..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

Monday, April 18, 2011

෴ හද බිඳි සර / Betrayed Trust & the Eternally Weeping Heart (1)෴

විඩාබර ගත දෝවනය කර ගත්  පසු ඔහුගේ ගතට පමණක් නොව සිතට ද දැනුනේ නැවුම් බවකි. ඒ නැවුම් බව ට ආදරණිය උණුසුමක් එක්කරන්නට සමත් වූයේ හිස පිස දමමින් පැමිණෙන ඔහුගේ ඉදිරියට දුම් දමන තේ කෝප්පය ද රැගෙන පැමිණි ඔහුගේ බිරිඳයි.


“ තේ . . . .“


ඇස් වලින් සිනා සෙමින් , හිස පසෙකට ඇල කරන ගමන් ඇය පැවසුවාය. තේ කෝප්පය දකුණතින් අතට ගන්නා ගමන්ම , තමන්ගෙන් ඉවතට යන ඇයගේ සුරතින් ඇද ,ඇය තමා සමීපයට ගන්නට ඔහුගේ වමත යුහුසුළු විය.

“ කොහෙ ද යන්නේ ? මෙහෙ එන්නකො පොඩ්ඩක් “

“ කෝලං නොකර ඉන්න කො අනේ. හොද්ද ලිපේ “

ඔහු ඇයගේ ග්‍රහණය ලිහිල කරේ ඇයගේ කම්මුලක් තදින් සිඹින ගමන්ය.

මිහිරි රසයක් සියොළඟම විහිදී යද්දි ඔහු  විසිත්ත කාමරයට වෙත පියනැගුවේ තේ කෝප්පය ද හිස් කරමිනි.

විසිත්ත කාමරයේ වූ වටරවුම් මේසය මත වූයේ විවෘත කරන ලද ඔහුගේ ජංගම පරිගණකය (Lap Top ) යි. වැඩ අහවර වී නිවසට ගොඩ වදින ඔහුගේ පෙර මඟට පැමිණෙන ඇය , තම සුරතේ වූ අඩු වැඩිය ඇගේ දෑතට ගනී. ඉන්පසු ඔහු ඇඟ පත දොවා ගන්නා තෙක් ඔහුගේ පරිගණකයෙන් බාහිර ලෝකය හා එක් වන ඇය තමා ඇඟ දෙවා පැමිණි විගසම උණුසුම් තේ කෝප්ය තම අතට දෙන්නට තරම් කඩිසරය.

ඇය ගැන සිතමින්ම , තවමත් ක්‍රියාත්මක කර ඇති පරිගණකය වෙත ඔහුගේ දෑස් යොමු විය. විවෘත වී තිබ්බේ ඇගේ ඊමේල් ගිණුමයි. ඇය තම නීත්‍යාණුකූල බිරිඳ වුවත් ඇගේ පුද්ගලික ඊමේල් පරීක්ෂා කිරිම නොහොබිනා බව ඔහු දනී. විවෘත වී ඇති ඊමේල් ගිණුම වසා දැමීම සඳහා ඔහු කර්සරය රැගෙන යන අතර තුර , ඔහු දුටුවේ , තවමත් විවෘත නොකර තිබූ ඊමේලයකි.   
නිසැඟයෙන්ම මිනිසාට ලැබී ඇති කුතුහලාත්මක සිත කර්සරය රැගෙන ගියේ වැසී ඇති ලියුම් කවරය මතටය.

කවරය පමණක් විවෘත කළ කර්සරය , එතැනිදු නොනවැතුනේ , ඊ-මේලයේ යෙදී තිබුන මාතෘකාව නිසාය “ සදාදරණීය සුලා “ . . . . . . . 

තේක මඳින් මද සීතල වෙද්දි ,ඔහුගේ සිත තරහින් උණුසුම් වන්නට විය. කර්සරය ඊමේල් ගිණුම පුරාම වූ ලැබුන ලිපි (in-box)වෙත සරන්නට ගත්තේ ය. එයින් නොනවැතී ඊ-ගිණුම තුල වූ යවන ලද ලපි වෙතද (sent) , යකා නටමින් තිබු සිත , මකා දමන ලද මේල් නතර වන  (Trash) කුණුබක්කිය ද අවුස්සමින් තිබුනේ , පිස්සු බල්ලෙකු පාළු නගරයක සැරසරන්නාක් මෙනි.

 ඊ - මේල් ගිණුම පුරා සැරිසරන අතරතුර ,තෙවෙනි ඇසට ගෝචර වූ යම් හේතුවක් නිසා ඔහු තම පසු පස බැලුවේ ක්ෂණයෙනි.

දෑස් විසල් කරන් , පුදුමයෙන් ඔහු දෙස බලා සිටන තම බිරිඳ දුටු ඔහුගේ නෙතු කෝපයෙන් දිලිසෙන්නට විය. ඔහු ,හුනස්නෙන් ක්ෂණයෙන් නැඟී සිටියේ ,තේ කෝප්පයද බිම වැටී සුනු විසුනු වී යද්දීය.

බිදී විසිරී ගිය තේ කෝප්පය
මම
෴සොඳුරු සිත ෴

 “Trust is like a vase.. once it's broken, though you can fix it the vase will never be same again.”


පින්තූර- http://www.stockphotos.it/image.php?img_id=7146968&img_type=1

21 ප්‍රතිචාර:

චමිදේවා said...

මම දිග කථාවක් කියලා හිතාගෙන කියවගෙන ගියේ... මගදි ඉවරයිනේ... :(

Anonymous said...

පොඩිකථාව ලොකු දෙයක් හිතන්න සලසනවා.. හැම සැමියාම බිරිඳ ගැන ඔහොම හිතනවා ඇති. ඒක බිඳගන්නේ ඇය විසින්ම බවයි මගේ අදහස.

dishanrajapaksha said...

Climax එකට ආපු ගමන නවත්තල, අයියෝ :පි

Helping To People said...

ekama gedaraka jewath nowunath tea koppa binde netath me wage katawak mage jewitetath sambandai.mail inbox nam nemei phone detail bill eka apu mail ekak

MaRLaN said...

මේ මොකද මේ....?

සාතන් said...

මතු සම්බන්ධයි වෙන්න ඇති නේද?....

ඔෂාන් - OSHAN said...

කතාව මතු සම්බන්ධ කරන්න පුළුවන් ද.......මොකක් හරි ඔළුවට දා ගන්න මේ ටිකනම් මදි වගේ.......

BlogShan said...

එල එල. දැං ඉතිං ගෑණිට දිගට හරහට කන් දෙකේ ඇගිලි ගහගෙන තමා ඉන්න වෙන්නේ!

සොඳුරු සිත said...

෴ මතු සම්බන්ධයි ෴ තව තියේ........

Dinesh said...

අළුත් කතාවක්.... බලමු ඉතිරි ටිකත්...

Ravi said...

බිම වැටී කැඩී බිඳීගිය කෝප්පය දෙසම ඔහු බලා සිටියේ, ඇය දෙස බැලුවහොත් තමන්ට තමන් පාලනය කරගත් නොහැකි වන බව සක්සුදක්සේ දත් හෙයිනි.

සෙමින් ඒ අසලට පැමිණ, දණ නවා පහත්වූ ඇය කෝප්පයේ බිඳුනු කැබලි එකතු කරමින් මෙසේ කීවාය.

" ආ,..........ඔයා ඕක ඔච්චර ගනන් ගන්න එපා, තේ එක නිවිල කිව්ව නම් මම තව තේ එකක් හදල ගෙනත් දෙනවනෙ. ඉන්න මම තව තේකක් ගෙනත් දෙන්න "

පොඩි විහිලුවක් කලේ.......නඟේ......හෙහ්, හෙහ්,

කතාව මරු......තව කොටස් කීයක් තියනවදෝ?

" I'm not upset that you lied to me, I'm upset that from now on I can't believe you” - Friedrich Nietzsche

rajith abeysinghe said...

ආදරය කියලා කියන්නේ දෙන්නට දෙන්නා අතර තියෙන විශ්වාසය .ඒ විශ්වාසය කැඩුනු දවසට එතන ආදරයක් තියෙයිද කියන එක ප්‍රශ්නයක්.

Beetle said...

Subject එක බලලා කෝප්පේ පොලේ ගහපු එක අන්තිම නරකයි... මම නම් අඩුම ගානේ From එකත් බලනවා... LOL

හිස් අහස said...

තව තියනවද අක්කේ කතාව ? එහෙමනම් හොඳයි ඇක්ෂන් සහිත ස්ටෝරියක් වගේ ....මමත් ඔන්න අසුනක් වෙන්කරගත්තා මේ කතාව බලන්න ..

නිම්ශා said...

තව කොටසක් තියෙනවා නේද අක්කේ.. දැනටම කුතුහලයක් තීයෙනවා...

nawammawatha said...

හ්ම්.... කිල්ලෝටවල හුණු හොයන්නෙ නැතිතාක් සන්තෝසෙන් ඉන්න පුළුවන්. වැරදිලාවත් හෙව්වොත් තේකෝප්පෙ වගේම හිතත් පව්. ඔතන තියෙන්නෙ ආදරේ නැතිකමවත් චපල වීමක්වත්, ‍රැවටීමක්වත් නෙමෙයි. ඊටත් එහා ගියපු හිත කොණිතිගහන හැඟීමක්.

කිසිවෙකුටත් තමාගේ අනෙකාගේ කිල්ලෝට අවුස්සන්න නොහිතේවා !

හිරණ්‍ය said...

"ආදරේ කරද්දී පෞද්ගලිකත්වයක් නැද්ද" කියන ප්‍රශ්නේ තමයි මට මුලින්ම ඇති වුනේ,
ඉතිරි ටිකත් දානවා නේද...

නචියා said...

කතාව ඉවරද ?....... ඔන්න දැක්කද කොහොමද ඉතින් ගෑණුන්ව විස්වාස කරන්නේ... අනේ මන්දන්නෑ අනාගතේ ගැන හිතද්දි බයත් හිතෙනවා.....

හසී said...

හ්ම්ම්ම්...

හා පැටික්කි (MS) said...

හ්ම්ම්ම්ම්ම්......
අ‍නේ මංදා...... ‍මෙ‍හෙම පටන් ගත්තට අවසානය ලස්සන ‍වෙයි.
ඉතින් අක්කියා.........

කොට ජීවිතේ said...

අම්මෝ..මුකුත් හිතා ගන්න බැහැ... කියවලා ඉවර උනහම මාවත් උඩ ගියා....

Post a Comment

සිතක් ‍සොඳුරු වන තරමට අදහස් බොහෝ දැවටෙනු ඇත. නුඹේ සොඳුරු සිතේ අදහස් වචන කර යන නුඹට මගේ ස්තූතිය..... කියවූ ඔබටත් ස්තූතියි.

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...