..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

Friday, April 8, 2011

෴ සඳ අහසෙන් අරන් ඇවිත් ෴

මේ ළඟ දි දවස ක,මට ඇහුන පුංචි පහේ සංවාදයක් තමයි මේ....

ඇය : ඔයා දැන් ළමයින්ට ලකුණු දෙන්නෙ කොහොම ද?


ඔහු : ම් ම්ම් ම් මූණ බලල . . . .

ඇය : අහා . . . .  මූණ බලල ලකුණු දෙන්න එපා. ඒක වැරදි ක්‍රමයක්.

ඔහු :ඔයා එහෙම ලකුණූ දීලම නැද්ද ?

ඇය : ඇයි නැත්තෙ දීල තියෙනවා .. එකම එක මුහුණකට.

ඔහු : කීයක් ලකුණු දුන්න ද?


ඇය : ම් ම් ම් ඔක්කම ලකුණු දුන්නා .

ඔහු : ඒ කීවේ , 100 න් 100 ක් ම දුන්නා?


ඇය : ඔවු ...... ඇයි තහනම් ද?

ඔහු : අපෝ නැහැ. මොන තහනමක් ද? මයෙ මොකෝ ? ඒත් . . .  මට දැන ගන්න ආසයි ලකුණු දුන්න විදිහ ඔයා. කැමති ද කියන්න.


ඇය : ඔවූ. . .  මෙහෙමයි . . . .

මමයි එයයි ළඟින් වාඩි වෙලා හිටිය. එයා මොහොතකට අහක බලන කම් ඉඳල , මම එයාගේ මුහුණ ළඟටම ළං වුනා. හුස්ම පොදක් වත් නොඟෙන. මොකද මගෙ හුස්ම වැදිල එයා හැරිල මා දිහා බැලුවොත් හෙම මට එයාගේ මුහුණ හොඳට බලන්න බැරි වෙනවා.

මම එයාගේ මුහුණ ළඟටම ළං වුනා. 


උදයෙ රේසර් කරපු රැවුල් කොට ආයෙත් වැවෙන්න ඇවිත්. 

හ්ම් . . . හරි සුවඳයි. “ පිරිමි සුවඳ “ මම මොහොතකට ඇස් පියාන ඒ සුවඳ විඳ ගත්තා. හදවතේ ගැඹුරෙම තැන්පත් කර ගත්තා.

ඔහු : ඉතින් ( තරහින් )


ඇය : ඉතින් .  . .  මම ඇස් අරන කොටම , මෙන්න ඒ මුහුණ මයෙ පැත්තට හැරිල , පුදුම වෙලා වගෙ මයෙ දිහා බලන් ඉන්නවා. මගෙත් ඇස් විශාල වුනා. හරියට හොරකමක් කරල අහු වුනා වගේ.විශාල වුන ඇස් පුංචි වෙලා පියවෙන්න වැඩි වෙලාවක් ගියේ නැහැ.

ඔහු : ඒ මොක ද ඒ ?


ඇය : ඒ මූණ මගේ මූණ පුරාම දැනෙන්න ගත්තා. ඒ මුහුණෙ සුව මගෙ මුහුණ පුරා දුවද්දි , රැවුල් කොට ඇනිල මුණ සීරිල දැවෙද්දි , මම ඒ මුහුණට ලකුණු 100 න් 100 ක් දුන්නා......

ඔහු : ( ඉවත බලන් )  ඉතින් ! දැන් කෝ ඒ මූණ . .



ඇය : (කඳුළු පිරි ඇස් ඉවත හරවමින් ) ඒ මුහුණ කවුදෝ මගෙන් ඈතට ඈතට අරන් ගිහින් , අහසෙ එල්ලල හඳ වෙනුවට.


ඔහු :  (  සිනාසෙමින් ඇය දෙස බලමින් ) අම්මප ! ! අර රැවුල් කොටත් එක්කම .


දෙදෙනාම මුහුණු බලමින් සිට සිනා සෙයි. ඔහු හිටිවනම සිනාව නවතා දමා.
ඇය දෙස බලාගත් වනම සිට. එකවරම ඇයගේ මුහුණ තම දෑතට මැදි කර ගන්නේ ,  සියුම් සියුමැලි මලක් අල්ලන්නාක් මෙන් ප්‍රවේශමිණි.

ඇයගේ දිලිසෙන දෑස් වෙත තම දෑස ගිල්ල වූ ඔහු . . . . 


ඔහු : කැමති නැද්ද තව මුහුණ කට ලකුණූ දෙන්න.

තිරය වැසෙයි . . . . . . .. . .. 



“You are my sun,my moon,and all my stars.”


තිරය පිටු පස සිටින
මම
෴ සොඳුරු සිත ෴

10 ප්‍රතිචාර:

නිම්ශා said...

දසන් ඇසෙන දහසක් නාද..
තොල් සිඹින දහසක් රස...
නාස්පුඩු අගින් දැනෙන සුවද...
නොපරදවයි..
නුඹේ හඩ..
නුඹේ ස්පර්ශය..
නුඹේ සුවද..
කිසිවෙකුට නොපරදියි...
මා ආත්මයේ සැරිසරන...
නුඹේ සටහන..

සාතන් said...

නියමයි නියමයි... කෙටි වේදිකා නාට්‍යක් වගේ...

නීනු නෙරංජි said...

අනේ හරි ලස්සනයි...

පබලු said...

ඒ මුණත් දැන් පායල තියන හඳ වගේ නොවෙනව නම්..
100න් 100ක් නැතත් 100 න් 95 ක්වත් දෙන්නම් :)

nawammawatha said...

මේක කියෙව්වට පස්සෙ ආයෙම මටත් හිතයි මූණට ලකුණු දමවාගන්න

sadali's thought said...

ලස්සනට ලියල

නිසල් said...

දැන් අලුත් මුනකට ඉතින් ලකුනු දෙන්න

Ravi said...

දුන් ලකුණුත් රැගෙන,
සඳ ගිහින්,
දිලිසුනා අහසේ,
මගෙ කඳුලු,
වියැලුනා රහසේ,

නැවත ඔබටද,
ලකුණු දෙන්නට,
පැකිලෙනෙමි මහදේ,
ගිලීයමි සැඟවගමි,
ඔබගෙ සුවඳේ,

..ChAnDiKa.. said...

සරල වුනත් හරිම හැඟුම්බර කතාවක්....

සොඳුරු සිත said...

නිම්ශා
සාතන්
නීනු නෙරංජි
පබලු
nawammawatha
sadali's thought
නිසල්
Ravi
..ChAnDiKa..


සියළු දෙනාටම ගොඩක් තුති... මා ලියන දේ කියවල විතරක් නෙමෙයි .. කමෙන්ටුවක් ලියා යෑමට තරම් ඔබේ කාලයෙන් බිදක් වෙන් කිරීම ගැන බොහොම ස්තූතිවන්ත වෙමි.

Post a Comment

සිතක් ‍සොඳුරු වන තරමට අදහස් බොහෝ දැවටෙනු ඇත. නුඹේ සොඳුරු සිතේ අදහස් වචන කර යන නුඹට මගේ ස්තූතිය..... කියවූ ඔබටත් ස්තූතියි.

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...