..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

Monday, April 11, 2011

෴ කවිකම තෑගි කර දුර ගිය නුඹට ෴



සිත් අහසම හිස් අහසක් ‍වෙලා තිබූ
තනිකම ගීතයක් විලසට යාව තිබූ
යුගයක් නිමා කර දහසක් පැතුම් පැතූ
නුඹ ආවෙ ඇයි ද ‍දේදුන්නක් විලස සිතු


සිතුවිලි සිත්තමට පැහැයන් අරන් එන
නෙතු අද්දර පිපී සිනහව රැගෙන එන
ගෙමිදුල ඉද්ද ගහ වාගේ සුවඳ දෙන
නුඹ පැමිණුනා කවි පදයක් වෙලා මට


සිත පතුලේ තිබු නොකැලැල් පිච්චමල
සුවඳින් ඇහුරුනා නුඹ මට හමුවු දින
සුවඳත් අරන් නුඹ ඈතක ඇදුන දින
කවි පද විතරමයි ඉතිරිය වුනේ මට


නුඹ ගිය තැනක සිනහව සතුටින් බෝවා
නුඹ සිත සදා සුවඳැති මල් පූ දීවා
නුඹ ගැන මගේ මතකය අකුරින් නාවා
ලියනා කවිය නුඹ හට නම් නොපෙනේවා


“I love you not only for what you are, 
but for what I am when I am with you.
I love you not only for what you have made of yourself, 
but for what you are making of me.
I love you for the part of me that you bring out.”


මා කවිකාරියක් කළ නුඹට ස්තූති කරන
මම
෴ සොඳුරු සිත ෴

18 ප්‍රතිචාර:

BlogShan said...

ශා...නියමයි.ඇත්තටම කියනවනම් අවසාන කවි දෙක හිතට තදින්ම වැදුනා

සොඳුරු සිත said...

ස්තූතියි බ්ලොග් ශාන්......

මෙන්න අනිත් යාලුවන්ට ඔත්තුවක්...

http://deshanblog.blogspot.com ගිහින් බලන්න .. අගේ ඇති තාක්ෂණික බ්ලොගයක්.... ගිහින් බලල..ආ බවට සලකුණක් තියලම එන්න... එහෙම නෙව කෙරෙන්න ඕනි නේද....

සොඳුරු සිත said...

මගේ කවි කියවන, ලියන දේ කියවන හැමෝටම ස්තූතියි... ඒත් මම කැමති දැන ගන්න... කැනඩාවේ , එංගලන්තයේ , ඇමරිකාව , ඉතාලිය වගේ රටවල ඉදල මම ලියන දේ කියවන අය ගැන දැන ගන්න.. පුලුවන් නම් මට මේල් කරන්න...

wathsalald@yahoo.com

ස්තූථියි.........

BlogShan said...

අනේ ගොඩක් පිං මගේ ලින්ක් එකක් දැම්මට. තව දෙයක් .මම මේ කොමෙන්ට් එක දාන අතරතුරත් කටාර් වල ඉදලයි, ඉතාලි වල ඉදලයි මගෙ පෝස්ට් කියවනවා.සමහර විට IP Hide software පාවිච්චි කරනවා වෙන්නත් පුල්වන්.

හිස් අහස said...

හරිම ලස්සනයි අක්කේ .ඒත් ඉතින් එයා මේ කවියක් දෙකක් දැක්කම මොනවා වෙනවද ? අනේ ඔන්න ඔහේ එයැයිටත් පෙනේවා ! ... ඔයාගේ අහසත් හිස් වෙලා තිබුනද අක්කේ ?

අවසන් කවිය හිත කඩාගෙන යන්න තරම් ...

Dinesh said...

නුඹ ආ දිනක පිපුන මල් සිත ඇතුලේ මා
මිලින උනා නුඹ හැරගිය දිනදි මා
නුඹ නැතත් කවි පූදින සිතින් මා
නුඹ මතකය කියා තබමි කදුලින් මා..

සාතන් said...

අන්තිම පේලි දෙක මාරම ගති අක්කෙ.... අනිත් ටිකත් හොඳයි හොඳේ....

MaRLaN said...

කවියනම් එළ... කතා කරලා වැඩක් නෑ

ප්‍රාර්ථනා said...

ලියන කවිය ඔහු හට අනෙ පෙනේවා..!!

nawammawatha said...

අහිමි වෙච්ච ආදරයක ඉතිරිය සුන්දර කවියක් නං ඒ කවිය ලියන්න තරං ලස්සන හිතක් ඉතුරු කරල ගියාට නරකක් හිතන්න එපා !

Ravi said...

මතක සුවඳකි ඉතිරි වූයේ,
දෙනෙත් පිරි කඳුලට වඩා,
කවිය සිත්තම පාට යෙදුවේ,
නුඹේ සෙනෙහස ඒ වටා,

කවිකමත් නුඹ හටම දුන්නෙමි,
නොලිව් කවි තව ඇති නිසා,
මියුරු කව් ගී තවත් නොලියමි,
ළඳුනි හද හඬනා නිසා,

I only took away my sweet memories when leaving you.........., nothing else,

සොඳුරු සිත said...

@ Ravi
මතක මං පෙත
අතුරලා ඇති
හදවතින් එන සුබ පැතුම්

නොලිව් කවියක
පද පෙලක් ලෙස
මා ලඟයි නුඹගේ සුසුම් ..........

ස්තූතියි රවි අයියා........

සොඳුරු සිත said...

@ nawammawatha
අනේ නැහැ නවම්... කිසි දවසක නරකක් , නපුරක් හිතන්නෙ නැහැ හීනෙකින් වත්...
මට දුන් දේ අගෙයි - මා ළඟ තබා ගමි
නුඹ දුර ගියත් - මල් මතකය තබා මෙහි

සොඳුරු සිත said...

@ ප්‍රාර්ථනා
ඔන්න ඕකනෙව ඉතින්...හිහි
ස්තූතියි ප්‍රාර්ථනා .........

සොඳුරු සිත said...

@ MaRLaN
හිහි එහෙනම් කතා නොකර ඉමු... අද දවසටම දැක්කෙත් නැහැ.. මොකද මාලන් ..අසනීපයක් වත් ද?

සොඳුරු සිත said...

@සාතන්
ස්තූතියි සාතන්... අවුරුද්දට ගෙදර ගිහින් නේද සාතන්.. බැඳීම් එපා එපා කීවට.. අපිට බැඳීම් ඕනි වෙනවා සාතන්...

ස්තූතියි..........

සොඳුරු සිත said...

@Dinesh
හදවතේ මල්
පිපුන පර වුන දෙන්
සුවඳ පමණක් එහි
ඉතිරි කර නුඹ යද්දෙන්

සොඳුරු සිත said...

@හිස් අහස
කවිය ලියන කොට මට හිස් අහස මතක් වුනා... ඉතින් හිස් අහ කියන වචනයත් දැම්මා..

හිහි... අරවින්දට දෙකක් නෙලුවෙ නැහැනෙ අම්මප... මට තරහේ බැරිවා........

Post a Comment

සිතක් ‍සොඳුරු වන තරමට අදහස් බොහෝ දැවටෙනු ඇත. නුඹේ සොඳුරු සිතේ අදහස් වචන කර යන නුඹට මගේ ස්තූතිය..... කියවූ ඔබටත් ස්තූතියි.

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...