..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

Wednesday, April 6, 2011

෴ නික්ම යෑම / Departure෴

සුදු පැහැති සේද සාරියකින් සැරසුන  දේහය  තබා ඇත්තේ මීට වසර හතරකට පමණ පෙර මගේ පියාගේ දෙණ තැන්පත් කර තිබූ ස්ථානයේමය. . .  
වෙනසකට ඇත්තේ සැරසිලි තරමක් වර්ණවත්භාවයෙන් වැඩි වීම පමණි. බටහිරට හිස ලා , තිබූ දෙණෙහි අත් මේස් වලින් වසන් කරන ලද දෑත එකිනෙක වැළඳ ගනිමින් ලය මත වැතිර තිබුනේ සාඩම්බර හා ප්‍රතාපවත් පෙනුමක් දේහයට ගෙන දෙමිනි.


නිවස ගිලී තිබූ දැඩි නිහඬබව බිඳිමින් විටින් විට මහා වේදනාත්මක අඳෝනාවක් නැඟී ක්‍රමයෙන් වියපත් වී මැකී යන්නේ මා සිතට දුක කාන්දු කරමිනි.


දුකින් මුසපත් වී ඇති සිතට තරමක හෝ සහනයක් ලබා දෙනු වස් ඉලවු ගෙයින් එපිටට ඇවිද ගිය මා දුටුවේ , සුළං රැල්ලකටවත් නොසෙල් වී පවතින විවිධාකරයේ සෝකප්ප්‍රකාශ සමුහයයි.


“ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සහෘද නිලධාරීන්ගේ ශෝකය “

“ මාතර . . . . . .  ගම් වාසීන්ගේ ශෝකය “

“ .................... රෝහලේ හෙද නිළධාරීන්ගේ ශෝකය “

“ එක්සත් සුබ සාධක සංගමයේ ශෝකය“

මෙකී නොකී විවිධාකාරයේ සෝකප්ප්‍රකාශ අතර තිබූ නිර්මාණාත්මක බැනරය වෙත මගේ සිත නැවතුනි.

“ සිංහල බ්ලොග්කරුවන්ගේ ශෝකය “ ශෝකය පමණක් නොව කවුරුන්හෝ ලියන ලද අනර්ඝ කවි පන්තියකින් ද සිත්තමකින් ද වර්ණවත් වී තිබූ ඒ බැනරය මගේ සිතට සහනය ගෙන දුන්නේය.

කාර්යාල නිලධාරීන් සියල්ලෝම පාහේ පැමිණ ගොසින් දැන් මද වේලාවකි. බ්ලොග්කරුවන් පැමිණීයා දැයි මට නිච්චි නැත.නමුත් මගේ ඉලවු ගෙය අවසන් වීමට මොහොතකට කලින් හෝ ඔහු එයි යැයි මා සිත සියුම් බලාපොරොත්තුවක් නලියයි. ජීවත් වුන්නවුන් නොව මළ වුන් මත්තේ ඔත් මා බැලීමට වත් ඔහු පැමිණෙතැයි මා මඟ බලන තරමක්.

නිවසට තරමක් සමීපයේ සොහොන් ගැබ තනා තිබුනි. එහි කාර්යයන් මේ වන විට අවසන් වෙමින් පැවතුන අතර මගේ පියාගේ සමාධිය අසලින්ම මාද මිහිදන් කිරීමට කටයුතු සලසා තිබීම ගැන මා ඔවුන්ට ස්තූතිවන්ත වන්නෙමි.

නිවස දෙසින් එක් වරම නැඟී ආ අදෝනාව නිසා තරමක් කැළඹූන සිතින් යුතු වූ මම නෙතු පියන් සලන පමාවෙන් නිවස තුලට වූයෙමි. නොසෙල්වෙන සිරුර වසා ලමින් ලී දොර දෙක වැසී යමින් තිබුනේ , ඒ මත්තේම වැලපෙන අම්මා ව වත්තම්කර ගැනීමට දෙතුන් දෙනකු පොර බදන අවස්ථාවේ ය.

එළිමහනට ගත් මා සිරුර සහිත ලී ආවරණය මත වූයේ සුදු රෙදි කැබැල්ලකි. ගමේ හාමුදුරුවන් හා මා කිසිම භජනයක් නොවූවද කියූ බණ අසා මා මවගේ සිත සැහැල්ලු වන්නට ඇත.

සියල්ල අවසානයේ පිං පැමිණිවීය.... සහෝදරියන් දෙදෙනා සහ අම්මාගේ දෑතට මැදි වූ පැන් කෙන්ඩියෙන් ගිලිහෙන පැන් කෝප්පය පමණක් නොව පිරිසිය ද උතුරා ගලන්නට වූයේ මා දෑස තෙත් කළ කඳුළු ද එයට එක් කරමිනි.

ඉච්චිතන් පච්චිතන් තුයියන් කිප්ප මේව සමිජ්ජතූ .... .....

සංසුන් ගාථා හඩ යටපත් කරමින් සැර දමා පැමිණි වාහනයක් මහ හඬ නඟමින් තිරිංග පාගා නතර වුයේ  මා සමඟම අවසන් ගමන් යන්නට පැමැණියාක් මෙනි.

වාහනයෙන් බිමට පීනු ඔහු ..... .. ................ කිසිවෙකුත් නොතකමින් කෙලින්ම පැමිණීයේ වසා තිබූ දෙණ ළඟටය. මදින් මද ඔහුගේ ඉකි බිඳුම වේගවත් වෙත්ම සියල්ලන් අතර සිහින් මිමිණුමක් පැතිර යද්දී , මා ආත්මයට සදා කාලික සුවයක් ද දැනෙන්නට විය.

෴ ඔබට ස්තූතියි ෴


Death is nothing at all.
I have only slipped away to the next room.
I am I and you are you.
Whatever we were to each other,
That, we still are.

( Funeral Death Poem by Henry Scott Holland  )


මළ නොමළ මල
මම
෴ සොඳුරු සිත

* කිසිවකු අපහසුතාවයට පත් කිරීමේ අදහසින් ලියන ලද්දක් නොවන බව කාරුණිකව සලකන්න..... කිසිවකු ඉල්ලකර ලියූවක් නොවන බව ද ඒ කරුණාවෙන්ම සලකන්න. මා මළ පසු කිසිවකුගේ පැමිණිම මා අපේක්ෂා නොකරන්නාක් මෙන්ම. පැමීණීම නුඹලා සැමට දුකක් ද, මට සතුටක් ද ගෙන දේ නම් , ඒ පැමිණී ම කුමකට ද? මළ මගේ සතුටට වඩා, නොමල නුඹලාගේ සතුට මට වටී....

29 ප්‍රතිචාර:

MaRLaN said...

මාරයි....

අර තරුවක් තියෙන්නේ මොකද දන්නේ නෑ නේද අක්කේ..?

Chanaka Aruna Munasinghe said...

මා මළ පසු සොහොන් කොතේ
නරි පැටියෙක් බඳිනු මැනවි
එතකොට උගෙ හූ රාවය
යාන්තමින් මට ඇසේවි

- කැටපත් පවුරෙන් උපුටා ගන්නා ලදී -

Kathandara said...

මේ මං හදන්නේ මේ කතාව කියවලා කෂ්ටිය හදාගන්න දුක්බර සිත් කඩන්නයි.

ඔන්න එක ආච්චි කෙනෙක් මළ ඝෙදරක ගිහින් ඇවිල්ලා මෙහෙම කිව්වලු.
අර රොසලින් ගෙ මිණියට වගේ මං මල දාට මටත් මේස් හෙම දාල තිබුණොත් හෙම මං උඹලට ගහන්නෙ මේ හැරමිටියෙන්...!!!

දුමී said...

වත් නගෝ, මොකද මෙහෙම සිතිවිල්ලක් ආවේ ? මොහොතකට මගෙ හිත නැවතිලා වගේ තිබුනා කියලා දැනුනා....!

සොඳුරු සිත said...

මගේ මළගමට පැමිණි , නන් අයුරින් සහය වූ, (මල් වඩම් සහිත/ රහිත) සියළු දෙනාටම ස්තූතියි....

කවුරුත් මාරි බිස්කට් එකක් කාලා, බීම ටිකක් බිලම යන්න...

හත් දවසෙ දානයට එන්න එපා.

තුන්මාසෙ දානෙට ඇවිත් බඩපුරා කාල බීල යන්න.....

මං මළත් බ්ලොග් අවකාශයේ සැරිසරනවා යාළුවනේ... හිහිහිහි...

සොඳුරු සිත said...

@ දුමී....

දුමී අයියට මගේ ප්‍රණාමය සහ හදපිරි සුබ පැතුම්. ප්‍රණාමය මොටද දන්ව ද? ගොඩක් කාලෙකින් කට කහන දුමි අයිය බ්ලොග් ලිපියක් පල කරල. හදපිරි සුබ පැතුම් ඔයාට නෙමෙයි පුංචි දෝණිට.... පුංචි රෝස මලට...

හ්ම්. මෙහෙම දෙයක් ලියන්න හිතුනෙ ද?

මට ජීවිතේ මැරෙන්න හිතුන වාර තිබ්බා..

සමහර හේතු හරිම පුංචියි. හරියට හෙට විභාගෙ අනේ මම මැරිල යන්නෙ නැහැනෙ වගේ...

සමහර හේතු හේතු රහිතයි.( ඔහේ පාලුවෙන් ඉන්න කොට , කම්මැලිකමින් ඉන්න කොට මට හිතෙනවා “ වුන්නට වඩා හොඳයි මළා නම් “ කියිල)

රස්සාවේ වැඩ වැඩි වුනාම. බොස් කෑගැහුවම .මට හිතෙන්නේ “මරා ගෙන මැරෙන්න“

ඒත් මට නිදහසේ මැරෙන්න බැහැ තවම. මගෙ අම්මා දුක් වෙන නිසා.. මට ආදරය කරන අය දුක් වෙනවට මම කැමති නැහැ. මොකද මගේ තාත්ත නැති වුන වෙලාවේ මාස ගානක් මම හිටිය විදිහ මම දන්න නිසා.

ඒත් මට අද මැරෙන්න හිතුන. මොහොතකට....

මම දැක්ක දුමී අයියත් ඇවිත් මා දිහා හරි දුකින් බලන් ඉඳල අඬ අඩා යන්න ගියා...

හිහිහි...... පිස්සු.... මොහොතකට හරි හිත රිදෙවුවනම් සමාවෙන්න අයියා....

දුමී said...

නගෝ, සුභ පැතුම් වලට බොහොමත්ම ස්තූතියි. මේ දවස්වල අපේ ජීවත නම් පුදුමාකාර විදිහට පිරිල තියෙන්නෙ. ඒ වගේම හුස්මක් කටක් ගන්න බැරි තරමටම වැඩ වැඩි වෙලා. පොඩ්ඩිගේ මෙහේ උප්පැන්නෙ හදන්න, ඊට පස්සෙ ලංකාවෙ පුරවැසි භාවයට ඇප්ලයි කරන්න, ලංකාවෙ උප්පනෙට අයදුම් කරන්න, පාස්පෝට් එක හදන්න, වීසා ගහන්න මෙකී නොකී දහසක් දේවල් අතර හිර වෙලා තමයි හිටියේ. දවස් ගත වෙලා යනවා තේරෙන්නෙ නැති තරමට වැඩ වැඩි වෙලා.

අපේ ජීවිතේ හැමදාම සතුට විතරක් රැඳෙන්නෙ නැහැ. දුකයි, පාළුවයි, තනිකමයි මේවා ඔක්කොම පැකේජ් එකක් විදිහට තමයි අපි ටුවර් එක පටන් ගන්නකොටම අපි ඉල්ලගෙන එන්නෙ. ජීවිතේට හැම තිස්සෙම අභියෝගයක් ලබාදෙන්න උත්සාහ කරන්න. ඊට පස්සෙ ඒ අභියෝගය ජය ගන්න හිත යොදවන්න. සතුටින් ඉන්න. ඇවිදින්න යන්න. ලංකාවෙ කොච්චර බලන්න යන්න තැන් තියෙනවද ? ඒවාට කාලය යොදන්න. ලංකාවෙන් පිට වෙලා ටික කාලයක් ඉන්නකොට තමයි ලංකාවෙ දේවල් වල අගේ තේරෙන්නෙ. ඊලඟ පාර නිවාඩුව එනකන් ඇඟිලි ගැන ගැන ඉන්න අපි තමා ඒක දන්නෙ.

Kasun said...

මම මේ වගේ පොස්ට් එකක් දැක්ක දෙවනි වතාව. හිතට ටිකක් අවුල් වගේ මෙහෙම පෝස්ට් එකක් කියවනකොට. මැරෙන්න නම් හිතුන ගොඩක් වෙලාවල් මටත් තිබුන. ඒත් ඉතින් විසඳුම ඒක නෙමෙයි නෙ.

roylyfernando said...

:(

Dinesh said...

ඇයි අක්කේ මේ වගේ එකක් ලිවුවේ.. කියවගෙන් යද්දී හිතට මහා දුකක් දැනුනා..

DishanSR said...

මටත් දැන් මැරෙන්න හිතිලා තියෙන්නේ අප්පා :(

හිස් අහස said...

මොකටද මේක ලිවුවේ අක්කේ ...මගේ තාත්තා මැරිච්ච දවසත් මට මැවිලා පෙනුනා මේක දැකලා . මම මේකට අකමැත්තක් නම් නෑ ... මට දැන් පහුගිය දේවල් ගානක් නෑ ඒ උනාට මම කවදාවත් මගේ තාත්ත ගැන මතක්කරන්නේ නෑ ... පරන දේවල් හිතුවොත් අපි හිතින් ලෙඩ වෙන එක විතරයි වෙන්නේ ...

ඔයාගේ අම්ම වගේම මගේ අම්මත් ඇඬුවා .. අන්තිමට අම්මව සන්සුන් කරන්න සිහි නැති වෙන්න බේතක් හිටන් විද්දා .... ඕව බලාගෙන උනත් මම අඬන්නේ නැතුව හිටියා ... මම අදටත් ආඬන්නේ නෑ ...අවුරුදු ගානකින් අඬලත් නෑ ...මම කරන්නේ හැම දේම අමතක කරනවා ...

හිස් අහස said...

එනව මෙතන මැරෙන කතා කියන්න ....

Niroshan said...

බොලේ නියිටක්‌ ගහන්න චෑන්ස් එකක් වත්ද?

මෙහෙම මැරෙන්න හිතෙන එවුන්ගේ ගානට නියිට් ගැහුවොත් නිදා ගන්න වෙන්නේ නැහැ නොවැ මේ කපේට!

Helping To People said...

:( :( :(

නිසල් said...

:(

සොඳුරු සිත said...

@ MaRLaN
තරුවක් .... අහසෙ ද මල්ලි .. හෙ හේ.. ස්තූථියි මාලන් මල්ලි ...........................

@ Chanaka Aruna Munasinghe
හුරතලයට ඇති කරන්න පෙන්ගුවින් කෙනෙක් හොයා ගත්ත ද?ස්තූතියි Chanaka Aruna Munasinghe ....

සොඳුරු සිත said...

@ Kathandara
හෙ හේ... ඉතින් ආච්චි හැරමිටියෙන් ගැහුවයි .. ස්තූතියි කතන්දර මේ පැත්තෙ ආවට...

සොඳුරු සිත said...

@ Kasun
මම මැරෙන්න බලන් ලීව ලිපියක් නෙමෙයි කසුන්.... ස්තූතියි අදහස් වලට... මට මැරෙන්න කලින් ගොඩක් දේවල් කරන්න තියෙයි...

සොඳුරු සිත said...

@ roylyfernando
අනේ රෝ... මොකද මේ මුහුණෙ හැටි... අඩල දොඩල පලක් නැහැ රත්තරනේ... අක්ක බලන්න ඇවිත් යන්න හරිද?

හෙ හේ ... දුක හිතන්න එපා...

සොඳුරු සිත said...

@ Dinesh
හිත රිදවන්න හිතන් ලීවෙ නැහැ Dinesh .. සමාවෙන්න. හිත රිදවල ඉවර වෙලා සමාවෙන්න කියල වැඩක් නැති විත්තිය දන්නව.

ඒක නෙමෙයි Dinesh ඔයාගේ බ්ලොග් එකේ කමෙන්ට් කරන්න තැනක් නැද්ද?

සොඳුරු සිත said...

@ DishanSR
ඔන්න ඔන්න.. ඕකනෙ කියන්නේ.. දැන් කවුද මැරුනෙ. මොකද මේක ලීව කියල මේ මම මැරුනද නැහැනෙ... පිස්සු නැතිව ඉන්න DishanSR ....

ඒක නෙමෙයි ඔයා බ්ලොගයක් ලියනව ද?

සොඳුරු සිත said...

@ හිස් අහස
අපොයි මෙන්න කොච්චි කරල ඇවිත්.... සමාවෙන්න මයෙ මල්ලියේ... අක්ක මලේ නැහැ නොව...

හිහි.. මලොත් එන්න හොදේ....
මොකද අප්පා ..ටෙස්ටින් විතරක් ඔයාගේ බ්ලොග් එකේ...

සොඳුරු සිත said...

@ Niroshan
අන්න නියම කොල්ලෙක්... හැබෑව මල්ලියේ... ස්තූතියි Niroshan

සොඳුරු සිත said...

@ Helping To People
:) :)

සොඳුරු සිත said...

@ නිසල්
:)

හිස් අහස said...

ටෙස්ටින් විතරක් යන්නේ බ්ලොග් එක කැඩිලා ...අක්කේ මම තාම හදනවා ...අලුත් එවුවා ලියලා තියෙනේ එවුවා අප්ඩේට් උනේ නෑ .. :(

kumaraya said...

මේකටනම් මටත් කියන්න දෙයක් හිතාගන්න බෑ.
මේ මං වගේ සංතෝසෙන් ඉන්නකෝ .. වත් ...

Ravi said...

තමන්ගෙම මරණය ගැන මෙහෙම ලියන්න කෙනෙකුට හිතෙන්න හේතු දෙකක් තියෙන්න පුලුවන් කියලයි මම දකින්නෙ. එක. කියවන අය කම්පනයට පත් කිරීම උදෙසා, දෙක. තමන් ජීවිතේ ගැන අන්තයටම කළ කිරිලා මරණය උනත් මීට වඩා හොඳයි කියන මානසික තත්වයට පත්වෙලා.

වෙන මොකවත්ම මම කියන්නෙ නැහැ. මොකෝ මේ වගෙ අවස්ථාවක වචන වල කිසිම තේරුමක් නැහැ.මොක උනත් හිතට කාවදින්නම ලියල තියෙනව කියල නම් නොකියාම බැහැ.

Post a Comment

සිතක් ‍සොඳුරු වන තරමට අදහස් බොහෝ දැවටෙනු ඇත. නුඹේ සොඳුරු සිතේ අදහස් වචන කර යන නුඹට මගේ ස්තූතිය..... කියවූ ඔබටත් ස්තූතියි.

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...