..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

මෙහි ලියැවෙන දෑ.............

"Art is something that lies in the slender margin between the real and the unreal."සාහිත්‍ය වනාහි සත්‍යයත් කල්පිතයත් අතර පිහිටි අනියත ප්‍රදේශයකට අයත් වේ.(Chikamatsu Monzaemon)

Thursday, April 21, 2011

෴ මයෙ අවුරුද්ද ෴


කුරුටු ගාන්න මෙලොව් මනස්ගාතයක් මයෙ හිත් පොඩ්ඩට එන්නෙ නැතිවා. ඔහේ හොන්දු මාන්දු වෙ වී වුන්නා. ඒ  අස්සෙ අසනීපත් වුනා. දෙයියනේ කියල අලුත් අවුරුද්දට ඉස්සෙල්ලම දොස්තරමහත්තැන්ල මුලිච්චි වෙන්න නොවැ ගියේ.


අවුරුදු සවාරි යන එන නෑදෑසනුහරෙත් අඩුවක් වෙලා නැතුවා. වුන්දැලැ එන කොටම , අර මොකාටද ඇදෙන කබල්ලෑවැ වගේ මගේ ම ගුහාවට වල් වැදෙනවා කියල මයෙ අම්මත් හොඳටෝම මට දෙස් දෙවොල් තියන්න ගත්ත. ගෙයින් එළියට නොබැහැ , අවුරුදු සවාරි නොයා මං ගත කළේ ඔන්න නියම අවුරුද්ද.


ඉතින් ආයිබෝන . . . . . .  එහෙම එකළ , මෙකළ වෙවී ඉන්න කොට , අහපු ගීතයක් තමයි මේ. . . .

අහලම බලන්න කෝ. . .

 


අරයැයි . . .   තේ කෝප්පය බින්ඳ නිසා ....දැන් එයාට තේත් නැහැ.  ඔන්න ඉන්නව ඇටි කෙහෙල් කාපු මොකාද වගේ. එයැයිගෙ කතාවත් අරන් මම ඊළඟ පොස්ට් එකෙන් එන්නම් ආයෙමත් .................

එයාට මම කොච්චර ආදරෙයි ද කියල , ඇත්තටම එයා දන්නෙ නැහැ. නැත්තම් මෙහෙමත් පරල වෙයි යෑ..... 




You'll never know how much I really love you.
You'll never know how much I really care.


 
හැමදාමත් එයැයිට ආදරය කරන
මම
෴ සොඳුරු සිත ෴ 

7 comments:

  1. kiyanna thiyenne patta kiyala thama

    ReplyDelete
  2. හපොයි, අලුත් අවුරුද්දෙ අසනීප උනාද? දැන් ප්‍රශ්නයක් නැතුව ඇති කියල මම හිතනවා, ඒ වගේම ප්‍රාර්තනා කරනවා, නංගි,

    ගීතය නම් කියල වැඩක් නැහැ,අරුණිගෙ අලුත් පෝස්ට් එකේ තිබ්බ මෙහෙම / ලෝකයේ වැඩියෙන් ම අලෙවි වන සංගීතය තවමත් බීට්ල්ස් කණ්ඩායමේ සංගීතයයි. /

    මේ ගීතය ඇහුවම ඒක පුදුම වෙන්ඩ දෙයක් නෙවෙයි, ඒක එහෙම නොවුනානම් තමයි පුදුමයක් වෙන්නෙ.

    ReplyDelete
  3. අවුරුද්දට ගෙදරටම වෙලා හිටියෙ ඔයා විතරක්ම නෙමෙයි හොඳේ... සාතන් දවස් 8ක් එකදිගට ගෙයින් එළියටවත් බහින්නෙ නැතුව නිවිසැනසිල්ලෙ අවුරුදු සැමරුව.... :)

    ReplyDelete
  4. අනේ මටත් උනේ ඔය ටිකමනේ...අලුත් අවුරුදේ දකුණු කකුල පෙරට තබා දකුණු දිශාව බලා සුබ මොහොතින් හොදටෝම කැහැ කැහැ දොස්තර සොයා පිටත් උනා...

    ReplyDelete
  5. ආදරේ වැඩිවෙනකොට තරහා යනවා වැඩිද?

    ReplyDelete
  6. වත් අක්කේ අලුත් කෝප්පෙකුත් අරන් දීලා කථාව අරන් එන්න එහෙනම් :D

    ReplyDelete
  7. කෝප්පෙ බිඳ ගත්ත නං පොල් කට්ටක් හොඳට සුද්ධ කොරලවත් තේ ටික දෙන්න.

    ReplyDelete

සිතක් ‍සොඳුරු වන තරමට අදහස් බොහෝ දැවටෙනු ඇත. නුඹේ සොඳුරු සිතේ අදහස් වචන කර යන නුඹට මගේ ස්තූතිය..... කියවූ ඔබටත් ස්තූතියි.

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...