..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

Friday, April 22, 2011

෴ හද බිඳි සර / Betrayed Trust & the Eternally Weeping Heart (2 )෴


" සලාං"  හඩින් තේ කෝප්පය බිදී යද්දී , ඔහු යක්ෂාවේශයෙන් ඇය වෙත කඩා පැන්නේය.

“ කවුද ! කවුද සුරේ කියන්නේ “

“ සුරේ . . . . “

“ ඔවු ඔවු. . .  ඌ තමයි. . .  හහ්  . . “

“ ආහ් . . .හ්  . . .සුරේ , ඒ මගේ යාළුවෙක් “

“ මං දන්නෙ නැති යාළුවෙක් “

“ ඔවු ඔයා දන්නෙ නැහැ තමයි. එයා ගොඩක් පරණ යාළුවෙක් “

“ හහ්  . . . පරණ සම්බන්ධකම් අලුත් වෙලා ද ගෑණියේ “

“ නැහ් . . . “

“ ආදරණිය සුලා ...කියල ඔහේට පෙම් හසුන් ලියන්න තරම් , උගෙයි , උගෙයි තියෙන සම්බන්ධය මොකක් ද? “

ඔහුගේ ස්වරය එන්න එන්නම රළු පරුෂ වෙයි. වචන දරදඩු වෙයි. ඇය කරබා ගත්තේ ඔහු කියනා සියල්ල සත්‍ය නිසාම නොවේ. මේ වන් වෙලාවක එකට එක කීමෙන් සිදු වන හානිය ගැන සිතාය.

“ මොක ද ? මැටි ගිලල වගේ. ඔළුව පහත් කරන් කඳුළු වැක්කෙරුවට හිතන්න එපා මම රැවටෙයි කියල . . . . . .“

ඔහු තවත් මොන මොනවාදෝ දොඩවමින් තනිවම තරහව පිට කරන අතර තුර , ඇය විසිරී ගිය කෝප්පයේ කැබලි එකින් එක ඇහිදින්නට වූවාය.

රෑ කෑම ,මේසය මතම හීල් වෙයි. තමා ඔහුට කිහිපවාරයක්ම කෑමට කතා කළ නමුදු ,ඔහු නෑසුන කණ් ඇතිව සිටියේය. ඇය ට ද කෑමේ කිසිම පිරියක් නොවූ හෙයින් ද, ඔහු නොමැතිව ආහාර ගත නොහැකි බැවින් ද , ඇය ද කුසගින්නේම නිදන්නට  ආවේ ය. ඇය තම සයනයේ තමාට හිමි අංශයේ ඔහුගේ පැත්තට මුහුණ යොමන් ගත සතැපුව ද , ඔහු වහා අනික් පස හැරුනේ ඇගේ මුහුණවත් බැලීමට අකැමැති බව නොකියා කියමිනි.

ඇය ද සෙමෙන් අනික් පසු හැරි , ඇගේ සිතුවිලි වල සරන්නට වූවාය.

“ සුරේශ් “ , ඇගේ ප්‍රථම ප්‍රේමයයි. ඇයට වඩා වසර කිහිපයකින්ම වැඩිමහළු වූ ඔහු වෙත තමා තදින් බැඳුනේ ඇයි දැයි , ඇය ට අදටද තේරුම් ගත නොහැකි කරුණකි.

පියකු මෙන් ඔහු සැපයූ රැකවරණයටත් , උණුසුම් නොකැලැල් සෙනෙහසටත් , මේ සැමටම වඩා  ඉවසීමේ හැකියාවටත් ඇගේ සිත ඇඳී යන්නට ඇත. ඇගේ පියා ජීවත්ව සිටි අවධියේ දී , ඇය සහ පියා අතර තිබු ප්‍රබල බැඳීම බිදී යාම නිසා ඇති වු සිත් තැවුල ද, ඇයට සුරේශ් හා ළං වන්නට පාර කියන්නට ඇත.

තම සම වයසේ තරුණන් සතු වූ කඩිකුලප්පුවත් , බොළඳ සුරතලයත්, වගකීම් රහිත ආදරයත් හමුවේ , සුරේශ් සතුවූ
පැසුණු බුද්ධිමත්භාවයට ඇඟේ සිත ඇඳී යන්නට ඇත. එහෙත් එය ආදරය දැයි ඇයට විග්‍රහ කිරීමට බෙහෙවින් අපහසුය.


රාගික හැඟීම් මුසු වූ ආදරයකට වඩා ,තම ගත සිත සුවපත් කළ අධ්‍යාත්මික සෙනෙහසක් ඒ තුල වූ බව නම් ඇයට රහසක් නොවීය. එවන් වූ ආදරයක් තේරුම් ගත නොහැකි සමාජයක ජීවත් වූ ඇය , සුරේශ්ගෙන් වෙන් වන්නේ කිසිදු සිත් බිඳවීමකින් වත් , තරහ ක්‍රෝධකින් වත් නොවීම ද , ඒ ආදරයටම හිමි වූ සංයමය නිසා ඇති වූවක් වන්නට ඇත. විරහව එහි තැවරී නොතිබුනේ , ඒ ආදරය කෙදිනකවත් අවසන් නොවන නිසා වන්නට ඇත.


එහෙත් . . . . . .

රෝෂිත . . . නම් කඩවසම් , තාරුණ්‍ය උතුරන තම ස්වාමියා මුණ ගැසීමත් සමඟම ගත සිත කුල්මත් කළ ස්වභාවික ආදරයෙන් ඇගේ සිත වැසී යන්නටත් , ජීවිතය ලස්සන වන්නටත් පටන් ගෙන තිබුණි. රෝෂිත යනු දේදුනු අහසක් නම් , සුරේශ් එහි වළා අතර සැඟවුන මිහිරි සිහිනයක් පමණක් විය. විටින් විට මතකයට ආව ද ඔහු ගැන සොයා බැලිමටවත් ඇයට අවශ්‍ය නොවුනේ මිහිරි ලොවක ඇය තනි නොවු නිසා වන්නට ඇත.

එහෙත් . . . . . .දිනක් . . . අහම්බයෙන් මෙන් .. .... කවි සඟරාවක පල වු තම කවියක තිබූ ඊ- මේල් ලිපිනය හරහා සුරේශ් තමා අමතා තිබුනි. කවදත් මෙන් “ ආදරණිය සුලා  . . . “ ලෙසින් අමතමින් , ඔහු අසා සිටියේ තමා සතුටින් සිටී ද යන්න පමණකි. වෙනත් කිසිදු ආලවන්ත හැඟිමක් එහි නොවීය.

ඔහු එවූ සියළුම ඊ- මේල් ඇය කියවා බැලූ අතර , ඉන් එකකටවත් ඇය පිළිතුරු නොලීවද , ඔහුගෙන් ලැබෙන ඊ-මේලයක් එන තුරු නම් ඇය මඟ නොබැලුවයි කියා කියන්නට බැරිය.

සිදු වූ දෙයක මහත. අඹු සැමි යුවල එකම සයනයේ දෙපසට වීමට තරම් , ඔහුගේ ඊ- මේලය හේතු වි තිබුනි. 

 සිතිවිල්ලක වත් නැති ඔහු ඇවිදින්
මා මුව මදහස නංවනවා
සිතුවිලි අතරෙම ඉන්නා නුඹ ගෙන්
කඳුළු ඟගක සිත කිමිදෙනවා

අද ඔහු මා ළඟ නැති වුවද  නැත
දුක සෝකය සිත උතුරන්නේ
ළඟින් සිටින නුඹ ඇයි මේ තරමට
මා හද විල් තෙර කළඹන්නේ

ආදර හැඟුමන් , අයිතිය සිතටයි
එක් වීමක් නැහැ අයදින්නේ
ඇයි මේ තරමට ළඟින් ඉඳන් මට
නුඹ නැතිදෝ මා හඳුනන් නේ

“Maybe I could have loved you better. Maybe you should have loved me more. Maybe our hearts were just next in line. Maybe everything breaks sometime.”

ඔහු ( සුලා ගේ සැමියා ) ඇඳේ එහා පැත්තෙ ඉදන් කල්පනා කරපු දේවල් අරන්
මී ළඟ කතාවෙන් හමු වෙමු.


ආදරය හැම හිතකම දැවෙන ප්‍රශ්ණයක් නොවී
සොඳුරු හැඟුමක්ම වේවායි , පතන
මම
෴ සොඳුරු සිත ෴

20 ප්‍රතිචාර:

හිස් අහස said...

මේ කතාවට මම පට්ට කැමතියි පිස්සා ගැන ලියැවුනු කතාව වගේම මේකත් නැගලා යාවි කියලා මට හිතෙනවා . සොඳුරු සිත ආයෙමත් වැඩ අල්ලන්න පටන් අරං වගේ . මීට කාලෙකට කලින් මේ බ්ලොග් එකට ආවම දැනෙන පිරිච්ච ගතිය අද මම මේ ලිපියෙන් දක්කා .. බොරු නෙවේ සත්තයි !!

තව කොටසක් තියනවා නේ ....බලමු !!

හසී said...

හ්ම්ම්.. එයා මොනවා හිතුවාද කියලා බලන්න මඟ බලාගෙන ඉන්නවා..

මකුළුවා...... said...

හරිම ලස්සනයි වත් අක්කේ.....

ජීවිතේමල් said...

මම හිතන්නෙ මේක රසවත් වගේම හරිම වෑදගත් කතාවක්..ලොකු පණිවිඩයක් කියන කතාවක්...
සැක සහිත දෙයක් දුටු පමණින් කලබල වෙන එක මිනිස් ගතියක්... ඒත් ඒ මිනිස් ගතිය ටිකක් හෝ ඉක්මවා ගිය දෙයක් පුරුදු කල කෙනෙකුට විමසා බලනතුරු , සම්පූර්ණ සිද්ධිය ඉවසීමෙන් දැන ගන්නා තුරු කේන්ති නොගෙන ඉන්න හැකියි,.. ආදර සම්බන්ධතා ගොඩාක් දුර සහ කල් අල්ලන්නේ... සදාතනික බැඳීම් වෙන්නේ අන්න ඒ ඉවසීම මත කියලා මට හිතෙනවා...

අක්කේ... හරිම ලස්සන වගේම වටින කතාවක්.ජය වේවා !!!

Ravi said...

සුරේශ් සුලාට ලියූ කවිය-

ඔබට මා සිත බැඳුනෙ කිමදැයි,
තවම සොයනෙමි පිය ලඳුනි මම,
ප්‍රේමයක් එහි විනිද නොදනිමි,
සෙනෙහසේ ගඟුලක් විනා,

I am not sure if I love you,
But of this I can swear with all my heart,
You are in my mind day & night,
And,
If that's called love,
Then,
Most assuredly,
I .......love .....you !!!

Kathandara said...

ඔය වගේ කේස් එකක් වුනොත් මට නං බුදු ජොලියක් දැනෙයි!

amaapurva said...

ලස්සනයි වත්. ඔයාගේ කතා හැමදාම කියවනවා. මේකේ ඊළඟ කොටස ඉක්මනින් ලියවෙයි නේද

Podi Kumarihami said...

I have heard that life is full of suffering…. well then, i guess now Sulla is really living life…

ශාකුන්තල said...

ඉතිරි කොටස කියවන්න මම නොඉවසිල්ලෙන් ඉන්නේ... ඉතිරි කොටස අපි නොහිතන පැත්තකට අපව ගෙන යාවි කියල හිතනවා. :)

Anonymous said...

I love ur writings

SRI MANJULA said...

ඇද්දෝ තරම!!!!! ඔබ කළ ගොන් වැඩේ සුලා????
ඉස්සර විඳපු පෙම් සිත යලි අලුත් කළා
ඇති !!! නැවතුනොත් ඔය කොල්ලා පරල වෙලා
සඳහන් නොකර නම් කීපෙක අගට --මළා--

සොඳුරු සිත said...

කියවූ , අදහස් දැක්වූ කාටත් බොහොම ස්තූථියි... එය නම නැති අයත් Ano වුනාට කමක් නැහැ කමෙන්ටුව අවසානයේ හරි නමක් ලියනව නම් අගෙයි. මොකද මම කැමති නම කියල කතා කරන්න. නැත්තම් මම මට ඕනි නමක් දාගන්නව හරිද?

@His Ahasa හිස් අහස
මාව ලියන්න පොළඹවන මගේ සහෝදරයාට අවංක ස්තූතිය. ඒ වගේමයි මොකද තමාගේ බ්ලොග් එක ප්‍රයිවට් කරල... අපි කියවනවට අකමැති නිසා ද?

හසී
ඔන්න , අද මම ඇදේ එහා පැත්තෙ අනිත් පැත්ත බලාන ඉන්න එයා හිතන දේත් ලීවා... ස්තූථියි හසී.

මකුළුවා.....
ස්තූතියි මකුළුවෝ ........

ජීවිතේමල්
ගොඩාරියක් ස්තූතියි නංගි. කාලෙකින් ඔයාගෙන් අදහක් ලැබීම මගේ හිතට සතුටක් ගෙනාවා......

සොඳුරු සිත said...

Ravi
Wow

හැම පිරිමි කෙනෙක්ටම පුලුවන් නම් එහෙම හිතන්න.

ආදරයක තියෙන ධාවනකාරී බව අඩුවෙලා , සංයමයක් එනව නම් කොච්චර හොඳද?

ධාවනකාරී ආදරය හොඳයි තමයි, ඒත් කල්පැවැත්ම අඩුයි. හිමින් හිමින් ඇති වෙන ආදරය , කල් පැවැත්ම වැඩී , වටහා ගැනීම , ආදරය සෙනෙහස වැඩි, බැඳීම වැඩී , සිත සුවපත් කරනවා.

හැමදාමත් වගේ ලස්සන කමෙන්ට් එකට ගොඩාක් ස්තූතියි අයියා.

අයිය ලියන කතා බලන්න කට්ටිය මඟ බලාන ඉන්න විත්තිය අමතක කරන්න එපා හරිද?

සොඳුරු සිත said...

Kathandara
කතන්දර ඉතින් නැව ගිලුනත් බෑන් චූන් නෙව. ඒත් හිතේ හංගන් ඉන්න ගැඹුරු සිතුවිලි ඔයාටත් තියනව කියල මම දන්නව. ඒ දේවල් ඔයාගේ සරල වින්දනාත්මක කතා වලත් සැඟවිලා තියනවා.

හැමවෙලේම සතුටින් ඉන්න එක හොඳයි තමයි. ඒත් හැමවෙලේම එහෙමම ඉන්නත් එපා....

ස්තූථියි කතන්දර .........

සොඳුරු සිත said...

amaapurva
ස්තූතියි අමා... මම හිතනව ඔයා සහෝදරියක් කියල. සහෝදරයෙක් නම් සමාවෙන්න.

අනිත් කොටසත් ලීවා අද....

ස්තූතියි ........

http://www.sodurusitha.blogspot.com/2011/04/betrayed-trust-eternally-weeping-heart_23.html

සොඳුරු සිත said...

Podi Kumarihami
කවුරු ,කොහොම කිවත්, ජීවිතයක් තනියම විඳින්න අමාරුයි. ආදරයක් සෙනෙහසක් කාටත් ඕනි වෙනවා.

ඒක සැමියෙක්ගෙන් බිරිඳකගෙන්ම ලැබෙන විදිහෙ ආදරයක්ම වෙන්න ඕනි නැහැ. ඒත් අපි කවුරුත් කැමති තවත් විශේෂ කෙනෙක් මම දිහාත් විශේෂිත විදිහකට බලයි කියල...

ස්තූතියි පොඩ්ඩි......

සොඳුරු සිත said...

ශාකුන්තල
ශාකු ... මගේ පැරණිතම හා ප්‍රියතම මිතුරෙක්... ඉදල හිටල හරි දකින්න ලැබීම සිතට සතුට ගේනවා යාළු....

අනිත් කොටසත් ලීවා.. ඉඩ ඇති විටක බලන්න කෝ...ස්තුතියි ශාකු...

සොඳුරු සිත said...

Anonymous
ඇනෝ ......ගොඩක් ස්තූථියි. ලියන්න දිරි දෙන කමෙන්ට් එකට. මම ඔයාට නමක් දාන්න ද?

Angel without wings said...

'ආදරය හැම හිතකම දැවෙන ප්‍රශ්ණයක් නොවී සොඳුරු හැඟුමක්ම වේවායි' පතනව කියපු කෑල්ලට මම හරිම ආසයි...

සමහර වෙලාවට ආදරේ කියන්නේ අපි බලාපොරොත්තු වෙන දේම නොවෙන්න පුලුවන්... ඒත් ආදරේ නිසා හිතට බරක් දැනෙද්දි ඇත්තටම අපි හිතන්න පෙළබෙනව ගත්තු තීරනේ හරිම එකක්ද කියල...

ඔයා ලියන විදියට මම ගොඩක් කැමතියි... ලස්සනයි... දිගටම ලියන්න... ඒ වගේම ආදරේට අමතරව වෙනත් මතෘකා වලත් කතා ලියන්න....

Helping To People said...

anthimata hituwe de nemei.wena deyak wela thiyenne

Post a Comment

සිතක් ‍සොඳුරු වන තරමට අදහස් බොහෝ දැවටෙනු ඇත. නුඹේ සොඳුරු සිතේ අදහස් වචන කර යන නුඹට මගේ ස්තූතිය..... කියවූ ඔබටත් ස්තූතියි.

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...