..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

මෙහි ලියැවෙන දෑ.............

"Art is something that lies in the slender margin between the real and the unreal."සාහිත්‍ය වනාහි සත්‍යයත් කල්පිතයත් අතර පිහිටි අනියත ප්‍රදේශයකට අයත් වේ.(Chikamatsu Monzaemon)

Wednesday, March 2, 2011

෴ අහසින් තරුවක් - A Star Falling Down from The Sky ෴

ඔන්න . එ‍කෝමත් එක කාලයක සිටියා , ටිකක් විතර හැඩ , ‍ගොඩක් නිහඬ , ‍පොත් පත් එහෙම ටිකක් වැඩි පුර කියවන ගැහැණු ළම‍යෙක්...... ඒ ළමය‍ගෙ ජීවිතේ හරි ලස්සනට පිළිවලට ඇඳල තිබ්බ සුන්දර චිත්‍රයක් වගේ.


ඒත් . . .  . . . .  එක දවසක් ... කවුරුවත් නොහිතපු විදිහට , ඒ ළමයගෙ ජීවිතයම වෙනස් වුනා. හේතුව තමයි , දවසක් ඒ ළමයට හමුවුනා , අහසින් වැටුන තරුවක්. . . කාත් කවුරුවත් නැති ලස්සන පුංචි තරුවත් එක්ක මේ කෙල්ලගෙ මුලු ජීවිතේම එළිය වුනා...බලාපොරොත්තු නැති හිතට , දහසක් බලාපොරොත්තු ඇති වුනා. . . ජීවිතේම ලස්සන වුනා..........


ඒත් එක දවසක් . . . . බොහොම නපුරු දවසක් උදා වුනා. . . තරුවෙ දීප්තිය ටික ටික අඩුවෙන්න පටන් ගත්තා. . .  රෑ පුරාම අර ගැහැණු ළමය නින්දක් නැතිව තරුව දිහාම බලාගෙන හිටිය. තමන්ගේ කළුවර කාමරය විතරක් නෙමෙයි , තමන්ගේ මුළු  ලෝකම එළිය කරපු , අහම්බෙන් හමුවුන පුංචි තරුව . . .මොනා ද මේ වෙන්න යන්නේ ! ! !

ඒ අස්සේ මහ රෑ . . . කවුද ඇවිත් දොරට තඩි බානව ඇහුන. . . . 

“ අනේ . . .දොර අරින්න . . .  මගේ තරුව මට දෙන්න “

සිහින් හඩක් ඒ එක්කම ඇසුනා.

කලබල වුන ගැහැණු ළමයා , තරුව අරන් තමන්ගේ හිතට ළං කර ගත්තා. බලා ඉද්දි තරුවෙ දිස්නය  අඩුවෙන්න ගත්තා.

“ අනේ , මම කියන දේ අහන්න. ඔය තරුව දැන් මැරෙන්නයි යන්නේ. ඉක්මනින්ම අහසට අරන් නොගියොත් තරුවෙ දීප්තිය තවත් අඩු වෙලා ගිහින් . මේ ලෝකෙන් සදහටම ඔය තරුව යන්න යාවි. මේ අහන්න ළමයො. . . දැන් වත් ඔය තරුව මට දෙනව ද? ඔය මගේ තරුව “

තරුව මැරෙනව දකින්න , තරුව නැති වෙනව දකින්න ඒ සොඳුරු හිතට කැමැත්තක් තිබ්බෙ නැහැ. දොර විවිර වුනා . . . ලස්සනම ලස්සන සුරංගනාවියක් තමයි ඇවිත් හිටියෙ තරුව ගෙනියන්න. තරුව දැකපු සුරංගනාවියගේ මුහුණ දිලිසෙන්න ගත්තා.  පොළවෙ හිටිය කෙල්ලගෙ අතේ තිබ්බ තරුව උදුර ගත්ත ඇය . . ක්ෂණයෙන් අහසට නැඟිල නොපෙනී ගියා.

පොළවෙ ඉන්න ගැහැණු ළමයා අදටත් මහ රෑට වරු ගනන් අහස දිහා බලන් ඉන්නේ . .  තමන්ගෙ ලෝකයට සතුට වගේම දුක අරන් ආව ඒ තරුව මොහොතකට හරි අහසෙ දකින්න තිය ද කියලයි . . . . . . 

අහසින් වට තරුවක් ළඟ 
සිතම තබා මගේ
කලක පටන් දන්නා ලෙස‍
නොවෙද ඇසුරු කරේ

මගෙ ලෝකයේ , ආලෝකය
නුඹම වෙලා සිටි
සොඳුරු මතක පිරි කාලය
සිතක කොනක ඇති

නුඹ හිමි තැන සිටම දිලෙන
අරුම, නෙතින් බලා
සතුටු සිතින් මා ඉන්නම්
නුඹ සිත ගැන සිතා

“Will you ever? I don’t think you will ever fully understand how you've touched my life and made me who I am.
I don't think you could ever know just how truly special you are that even on the darkest nights you are my brightest star.”

අහසින් වට , තරුවක් ලඟ ,
වරුවක් සෙනෙහස විදි
මම
෴ සොඳුරු සිත ෴

25 comments:

  1. හොඳය කියල චන්දෙකුත් දැම්ම ඔන්න.

    ReplyDelete
  2. අහිමි වේ යැයි ..
    නොදැනයි මම ලං වුනේ...
    දැනුනා නම් වෙන්විම..
    ලං වෙන්නේ නැ අහිමි තරුවකට...
    හිනැහියන් තරුවේ පෙනෙනා තැනක...
    හිත හදාගෙන මට සැනසෙන්නට...

    ReplyDelete
  3. අහස මුදුනත රැඳී දිලිසුනු,
    තරුව පතිතව දිනෙක පොළවට,
    විපිලිසරවී සිටිය දිනයක,
    නුඹය මට පිහිටවූ සුරඟන,

    නුඹ මගේ හදවත සොරාගත්,
    නමුදු සොඳුරිය මගේ හදගත්,
    අහස මුදුනට ගියෙමි නැවතත්,
    තරුව හිමි අහසටය කවදත්,

    කඳුලු සඟවාගෙන සිනාසෙමි,
    හද හඬයි කිසිදාක නිම් නැති,
    එහෙත් නුඹ වෙනුවෙන්ම රැය නිති,
    අහස මුදුනත හිඳ දිලෙන්නෙමි,

    ReplyDelete
  4. තරු වගේම සුරංගනාවියොත් අයිති අහසට . අපි ඉතින් නිකම්ම නිකං පොලවේ පය ගහල ඉන්න මිනිස්සු .. ඔයාට තරුව නැතිඋනා , මට සුරංගනාවි නැතිඋනා !.

    හරිම ලස්සන කතාවක් ඒ වගේම ලස්සන කවියක් . ..

    ReplyDelete
  5. Observer
    බොහොම ස්තූති ඔබ්සර්වර් මහත්තයෝ...... ඔය මහත්තයා සන්ඩේ ඔබ්සර්වර් එකෙන් ද ....

    නිම්ශා
    නිම්ශා.. ඔයාටත් ඔයා කැමතිම තරුව නැති වුනා ද? ස්තූතියි නිම්ශා..හැමදාම ඇවිත් පිලිතුරු කවියක් ලියනවට...

    Ravi
    හරියට , නැතිවුන තරුව මට කියන දේවල් වගේ....

    අයිය හැමදාම ලියන පිලිතුරු කවි හරිම ලස්සනයි....

    අහස මුදුනට ගියෙමි නැවතත්,
    තරුව හිමි අහසටය කවදත්,


    මේ තමයි ඇත්ත... සිත පිලිගන්න අකමැති වුනත් ..ස්තූතියි අයියා ...

    ReplyDelete
  6. අහසින් මම බිමට ආවෙ
    ඔබට එලිය ගෙනෙන්නටයි
    මගේ පුන්චි සිත ඔබ වෙත
    දිවි ඇති තෙක් පුදන්නටයි
    යන යන තැන නුඹ පස්සෙන්
    අලෝකය ගෙනෙන්නටයි
    මිය යන බව දැනුන උනත්
    ඔබ තුරුලේ මියැන්නටයි

    ජීවිතයම අමතක කර
    නුඹ අසලට පැමිනියෙ මම
    ජීවිතයම ජීවත් කර
    නුඹට සතුට ගෙනෙන්නටයි
    ඒත් කිමද මගෙ දිවියම
    සුරගන දෑතට දුන්නේ
    එදා ඉදන් මම තනියෙන්
    අඩනෙමි අහසෙහි තනිවී

    -තනි වූ තරුව-

    අක්කගේ කතාවනම් මාරම ලස්සනයි... ඔය කවිය තනි උන තරුව ලියල එවල තියෙන්නේ

    ReplyDelete
  7. කළු පූසාMarch 2, 2011 at 11:28 PM

    මේක නම් සොඳුරු සිතේ ප්‍රබන්ධයක් වෙන්න බැහැ.

    මට හිතෙන්නේ මේක සොඳුරු සිතට සිදුවුන සත්‍ය සිදුවීමක් කියල. :)

    ReplyDelete
  8. සොඳුරු සිත එකම තේමාවක් ගැන සියවිදියකට ලියද්දී රවි සියවිදියකට පිළිතුරු ලියනවා... නියමයි...

    ReplyDelete
  9. Nicely done.

    This first reminded me of some Abiriginal dream time stories, I have read.

    Then - that song sung by Athula Adhikari in Synthetic Sihina teledrama by Handagama.

    Finally Stephen Spilburg's movie "ET".

    Many thanks for all that.

    -Rasika Suriyaarachchi

    ReplyDelete
  10. නැහැ, නැහැ. "Evening Observer " එකෙන්.

    ReplyDelete
  11. අහසෙ තරු
    අයිති
    කොහොමත් අහසට
    පොළොවෙ අපිට
    වැලිකැට මිස
    තරු කුමට

    ReplyDelete
  12. අහසින් තරුවක් කඩා වැටෙනවා....තරුව කථා නැහැ අහසයි වැලපෙන්නේ...

    ReplyDelete
  13. ඉංගිරිසි චිත්තපටියක් තිබුනා ඔය වගේම කතාවක්. එකක් නෙවෙයි තව කතා ඇති.

    ReplyDelete
  14. සතුටු වෙන්න ඔය ගාව නෙමෙයි උනත් ඒ තරුව තාමත් ජිවත් වෙලා ඉන්න එක ගැන :)

    ReplyDelete
  15. MaRLaN
    ඒ කියන්නේ...තරුව මට ආදරයෙන් ඉදල තියෙනවා....ඒත් ඉතින් අපි බලන්න ඕනි.. ඒත් ඉතින් මම කැමති , මම ආදරය කරන අය ළඟ තියා ගෙන මැරෙන්න අරිනවට වඩා .. මම ආදරය කරන අය , කොහේ හරි සතුටින් ජීවත් වෙනව දකින්නයි....

    ඉතින් මාර්ලන් ...ගොඩක් ස්තූතියි හැමදාම කළු සුදු වෙලා මේ පැත්තේ ඇවිත් යනවට....

    ReplyDelete
  16. කළු පූසා
    ඔන්න ඔන්න ඉතින්.. ඕකනේ කියන්නේ....
    ඒක බොරු කියන්නත් බැහැ.ඇත්ත කියන්නත් බැහැ....ඒ නිසයි මම , මගේ බ්ලොග් එකේ උඩින්ම මෙහෙම කීවේ.......

    “Art is something that lies in the slender margin between the real and the unreal."සාහිත්‍ය වනාහි සත්‍යයත් කල්පිතයත් අතර පිහිටි අනියත ප්‍රදේශයකට අයත් වේ.(Chikamatsu Monzaemon)“

    ReplyDelete
  17. Beetle
    ඒක නම් ඇත්ත බීටල්.. රවි අයියා ...හරි ලස්සනට කවි ලියනවා තමයි...ඒ වගේම රවි අයියා ලස්සනට ලියනවා... මේ බලන්න බීටල් ..http://ranrandil.blogspot.com/මේකේ සමහර ලිපි අපේ රවි අයියගේ.. අනිත් ලිපි අපේ රන්ගේ... ඔයා කැමතියි නම් ගිහින් බලන්න යාළු....

    ReplyDelete
  18. Rasika

    ස්තූතියි රසික .......

    එක දවසක් හැන්දෑවක
    කළාමැදිරි එළි පාරක
    මං හෙවුවා තරු කැටයක්
    මං හෙවුවාවාවාවා තරු කැටයක්
    නිල් පාටින් පායා දිලෙන
    නිල් පාටින් පායා දිලෙන

    සිහිනයක ගිලී මා සිටියා
    කවුරුදෝ විත් දොර බිඳිනා විට
    සුළං පොදක් වත් ඇරුණ
    දොර පියනින් ආවා නම්

    සිහිනයේ සුව අරන්
    නන්නාඳුනනා දෑසක්
    නිවි නිවි දිලිසුන මොහොතක්

    සුහද ආරාධනාවක් අරන් ඈ ඇවිත් - දොරකඩට
    පවන් පොදකටවත් ඉඩක් නැහැ නොවෙද

    අවකාශයම වසා ගෙන
    ඈ සිටිනා විට මා අසළ

    මා අසළ ලැගුම් ගෙන පෙරාතුව
    මා තුළට මොහොතකට එඹුනා නම්
    පැහැදිලිව දකින්නට තිබුනා
    මා තුළම ... මා නොවන
    පිටස්තරයෙකු සිටිනා වග

    ඔබේ පෙම මා හට ද ?
    මා නොවන ඒ අමුත්තා වෙත ද ?


    ෴ අතුල අධිකාරි ෴

    ReplyDelete
  19. Observer
    Evening , Morning , Sunday , Monday වුනත් Observer
    මහත්තයා දැන් හරිම ජනප්‍රිය බ්ලොග්කරුවෙක් නැහැ නැහැ බ්ලොග් ප්‍රතිචාර දක්වන්නෙක් වෙලා....හරිම අගෙයි..මගේ ස්තූතියි..සොඳුරු සිතත් බලන්න ගොඩක් දුර ඉදන් ආවට.ස්තූතියි ....

    ReplyDelete
  20. පිණිබිඳු...
    පිනි බිඳු-
    අහසෙ තරු
    අයිති
    කොහොමත් අහසට
    පොළොවෙ අපිට
    වැලිකැට මිස
    තරු කුමට


    මම -
    එසේ සිතා
    නෙතු කඳුලත් මා පිසුව
    අනේ මගේ හිත නැහැ
    වාවන්නේ තවම


    ස්තූතියි පිණිබිඳු... ලස්සන කවි කමෙන්ට් එකට..

    ReplyDelete
  21. Heeniyata
    නටුවෙන් නෑඹුල් මලක් වැටෙනවා
    මලේ කතා නැ සුළඟයි වැළපෙන්නේ

    පෑහිමක් නැ නොකෙරෙන දීගේ - සෙවනැල්ලක් ඇද ලූ
    දවල් වැටුනු වල මෙදා වැටුනේ රෑ - හිත හොද වැඩිකම ලූ

    ස්තූතියි හීනියට ......

    ReplyDelete
  22. haddock
    ස්තූතියි ...haddock ...

    ඇත්ත.. සමහර විට ..මා දැකපු..මා අසපු.. මා විදපු දෙයක මතකයත් සමඟ මෙය ලියවෙන්න ඇති....

    ReplyDelete
  23. dishanrajapaksha
    ඔයා හරි dishanrajapaksha... මා ළඟ නැතත්... තරුව අහසට වෙලා සතුටින් ඉන්න බව සිතලා...මාත් සතුටින්...

    ReplyDelete
  24. ටික කාලෙකට පස්සේ මේ පැත්තේ අවේ...

    හ්ම..ඇත්තටම ලස්සනයි...

    මම අහලා තියෙනවා ලස්සන නිර්මාණ වලට මූලබිජ වෙන්නේ ජීවිත අත්දැකීම් කියලා...

    ReplyDelete
  25. ඇයි ඒ තරුව අහසින් වැ‍ටුනෙ කියල අහල බැලුවද, සමහර විට ලස්සන උනත් නපුරු සුරංගනාවියො අපේ ආච්චි කියල දීපු කතන්දරවල හිටිය කියල මට මතකයි.

    ReplyDelete

සිතක් ‍සොඳුරු වන තරමට අදහස් බොහෝ දැවටෙනු ඇත. නුඹේ සොඳුරු සිතේ අදහස් වචන කර යන නුඹට මගේ ස්තූතිය..... කියවූ ඔබටත් ස්තූතියි.

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...