..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

Saturday, April 23, 2011

෴ හද බිඳි සර / Betrayed Trust & the Eternally Weeping Heart (3 )෴

 ෴ හද බිඳි සර / Betrayed Trust & the Eternally Weeping Heart (1)෴මෙතනින්

෴ හද බිඳි සර / Betrayed Trust & the Eternally Weeping Heart (2 )෴මෙතනින්


රෝෂිත ද පසු වූයේ ඔහුගේ සිතුවිලි වල ගොදුරක් වෙමිනි. මෙතෙක් කලක් ඇය තමාව රැවටුවා නොවේදැයි ඔහුගේ සිත ඔහුටම දෙස් දෙවොල් තබන අතරේ ම , තමා ද ඇයව රැවටූ අවස්ථා තිබූ බවද සිතක කොණක සිට මතුවන හැඟීමක් සිත කොණිති ගහන්නට විය. නමුත් කොණිති ගහන සිතුවිල්ල යටපත් කරමින් නැඟී එන්නට වූයේ ඇය සහ ඇය ගේ අතීත මතක පොදයි.

ඇය ඔහුට හමුවන්නට පෙර , ඇයට වඩා බෙහෙවින් රූමත් , හුරුබුහුටි තරුණියන් කිහිපදෙනකුගේම ඉතා සමීප ඇසුර ඔහුට තිබුනි. එහෙත් විවාහය දක්වා රැගෙන යෑමට තරම් ඒ එක් සබඳකමක් වත් තමාව පෙළඹුවේ නැති බව ඔහු දනී. දිනක් අහබුහමුවීමක් වූ “සුලා“ එතරම් රූමත් ද නොවන , දඟකාර හුරුබුහිටි ද නොවන නමුත් තමාගේ සිත ඇද ගන්නා , කිවනොහැකි හැඟීමක් හා බැඳුනු හැටි ඔහුට සිහිවෙයි.

ඇයගේ අවංක කතාව, සරල සොඳුරු බව මෙන්ම භාවිතා කරන වචන වල ඇති සුඟම බව ඔහුගේ හදවතට දැනෙන්නට විය. ඇය කවිකාරියක බව ඔහු දැන ගත්තේ පසුවයි. ඇය ලියන කවියට ද පෙම් බඳින්නට ද , කෙදිනකතවත් කවියක් නොකියවා තිබූ ඔහුට හැකි විය. ඇය හා විවාහ වීමට ඔහු තුල මතුවූ අදහස , ඇයට පැවසූ විට ඇය වඩ වඩාත් පුදුමයට පත් වූ බව ඇඟේ අව්‍යාජ වත මනාවට කියා පෑවේය.

විවාහ ගිවිසගෑනීමට පෙර ඔවුන් අතර සිදුවූ අතිශය පුද්ගලික සංවාද වලදී ඇය මින් පෙර ආදරයක පැටලුණු බවත් දුර දිග නොගිය එම සම්බන්දය ඉතාම සංයමයකින් කෙවර වු බවත් ඇය කීවේ තවත් කාරණා ඇවසි නම් පැවසීමට ද කැමැත්තෙනි. නමුත් ඇගේ අතීත ආවර්ජනය දෙස එවේලේහි බැලුම් හෙලීමට ඔහු නොකැමැති වූයේ , ඔහුගේ අතීත ආවර්ජනය ද හෙලි කරන්නට වේ යැයි බියෙන් මිසක ,ඇගේ අතීතය දැන ගැනීමේ කුතුහලයක් සිත තුල නැති නිසාම නොවේය.

ඇය හා විවාහ වී ගෙවී ගිය කාලය ඉතාම සුන්දර විය. ඇය මනාව තමාව තේරුම් ගත් යහපත් ගෘහණියක් විය. ජීවිතය හිතුවාට වඩා සුන්දර නොවේදැයි ඔහුට සිතුනි. පෙර මල් වල සුවඳ සොයා තම සිත ඇදී යැතැයි ඔහු පෙරදී සිතා සිටි සිතුවිල්ල වෙනස් කරමින් , ඇය තම සිත , ගත පුරවා ලූයේ කිසිදු හිඩැසක් නොතිබමිනි. සැබැවින්ම ඇය ගේ අභ්‍යන්තරය , ඇයගේ බාහිරය මත ලියවී තිබු නිසාම ඇය ඉතා සරල සහ සුන්දර විය.

නමුත් . . . .

ඇය ලියනා සෑම කවි පදයකම , ගොතනා සෑම සිතුවිල්ලකම එකම හිමිකරුවා තමා නොවන බව දැන් දැන් ඔහුට සිතේ. සුරේ ඇයට එවා තිබූ  ඊ- මේල්  තුල  කිසිදු ආලවන්ත හැඟීමක් නොලිය වී තිබුන බවද ඔහු දැක්කේය. නමුදු “ ආදරණිය ආමන්ත්‍රණයත් “ ඇය එම ඊ-මේල් කියවීමත්, සෑම පුංචි පුංචි වෙනස් කමක්ම , සිදුවූ සෑම දෙයක්ම තමාට කිය ඇය, මෙය ඔහුට නොපැවසීමත් ඔහුගේ සිත කෝපයෙන් මෙන්ම , තමා ගැනම උපන් අනුකම්පාවෙන් ද, සුරේ ගැන උපන් ද්වේශයෙන් ද, ඇය ගැන උපන් තණ්හාවෙන් ද පිරී යන්නට විය.

තමාගේ දකුණු උරහිසට උඩින් මදක් හිස හරවා බැලූ ඔහුට පෙනුනේ , අනික් පස හැරී සිටින ඇය ගේ සිරුර විටින් විට සලිත වන බවයි. ඇය හඬයි.

ඇය දෙසට හැරී , ඇය තමාගේ පලල් පපුවේ හොවා ගනිමින් , ඇගේ හිස රැඳි සුමුදු සුවඳැති  කෙහෙරැලි අතරින් තම ඇඟිලි තුඩු යවමින් , ඇයට නාඩන ලෙසත්, ඇගේ කතාව තමාට පවසන ලෙසත්, විටින් විට ඇගේ නලල සිඹින ගමන් ඇගේ කතාව අසා සිටීමටත් ඔහුට වුවමනා වුවද , සාම්ප්‍රදායික පුරුෂයෙකු වූ ඔහුගේ මොළය වැඩ කළේ ඉන් හාත්පසින්ම වෙනස් ආකාරයකටය. නැවත අනික් පසට හැරුණු ඔහුගේ දෑස් නිදිදෙවු දුව විසින් සතපවන ලද්දේ බොහෝ පමා වීය.

සොඳුරු ගුණැති ළඳුනේ
නුඹ ඇයිද මගෙන් මිඳුනේ
මටම අයිති ලොව
වෙන කෙනෙකුන් හට
ඉඩක් කොහිද ලැබුනේ

සුමුදු සුවඳ රැදුනේ
නුඹෙ ගත සිසිලස ලැබුනේ
එයට වඩා මට
අගෙයි නුඹේ සිත
මටම ද එය ළඳුනේ

කවි පදයක රැඳුණු
නුඹෙ අතීත දුක් කඳුළු
මට ද  සිනා පොද
කඳුළක උණුසුම
මට ද ගෙනෙනු ළඳුනේ

" A wife is the joy of a man's heart "


පිරිමි අයට , 
ගැහැණියගේ සිතුවිල්ලක තියෙන පිවිතුරු බව හැමදේකටම වඩා වටිනව කියල හිතන
මම
෴ සොඳුරු සිත ෴

12 ප්‍රතිචාර:

Ravi said...

දෑස අබියස පිපුනු මල නුඹෙ ආදරේ,
දෝත පිරවුනු නුඹේ මුදු වත ආදරේ,
සෙනේ අමදිය පිරූ ලවනත ආදරේ,
හැඳින ගන්නට තවම නොහැකිය,
ඉමක් හසරක් සළකුණක් හෝ,
මහට බැඳි නුඹෙ නොනිමෙනා..........ආදරේ,

"It's so easy, To think about Love, To Talk about Love, To wish for Love, But it's not always easy, To recognize Love, Even when we hold it.... In our hands." - Jaka

නිම්ශා said...

අක්කේ කතාවේ ඉතුරු ටික එනකම් ආසවෙන් ඉන්නවා...

BlogShan said...

thawama waliyakata mula piruwe nethda?

ශාකුන්තල said...

හ්ම්ම්... :|

dishanrajapaksha said...

කතාව ගොඩක් ලස්සනයි අක්කියෝ , කතාවේ quote අන්තිම එකනම් අරයට පෙන්නන ඕන :D

ජීවිතේමල් said...

මම හිතනවා සුලාට මේ ගැන කියන්න දෙයක් ඇතිය කියලා.... ලෝකෙ රවුම්වත් හතරැස්වත් නෑ කියලයි මට හිතෙන්නේ නම්... හෑම දේම සාපේක්ෂයි...
ඊලඟ කොටස එනතුරු බලා සිටිමි....
ජය !

හිස් අහස said...

බලාගෙන ඉමු කාතාව කොයි විදිහට ඔවරාවේවිද කියලා .. කොහොම ඉවර උනත් මේ කතාවට මම දැනටමත් බොක්කෙන්ම ලයික් එක දීලා ඉවරයි ..අක්කා ලස්සනටම ලියාපු කතාවක් .. සුපර් ලස්සනට ලියපු කතාවක් ..

Dinesh said...

හරිම සුන්දර කතාවක්.. අවසානය මොනවගේ වෙයිද කියලා හිතා ගන්න බෑ...

SRI MANJULA said...

කොල්ලෝ තබයි කෙල්ලන් හට නිතර කණූ
කෙල්ලොත් දැක නොමැත!! ඒකට දෙවෙනි වුනූ
දිවි රස නොමැත දින මේවා නතර වුනූ
ටික ටික තිබේ කාගෙත් කිල්ලෝටෙ හුණූ

මකුළුවා...... said...

අක්කේ ලස්සන කතාවක්.....

Anonymous said...

Nidahas adahaswala thina lasana oyage kawiwala thinawa. u doing the great work. best of luck dr frd

෴සොඳුරු සිත෴ said...

Anonymous
ස්තූතියි ඇ‍නෝ....

Post a Comment

සිතක් ‍සොඳුරු වන තරමට අදහස් බොහෝ දැවටෙනු ඇත. නුඹේ සොඳුරු සිතේ අදහස් වචන කර යන නුඹට මගේ ස්තූතිය..... කියවූ ඔබටත් ස්තූතියි.

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...