..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

මෙහි ලියැවෙන දෑ.............

"Art is something that lies in the slender margin between the real and the unreal."සාහිත්‍ය වනාහි සත්‍යයත් කල්පිතයත් අතර පිහිටි අනියත ප්‍රදේශයකට අයත් වේ.(Chikamatsu Monzaemon)

Sunday, April 17, 2011

෴ දුරින් තියන දේම මොකද සතුට අරන් එන්නේ / ළඟින් ඉන්න අය ඇයිදෝ තරහ වෙලා යන්නේ ෴



මම ලියනා කවි බලන්න නුඹේ දෙනෙත් නැත්තම්
මම ගයනා ගී අහන්න මගේ ළඟින් නැත්තම්
ජීවිතයම රස විඳින්න ,  නුඹ ඈතක ඇත්නම්
අනේ ඉතින් මා මොකටද සුවඳ පැතුම් රන්දන්

ඉරෙන් සඳෙන් පැතුම්  අරන් නිල් නෙතු වල සඟවා
විහඟ තුඩග ස්වර අරගෙන මුව දිව අග රන්දා
තණ පිස්සෙ රැඳි පිනි වල සිසිල හදේ පතුරා
නුඹ එනතුරු මා වුන්නා සිතින් ගතින් බන්දා

දුරින් පෙනෙන සඳ තරු මල් නෙත රිදවන හන්දා
නුඹේ හඩින් ඇසෙන ගීය  දුක දවටන හන්දා
දුර ඈතක පිපී දිලෙන නුඹ දුරකම රන්දා
ජීවිතයත් තුරුල් කරන් මා මෙතනම වුන්නා

"The best and most beautiful things in the world cannot be seen or even touched. They must be felt with the heart."


 දුරින් ඉන්න
මම
෴ සොඳුරු සිත ෴

9 comments:

  1. සහෝදරී, කියන්න දුකයි ඔයාගේ සිත හැදෙනකොටම සිතිවිලි වල සොදුරු බව අඩුවෙලා වගේ මට දැනෙනවා. ඔයා නිරුත්සාහයෙන් ලියන වගක් පෙනෙන්නේ නැහැ. හිතෙන විදිය කීවේ, වරදක් හිතන්න එපා.

    ReplyDelete
  2. මොකටද වරදක් හිතන්නේ.ඔයා හරි... දැන් මට කවි ලියන්න බැහැ. අනික කවි ලියවෙන්න ඕනි නිරුත්සාහයෙන් මිසක් .උත්සාහ දරල නෙමෙයි ....

    ReplyDelete
  3. නෙතු දෙපසින් වැටුණු කඳුළු වියලි ගියාවේ
    කැඩුණු හදවතත් යලි හා උනාවේ
    ජිවිත ගංගාව සැඩ පහරට ලක් නොවුනාවේ
    සතුටු සිනා මල් යලි මුකුලිත උනාවේ

    ReplyDelete
  4. ක්ෂිතිජයේ නිම් තෙරේ
    හිරු මඩල හිර වෙලා
    සෙනෙහසට ගතු කියයි
    ආදරේ හඬවලා .

    ReplyDelete
  5. දුරින් දකින නුඹ හසරැලි හන්දා..
    හදේ පැතුම් සගවන් උන්නා..
    දුරින් හිදින නුඹ සිතුවිලි කලඹා..
    ලගින් හිදින්නට මා පියවර බැන්දා..

    හදෙන් හදට අප හද තුල රන්දා..
    පැතුම් දිවිය සිරිමොක්පුර වුවා..
    බැදෙන බැදිම් දිවි බැමි සිර කෙරුනා..
    මෙවන් සිහිනයක් මා නොම දැක්කා..

    ඉපිද හිදින වැඩෙන මතු දිනයේ..
    හිදිමි පතිමි මම නුඹ ලග හැම භවයේ..
    එකම පැතුම හද තුල වියලන තුරු භවනේ.
    සදා රැකේමි මේ ලෙස එක තුරුලේ..

    ReplyDelete
  6. නිලම්බරේ දිළෙනා තරැ මල්
    මේ බ්ලොගයේ රගනා
    පවන් තොටේ සැලෙනා වන මල්
    සොදුරැ සිතින් හඩනා
    සොදුරැ සිතේ පියඹා සමණල්
    හෙමින් සැරේ ඇදෙනා.....

    ReplyDelete
  7. මා කුමටද සෙනෙහස හිතේ රන්දන්
    නුඹ මවෙත ආයෙත් නොඑනවනම්
    නුඹ ඉතිරිකර යන්න ගිය මතකයන්
    තබමි වෙනතක අරගෙන රහසින්..

    ReplyDelete
  8. cnt+C ඔබේ සිත කොපි කර ගැනීමට මහත් රුකුලක් දුනි..

    හොඳ කවියක්

    ReplyDelete
  9. අක්කේ... මේ වචන සෙට් එක සිරාම සිරා... හොඳ මෙලඩියක් දාන්නකෝ.. අනිවා හිට් වෙනව...

    ReplyDelete

සිතක් ‍සොඳුරු වන තරමට අදහස් බොහෝ දැවටෙනු ඇත. නුඹේ සොඳුරු සිතේ අදහස් වචන කර යන නුඹට මගේ ස්තූතිය..... කියවූ ඔබටත් ස්තූතියි.

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...