..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

Saturday, April 16, 2011

෴ බන්ඩි ෆුල් ෴

“ එපා එපා . . . . මට එපාමයි “

“ අනේ මගෙ රත්තරන් , එහෙම කියල කොහොම ද පුතේ , හොඳ දරුව වගේ මේ කට විතරක් කන්න “

“ එපා . . එපා කීවම තේරෙන්නෙ නැද්ද ? මට එපා “

“ ඔයාට ඔන්න ස්කෝලෙ යන්න බැරි වෙයි එහෙනම්.“

“ ඇයි ඒ “

දිලිසෙන තාරුකා වගේ කළු ඉංගිරියාව ඇහැ පුරාම විහිදුන ඇස් දල්වන් පුතු මා දිහා පුදුම වෙලා බැලුව.  වැඩේ හරි. හැබැයි ඊළඟට මම දෙන පිළිතුර ඔස්සේ බත් කටක් බඩට රිංගන එක රඳා පවතිනවා.

“ හොඳයි , මේ බත් කට කෑවොත් ඒ ඇයි කියල මම කියන්නම් “

කට බෙරි කරන් මොහොතක් සිටි පුංචිත්තා , බාගෙට කට ඇරපු ගමන් අතේ තිබ්බ බත් පිඩ කටට ඔබන්න අත්දැකීම් තියන නිසා මට පුළුවන් වුනා.

කටේ බත් කට දැන් ඉතින් පැය ගාණක් ඇඹරේවි. ඒ අතර තුර මං කල්පනා කළේ ඊළඟ බත් කටත් බඩට යවන්න , දෙන්න පුලුවන් උත්තරය් ගැන.

“ ඉතින් කියන්න , ඇයි බත් කන්නෙ නැති නම් ඉක්කොලෙ යන්න බැරි “

“ ඇයි සත්තරනේ , ඔයා වගේ උසින් අඩු පුංචි ළමයි ස්කෝලෙට ගන්නෙ නැහැ නේ “

“ ඉතින් උස යන්න බත් කන්න ම ඕනි ද? අම්මි බොලුමයි කියන්නේ “

“ ඇයි පුතා ? “

“ අර සුදු අක්කලයෙ ගෙදර ඉන්න චූටි මාමා ,“

“ ඔවු ඉතින් “

“ අපෝ එයා කන බත් එකේ ලොකු. ඒත් චූටි මාමා අර මල් පැළේ තරම් වත් උස නැහැ “

“ මට එපා බත් , අම්මිම කාලා ස්කෝලයන්න “
පුතාට අනපු බත් ගුලි නොදැනිම මගෙ කටට යන අතරේ මට සිහිවුනේ මමත් දැන් ටිකක් තරබාරුයි කියල පුතාලැයෙ තාත්තා කියපු මැසිවිල්ල.

මේ පුංචි දරුවා නැත්තම් පුතාලයෙ තාත්ත වුනත් මයෙ ළඟ ඉන්න එකක් නැහැ කියල සමහර දින වල මට හිතිල තියෙනවා. ජීවිතය මොන තරම් පුදුම ද? කාලයක් දිවෙන් දිව ගාගෙන ආදරයෙන් හිටපු අයම මූණ බලන්නවත් අකමැති වෙලා එක වහලක් යටම ඉන්න දෙන්නෙක් වෙන හැටි.

සිරුරින් එකතැන හදවත් දෙතැනක
දෙදෙනෙකු වෙමු අපි එකම වහලයට..
ඔබෙත් මගෙත් හද ගැහෙනා රාවය
අපට මියෙන තුරු හැදිනිය හැකිවෙද..
අපට මියෙන තුරු හැදිනිය හැකිවෙද..


කවදත් නොවෙනස් වෙන එකම ආදරය “ මවකගෙ ආදරය“ විතරයි කියල මට දැනෙන්න ගත්තෙ පුංචි පුතා මගෙ කුස පිලිසිඳ ගත්ත කියල දැන ගත්ත දවසෙමයි.

ආලය , රාගය, ආසාව ට වැඩි ඉඩක් දෙන ආදරයක් ළඟ දි අධ්‍යාත්මය හෝදා පාළුවෙලා යන්නෙ නොදැනීමයි.
පුතුත් එක්ක පුංචි විනෝද සවාරියක් යන්න , පුතු ළඳරු පාසලේ ප්‍රසංගයට වරද්ද වරද්ද ඉදිරිපත් කරන නැටුම් බලන්න යන්න. පුංචිත්තගෙ සුරතල් වචන පිරුණ කතන්දර අහන්න. පුංචිත්තව තුරුල් කරන් නින්ද යනකම් කතාවක් කියන්න බැරි තාත්ත කෙනෙකුගෙන් ඇත්තටම වැඩක් නැහැ.

“ අලේ , අලේ. . . . තාත්ත ඇවිත් ... ෂෝයි ෂෝයි . . . .“

පුදුම අට ද හීනයක් ද? හැබෑවටම අද ඔහු වේලාසන ගෙදර ඇවිත්. කිමද මේ අරුමේ ....

පුතු අතට දුන්න පාර්සලය පුතුට උසුලා ගන්නවත් බැරි තරම්. පුතුගේ තාත්තා කෙළින්ම ආවේ මා ළගට. . .

“ සුලා . . ලෑස්ති වෙන්න. අපි අද යන් පුතුත් එක්ක බීච් එකට “

“ ෂෝයි ෂෝයි . .  ඔන්චිලි පදිමු අම්මි “

මගේ දෑසෙ තිබුන ප්‍රෙහ්ලිකාව තේරුම් ගත්ත ඔහු. මා ඔහු සමීයට අරන් මගේ නලල ඉම්ඹෙ මේ ලෝකෙ තියන මා විඳින්න කැමතිම උණුසුම මට දැනෙන්න ඉඩ ඇරල.

“ සුලා . . .  සුබ උපන් දිනයක් ඔයාට “

පියවුන දෙනෙත් , විවර වෙද්දි මා දුටුවේ ඔහුගේ දෑස් කඳුළින් දිලිසෙන වා.

“ තාත්ති , අපි දැන්ම යනව ද? “

තාත්තිගේ කලිසම් කකුළින් අඳින ගමන් පුතා අහන කොට මට මතක් වුනේ  පුතුගේ බත් පංගුව.

“ ඔවු ඔවු ....හැබැයි පුතා ඉතිරි බත් ටික ඔක්කම කන්න ඕනි “

“ බන්ඩි ෆුල් වෙන් න ද“ 

“ඔවු පුතා ... අද පුතුගේ බන්ඩිත් ෆුල් , අම්මිගෙ හිතත් ෆුල් “

සිනාසෙමින් තුන් දෙනාම එකට තුරුල් වෙද්දි , මම කවදත් කැමති ඔහුගේ දාඩිය සුවඳ වඩ වඩාත් දැනෙන්නට වුනා.

හ්ම් . . . හැමදාම ඉතිරි වෙන පුතුගෙ බත් පංගුවෙන් බත් ගුලි කන එක නතර කරන්න , ඒ වෙලාවෙම මම සිහියට ගත්තා.




“The love of a family is life's greatest blessing”

තවත් සොඳුරු ගෘහණියකගේ දවසක් සොරා ගත්ත
මම
෴ සොඳුරු සිත ෴

28 ප්‍රතිචාර:

..ChAnDiKa.. said...

ම්ම්ම්..... පවුලක බැඳිම මොන තරම් සුන්දරද? :)

නිම්ශා said...

නුබ සුවද ලං කරන මා දිවිය ..
සතුට මිස වෙන යම් කිමද,,,

අනිල් හේරත් said...

ඇත්ත.
ලඟ ඉන්න හැමතිස්සෙම ආදරේ කරන්න බැරිවෙන්නෙ, හැමතිස්සෙම ලඟ ඉන්න නිසා.

අනිල් හේරත් said...

ඇත්ත.
හැමතිස්සෙම ලඟින් ඉන්නවුණාට පස්සෙ, ලඟින් ඉන්න හැමතිස්සෙම ආදරේ පෙන්නන්න ටිකක් අමාරුයි.

dishanrajapaksha said...

ලස්සනට ලියල තියනවා, හැමදාමත් වගේ :)

හිරණ්‍ය said...

සඳ නැති රැයේ ඇය තනියම ඉකිබින්දා
හිමිනැති දුකට කඳුළු ගැලුවේ නැති හන්දා
ඔහුගේ සුවඳ ඇය ළඟ රන්දා
සතුට අරන් ගියේ කොහොමද මන්දා

ශාමින්ද said...

ආදරේ කියන්නේ කොච්චර නම් සුන්දර දෙයක්ද .....

හසී said...

හරිම ලස්සනයි කථාව බලලා මගේ හිතත් ෆුල් :)

Dinesh said...

හරිම සුන්දරයි අක්කේ...

පුතුගේ සෙනේ ලග හිත නැවතී උන්
ඔහුගේ දගකාර ආදරේ ලබා උන්
ජීවිතය ලග බලාපොරොත්තු දල්වා උන්
මම වාසනාවන්ත වී ඇත නුඹ ලගම උන්...

හා පැටික්කි (MS) said...

ලස්සනයි අක්කියෝ........
තව දවස් කීපයක් හොරකම් කරන්න බැරි වෙයිද????? :D :D

හිස් අහස said...

ලස්සනම ලස්සනයි අක්කේ මේක බලලා මටත් ඉකමනට පවුල් වෙන්න ගිතුනා . ඔන්න මමත් බඳිනවා අද හෙටම .ඔයාට තමයි මුලින්ම කීවේ ..

තිස්ස දොඩන්ගොඩ said...

"මා හිස සිඹ දොඩනා කතන්දර...
රස මසවුලු සුවඳෙහි පුද තබනට...
සෞම්‍ය ප්‍රේම සඳ කිරණේ...
කවදා තනිවන්නේ..."

Ravi said...

සෙනෙහසේ අරුත මට,
පසක් කල ඔබ දෙනෙත,
ජීවිතේ වෙහෙස දුරු,
කරවනා සිනහ බිඳ,

දිනෙන් දින නෙත පුරා,
දිදුලනා මිණි පහන,
සොඳුර ඔබමය හෙටත්,
මග කියන තරු එළිය,

After a long & exhausting day,
I only want to see your smile,
Just............. Your smile, just......that,
It's what I have been waiting for,......all day,
It would make my day,
And,
Make my life........ worth living,

සොඳුරු සිත said...

@ ..ChAnDiKa..
පවුලක් වෙන්න ආස හිතුන ද? හ්ම් ... සොඳුරුයි...ඒ වගේම සමහර වෙලාට අඳුරුයි ලු....

සොඳුරු සිත said...

@ නිම්ශා
සතුට , දුක එක ලෙසට
විඳින , විඳවන ජිවිතය මෙය..
ස්තුතියි නිම්ශා .........

සොඳුරු සිත said...

@ අනිල් හේරත්
එහෙම ද? එහෙනම් හැමදාම දුරින් හිටියොත් ආදරය රැදෙයි ද?
දුරින් ඉන්න කොට ඕනි ළං වෙන්න....
ළඟින් ඉන්න කොට ඇයි දුරස් වෙන්නේ...
ළඟ වුන්නත් , දුර වුන්නත් ආදරය හැමදාම දැනෙන්න ඕනි ....

සොඳුරු සිත said...

@dishanrajapaksha
හැමදාමත් , මේ පැත්තෙ එනවටත්, ඇවිත් විතරක් නෙමෙයි, අදහසක් ලියනවටත් ඔබටත් ගොඩක් ස්තූථියි...

සොඳුරු සිත said...

@හිරණ්‍ය
දුක සතුට දෙක ළඟ
ඇය ඉන්නේ නොසැළුණ ලෙස
ඔහු ගෙ ගොළු සිත ළඟ
ඉවසනා එක ඇයගෙ උරැමය

ස්තූතියි හිරණ්‍ය.......

සොඳුරු සිත said...

@ශාමින්ද
ජීවිතයක් නම් ආදරය නැතිව වැඩක් නැතිලු.....ස්තූථියි ශාමින්ද

සොඳුරු සිත said...

@හසී@
හිත ෆුල් නම් එච්චරයි නඟේ... මොන සැප සම්පත් තිබුනත් මොකටද? හිතේ සතුට සැනසීම නැතිව.... ස්තූතියි හසී.......

සොඳුරු සිත said...

Dinesh
ස්තූතියි.... අයේෂටත් ප්‍රීතිමත් ජීවිතයක් පතමු..
ආදරය ඇත්තටම විවාහයෙන් කෙළවර වෙන්න දෙන්න බැහැ.. මොකද ගොඩක් දෙනා හිතන්නේ , විවාහ වුනාට පස්සෙ ආදරය ඉවරයි කියල... හරිනම් ආදරය පටන් ගන්න ඕනි විවාහයත් එක්කලු...

සොඳුරු සිත said...

@හා පැටික්කි
ඔන්න ඉතින්. මාව හොරකමට පොළඹවන්න හදනවා. හොර හාවි.

සොඳුරු සිත said...

@හිස් අහස
බදින්න කලින් කොච්චර වැඩ තියද සඳරු. විශේෂයෙන් බීමත්කම... අන්න ඒක නතර කර ගත්ත දවසක පවුල් එකක් බැරි නම් දෙකක්ම ගන්න. මොකද බීමත්කම නිසා පවුල් කැඩෙන්න පුලුවන්...ඊට පස්සෙ මට තමයි ඉතින් දුක අහන්න වෙන්නේ...

සොඳුරු සිත said...

@තිස්ස දොඩන්ගොඩ
අහා.... සින්දු අයියට ගෙදර මතක් වුනාද? හ්ම්.. දුරින් වුන්නත් ළඟින් වුන්නත් හැමදාම ආදරයෙන් නම් හිත පිරෙනව නෙව අයියා...

සොඳුරු සිත said...

@Ravi
හැමදාම ලියන ලස්සන කමෙන්ට් එක.....

පිරිමි අය සමහර දෙනා , අයිය කීවා වගේ ගෙදර එන්නේ , පෙර මඟ බලාන ඉන්න තම ප්‍රිය බිරිඳ දකින්න. තවත් සමහරු වේලාසන රැකියාවෙන් ආවත් ගෙදර යන්නේ නැහැ “ යක්ෂණිය බලාන ඉන්නව “ කියල පුලුවන් තරම් රස්තියාදු වෙලා තමයි ගෙදර යන්නේ...

පවුල් ජීවිතයේ ඉන්න ඕනි යක්ෂයො , යක්ෂණියො නෙමෙයි.
දේවතාවියොත් නෙමෙයි
මනුස්ස කම පිරිරුණ දුක වේදනාව සතුට බෙදා ගන්න පුලුවන්, අනිකාගේ අඩුපාඩු ඉවසන්න පුලුවන් අය ලු.

මේ වගේ කතා ඇහෙන්නෙ මංගල සභාවල....

ඒත් කී දෙනා ද සතුටින් ඉන්නේ....

අයිය කවියෙන් කියල තියනව වගේ ස්වාමිපුරුෂයෙක් කියන්නේ ගැහැණු අපේ හීනයක්.....

AmilaArt said...

මරු අක්කේ, මාරම ලස්සනට ලියල තියනවා.
හිතේ රූපෙ මැවෙනවා

සාතන් said...

ලස්සනයි අක්කෙ... මේ දවස් වල මාර ඒව තමා ලියන්නෙ... :)

Anonymous said...

Nice :-)

Post a Comment

සිතක් ‍සොඳුරු වන තරමට අදහස් බොහෝ දැවටෙනු ඇත. නුඹේ සොඳුරු සිතේ අදහස් වචන කර යන නුඹට මගේ ස්තූතිය..... කියවූ ඔබටත් ස්තූතියි.

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...