..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

මෙහි ලියැවෙන දෑ.............

"Art is something that lies in the slender margin between the real and the unreal."සාහිත්‍ය වනාහි සත්‍යයත් කල්පිතයත් අතර පිහිටි අනියත ප්‍රදේශයකට අයත් වේ.(Chikamatsu Monzaemon)

Wednesday, April 27, 2011

෴ බැස ගිය මධු සඳ ෴


සඳ වතුර ගේ මිදුල තණ පියස අතුරා
කුමුදු මල් පියළි ගෙන තැනින් තැන සරසා
පිනි බින්දු එකින් එක වරලසේ අමුණා
නුඹ සමඟ ගෙවූන ඒ රැයේ මධු හංඟා

තොලට තොල රස හැඟුම් ගංගාව නංවා
නෙතට නෙතු එඹී සිටි ශෘංගාර සගවා
නෙතු පියන් පියවිලා , පියවි ලොව හංගා
නෙතු අතර ගලා ඇයි කඳුළු බිදු ගංගා

නෙතට නෙත , ගතට ගත ලයට ලය තෙරපා
ගතට පමණක්ම ඇයි සුවේ රස ශෘංගා
සිතට සිත , සඳට රැය ලෙසට නොම රිංගා
සඳට දුක ඇයට ඔහු නොලැබුනම හින්දා

"There must be a stronger foundation than mere friendship or sexual attraction. Unconditional love, agape love, will not be swayed by time or circumstances. "

යථාර්ථය සොයා සිහින පාරක ඇවිදින
මම
෴ සොඳුරු සිත ෴

9 comments:

  1. යමුනා නදියද කැළ ෙඹ්

    ReplyDelete
  2. සඳ දියේ තෙමුනු නුඹෙ දෙතොල් සිපගත් එදා,
    කුමුදු මල් පෙති මුහුලසෙහි දැවටි හිනැහුනා,
    ඔබෙ සෙනෙහෙ විඳින්නට පැතූ සේ අප සදා,
    සසර එදවස පිරූ පාරමී මදිඋනා.

    ReplyDelete
  3. MAN NET LOG UNA GAMAN BALANE OYA MONADA DALA THIYENNE KIYALA AKKE..MAN KEMATHIMA BLOG EKA..

    ReplyDelete
  4. "සඳ දිය උතුරා අපතේ යයි
    ගිලී නාන්නට එන්න ප්‍රියේ
    තරු කැට ගිලිහි දියේ ගිලෙයි
    ඒ තරු අහිදින්නට එන්න දියේ"

    ReplyDelete
  5. ගත සිත දෙකක් බව දැනුනේ නැති හන්දා
    සිත මළ ලදක් හට මාගේ මන බැන්දා
    සිත තුටු වීම වැඩි වටිනාකම හින්දා
    මම එමි නැවත ඔබ සොයලා ඉනු නන්දා

    ReplyDelete
  6. වත්සලා මැඩම් ලියාපු තව ලස්සන කවියක් ! පලවෙනි කවියට ඉතාම කැමතියි .

    ReplyDelete
  7. ශෝක් කවි ටික.

    ReplyDelete
  8. හොදයි.ලස්සනයි..............................

    ReplyDelete
  9. දුක හිතෙයි........ ලස්සනයි...........

    ReplyDelete

සිතක් ‍සොඳුරු වන තරමට අදහස් බොහෝ දැවටෙනු ඇත. නුඹේ සොඳුරු සිතේ අදහස් වචන කර යන නුඹට මගේ ස්තූතිය..... කියවූ ඔබටත් ස්තූතියි.

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...