අද මම මේ ලියන්නෙ , මගේ දෙයක් නෙමෙයි, අමු අමුවේ කොපි කරපු කවි පන්ති දෙකක්. මේ කවි හොයා ගන්න හේතුව වුනේ , අපේ “ මරණෙ “ සහෝදරයා. ඒ නිසා ඒ සහෝදරයට ඉස්සෙල්ලම ස්තූතියි කියන්න ඕනි.
ඉතින් ඔන්න මම හොයා ගත්ත කවි දෙක. මේ ගැන වැඩි විස්තර දන්න අය ඉන්නව නම් සටහනක් තියල යන එක ලොකු උපකාරයක් වේවි කියල හිතනවා.
ඉතින් ඔන්න මම හොයා ගත්ත කවි දෙක. මේ ගැන වැඩි විස්තර දන්න අය ඉන්නව නම් සටහනක් තියල යන එක ලොකු උපකාරයක් වේවි කියල හිතනවා.
Rubaiyat of Omar Khayyam
Edward FitzGerald's Translation.
11
Here with a Loaf of Bread beneath the Bough,
A Flask of Wine, a Book of Verse---and Thou
Beside me singing in the Wilderness---
And Wilderness is Paradise enow.මේ ගැන මහගම සේකර මහත්තයා ලියල තියෙන්නෙ මෙහෙමයි කියලයි කියන්නේ...................
තුරු වදුලේ
රුක් සෙවණේ පූපයක් අතින් ගෙන
සුරා විතයි ගී පොතයි අතින් ගෙන
තුරු වදුලේ ඔබ ගී ගයනා විට
මේ වන රොද පාරාදීසයකි මට
ඒ පද ගීතයක් වුනේ මෙහෙම කියලයි දැන ගත්තේ
සුරා විතයි ගී පොතයි අතින් ගෙන
තුරු වදුලේ නිල් සෙවණැල්ලේ
ඔබ මා තුරුළේ ගී ගයනා වේලේ
මේ වන රොද මට ස්‌වර්ග රාජ්‍යයයි
සුරංගනා වියනේ
ඉතින් , මේ කවි වල තියනව වගේම ආදරය විඳින්න පුලුවන් නම් . . . .
ඇත්තටම මේ දේවල් ඇයි කවි වලටම සීමා වෙලා තියෙන්නේ....
අනේ මන් ද? මගෙ පුංචි හීනයක් තිබ්බ ,
කවියක පදයක් වෙන්න කැමති
මම
෴ සොඳුරු සිත ෴

"ඒත් මට සිද්ධ වුනේ මම ලියන කවියක් වත් නොකියවන කෙනෙක් ගෙ බිරිඳක් වෙන්න ද මන්ද ?"
ReplyDeleteapita oni dewal walin jewite e widihatama labenne bohoma tikai neda?
කරුනාසේන ජයලත්ගේ ගොළු හදවත පලවෙනි පාරට කියවන්න පටන් ගත්තේ මේ ඊයේ පෙරේදා එකේ තමා තිබ්බේ ඔය ඕමාර් කායියම්ගේ රූබයියාට් ඒ නිසා මන් ඔය පොත හෙව්වේ
ReplyDeleteමට ලාවට මතක මේ වගේ පද ටිකක්
ගී පොතයි... මී විතයි .... බ්ලා.. බ්ලා... ඔය කවියේ ඉතුරු ටික හොයා ගන්න බැලුවේ :-)
ඒ කවි පේලි දෙකනම් ගොඩක් ලස්සනයි අක්කේ...
ReplyDeleteඑක නම් ඇත්ත...අපි හිතන පතන දේම වෙනවා නම්..... හැමෝටම වටින දේ සමහර අයට තඹයක් වත් වටින් නැති වෙලා..
ReplyDeleteඔමර් ඛය්යාම් 1048-1131 කාලයේ පර්සියාවේ ජීවත්වූ කවියෙක්, ඒ වගේම දාර්ශනිකයෙක්,ගණිතඥයෙක් සහ තාරකා විද්‍යාඥයෙක්,
ReplyDeleteඔහු ලියූ කවි දහස් ගණනින් බොහොමයක් ජීවිතය විඳින්නේ කෙලෙසද යන්න විවරණය කරනු වස් ලියවුනු පදවැල්.
ඛයියාම් ගෙ මම ඉතාම කැමති කවක් මේ,
Ah, fill the Cup :--what boots it to repeat
How Time is slipping underneath our Feet:
Unborn TO-MORROW, and dead YESTERDAY,
Why fret about them if TO-DAY be sweet!
පුරවනු දිවි කුසලානය නැවතද,
කාලය පා යට ගලනුය නොනැවත,
මළගිය ඊයේ, නූපන් හෙට දින,
ගැන නොතැවී දිවි විඳිනුය අද දින,
කවියෙකුගේ බිරිද වෙන්න මම හරිද?
ReplyDelete@ Helping To People
ReplyDeleteහිතන පතන දේ නොලැබෙනවයි කියල, ඒ මත්තෙම ඉන්නෙ ,තමන් ගැන , තමන්ගෙ ශක්තිය ගැන නොදන්න අය.
හිතනවාට වඩා ලෝකෙ ලස්සනයි. හිතාගෙන හිටිය , පතාගෙන හිටිය අයට වඩා ,ගුණ යහපත් අය හොඳ අය ලෝකෙ ඉන්නව.
මටත් එහෙම කෙනෙක් ලැබුනා..ඔයාටත් ඒ වාසනාව තියෙනවා. දුක් වෙන්න එපා යාළු....
@ම
ReplyDeleteඅහා ......... එහෙ ද? කොහොම වුනත් ඔයාට ස්තූතියි. ඔයා නිසා මට ලිපියක් ලියන්න අවස්ථාවක් ආවා..ස්තූතියි මරණෙ මල්ලි.
@Dinesh
ReplyDeleteස්තූථියි...
හැමදාම කවි ලියන ඔයාගෙන් අද මොකද කවියක් නැත්තේ...
@නිම්ශා
ReplyDeleteහිතන පතන විදිහටම ඒ දේවල් සිද්ධ වෙනව නම්, ජීවිතේ ලස්සන වෙන්නෙ නැහැ.
දැන් බලන්න, සමහර දේවල් අපි හිතන පතන විදිහට වුනා නම් සමහර වෙලාවට පස්සෙ කාලෙක අපිට හිතේවි අපොයි මොකට එහෙම වුනාද කියල.
මට නම් එහෙම දැනිල තියෙනවා. ඒ නිසා දෙයක් නොවෙන්නෙ , ඇත්තටම ඒ දේ නොවිය යුතු නිසා.
“ හැමදේම වෙන්නෙ හොඳට “
@dusika
ReplyDeleteවැරදි. නුඹ වැරදි.
මගේ හිතේ තිබ්බ හීනය දැන් ටික ටික ඉටු වෙනවා. පිටුවෙන් පිටුව ඒ හීනය මුද්‍රණය වෙන කොට මේ ලොකෙ තියෙන ලොකුම සතුට මම විදිනවා.
කවියෙක් ගෙ බිරිඳක් වෙනවට වඩා සාර්ථකයි බිරිඳ වුනාට පස්සෙ සැමියා කවියෙක් වෙනව නම්.....
ස්තූතියි dusika.
අනුන්ගෙ හීන අනුමාන කරන කොට පරිස්සම් වෙන්න. තමන්ගෙ හීන එක්ක ඒව පටල ගන්න එපා.
මගේ හීනයෙ පිටපතක් මම එවනව මගෙ යාලුවන්ට. නුඹෙ හිනයත් හිතන පතන විදිහටම සාර්ථක වේවා.
තමුන්ගෙ හීන අනුන්ට හොරකම් කරන්න දෙන්න එපා dusika..
@Ravi
ReplyDeleteඅහා ........ක්‍යා බාතා හේ....
අනර්ඝයි... මේ ඉන්නෙ මා ප්‍රියතම මගේ කවිකාර අයියා. වලවුවෙ වැඩ කරන ගමන් “ සොඳුරු සිත“ ටත් නොවරදවා ගොඩ වෙන මගෙ අයියණ්ඩිය.
ඉතින් අයියා ඔයාගේ අරුන්දතී , ඔවු ඔවු.. අර පාර කියන තාරකාව. එයාට අයිය ලියන කවිත් ,එයා කියවන්නෙ නැහැනෙ. අයියම ලියල, අයියම එයාට ඇහෙන්න කියවන්න ඕනි නේද ඒවා....
අයිය කවිකාරයෙක් වුනේ අරුන්දතී නිසා ද?
ලස්සන කවි පන්තියක්......... ආසාවෙන් කියෙව්වා.........
ReplyDelete