් දැන ගන්න තියෙන දේවල් ගොඩයි.

මගේ ගැටළුව . . . . .
  1. අත් පිටපතක් කියෙන්නෙ මොකක් ද?
  2. අත් පිටපතට , පිදුම , පෙර වදන, වගේ දේවලුත් ඇතුලත් වෙන්න ඕනි ද?
  3. අත් පිටපතට වචන ගණන සීමා කර ඇති විට , පිදුම , පටුන වගේ දේවල් වල තියන වචනත් ඒවාට ඇතුලත් වෙනව ද?
  4. අත් පිටපත බාර දෙන කොට කංචුක නිර්මාණයත් ( පොත් පිට කවරය ) ත් සකසා දිය යුතු ද?
  5. වර්ණ පින්තූර භාවිතයෙන් කරන ප්‍රකාශණයන් හි මිල ගණන් වැඩි ද?
  6. කතෘ ප්‍රකාශණයක් කියන්නෙ මොකක් ද?
  7. ISBN අංකයක් ලබා ගැනීම සඳහා අනුගමනය කළ යුතු ක්‍රියාවලිය කුමක් ද?
  8. කතෘ ප්‍රකාශණයක් නොවන ප්‍රකාශණයක් සහ කතෘ ප්‍රකාශණයක් අතර ඇති වෙනස , වාසි අවාසි මොනා ද?


    මේ ගැටළු ලිහා ගන්න මට උදවු කරන්න පුලුවන් යාළුවන් ඉන්නව නම් පුංචි කමෙන්ට් එකක් සඳහන් කරල යන්න.

    නැති නම් wathsalald@yahoo.com ලිපිනයට ඊමේලයක් යොමු කරන මෙන් ඉතාම කාරුණිකව ඉල්ලා සිටිමි.

    බොඳ වූ සිහින වල පාට තවරන්න මඟ බලන
    මම
    ෴ සොඳුරු සිත෴

21 ප්‍රතිචාර:

BlogShan said...

අනේ අක්කේ!ඔව්ව ගැනනම් දන්නෙ නෑ.හැබැයි ඉතින් පොතක් ගහන්න යනවනම් ෆුල් බකප් එකක් දෙනවා.පුලුවන්නම් ඔන්න කරන්න වැඩේ.නියම අදහස.සාර්ථක වෙන්න කියල සුභ පතනවා.

හිස් අහස said...

අනේ මමත් දන්නේ නෑ අක්කේ ...ඒ උනාට දන්න ගොඩක් අය ඉන්නවා . එයාල ඔයාට උදවු කරාවි .. මමත් හොයලා බලලා කියන්න ට්‍රයි එකක් දෙන්නම් .

ඔයා පොතක් ලියන්න නේද යන්නේ ? අපොයි මට තියන සතුට ...
ජය වේවා !!

bckurera said...

මේ ගැන ලියන්න නම් ගොඩාක් තියෙනවා ඒක කරන්න බැරි නිසා කරුණාකර මට කතාකරන්න.
මගේ විස්තර මේල් එකකින් එව්වා. :)
සහයෝගය පිණිසයි

නිසල් said...

ඔක ගැනනම් ලොකුවට දන්නෙ නැ :) එත් පොතක් ගහන්න නම් යන්නෙ ඔන උදව්වකට ඔයාගෙ යාලුවො ඉන්නවා :)

සොඳුරු සිත said...

@ bckurera
මේල් බැලුවා......... කෝ එයා නැහැ නෙව...

MaRLaN said...

අක්කගෙ හීනය ඉක්මනටම ඇත්ත වෙන්න ප්‍රාර්තනා කරනවා

Anonymous said...

ඔබට දැනගන්න ඕන පොතක් ලියා පළ කරන්නේ කොහාමද කියන එක ගැන නේද? ඉතාම කෙටි පැහැදිලි කිරීමක් කරන්නම්....

අත්පිටපත කියන්නේ, ඔබේ පොතේ, මුද්‍රණය සඳහා බාරදෙන පිටපතයි. මෙය අතින් ලියූ හෝ යතුරුලියනය කල හෝ පරිගණක පිටපතක් විය හැකියි. (අතින් ලියූ පිටපත්

මුද්‍රණකරුවන් හෝ ප්‍රකාශකයින් බාරගන්නවාදැයි හරියටම දන්නේ නැහැ) කොටින්ම ඔබේ පොතේ අවසාන පිටපත.
ඊලඟට ඔබේ පොත මුද්‍රණය කොට එළිදැක්වීම, මේ වැඩේ දෙවිදියකට කරගන්න පුලුවන්.

1. ඔබට පුලුවන් ඔබ ලියූ පොත, ඔබ විසින්ම ම මුද්‍රණය කර, ඔබ විසින් ම අලෙවි කර ගන්න. ඒ කිව්වේ, ඔබේ අත්පිටපත පොත් මුද්‍රණකරුවෙකුට බාරදී පෝතේ ඔබට අවශ්‍ය පිටපත්

ගණනක් මුද්‍රණය කරවා ගෙන, ඒවා පොත් සාප්පුවලට විකිණීම හෝ මිතුරන් අතරේ බෙදා හැරිම. පොත මුද්‍රණය කිරීම, ඒ ගැන ප්‍රචාරය කිරිම, විකුණා ගැනීම සියල්ල ඔබ විසින්ම

කරගත යුතුයි. කර්තෘ ප්‍රකාශනයක් කියන්නේ මේකටයි.

2. පොත ප්‍රකාශකයෙකුට බාරදීම. ඔබේ අත්පිටපත පොත් ප්‍රකාශකයෙකුට බාර දෙන්න ඕන. එය කියවා බලා ඔවුන් තීරනය කරාවි එය මුද්‍රණය කර එලිදක්වනවාද නැද්ද කියා. ඔබේ

පොතේ අන්තර්ගතය අනුවයි මේක තිරණය වෙන්නෙ. මේක එක් එක් ප්‍රකාශකයින් අනුව වෙනස් වෙනවා. එක්කෙනෙක් ප්‍රතික්ෂේප කරපු පොතක් තව කෙනෙක් බාරගන්න පුළුවන්.

ඔවුන් ඔබේ පොතට කැමති නම්, ඒ සඳහා මිලක් නියම කරාවි. (මෙය ඔබ දෙපාර්ශවයටම සාකච්ඡා ‍කොට තීරණය කරගත හැකියි) ඒ කියන්නෙ ඔබ ඔබේ පොත ඒ අයට විකුණනවා.

ඔවුන් එය මුද්‍රණය කොට බෙදා හැර යම්කිසි ලාභයක් ලබාගන්නවා.

පිට කවරය, පිදුම, පටුන වගේ දේවල් පොත මුද්‍රණය අතරවාරයේ එළඹෙන කාරණා.පොතට වර්ණ පිටු එක්කරගන්නවා නම් අනිවාර්යයෙන්ම මුද්‍රණ පිරිවැය වැඩිවෙනවා.
මෙය ඉතාම සරල පැහැදිලි කිරීමක් පමණක් බව කරුණාවෙන් සලකන්න...!

සොඳුරු සිත said...

@ Anonymous
මම ඇනෝනිමස් අක්‍රිය කරලයි තිබ්බෙ. නිකමට හිතුන සක්‍රිය කරන්න . මේ පෝස්ට් එකට... ඇනෝල ගැන තියෙන අමිහිරි අත්දැකීම් ඔස්සෙ මේ ඇනෝනිමස් දැක්කම හිතට දැනුනෙ සුපසන් හැඟීමක්...

සියළුම විස්තර වලට ස්තූතියි..... නමත් තිබ්බනම් හරිම අගෙයි.

කවරය හදල දෙන්නත් මගේ යාලුවෙක් ඉදිරිපත් වුනා.

මට දැන ගන්න ඕනි වෙලා තිබ්බෙ , අත් පිටපත කියන්නේ මොකක් ද කියන එක තමයි ගොඩක්ම...

ආයෙත් කියන්නේ නුඹට ගොඩක් ස්තූතියි...........

කොට ජීවිතේ said...

මමත් මේ ගැන කරුණු නම් දන්නේ නැහැ... කොහොම උනත් පොත ලියන්න ආයිත් හිතන එක ගැන නම් සතු‍ටුයි. ඉක්මනටම ඒ පොත අපිට කියවන්න ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඒ එක්කම අලුත් අවුරුද්දේ, මේ අලුත් වැඩේට අත ගහන ගමන්ම සුභ අලුත් අවුරුද්දක් වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා...!!!

Kathandara said...

Read this:

http://kathandara.blogspot.com/2011/01/w3lanka.html?showComment=1294324694734#c2374359897006212660

කලින් කලේ, පලින් පලේ!

thinka said...

ඔයාට ISBN එක ගැන විස්තර මෙන්න.

Agency: Sri Lanka
Organization: ISBN Agency
Address: National Library and Documentation Services Board
No. 14, Independence Avenue
Colombo 07
Phone: (+94 1) 12 687 581
(+94 1) 12687583
Fax: (+94 1) 12685 201
Contact:
eMail: dg@mail.natlib.lk
Web: http://www.natlib.lk

පාඨකයා said...

වත්,
ලොග් වෙන්න කම්මැලි හිතුන නිසයි ඇනෝනමස් වුනේ.. (ඇනෝ අක්‍රීය කරල තිබුනානම්, ඔය ටික නොලියවෙන්නත් ඉඩ තිබුනා. :) ) කොහොම වුනත් සරල හෝ අදහසක් ලැබෙන්න ඇති කියල හිතනවා. මොකද පොතක් එළි දක්වනවා කියන එක ටිකක් දිග කතන්දරයක්!

Anonymous said...

කරුණාකර ඉන්ද්‍රනාත තේනුවර මහතා අමතන්න.ඔහු මීට කලින් වතාවකත් මේ පිළිබඳව ඔබ දැනුවත් කර තිබියදී නැවතත් මෙම කටයුත්තේදී ඒ මහත්මාව අමතක කලේ කෙසේදැයි මට නොවැටහේ.නොඒසේනම් මේ පිළිබඳව ඇමතිය යුත් පුද්ගලයාව දැන දැනම ඔබ වෙනත් උදව් සොයන්නේ ඇයිදැයි මාහට ගැටළුවකි.
-මිතුරෙක්-

Kathandara said...

අත් පිටපතක් කියෙන්නෙ මොකක් ද? Manuscript - the copy that goes to the publisher

අත් පිටපතට , පිදුම , පෙර වදන, වගේ දේවලුත් ඇතුලත් වෙන්න ඕනි ද? Yes

අත් පිටපතට වචන ගණන සීමා කර ඇති විට , පිදුම , පටුන වගේ දේවල් වල තියන වචනත් ඒවාට ඇතුලත් වෙනව ද? Word limits apply only for competitions and in such cases, preface etc need not be counted.

අත් පිටපත බාර දෙන කොට කංචුක නිර්මාණයත් ( පොත් පිට කවරය ) ත් සකසා දිය යුතු ද? Better that way - some publishers have graphics artists who do covers.

වර්ණ පින්තූර භාවිතයෙන් කරන ප්‍රකාශණයන් හි මිල ගණන් වැඩි ද? yes, of course. You meant colour inside, right?

කතෘ ප්‍රකාශණයක් කියන්නෙ මොකක් ද? where you bear the cost of printing,

ISBN අංකයක් ලබා ගැනීම සඳහා අනුගමනය කළ යුතු ක්‍රියාවලිය කුමක් ද? there a form to be filled and Rs 50 payment. Details are available on their website.

කතෘ ප්‍රකාශණයක් නොවන ප්‍රකාශණයක් සහ කතෘ ප්‍රකාශණයක් අතර ඇති වෙනස , වාසි අවාසි මොනා ද? Your money against the publishers money. If its a self publication you get to keep 60% of the proceeds. Distributor/retailer keep 40% commission (from that they give discounts to those who buy).

arunishapiro said...

http://arunishapiro.wordpress.com/2010/07/12/%e0%b7%83%e0%b7%92%e0%b6%82%e0%b7%84%e0%b6%bd-%e0%b6%9a%e0%b7%92%e0%b6%ba%e0%b7%80%e0%b6%b1%e0%b7%8a%e0%b6%b1%e0%b7%8f%e0%b6%a7-%e0%b6%bd%e0%b7%92%e0%b7%80%e0%b7%93%e0%b6%b8/

Bunny said...

අනේ මං නම් අනේ අහිංසකයා ඔය මුකුත් දන්නැ.. ඔය පොත් ප්‍රින්ට් කරව්වාම ඒ කඩෙන් ගෙදරට උස්සන් එන්න යන්න එන්නම් :D :D

නිශාචරයා Nishacharaya said...

ඔය field එක ගැන නම් මගේ දැනීම බිංදුවයි අක්කා, ඔයාගේ වැඩේ සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරන්නම් අලුත් අවුරුදු සුභ පැතුමක් එක්කම... :)

Kalu Pusa said...

පොත ලියන්නේ අලුත්ම මාතෘකාවක් ඔස්සේද නැත්නම් මේ බ්ලොග් එකේ තියන පොස්ට් ටික එකතු කරලද ?

කොහොම ලිව්වත් පොතට හොඳ අලෙවියක් ලැබෙන එක නම් අනිවාර්යෙන් වෙන දෙයක් :)

සොඳුරු සිත said...

පොත ලිවීමේ කටයුත්ත සාර්ථක වේවායි පැතූ BlogShan ටත්

මම පොතක් ලිවීමට යන බව අසා සතුටට පත් හිස් අහස ටත්

වැඩ රාජකාරි මධ්‍යෙය් වුවත් දුකකතනයෙන් මා අමතා විස්තර සඳහන් කළ bckurera ටත්

පොත ලියන්න දිරි ගැන්වූ නිසල් ටත්

කම්මැලි කමට Anonymous වී වටිනා දීර්ෂ විස්තරයක් සැපයූ පාඨකයා ටත්

සිහින ඉටු වන ලෙස ආශිර්වාද කල MaRLaN ටත්


පොතක් ලියා ඉක්මනින් කියවන්නට ලැබේවායි පතපු කොට ජීවිතේටත්

ඔළුව අත ගා ටොක්කක් අනින ගමන්ම , ඉතාමත්ම වටිනා පිළිතුරු රැසක් එක් කළ, පොත් ලියා පළ කළ Kathandara මහතාටත්

ISBN ලියාපදිංචි වීම සඳහා අවශ්‍යමඟ පෙන්වීම ලබා දුන් thinka ටත්

පුද්ගලිකව මා අමතමින් , දීර්ඝ සහ වටිනා විස්තර සැපයූ arunishapiro දයාබර සහෝදරියටත්

පොත් ප්‍රින්ට් කර විට ඒ බර දරමින් ප්‍රවාහනය සඳහා දායකත්වය සපයන බවට පොරොන්දු වූ Bunny මා දයාබර හා පැටියාටත් ( පොරොන්දු මතක තියා ගන්න හොඳද )

මගේ පැතුම සාර්ථක වේවායි පැතූ නිශාචරයා Nishacharaya ටත්

පොත හා එහි අන්තර්ගතය විමසු සහ එහි අලෙවිය ගැන සුබධායක කමෙන්ටුවක් පල කල Kalu Pusa ටත්

පෙර අදහස් හා තොරතුරුත් ඉන්ද්‍රනාථ මහතා ත් ඒ අවශ්‍ය උපදෙස් ලබා ගැනිමට මට මතක් කළ Anonymouse යහළුවාටත්

පොතේ පිට කවර නිර්මාණයට අත හිත දිමට ඉදිරිපත් වූ මා දයාබර මිත්‍රයාටත්

මීට අමතරව , ඊමේල් මඟින් අවශ්‍ය විස්තර සපයා දුන් Deepa සහෝදරියටත්

සාතන් සහ ඔහුගේ ඥාති සහෝදරියත් මගේ ස්තූථියි...

දැන් තියෙන්නේ අත් පිටපත හදන්න... හරිම බැරූරුම්....

TG said...

Maru ur going to write a book :) he hee mare maru niyamayi . This is what we have askedyou be4 :)

දයානන්ද රත්නායක said...

මගේ අත්දැකීම්

1. අත්පිටපත යනු- තමා අත් අකුරින් හෝ යතුරු ලියනයෙන් හෝ පරිගණක ආධාරයෙන් ලියනු ලබන මුල් පිටපතයි.පළමුව මුල් පිටපත අදාල විෂය පිළිබද හසල දැනුමක් ඇති අයෙකු වෙත පෙන්වා භාෂාමය ගැටලු විසඳා ගැනීම සහ අවශ්‍ය සංශෝධන කරගැනීමෙන් අනතුරුව නැවත එම පිටපත අදාළ ලේඛකයා විසින්ම කල යුතුයි. අනතුරුව ලබාගන්නා දෙවන පිටපත පිටපත් කීපයකින් සකසා ගත යුතුය. ඒකට හේතු කීපයක් තියනවා ඒ මේවා

අදාළ විෂය සම්බන්ධයෙන් ලේඛකයා හෝ ලේඛිකාව ලියන පොතට පෙරවදනක් සහ පසු වදනක් සපයාගත යුතුනම් ඒ පෙර වදන හෝ පසු වදන ලියන අයට අත්පිටපත බැගින් දිය යුතුය.එම අත්පිටපත කියවා තමයි ඔවුන් එය ලියා දෙන්නේ.

2. අත්පිටපත සදහා පෙරවදන සහ පසු වදන මෙන්ම පිදුම, අදාළ ලේඛකයාගේ තොරතුරු, ස්තුතිය අවශය වන්නේනේ නැහැ. මේ බව ඉහත සහෘදයෙක්ද ලියා තිබෙනවා. පොත මුද්‍රණය සදහා තෝරාගත් පසුව තමියි ඒවා අවශය වන්නේ.

3. අත්පිටපත වචන වලට සීමා වන්නේ නෑ. නමුත් ලංකාවේ ප්‍රකාශට පත්වන කෘති සදහා සම්මත නිර්ණායක තියනවා.ඒ අතර අවම පිටුගනන 60 ක් වත් විය යුතුය. මීට පෙරවදන සහ පසුවදන , කතෘගේ වෙනත් කෘති, පිදුම, පටුන, ‍ස්තුතිය ඇතුළත් වන්නේ නැහැ. එය ඇතුළත් කළාම පිටු අවම 70 -74 පමණ වෙනවා මේ අන්දමින් ලියන්නේ කවිපොත් පමනයි. නවකතාව සහ කෙටිකතා පොත් මීට වඩා වෙනස්. කෙටි කතාවක කෙටි කතා 10 - 12 අතරවත් වි යුතුයි. හැබැයි ඒවා දීර්ඝ කෙටිකතා නොවේ නම්
නවකතාවක් නම් අවම පිටු 270 - 320 අතර විය යුතුයි.කතාව ඇතුළත කොටස් 24 - 27 ප්‍රමාණයෙන් නම් හොඳයි. මේවා සම්මත නිර්ණායක නොවේ.නමුත් පොතේ හැඩය, සහ නිමාවට අවශ්‍යයි.

4. අත්පිටපත සදහා කංචුකය අවශ්‍ය වන්නේ නැහැ. ලංකාවේ ප්‍රකාශන සමාගම් ඔවුන් විසින්ම කංචුකය අලංකාරව සකස් කරගන්නවා. මේ සදහා කවර නිර්මාණයේ පුරෝගාමීන් කීපදෙනෙක් ඉන්නවා. ඒ අකර ඉහත සහෘදයා දක්වා ඇති අන්දමට, ඉන්ද්‍රනාථ තේනුවර, සිසිර විජේසිංහ ප්‍රේම් දිසානායක, සහල දැනුමක් ඇති අය. ලංකාවේ 90% කෘති කවර නිරමාණය ඔය තිදෙනා අතින් තමයි කෙරෙන්නේ.එහි බරපැන ප්‍රකාශකයා විසින් දරනවා. අතින් දැරුවොත් තරමක් විශාල වියදමක් මොකද කවරය 4 කලර් ඔෆ්සෙටි නිසා.

5. පොත ඇතුළත චිත්‍ර, පින්තුර, වගේ දෙවල් එනවා නම් මිළ ඉතා ඉහළයි.එය වර්ණයෙන් නම් තවත් ඉහළයි.මොකද වර්ණ පිටු සඳහා භාවිතාවන කඩදාසි මිල අධිකයි. ආරම්භයේදී මේවගේ එකක් කරන එක අවදානම්. මොකද පොතේ මිල අවම රුපියල් 700 ඉහල වන නිසා.

සාමාන්‍ය නවකතා , කෙටි කතා. කාව්‍ය, පොත් සදහා ලංකාවේ මිලිග්‍රෑම් 40, ඩිමයි කඩදාසියේ සිට මි.ග්‍රෑ. 70 දක්වා විවිධ කඩදාසි භාවිතා වෙනවා. මි.ග්‍රැ. 70 පොත් සදහා භාවිතාවන ඉහළම කඩදාසියයි.

6 කතෘ ප්‍රකාශනයක් යනු ලේඛකයා විසින්ම කෘතිය ප්‍රකාශයට පත්කර ගැනීමයි. මේ සදහා කඩදාසි, මුද්‍රණ, කවර නිර්මාණය, ආදී සියල්ලේ සිට බෙදාහැරීම දක්වා සියල්ල අදාළ ලේඛකයා විසින්ම කරගත යුතුයි.මෙවැනි දෙයක් කරනවා නම් ජාතික පුස්තකාල ලේඛක ආධාර ව්‍යාපෘතියකට ඇතුලත් වී තිබීම වැදගත් මොකද මුද්‍රනය කරන කෘති වලින් දෙන ආධාර ප්‍රමාණයට සරිලන පරිදි ඔවුන් පොත් මිල දී ගන්නවා. ඒක කර්තෘ ප්‍රකාශකයෙකුට ඉතාම වැදගත්.

7. අදාල පොත කර්තෘ ප්‍රකාශනයක් නම් ISBN අංකය ලේඛකයා විසින්ම ලබාගත යුතුයි. ප්‍රකාශන ආයතනයක් විසින් කරන්නේ නම් එය අදාළ ප්‍රකාශකයා විසින්ම කර ගන්නවා.ඒ සදහා කොළඹ 07,ජාතික පුස්තකාල සහ ප්‍රලේඛණ සේවා මණ්ඩලයේ වෙනම අංශයක් තිබේ. එය ඉතාම පහසු කාර්යයක්.

8 මේක ඉතාමත් සංකීර්ණයි.නොයෙක් අකාරයෙන් දකින්න පුළුවන් කර්තෘ ප්‍රකාශනය මහන්සිවෙලා කරගතත්, අලෙවි කරගැනී අලෙවි කරගැනීමේදී බෙදාහැරීම ගැටලුව මුලින්ම විසදාගත යතුයි.නැත්නම් අමාරුවේ වැටෙනවා. යාලුවන් හිතමිතුරන් අතරේ විකිණීම හැරීම වගේ දේවල් මෙහිදී වැදගත්.පොත මිළ කරන ගනනට වඩා මෙහිදී අඩුවෙන් දෙන්න ලැබෙන්නේ නැහැ.මොකද අතින් දැරූ වියදම අධික නිසා.

ප්‍රකාශකයෙක් සිටීනම් ලේඛකයා වගකීමෙන් නිදහස්.එ විට ප්‍රකාශකයා ඒ සියලු වියදම් සහ බෙදා හැරීම් කරන නිසා. සාමාන්‍යයෙන් පොතක් යම් ප්‍රකාශකයෙකු මිලකරන්නේ පොතේ සැබෑ වටිනාකමට වඩා තුන් ගුණයක් හෝ ඊට වැඩියෙන්. එවිට තමයි ප්‍රකාශකයා විසින් පාඨකයාට 30% වට්ටමක් පොත මිලදීගැනීමේදී දෙන්නේ.සැබෑ තත්වය මෙයයි. තවත් කරුනු කීපයක් තියනවා ප්‍රකාශකයෙක් මෙය දුටුවොත් ඒක සුදුසු නැහැ.

මේ ඉහත දැක් වූ සියලු දේවල් මේ ෆීල්ඩ් එකේ මා ලද අත්දැකීම්.මට නම් මේ අමිහිරි අත්දැකීම් නම් නැහැ. හැම දේම හිතනවාටටත් වඩා පහසුවෙන් කරගත්තා.

දැනු එහෙනම් මුලින්ම අත් පිටපත ලිව්වනම් හරි. මෙය කියවන සියලු දෙනාටම මෙය වලංගුයි.

Post a Comment

සිතක් ‍සොඳුරු වන තරමට අදහස් බොහෝ දැවටෙනු ඇත. නුඹේ සොඳුරු සිතේ අදහස් වචන කර යන නුඹට මගේ ස්තූතිය..... කියවූ ඔබටත් ස්තූතියි.

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...