..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

Sunday, April 10, 2011

෴ මගේ අවුරුද්ද ෴


සිහින් සිරි පොද වැස්ස ද නොතකා , හදිසියේ ම නිවසින් එළියට බට මා වාහනයේ සුක්කානම හැරෙන හැරෙන අතට යාමට ගත්තේ කොයි වේලාවක  සිටදැයි මට මතක නැත. මා ආදරබර ස්වාමියා සමඟ ඇතුවු දීර්ඝ වුත් ,සිත් රිදවන සුළු වූත් ,සැ රපරුෂ වූත් දුරකතන සංවාදය අවසානයේ දී මෙසේ අභිනික්මන් කළ බව පමණක් සිහි ඇතත්.. . . ගමනේ අවසානයක් සිහි නැත.


වාහන තද බදය රහිත , ගහ කොළ වලින් පිරි පටු මාවතේ වාහනය ඒ වන විටත් ධාවනය වෙමින් තිබුණි. . . .  සසල සිත මොහොතකට නිසල බව අරක් ගත්තේ වාහන ඝෝෂාව රහිත සිසිල් පරිසරය නිසාම වන්නට ඇත. මාවතේ අයිනකට වන්නට කාරය නැවතූ මා සුක්කානම මතම හිස බර දී හඬන්නට ගත්තෙමි.


කොතරම් උත්සාහ දැරුව ද හිතේ පැසවමින් වාං දමන එක කඳුළු බිඳක් වත් දෙනෙතට ඉනුවේ නැත. නැවතත් සිත දිව ගියේ සිත පෑරු ඒ සංවාදයටයි. එය වචනයෙන් වචනය මතක් කිරීමට මා නොකමැත්තෙමි.


ඔහු හා මා විවාහ වී මේ ගෙවී යන්නේ සිවු වෙනි වසරයි. පත්තරයේ කහ පිටුවක තිබූ ඔහුගේ ඉල්ලීමකට මගේ මව දැක්වූ දයාබර ප්‍රතිචාරයක් සහ මගේ මවගේ බලවත් වූ බලපෑම මත මා ඔහු හා විවාහ වූයෙමි.


ඔහු පිළිබඳ ව කියන්නට තරම් මහ විශාල වරදක් පිටත කිසිවකුට මෙන්ම මටද නොපෙනුනි. නිසංසල සිතක් , කතා බහ අඩු ජීවිතයක් ගත කරන ඔහු ශ්‍රී ලංකාවේ ප්‍රධාන පෙලේ සමාගමක විධායක නිලධාරි දුරයක් හොබවයි. රටවල් ගනනාවක සංචාරය කර ඇති ඔහුගේ ඉගෙනීම ද නොනවත්වාම සිදු කෙරෙන්නෙකි. සියල් සපිරි නිවසක් , යාන වාහන සහ ගිහියකු විදිය හැකි සැම සැපතක් ම වාගේ ඔහු ළඟ ඇතත් , මා සොයන ආදරබර හදවත පමණක් ඔහු සතු නොවීය.


චවනයෙන් හෝ මුල් කාලයේ දී ඔහු මා සිත නොරි ද වූයේ ,ඔහු ට මා හා කතා කිරීමට වඩා දහසක් වැඩ රාජකාරි බහුල වූ නිසා වන්නට ඇත. කොතරම් ඔහු කාර්යබහුල ද යත් ,ඔහු හා විවාහ වූ පසුවම මා සිංහල අලුත් අවුරුද්දකට මගේ මහ ගෙවල් බලා ගියේ අප විවාහ වු ආසන්නතම වසරේ දී පමණි. මෙවර ඔහු මා හා ගම්දොර බලා යන්නට පොරොන්දු වී සිටිය ද හදිසියේ යෙදුන විභාග වැඩ කටයුත්තක් නිසා ඔහුට පැමිණිමට නොහැකි බව දන්වන ලද්දේ දුරකතනය ඔස්සේය.

අතට අසු වු දෙයක් රැගෙන හැද සිටි ඇඳුමින්ම නිවසින් පිට වූ මා නිසංසල මාවතක තනි වී ඇත. හදිසියේ ම යමක් සිහි වූ මා පසු පස අසුනේ තිබූ අත් බෑගය ගෙන එය තුල බැලුවෙමි.

“ හ්ම් . . . . මේ ඇති “

ඒ තුල වූ මුදල් ප්‍රමාණය ගම්දොර බලා යෑමට තරම් ප්‍රමාණවත් විය.

වාහනය පණගන්වා ගත් මා අකමැත්තෙන් වුවත් කෙලින්ම ගියේ රෙදි පිළි මන්දිරයක් සොයාය. මිනිසුන් ගැහැණුන් පොඩි දරුවන් බහුලව ගැවසුන ඒ සාප්පු සංකීර්ණය වෙත පිවිසි මා , කිසිම තේරීමක් නොමැතිව අතට හසුවූ ඇදුම් කිහිපයක් මිලට ගත්තෙමි. අම්මා , නංගී , මස්සිනා සහ  ඔවුන්ගේ දරුවන් වෙනුවෙන් ගත් ඒ ඇඳුම් ඔවුනට හරියාදැයි මට සැක සහිත වූයේ . දැන් බොහෝ කලකින් මා ඔවුන් දැක නැති බැවිනි.

බිල ගෙවා අවසානයේ දී ,අත තවත් මුදල් ඉතිරි වූ විට මා සිතට ආවේ සුපසන් හැඟීමකි , ඒ හැඟීම ඔස්සේ රිය පැදවු මා මිනිසකු තබා මැස්සෙක් වත් නැති පොත් සාප්පුවක් අභියස යි නතර වුයේ. බොහෝ වේලා රැගෙන දරුවන් ටත් දෙමාපියන්ටත් මගේ දයාබර මවටත් පොත් තෝරන්නට වූයෙමි.

“ ගොළු හදවත “ තවමත් මුද්‍රණය කෙරෙන ඒ පොත දුටු විට හිතට පිවිසි මහා දුක්බර හැඟීම ඔස්සේ නොදන්නා අයවලුන්ට ද දෙන්නෙමියි නිනවුවක් නැතිව තවත් පොත් සහ සඟරා කිහිපයක්ම මිලදී ගත්මා පොත් සාප්පු වෙන් පිට වුයේ සුවපත් වූ සිතිනි.

අගනුවර පදිංචියට විත් සිවු වසරකට පසුව මා ගම් බලා යන දෙවෙනි සිංහල අලුත් අවුරුද්ද මෙයයි.එයින්ද මා විවාහ වූ පසුව තනිවම ගම්දොර බලා යන පලමු අවස්ථාව මෙයයි. සිංහල අලුත් අවුරුද්දට තව දවස් හතරක පමණ පරතරයක් තිබුන ද මෙය මා ගත් ක්ෂණික වූත් නිවරදි වූත් තීරණයකැයි මා සිතමි.

බොහොම දුෂ්කර වූත් වෙහෙසකර වූත් ගමනක් වන මෙය හිතේ මුරණ්ඩු ගතිය නිසාම තිනිවම පැමිණිය ද . .  නිසංසල සිතින් පැමිණියා නම් බොහොම වෙහෙසකර කටයුත්තක් වනු නොඅනුමානය. වටින් ගොඩින් කළුවර හිස දමන යාමයේ ගම් සීමාවට ඇතුල් වෙන්නට හැකි වීම මා සිතට ගෙන ආවේ නොම ද සැනසීමකි.


බිම් කළුවරින් වැසි යමින් තිබුන රබර් වතු යායට සේන්දු වෙත්ම මගෙන් ගිලිහුන මාගේ ආත්මය රබර් ගස් අතරේ සැරි සරන්නට වූයෙන්, වාහනය මදකට නැවතූ මා ගොම්මන් කළුවර සඟවා ගන්නා රබර් යායේ මා කයට සැරි සරන්නට ඉඩ දුන්නේ මා මෙහි දමා ගිය මා සතු දෙයක් නැවතත් සොයන්නට මා ආත්මයට වුවමනා වූ නිසාවෙනි.

Marriage lets you annoy that one special person for the rest of your life.  

ඒ කතාවත් සමඟ යලිත් දවසක ඔබ හමුවට එන සිතින් සමුගන්න ..

මම

෴ සොඳුරු සිත ෴


පින්තූරය - http://www.inmagine.com/pdgr089/pdgr089259-photo

7 ප්‍රතිචාර:

MaRLaN said...

අලුත් කතාවක් වගෙයි.... නියමායි...

rajith abeysinghe said...

අප්පච්චියේ....මේක නවකතාවක කෑල්ලක් නේද?.ඒක එහෙමම වෙච්චාවේ.

බස් එකට මම නැග්ගෙ ලගදී.එතකොට මාව මුලින්ම ෆලෝ කරෙත් ඔයා.ඒකට තැන්කු වේවා.

නිම්ශා said...

සැගවිලා මතකයක්..
රැගෙන විත් ලගටම...
එ මතකයට හිත රිද්දන..
එනමුදු බලන් හිදිමි..
රිදෙන තුරු දැස්..
එ මතකය රදවපු..
ලෝකය දෙස..

Helping To People said...

පත්තරයේ කහ පිටුවක තිබූ ඔහුගේ ඉල්ලීමකට මගේ මව දැක්වූ දයාබර ප්‍රතිචාරයක් සහ මගේ මවගේ බලවත් වූ බලපෑම මත මා ඔහු හා විවාහ වූයෙමි.

e kiyanne

Proposal Marriage walin godak asartakai kiyana eka wage mata pena widihata

හිරණ්‍ය said...

මමත් ඉන්නවා දිගටම කියවන්න,,, ;)

Dinesh said...

ලස්සනයි අක්කේ... අනිත් කොටස එනකම් බලන් ඉන්නවා..

හිස් අහස said...

තව ලස්සන කතාවක්ද අක්කේ .? ඔන්න මමත් ඉදිරිපෙල අසුනක් වෙන්කරගත්තා කතාව කියවන්න . ඔයාගේ කතාව එක්කම මමත් හිතෙන් ඒ කතාවේ ඇවිද්දා ! හිතේ රූප මැවෙන්න ලියලා තියනවා කතාව හරිම ලස්සනයි ...

Post a Comment

සිතක් ‍සොඳුරු වන තරමට අදහස් බොහෝ දැවටෙනු ඇත. නුඹේ සොඳුරු සිතේ අදහස් වචන කර යන නුඹට මගේ ස්තූතිය..... කියවූ ඔබටත් ස්තූතියි.

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...