..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

Monday, April 4, 2011

෴ ඉර සඳ මැද මම / "Between Sun And Moon"෴


හවසට ඉර මල බහින වෙලාවට 
ඉර දුන් සෙනෙහස මියන පැයේ
සඳ ගැන නොසිතමි මං
හෙට හිරු පිබිදී හිනහෙයි නම්

උණුසුම් ජල රැලි සීතෙන් සැනහෙන
ගිනි ගත් හදවත නිමෙන පැයේ
නුඹ ගැන නොසිතමි මං
සීතල හද ළඟ සැනසෙමි මං

නටුවෙන් පිපි මල් ගිලිහෙන මොහොතක
සුවඳත් වියැකෙන උයන් තෙරේ
රෑ මල් නොසොයමි මං
පර මල් සුවඳින් සැනහෙමි මං

හිමි නැති පෙමකට රහසින් ළං වී
වෙනකකු වෙත පෙම් නොකරමි මං
නුඹ මා රැවටුව නම්
කුමට ද නුඹෙ ගිලි හුන පෙම් බස්

රාගික සොමි සඳ පල නැති බව දැන
හිරු මල හෙට එන කම්
දෑස් අයාගෙන මා ඉන්නම්

 නුඹ එනකම් ඉන්නම්
හෙට එළිවෙන තුරු මම ඉන්නම්

“Today a new sun rises for me; everything lives, everything is animated, everything seems to speak to me of my passion, everything invites me to cherish it”



සොමි සඳ අතහැර
හිරුට පෙම් බඳින
මම
෴ සොඳුරු සිත ෴


picture - http//nilla-ice.tumblr.com

6 ප්‍රතිචාර:

Dinesh said...

හිමි නැති සෙනෙහස පතාගෙන තව
සිහින නොදකිමි මම ආයෙමත්
නුඹ වෙනතක ගිය අයුරු ගැන
නොසිතමි සිත තව තවත්...

nawammawatha said...

ආදරේ හැමදාම ඔහොමයි. එහමයි කියල කවුද කිව්වෙ ආදරේ නරකයි කියල. කොච්චර රිදෙව්වත් ආදරේට ආදරේ කරන්න හේතු අනන්තයි. මහා මේරුවක් නොවුනට වැලි කැටයක් හොඳටෝම ඇති පැලෙන්න ආදරේ නම්.

MaRLaN said...

අමුතුම විදිහකට ලියලා අක්කා... ලස්සනයි ආ....

රත්ගමයා said...

අම්මෝ...කොමෙන්ට් බොක්ස් එක ආවෝ....
මෙච්චර කල් මේක ආවේ නෑ..මම හිටුවා අක්කා මට කොමෙන්ට් දාන්න බැරි වෙන්න හදලා වත් ද කියලා...
අද ඇවිල්ලා බලනකොට මෙන්න බොක්ස් එක තියේ..

Helping To People said...

ගිනි ගත් හදවත නිමෙන පැයේ
නුඹ ගැන නොසිතමි මං
සීතල හද ළඟ සැනසෙමි මං

Ravi said...

පුරා සඳ බැස ගිය කල්හි,
ලහිරු මල පිපෙනා තුරා,
බලා හිඳිනෙමි දෑස් දල්වා,
පැතුම් මල් විකසිත වන තුරා,

Post a Comment

සිතක් ‍සොඳුරු වන තරමට අදහස් බොහෝ දැවටෙනු ඇත. නුඹේ සොඳුරු සිතේ අදහස් වචන කර යන නුඹට මගේ ස්තූතිය..... කියවූ ඔබටත් ස්තූතියි.

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...