..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

Friday, April 15, 2011

෴ මම , නුඹ සහ මගේ වෙනස෴





මම දැන් ‍වෙනස් ‍වෙලා කියල මට හිතෙන්නෙ ඇයි ද මන් ද? ‍ගොඩක් ‍දේවල් ‍වලින් ‍වෙන් වෙලා ම‍ගේම කියල ජීවිතයක් දැන් මට ති‍යෙනවා. හැම‍දෙයක් දිහාම උ‍පේක්ෂා‍වෙන් බලන්න, ටිකක් හරි දුකක් නැතිව ඉන්න දැන් මම පුරුදු වෙලා.

නුඹ අමතක වෙලා නොවෙයි
මම වෙනතක ගියා නොවෙයි
මම ළඟ නුඹ තියල ගියපු සුවඳ තියනවා
ඒ සුවඳට හිත පුදලා
පෙර මඟ මගෙ නෙත තබලා
මගේ ගමන මම සතුටින් යන්නට යනවා
නුඹ නුඹේ ගමන තුටින් යනෙනු ඇතැයි සිතනවා

නුඹ මට හිමි වෙලා නැතයි
නුඹ මා ළඟ වුන්නෙ නැතෙයි
කිසි තරහක් මසිත නැතේ
දුක් කඳුළක් හෙලනු නැතේ
මා මෙන් නුඹ තුටින් සිටිනු ඇතැයි සිතනවා
දුරින් කොහිද එක ඉර සඳ අපිට දිලෙනවා



මට මා දිහාම ආපහු හැරිල බලන්න හිතුනේ “ හිස් අහස “ ලියන අපේ සඳරු මල්ලි මම ලියපු “මගේ අවුරුද්ද “ කතාවේ අවසානයේ දී ලියපු කමෙන්ට් එක දැකල.






ඇත්තටම ආපහු හැරිල බැලුවම මම ගොඩක් වෙනස් වෙලා කියල මට ම තේරුම් ගියා.

හිස් අහසෙ සඳරු මල්ලි , මේ සිංහල අලුත් අවුරුද්ද පටන් ගන්න කොටම , ඉටු කරන්න බැරි ජාතියේ පොරොන්දුවක් එයාගේ යාළුවො වෙන අපි කාටත් දීල තිබ්බ.ඒක අතුරු කතාවක්.බිලොග් ලියන, කියවන අපි කාටත් , වැඩිම යහළුවන් ප්‍රමාණයක් ඉන්නේ , හොඳම හා හිතවත් යහළුවන් ඉන්නේ මේ වර්චුවල් ලෝකේ බව මේ අලුත් අවුරුද්දත් ඔප්පු කරල පෙන්නුවා.

ඒ වගේම , තමන්ගේ වටිනා කාලයෙන් වැඩි හරියක් මේ සයිබර් ලෝකය එක්ක බෙදා ගන්න බොහෝමයක් යාළුවන් ඉන්නේ හිත දෝරෙ ගලන දුකින්. ඒ කියන්නේ ඉස්සර මම හිටිය වගේ. මම ඒ යාළුවන්ට කියන්න කැමති , නැති දේ ගැන, දාල ගියපු දෙයක් ගැන, නොලැබෙන දෙයක් ගැන හිත හිත දුක් වෙන්න එපා. ඒ මතක අමතක කරන්න බැරි බව මම දන්නවා , ඒත් ඒ මතකය විතරක් හිතේ සුන්දර තැනක තියාගෙන ජීවිතය යන ගමන යන්න. ඇඟට දැනෙන්න , හිතට දැනෙන්න , තමන්ගෙ ගමන යන්න. එතකොට කවදහම හරි දවසක ආපහු හැරිල බැලුවම තමන්ගෙ හිතට දැනෙන්නෙ සතුටක්. මේ ජීවිතය හරිම ටිකයි යාලු. ඒ ජීවිතකාලයෙන් කොච්චර පුංචි ප්රයෝජනයක් ද අපි ගන්නේ.

තමන්ට ආදරය අය තමන් ලඟ නැහැ කියල වත්, තමන් ආදරය කරන කෙනා තමන්ට ආදරය නැහැ කියල වත් දුක් වෙලා පලක් නැහැ. ආදරය කරන අයව අයිතිකර ගන්න ගියාමයි මේ දුක වැඩියෙන් දැනෙන්නේ. දැන් ඔයාල කියාවි “ හහ් කියන්න නම් ලේසි. තුවාලය තියන මිනිහ නෙ වේදනාව දන්නෙ “ ඇත්ත. ඒත් දියවැඩියාව නැත්තම්. දියවැඩියාව තිබුනත් , තමන්ගේ කැප වීමෙන් ඒක පාලනයත් කර ගන්න පුලුවන් නම් , කොහෙවත් යන විෂ බීජ තුවාලයට වදින්න දෙන්නෙ ත් නැත්තම් කාගේ වුනත් තුවාලයක් අනිවාර්යයනේ සනීප වෙනවා. පොඩ්ඩක් පිරිසිදුව ආවරණය කරල තියා ගන්න විතරයි ඕනි.

ඔන්න ඉතින් තුවාලයෙන් හරි හම්බකර ගන්න ඕනිම නම් තුවාලය පාරව පාරව “ හිඟන්නගෙ තුවාලය “ වගේ තියන්න ඉන්න.

පිටතට නොපෙනෙන නමුත් අභ්‍යන්තරයේ තියාන ඉන්න තුවාල නම් අති භයංකාරයි. මොකද තමනුත් නොදැන තියෙන ඒ වගේ තුවාල මරණීය වෙන්න පුලුවන්. නොදැනම තමාව නැති කරල දාන්න පුලුවන්. එහෙම තුවාල තියෙන අය , තමන්ගෙ වේදනාව තවත් කෙනෙක් එක්ක බෙදා ගන්න. ( මම කරා වගේ) බොහොම හිතවත් යාළුවෙක් තරම් කිසිම කෙනෙක් වටින්නෙ නැහැ කියල ඒ වෙලාවට තමන්ට තේරේවි. දුක යනකම් අඩන්න. ශරීර ගැඹුරෙ ගිලිල තියෙන තුවාලය මතුපිටට අර ගන්න ඒක උදවුවක් වේවි. ඊට පස්සෙ අපිට පුලුවන් තුවාලය සනීප කර ගන්න.

මම දන්නව , බොහොම බරපතල තුවාල වල කැලලක් හරි ඉතිරි වෙනවා. ඒත් ඉදල හිටල හරි ඒ කැලල දැක්කම සිතට දැනෙන්න ඕනි සියුම් මිහිරක් මිසක් වේදනාවක් නොවෙයි.
 

 සමහර අවස්ථා වලදි, අපි ජීවිතේ පටල ගන්නව , ඒත් පැටලුම් වුනත් වෙන්න තිබුන සොඳරු පැටලුමක් බව ඔබට යම් දිනක පෙනේවි.

හරි හරි බණ සහ පඩිකතා ඉවරයි. මම ආවේ කවියක් ලියන්න , වුනේ බණක් ලියන්න. ඔන්න බලන්න ඒකෙත් හැටි...........................



“Instead of thinking about what you're missing, try thinking about what you have that everyone else is missing.”

P/s
මම මේ මගේ වගේ  භාවිත කරන පින්තූරය ඇඳල තියෙන්නේ , නොහොත් සැබෑ අයිතිකාරය තමයි ජේ.ඩී ශේඩී . . . මම කලින් වතාවකුත් මේ ගැන කියල තිබුනත් ආයෙත් මේ ගැන මතක් කරන්න හිතුනා. මොකද අපේ ජේ.ඩී දැන් චිත්‍ර අඳින  එක නතර කරලලු.

16 ප්‍රතිචාර:

පූසා said...

"තමන්ට ආදරය අය තමන් ලඟ නැහැ කියල වත්, තමන් ආදරය කරන කෙනා තමන්ට ආදරය නැහැ කියල වත් දුක් වෙලා පලක් නැහැ"
සහතික ඇත්ත අක්කේ.....

BlogShan said...

ඇත්තටම මෙතන දේවල් වලින් සමීප දෙයක් තියෙනවා. 'තමන්ට ආදරය අය තමන් ලඟ නැහැ කියල වත්, තමන් ආදරය කරන කෙනා තමන්ට ආදරය නැහැ කියල වත් දුක් වෙලා පලක් නැහැ. ආදරය කරන අයව අයිතිකර ගන්න ගියාමයි මේ දුක වැඩියෙන් දැනෙන්නේ'

මට මෙතන පොඩි වචන වගයක් හරි ගස්සන්න තියෙනවා. මම දුක්වෙන්නේ තමන්ට ආදරේ කරන කෙනා තමන්ට ආදරය නෑ කියන එකට නෙවේ. ඒ ආදරය මමගාව තියෙද්දී වෙන කෙනෙක්ට ඒ ආදරයේ උණුස්ම බිංදුවක් හරි ගිය එක ගැන.... නියම පෝස්ට් එක අක්කේ.

Ravi said...

හෙහ්......හෙහ්......හෙහ්, අප්‍රමාණ සන්තෝෂයි, මගෙ නංගියේ, අප්‍රමාණ සන්තෝෂයි,

No Comment from me as no comment is needed whatsoever, you have said it all,

සොඳුරු සිත said...

@ Ravi
අයියගේ වචන , නිකම්ම අපතෙ ගියපු අකුරු ගොඩක් නෙමෙයි... කෙනෙක්ව මේ තරමට ගේන්න , පුළුවන් බොහොම අවංක යාළුවෙක්ට විතරමයි.

ස්තූථියි . . . . ගොඩාරියක් ස්තූතියි. ලස්සනට , අමාරුවෙන් හදා ගත්ත මල් ගහක මලක් පිපිලා තියෙනව දැකල වගේ සතුටු වෙන්න අයියට පුලුවන්.

හැමදේටම ..... බොහොම ස්තූතියි .......

“A friend is someone who understands your past, believes in your future, and accepts you just the way you are.”

Thank You, Friend

Thank you, friend, for all the things
That mean so much to me--
For concern and understanding
You give abundantly.

Thanks for listening with your heart;
For cheering me when I'm blue;
For bringing out the best in me;
And just for being you.

Thanks for in-depth conversation
That stimulates my brain;
For silly times we laugh out loud;
For things I can't explain.

For looking past my flaws and faults;
For all the time you spend;
For all the kind things that you do,
Thank you; thank you, friend.

By Joanna Fuchs

හිස් අහස said...

ආදරේ ..

පොඩි ම පොඩි එවුන් කාසි වල වටිනා කම දන්නේ නැතුව උනත් ඒවට ආස කරනවා . අපිත් ඔයවගේ තමයි කවුරුහරි කෙනෙක් ගැන අපිට අදහසක් පහල උනොත් අපි වෙන මොකවත් හිතන්නේ නෑ ඒ පස්සෙන්ම යනවා .අන්තිමේදී නොලැබුනාම හිත රිද්ද ගන්නවා .

ඒත් ටික කාලයක් ගියාම තමයි පොඩි එකාට තේරෙන්නේ කාසි වලට වඩා නෝට්ටු වටිනවා කියලා . අපිටත් ඒ වගේ තමයි . අපිට වැඩියෙන්ම වටින කෙනාව හොයා ගන්න ටිකක් කල් යනවා .

ඉතින් ආදරේ ගැන මොකට වද වෙනවද ?

මම දීපු ඉටු පොරොන්දුව ඉටු කරන්නම් බෑ වගේ .අපොයි සමාවෙන්න අක්කේ . මම තව ටික කාලයක් අරගෙන හැමෝටම වෙච්ච ඒ පොරොන්දුව ඉටු කරන්න බලන්නම් .

ඔයා වෙනස් වෙන්න . මම මේ බ්ලොග් එකට ගිය අවුරුද්දේ එනකොට කවි ලියපු අක්කා අන්න එයා වෙන්ඩ ආපහු සැරයක් හිටපු කෙනාම වෙන්න ..

Anonymous said...

කමෙන්ට් නොකලට පුළුවන් වෙලාවට ඇවිත් කියෙව්වා ... සොඳුරු වෙනසකට අපිත් කැමතියි

දුලාංජලී said...

"ඒත් පැටලුම් වුනත් වෙන්න තිබුන සොඳරු පැටලුමක් බව ඔබට යම් දිනක පෙනේවි."

mamath kenek ekka සොඳරු පැටලුමක් athi karaganna hadanne oyagee adahas tika balala mata loku haiyak aava ...

well done

නිම්ශා said...

කදුලක් නෙතග දග කරනු දැනේ..
මන්ද යත් නොදනිමි මම ..
නො එසෙනම් නොදැනෙන්නට සිටිමි..
මේ රිද්දන වේදනාව ..
මේ හඩන කදුල ..
සගවන් සිනාසෙන්නට තැත් දරමි මම ...

හුගක් ලොකු ප්‍රශ්නයක් හිත ලග තියන් විදවන් ඉද්දි දවස් දෙකකින් නෙට් පැත්තෙවත් නැවිත් එ දුක තවත් හිතට පාරන්නට දිල බලන් උන්න මිසක් එක අඩු කරගන්න මේ ටිකෙ බැලුවේ නැහැ අක්කේ..එත් අද රැ නිකමට සයිබර් පැත්තේ ඇවිත් අක්කගේ බ්ලොග් එක ඔපන් කරන් ටික වේලාවක ඔහේත් තියලා ඉද්දි ආයෙමත් නිකමට මේක ඔහෙ කියවන් ගිය..ආයෙමත් දෙවනි පාරටත් කියවල අර බර වෙල තිබ්බ මගෙ හිත ටිකකට සැහැල්ලු උන වගේ දැනුන අක්කේ.. ඔයට ලියන්න තියෙන්නේ උපරිම හැකියවක් මම හුගක් ආස කරන කවි තියෙන්නෙත් ඔය ලග.. හුගක් ස්තුතියි කියනව ඇරෙන්න කියන්න වෙන දෙයක් මන් ලග නැ..

arunishapiro said...

මට නම් පුංචි කාලේ ඉඳන් එකින් එකා එකතු කරගත්තු මහා ද්වීප වටින හොඳම හිතවත් යාළුවෝ ‍යෙහෙළියෝ මහා ගොන්නක් ඉන්නවා. ඒ අය මේ වර්චුවල් ලෝකෙට තවම එක්වෙලා නැති කට්ටිය.

වත් නංගි පිවිස ඇති වෙනස ගැන දැන ගන්නට ලැබීම නම් සිත පුරා යන සතුටක්.
ජය!

Dinesh said...

අක්කා කියන කතාව හරි අක්කේ.. මමත් ඒ වගේ ලොකු වේදනාවක් හිතේ තියන් ඉන්න කෙනෙක්.. පහුගිය අවුරුදු 4ක් විතර මමත් ගොඩක් අඩපු කෙනෙක්.. ඒ මගේ දුක මම හිතේ තද කරන් හිටපු නිසා.. ගොඩක් දෙනෙක් නොදන්න ඒ කතාව අවුරුදු ගානකට පස්සේ මම මගේ බ්ලොග් එක හරහා ලිවුවා.. ඒකෙන් මගේ හිත ටිකක් නිදහස් උනා.. ඒත් ඒ මතකය තාම මගේ හිතේ තියෙනවා.. මට නම් ඒ මතකය මකලා දාන්න බැහැ..

Ravi said...

I n a life so tiring,

A nd frustrating too,
M eandering thro'

Y our endless regrets,
O n your own most of the time,
U ntil I came along unexpectedly,
R ight in to your life as it would seem,

F orever I certainly hope,
R eviving your waning courage,
I n sorrow more so than happiness it would be,
E ver at your side like a shadow,
N ever ever leaving you alone,
D defining what true happiness would be,

F or as long as you need me,
O n my honour I would swear,
R endering my endless love,
E ven in your most difficult times,
V erily be assured my dear,
E ver the true friend I would be,
R member that each and every day of your life,

Podi Kumarihami said...

වත්ගේ වෙනස දැක්කාම දැනෙන්නේ ලොකු සන්තෝසයක්. ඒවගේම ලොකු ධෛර්යයක්. එදා අපේ ගෙවල් පැත්තේ ඇවිත් 'මමත් එයා වගේමයි සහෝදරී' කීවාම දැනුනෙත් හරිම සතුටක්. වෙනසට හේතුව මොකක් උනත්, වෙනස නම් හරිම හොඳයි. ඒ දවස්වල වත්ගේ ගෙදර ඇවිත් ලියලා තියලා තිබුනු ඒවා දැකලා ඇහේ කඳුලු පුරෝගන ආපහු ගිහින් තියනවා.
හැබැයි ඒ වේදනාවෙනුත් ලස්සන නිර්මාන බිහිවුනානේ!!!

Viraj said...

oyage kavi valin api davasa patan gannava . apita venasak epa . me liyana seratama api kamathi . thava thava lassana kavi katha liyavenavanam anna e vage venasak hodai

api hamadama mehe enava ...

Kasun said...

අන්න එහෙමනෙ අක්කෙ ඉන්න ඕන. තමන්ට තියන දේ වලින් උපරිම සතුටු වෙලා නැති දේවල් ගැන අමතක කරල දාන්න පුලුවන් නම් කිසි අවුලක් නෑ. අපි ආදරය කරන කෙනා අපිට ලැබෙනව නම් ඊට වඩා දෙයක් නෑ තමයි. ඒත් ඒක ලැබෙන්නෙ නැත්තන් ඒ මත්තෙම නැහිල ජීවිතේ නාස්ති කරගන්නවට වැඩිය හොඳයි අපි එතනින් ඉස්සරහට යන එක. ඔය කිව්වට මාත් හොඳට දන්නව ඒකෙ තියන අමාරුව. (මම අන්තිමට කවුන්සලර් කෙනෙක් ගාවට ගිහින් වැඩේ ගොඩ දාගත්තෙ.) ඒත් අක්ක කිව්ව වගේ කොච්චර ලොකු තුවාලයක් වුනත් අපිට උවමනාව තියනව නම් හොඳ කරගන්න පුලුවන්. නැත්තන් ඉතින් ජීවිතේම ඔය තුවාලෙ තියාගෙන ඉන්නත් පුලුවන්. වැඩේ කියන්නෙ ඔය වේදනාව ඇතුලෙත් අමුතුම ආතල් එකක් තියනවා. එහෙම වුනාම ඒ වේදනාවත් එක්කම ඉන්න හිතෙනවා. මට ඒක හොඳටම දැනිල තියනවා. මම හිතන්නෙ ගොඩක් අය ඒ වේදනාවෙන් මිදෙන්න කැමති නැත්තෙ ඒ නිසා. (මගේ අත්දැකීම් එක්ක මට හිතෙන විදිය කිව්වෙ.) හැබැයි ඕව නිසා අපිට ජීවිතේ කරන්න තියන වැඩ, ලඟා වෙන්න තියන ඉලක්ක දන්නෙම නැතුව මග ඇරෙනවා. අන්තිමට අපි ආදරෙනුත් පරද වෙලා, ජීවිතෙනුත් පරාද වෙලා.

ඒක නිසා අමාරුවෙන් හරි අපි එතනින් ඉස්සරහට යන එක තමයි හොඳම සහ එකම දේ. අමාරුයි, ඒත් බැරි නෑ. මම ඒක කලා, වත් අක්කත් කරල තියනව. කාට වුනත් ඒක කරන්න පුලුවන්. අපේ අම්මල තාත්තල අපිට දුන්නු ජීවිතේ ඔය වගේ දෙයක් නිසා නාස්ති කරගන්න අපි කාටවත් අයිතියක් නෑ.

Helping To People said...

ඒ මතකය මකලා දාන්න අමාරැයි

kumaraya said...

ඕවට කාලය හුඟක්ම හොඳ බෙහෙතක් කියලා කියනවනේ ...

Post a Comment

සිතක් ‍සොඳුරු වන තරමට අදහස් බොහෝ දැවටෙනු ඇත. නුඹේ සොඳුරු සිතේ අදහස් වචන කර යන නුඹට මගේ ස්තූතිය..... කියවූ ඔබටත් ස්තූතියි.

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...