..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

මෙහි ලියැවෙන දෑ.............

"Art is something that lies in the slender margin between the real and the unreal."සාහිත්‍ය වනාහි සත්‍යයත් කල්පිතයත් අතර පිහිටි අනියත ප්‍රදේශයකට අයත් වේ.(Chikamatsu Monzaemon)

Monday, March 14, 2011

෴ මගේ පෑන , මගේ වචන , මගේ හිත සහ මගේ සමුගැනීම / My Pen , My words ,My Heart & My Departure ෴

මිනිස්සු වුන අපිට හැම දෙයක් ම කලකදි එපා වෙනවා.අහල ඇතිනේ. . . . .


ගලකදි මොණරු ගලකදි රග දෙනවාලු
මලකදි බමරු මලකදි පොර කනවාලු
රැලකදි මාලු රැලකදි තනි වෙනවාලු
කලකදි රසලු කලකදි වහ වෙනවාලු

 
සොඳුරු සිත ලියන්න පටන් ගත්තේ


ලියන්න මුලික හේතුව වුනේ ගොඩක් දෙනා බ්ලොග් ලියන්න පටන් ගන්න හේතුවම තමයි “ විරහව“ ඒත් නොසිතූ , නොපැතූ විදිහට බ්ලොග් එක ටික ටික කියවන්නන් අතරට ගියා.  නම ගහපු සම්මාන හම්බ නුනත් , කියවන්නන් හරිම ලෙංගතු වුනා. පුද්ගලිකව පවා කියවන්නන් අඳුර ගන්න ලැබුනා. ආදරය ලැබුනා. විරහව නිසා තනිව ඉන්න ගියපු සොඳුරු සිතට යහළු , යෙහෙළියන් ගොඩක් එකතු වුනා.

ලියන එක හරිම රසවත් අත්දැකීමක් වුනා. මුල් කවි , මුල් ලිපි වලට වඩා පහු පහු වෙන්න ලියවෙන දේ ලස්සන වුනා.විරහව සේදිලා යද්දි , හිත රසවත් කරන පැය කිහිපයක් උදා වුනා.

බොහොම ලස්සන සුන්දර කාලයක් මටත් ආවා. සමහර දවසට බ්ලොග් ලිපි තුන හතර ලීවා , පස්සෙන් පහු දවසට  එකක් වත් ලීවා , ඒ අතර බ්ලොගය වසා දමන්නත් සිද්ධ වුනා. අන්තිමට දවසකට දෙසැරයකට වතාවක් ලියන්න පුරුදු වුනා. සමහර වෙලාවට ලියන්නන් වාලේ ලීවා.

ඒත් දැන් නම් හොඳටෝම ඇති.

ඉස්සර බ්ලොගයට ගොඩ වෙන්නේ , කවුද අද ලිපි ලියල තියෙන්නේ , කවුද අද කමෙන්ට් කරල තියෙන්නේ කියල බලන්න තියෙන නොඉවසිල්ලෙන්. කමෙන්ට් මොඩරේශන් කියල දෙයක් තියේද කියලවත් ඒ දවස් වල සොයල බලන්න වුවමනාවක් කාටවත් තිබ්බෙ නැහැ. බ්ලොග් ලෝකයට ගොඩ වෙන එක ඒ තරම්ම ප්‍රීතිමත් පැය ගානක් වුනා.

ඒත් දැන්  . . . . . 

බ්ලොගයට ලොග් වෙන්නේ කවුරුවත් අහල පහලක පෙන්න නැති නම් තමයි. මොන කුනුහරුපයක් ලියල ද කියල කවුද දන්නේ. මොන මඩක් වැදිල ද කියල කවුද දන්නේ. කාගේ බ්ලොග් එක හැක් කරල ද කියල කවුද දන්නේ. එකම ජරා වලක් . මිනිස්සු නැහැ. සත්තුන්ගෙන් පිරිලා. හරිම අසහනයක් බ්ලොග් ලෝකය වෙලා ගෙන.


අනික , ඇත්තම කියනව නම් , දැන් මට ලියන්න දෙයක් ඇත්තෙම නැහැ. වචන ඔක්කම ඉවර වෙලා. පෑනෙ තීන්ත , කොළ ඉවර වෙලා. මට දැන් යන්න කාලය හරි. මම ආවේ විරහව නිසා. යන්නෙ කලකිරිම නිසා. ලියන්න දෙයක් නැති නිසා.

සොඳුරු සිත එක පාරක් වැහුව.... තව පාරක් යනව කියල ගිහින් ටික දිනකින් ආපහු ආවා ( රයිටර්ස් බ්ලොක් ) ඒත් මේ සැරේ කාරණාව දරුණුයි. ( හැක් කිරීම වත් , වෙන මොන බලපෑමක් වත් නෙමෙයි . කලකිරීම )

පහුගිය දවස් වල මම ලියපු දේවල් වලට , ප්‍රතිචාර දක්වපු අයට මම අඩු ගානේ ස්තූථියි කියලවයි නැහැ. යාලුවනේ . . .ඒ සැම දෙනාටම ගොඩක් ස්තූතියි...... 

දැන් ඉතින් වෙලාව හරි. 


විරහ කඳුළු පිරි නුඹ දුන් පෑනේ තීන්ත ඉවරයි මගෙ යාළු
ලියන්න දුන් හිස් කොළ මිටියේ ඇත්තේ එක කොළයයි යාළු
හදවත ගොළු වී සන්සුන් වුන දා ලියන්න දේ නැහැ මගෙ යාළු
ආ මග දුර වැඩි යායුතු ආපසු යන්න අවසරයි මගෙ යාළු




ප/ලි :- මට කියල කෙල්ලට කවි ලියව ගන්න යාලුවේ , මම ඔයාට දිගටම කවි ලියල දෙන්නම්.






මෙතෙක් මා සමඟ රැඳී සිටි නුඹලා සැම දෙනාටම 
ස්තූතියි

“I hope the departue is joyful and I hope never to return.”

59 comments:

  1. ඕන එකෙක්ට ඕන රෙද්දක් කියලා දිගටම ලිවිම වඩාත් හොඳ නැද්ද?

    ලිවිම තනිකර [කොමෙන්ට් වලට අමතරව] තෘප්තිමත් දෙයක් නොවේද?

    මං වගේ අපායට හෙන ගැහුවත් කවියක් ලියාගෙන ඉන්න මතවාදයකට සෙට් වෙන්නකෝ. හිට්ස් 50 ක් කියන්නේ මගේ කවියකට ලොකු ගානක්. ඔය මං ඒත් ලියන්නේ.

    ReplyDelete
  2. ඌප්ස් ! මේ මොකො වත් අක්කේ :/ අපි ආසවෙන් කියවන බ්ලොග් එකක් නේ මේක. වැඩිය කමෙන්ට් නොකරට පුලුවන් හැම වෙලෙම කියවනවා ! මේ වගේ එක එක්කෙනා බ්ලොග් ලිවිල්ල නැවැත්තුවොත් අපිට කො කියවන්න දේවල්

    ReplyDelete
  3. නංගියේ කලකිරීමට කාරනා බොහෝ තියෙන්න පුලුවන්.

    පෑන රැඳුන හැම අතකින්ම ලියන්න බැහැ. හිතට අදහස් ගලා ආ පලියට හැමෝටම ඉදිරිපත් කරන්නත් බැහැ. ඒ හැම හැකියාවක් ම ඇති සොඳුරු සිත පොඩි විරාමයක් අරන් හිතලා බලන්න.

    ගල්මල් අඩවිය මුහුණ දුන් ප්‍රශ්ණය ගැන නංගිට අමුතුවෙන් ලිවිය යුතු නැහැ නේ.

    ReplyDelete
  4. අඩේ...පිස්සුද...
    මම එනවා මාතරට හොදේ....
    අනේ...අක්කෝ....
    එහෙම කරන්න එපා..ඔය පුලු පුලුවන් වෙලාවට මක්කා හරි ලියන්නකෝ...

    ReplyDelete
  5. යන්න එපා අක්කේ... හැමතැනම ජරාවලක් තමයි හැමතැනම.. අපිට එක්කෙනෙක්ව වෙනස් කරන්න පුලුවන් එත් දාහක් දෙනාව වෙනස් කරන්න බැ..කවදාවත් බැ.. කලකිරෙන්න අපි ඇයි හිතන්නේ අනවශ්ය අය ගැන... අපිට ආස දෙවල් ම මේ ලොකේ වෙනවා නම් කොයි තරම් නම් ලෝකේ ලස්සන වෙවිද...එහෙම වෙන්නේ නැ අක්කේ... ලියන්න හිත හිදෙන කම් ලියන්න... එත් පැන ඉවර උනොත් ආයේම පැනක් අරන් ඔය හිතේ තියෙන දෙවල් ගලපන්න... එත් වෙන මිනිස්සු හන්දා බ්ලොග් අවකාශේ දලා යන්න එපා...

    ReplyDelete
  6. යන්න එපා අක්කේ... හැමතැනම ජරාවලක් තමයි හැමතැනම.. අපිට එක්කෙනෙක්ව වෙනස් කරන්න පුලුවන් එත් දාහක් දෙනාව වෙනස් කරන්න බැ..කවදාවත් බැ.. කලකිරෙන්න අපි ඇයි හිතන්නේ අනවශ්ය අය ගැන... අපිට ආස දෙවල් ම මේ ලොකේ වෙනවා නම් කොයි තරම් නම් ලෝකේ ලස්සන වෙවිද...එහෙම වෙන්නේ නැ අක්කේ... ලියන්න හිත හිදෙන කම් ලියන්න... එත් පැන ඉවර උනොත් ආයේම පැනක් අරන් ඔය හිතේ තියෙන දෙවල් ගලපන්න... එත් වෙන මිනිස්සු හන්දා බ්ලොග් අවකාශේ දලා යන්න එපා...

    ReplyDelete
  7. නැවතීමමය ගමන......
    බ්ලොග් කියන්නෙත් මේ සමාජයෙම හරස්කඩක් වත්..
    සමාජයේ අපි ඉන්න වෙනවා...
    එක විදියකට නැතිනම් තවත් විදියකට.....
    'සොඳුරු සිත' සිංහල බ්ලොග් වංශ කතාවේ මං සලකුණක් !!

    ReplyDelete
  8. මීට වඩා කීයන්නට නොයමෛ... මෙය ඔබගේ කැමැත්තනම් එය ඒලෙස සිදු වෙයි... එහෙත් මෙය විය යුතු හොදම ආකරයනම් නොවෙයි

    ReplyDelete
  9. හා හා ගිහින් එන්න. ටටා

    ReplyDelete
  10. ම්ම්ම්ම් කළකිරිල නං කරන්න දෙයක් නෑ.
    ඒ උනාට හදිස්සි වෙන්නෙ නැතුව තව ටිකක් හිතන්න..

    ReplyDelete
  11. While the whole experience of running a blog can uplift your life, life is not just blogging.

    There is no point of continuing if you don’t enjoy it anymore.

    However, it is important to note that you don’t have to stop writing – just because you stop blogging.

    ReplyDelete
  12. @ Sujeewa Kokawala
    සොඳුරු සිතට ඉන්න ෆලෝවර්ස් ලා ගානත් . දිනපතා කියවන්නට පැමිණෙන් නන් ගානත් මගෙ ඉහටත් උඩින්.ෆලෝවර්ස් ලා 50ක් වෙද්දිම සොඳුරු සිත සතුටින් . කමෙන්ට්ස් වැටෙන එක , බ්ලොග් ලියන්නෙක්ට ඇත්තටම ලොකු ක්‍රෙඩිට් එකක්. ඒත් කුණුහරුප කමෙන්ට් ආවාම සංසාරෙම ගැන කලකිරෙනවා.

    අයියා වගේ ශක්තිමත් හිතක් සොඳුරු සිතටත් ලැබෙන්න කියල පතමු. සොඳුරු සිතට යන්න දෙන්න. ඒක තමයි හොඳම දේ. ස්තූතියි අයියා.

    ReplyDelete
  13. @Dar[K]
    දැන් හොඳටම ඇති කියල සොඳුරු සිතට හිතෙන්න පටන් අරන්. අර අහල නැද්ද කතාවක් තියෙනවා.

    මට මේ කතාව කීවේ රවි අයියා.

    ගමේ හොර පොල් කඩන හොරා , ඇත්තටම සිල් ගන්න පන්සලට ගියත් , පන්සලේ හාමුදුරුවො හිතන්නේ “ මූ නම් පන්සල් ඇවිත් තියෙන්නෙ හොර පොල් කඩන්න තමයි “ කියල...

    ඉතින් , හොර පොල් කඩන එක නතර කරල. සිල් ගන්න හිතන හොරාට , වටේ පිටේ ඉන්න සමාජය සිල් ගන්න දෙන්නෙ නැහැ නෙ. ඉතින් හොරාට හිතෙනව “ අනේ මම නිකම් මොටද බැනුම් අහන්නේ හොර පොල් කඩාගෙනම සුපුරුදු පරිදි ඉන්නවා කියල “ ඒ වගේ තමයි ලිවීම.

    කාලයක් තමන්ට ඕනි දේ ලියා ගෙන ලියා ගෙන ඇවිත් , ටිකක් වෙනස් දෙයක් හෙම ලීවොත් ඔන්න කියවන අය උරණ වෙනවා. එතකොට වෙන්නේ කියවන අය කැමති දේ විතරක් ලියල කර බා ගෙන ඉන්න. දෙයියනේ කියල මට නම් එහෙම ගැටලුවක් ආවේ දෙපාරයි.ඒත් ලියන්නන් ගොඩ දෙනෙක්ට ඒ ගැටලුව නැත්තෙම නැහැ නේ.

    ඒකයි මම ඒ බව මෙතන ලීවේ. ස්තූතියි Dar[K].... සොඳුරු සිතට යන්න දෙන්න.

    ReplyDelete
  14. ‍යන්න....
    ඔක්කොමල යන්න.
    අර ජරා හැතිකරේට ලේසියෙන්ම දිනුම දීලා යන්න......
    ඒවට විරුද්දව සටන්කරන්න බයඇති නේද?

    ReplyDelete
  15. වෙනස් දෙයකට අත ගහන්න.

    අලුත් බ්ලොග් එකක් පටන් ගන්න.

    චාටර් නම කොමෙන්ට් මොඩරේට් හො බ්ලොක් කරන්න.

    නොලියා ඉන්න නම එපා

    ReplyDelete
  16. Oya digatama liyanna.man hamadamath wage blog eka baluwa. FB innwada soduru sitha? tc.

    ReplyDelete
  17. ගල්මල්-Coral
    අයිය ගැන මම දන්නව. වෙසක් පෝයට සුබ පතන. පෝය ගැන කවි ලියන අයිය වගේ කෙනෙක්ටත්.

    හැබැයි මෙහෙමයි අයියා. බුද්ධාගම ගැන හරිම කැක්කුමකින් කතා කරන අය , අන් අයගෙ සිත රිදවන අය බුද්ධාගමේ නොවෙන්නත් පුලුවන්. මොකද කුණුහරුප කියල බැනල බැනල තෙරුවන් සරණ පතන අය තමයි වැඩි පුර ඉන්නේ.

    ආගම් ගැන මම කතා කරන්න කැමති නැහැ. ආගම් විද්‍යාවෙන් ඔප්පු කරන්න යන්න නරකයි. මොකද විද්‍යාවට විතරක් ගරු කරනව නම් ආගම් ලෝකයට ඕනි නැහැනේ.

    විද්‍යාවටත් කලින් බිහිවුන ආගම් අද වෙනකම්ම මේ තරම් දුර ඇවිත් තියෙන්නේ යම් හේතුවක් නිසා වෙන්න ඇති .

    අයිය අහල නැද්ද මෙහෙම කතාවක් .

    “ මිනිස්සු ආගම් වෙනුවෙන් කතා කරති.ආගම් වෙනුවෙන් නැගී සිටිති.ආගම් වෙනුවෙන් සටන් කරති, ඔවුන් නොකරන එකම දෙය ආගම ඇදහීම පමණි.‘“

    " Too Many Cooks will spoil the soup "

    ReplyDelete
  18. අනෙ යන්න එපා අක්කෙ.. ඔයාගෙ ලිපි හරිම ලස්සනයි.. මම බ්ලොග් නොලිවුවුඅත් මෙ පැත්තේ එන්නෙ ඒ ලස්සන විදින්න... අනෙ කරුණාකරලා යන්න එපා...

    ඒත්,... ඔයාට ඕනෙම නම් යන්න.. මෙ බ්ලොග් එක වහන්න එපා.. මෙ පොත් ඔහේ තිබුනාවේ.. නැවත නැවතත් කියවන්න..

    ReplyDelete
  19. රත්ගමයා
    අනේ බොල රත්ගමයො මල්ලියේ.. මම උඹත් එක්ක තරහ වුනේ අර එදා ..අපිත් එක්ක යන්න කෝච්චියට එයි කියල බලන් හිටපු දවසෙ තමයි... උඹ එක්ක මම තරහයි... සොඳුරු සිතට යන්න දෙන්න. මක්ක මක්ක වත් ලියන්න අපේ රත්ගමය ඉන්නව නෙව...

    ReplyDelete
  20. නිම්ශා
    හැබෑව තමයි නඟා කියන දේ. ඒත් නංඟා ... මිනිස්සු වුන අපිට හැම දේම කලකදි එපා වෙනවා. මටත් වෙලා තියෙන්නේ ඒක. ගෙදර වුනත් .වලි ගෝරි ගොඩක් නම් කුණුහරුප කියන් කෑගහනව නම්. අතට අහුවෙන දේ වලින් දමල ගහනව නම් ගෙදර යනවට වඩා ඔය කොහේ හරි ඉන්න තමයි මිනිස්සු කැමති.

    අනික.. ලියන්න දෙයක් දැන් මට නැහැ නේ... මොනා ලියන්න ද මන්ද . ඔයා කැමති නම් සොඳුරු සිතට ලියන්න. හැබැයි ඔයාගේ නමින් (එකඟද ? )

    සොදුරු සිතට යන්න දෙන්න.

    ReplyDelete
  21. charmi
    “අඹ සෙවනට “ මාව පිළිගත්ත නිසා... ඉඩ ඇති වෙලාවක යමක් එකතු කරන්නම්...

    මං සලකුණු කීවමයි මතක් වුනේ... “ සඳේ තිබ්බ අඩි සලකුණත් “ අලිම අලි ලොකු බොරුවක් ලු.

    සොඳුරු සිත ඔහෙ පල්ච්චාවේ....

    ReplyDelete
  22. බ්ලොග් එක නවත්තන එක ගැන නම් ඇත්තටම දුකයි. හැමදාම කොමෙන්‍ටු නොදැම්මත්, මම හැමදාම හරිම ආසාවෙන් මේ බ්ලොග් එක කියවනවා. එක දිගට කියවන්න වෙලාවක් නැති උනහම වැඩ කරන අස්සේ කෑලි කෑලි හරි කියවනවා. ඒත් ඔයා බ්ලොග් එක ගැන කලකිරිල නම් ඉන්නේ ලියන එකෙන් තේරුමක් නැහැ. මොකද හිතේ ආසාවක් නැතුව ලස්සනට නිර්මණ බිහි කරන්න එක පැත්තකින් අමාරු නිසා. හැබැයි ඉතින් බ්ලොග් එක නැවැත්තුවා කියලා ලියන එකනම් නවත්තන්න එපා.

    ReplyDelete
  23. Well, every good thing has to come to an end, sooner or later,...... Eventually,

    If you have lost your will, no persuasion can compel you and moreover compelling you against your wish is not fair by any means whatsoever,

    Therefore let me take this opportunity in thanking you for sharing your innermost feelings converted to words that had a life of it's own, I can't say honestly I enjoyed all of them as most moved me to tears, but all the same they were heartfelt and perceptive indeed,

    So, my dear sister, is this the end?

    I certainly hope not In my heart, ............. but that is wishful thinking on my part,

    Finally, you never know what is in store for us tomorrow, next week, next month.........or next year,

    Okay, then......let me say it again, thanks for every thing,

    Until we meet again, hopefully under better circumstances,

    Auf wiedershen, à la prochaine fois , Sayonara,

    ReplyDelete
  24. අක්කේ මේ......... පිස්සු කෙලින්න හදන්න එපා ඔන්න....කියවන්න කියලා තිබුනෙත් දෙක තුනයි, ඒවයින් ටිකක් හැක් කරලා විනාස කරලා. අනිත් කට්ටිය ලියන එක නවත්තන්න යනවලු.... හරි වැඩක්නේ මේක...

    ReplyDelete
  25. දයාබර දියණිය,අපද නැවත බ්ලොග්කරණය ඇරඹුවේ බොහෝ කළකිරීම් මධ්‍යයේය.එහෙත් මී හරකුන්ට පාළුගෙයි වළන් බිඳිමට ඉඩ නොදියයුතු බව අපි අවසානයේ තීරණය කළෙමු.නුඹේ කළකිරීම පැහැදිළිය.තීරණ ගැනීමේ අයිතියද ඔබ සතුය.එහෙත් මෙය එකම විකල්පය නොවන බව සිහිපත්කරමි.

    මේ වගට,
    පිස්සා

    ReplyDelete
  26. ඔයාගේ වේදනාව දන්නෙ ඔයා.....
    ඒත්...හැමදාම උදෙන්ම බලන්නේ වත් මොනවද ලියල තියෙන්නේ කියල.....
    හීනියට ලොකු හිඩසක් දැනෙයි.......ඒත් ඔහේ කොරන්න ඕනෙ ඔහේගේ හිත සැනසෙන දෙයක්....
    තෙරුවන් සරණයි!
    ලියන කියන දෙයක් අපිටත් දැනගන්න සලස්වන්න......
    නුවර කලාවියේ දෙබස් ටිකක් ලිව්වෙත් නැහැනේ......

    ReplyDelete
  27. ane akkiyo nawaththanna nam epo

    ReplyDelete
  28. හ්ම..සොදුරු සිත මමත් ආසාවන් බලපු එකක්. සමහර ලිපි වලට කොමෙන්ට් කලා..සමහර ඒවාට මොකුත් ලියා ගන්න බැරුව හිටියා...සමහර ඒවා හිත අතීතයට අරගෙන ගියා...එත් එකක් නැර බැලුවා...

    ස්තුත්යි ඒ හැමට..

    කලකිරීම ජීවිතයේ කොටසක්....මටත් ඕනේ තරම් එහෙම වෙලා ඇති...ඒත් වැටුණු කෙනෙකුට විතරයි අපහු නැගිටින්න පුලුවන්, එහම නැතිව නැගිටපු කෙනෙක් නැහැ....වත්, ඔයාටත් දවසක ඒකම වේවි....

    ReplyDelete
  29. වත් ලියන නොලියන එක ඔබගෙ කැමැත්ත.ඔබ පහුගිය ටිකේ ටැබූගෙ අඩවියේ ගැවසෙනවත් අපි දැක්කා.ඔබගෙ නික්මයාමට හේතුව ටැබූගේ හැක්වීමට කියන බොරු ඇඩ් එකනම් මට ඔබ ගැන කණගාටුයි මන්ද ඔබ තවමත් ටැබූ කියන පුද්ගලයාව තේරුම් ගෙන නොමැති නිසා.බියොන්ඩ් ෆ්රේම් ගෙනියන්නේත් එයට නෙදෙවෙනි ඇඩ් එකක්.ඒකත් අමතක කරන්න එපා..

    ReplyDelete
  30. පිස්සුද හලෝ...මම දැනුයි දැක්කෙ

    ReplyDelete
  31. ඔබ පැවසූ වදන් වලට වඩා එහා ගිය දෙයක් මෙහි තියනව කියල මට හිතෙනව.

    ඔබේ ලිපි කියවල මම කවදත් ලැබුවෙ සතුටක්, ජීවිතයට තවත් අත්දැකීමක්.

    ඔබට සුභ පතනව.

    ReplyDelete
  32. මට කියන්න දෙයක් නෑ ... මම දෙන උත්තරෙත් සොඳුරු සිත දන්නවා ඇති . බ්ලොග් කියවන්න පටන් ගත්ත කාලෙදීම තමයි මම සොඳුරු සිත බ්ලොග් එකට ඇබ්බැහි උණේ .සොඳුරු සිතට මොකද මන්දා එක පාරටම උණේ .?

    හිත කියන්නේ නිතරම කතාකරන කෙනෙක් හිතකට එන සිතුවිලි නිමක් නෑ . ඒව ලියල යන්න අක්කේ . ඔයාටත් වැඩ ඇති ඒත් නිස්කලංක වේලවක හරි ලියලා යන්න . ..

    දවසම එපා වෙලා ගෙදර ඇවිල්ලා සිග්නල් නැති ඩොංගල් එකකින් යාන්තමට බඩගගා මම සොඳුරු සිත බ්ලොග් එකට එන්නේ වෙන මොකකටවත් නෙවේ යන්තමට හරි මගේ හිතට අස්වැසිල්ලක් ලබාගන්න . එහෙනම් දැන් ඒකත් ඉවරයි ...

    මම කියන්නේ යන්න එපා ! තව එක පාරක් හිතලා බලන්න .

    ප.ළි .මම ඔයාට කියලා ලියවගත්ත කවි වලට හැමදාම ණයයි .

    ReplyDelete
  33. you inspired me to write my blog akki, the day our computer lecturer instructed us to start a blog, you became my sole inspiration. please please.... don't ever leave !!! you are the best of all ! Don't leave. at least post something once a month! <3

    ReplyDelete
  34. එහෙම කරන්න එපා අක්කෙ........ මම මෙක හරි ආසාවෙන් කියවපු බ්ලොග් එකක්......... කලකිරිම් ඇති වෙනවා තමයි... පුළුවන්නම් දිගටම ලියන්න... අපි එනවා හැමදාම මෙ බ්ලොග් එක බලන්න...

    ReplyDelete
  35. එකම එක දෙයක් කියන්නම් අක්කේ
    යන්න එපා..............

    ReplyDelete
  36. සොඳුරු සිතට මම මුලින්ම ආවේ arunishapiro.wordpress.com වල දාපු Comment එකක් ඔස්සේ එදා දාල තිබ්බේ සපත්තු දෙකකට කියන කවියක් ඇත්තටම ඒ වෙලාවේ මට හිතුනේ මේක මහා විකාර බ්ලොග් එකක් කියල. ඒත් තව දවසක් කම්මැලි කමට සොඳුරු සිතේ කතාවක් කියවූවට පස්සේ, එදා ඉඳං මේ වෙනකල් පරිගණකය ඉස්සරහට ආවහම මුලින්ම අලුත් බලන්නේ සොඬුරූ සිතේ අලුත් Post එකක් දාලද කියල.

    දැන් මේක නවත්තන්න හදනව ???
    මේ පිස්සු නම් කතාකරන්න එපා. ප්‍රශ්නය ඔය කුණුහරුප Comments නම්, ඕවා ගණන් ගන්න එපා. ආයිත් මොනවහරි ලියන්න. ඕවට බය උනොත් උන්ගේ අදහස සාර්ථක උනා වෙනවා, ඒත් ප්‍රශ්නය ඊට වඩා ගැඹුරු එකක් නම් ඒක ඔබේ කැමැත්තක්.

    මොනවා උනත් බ්ලොග් අවකාශයේ කළු පූසා කියවන සීමිත බ්ලොග් ප්‍රමාණයෙන් දෙකක් දැනටම ඉවරයි. මෙන්න දැන් තුන්වෙනි එකත් ඉවරවෙලා.

    ReplyDelete
  37. අක්කේ....ඔයා යන්නේ ඔයාට ඕනේ හින්දා....ඒක නවත්තන්න මටවත් කාටවත් අයිතියක් නෑ...හැබැයි ඔයා කල්පනා කරලා බලන්න එනකොට නිකම්ම වත් කියලා දැනගෙන හිටිය කෙනාමද අද ආපහු යන්නේ කියලා...අන්න ඒක හින්දා කරුණාකරලා සොඳුරු සිත ජීවත් කරවන්න.....

    ReplyDelete
  38. අපි වෙනුවෙන් කවියක් ලියන්න ලියන්න ...

    ReplyDelete
  39. ඔයාට යන්න ඕනනම් කවුරු කිව්වත් නවතින්න එපා. ඔයා යන්න. ඒකෙන් සතුටක් දැනෙනෙවනම් ඔයා ගනිපු තීරණය හරියටම හරි. මොකද අපි මේකරන හැම දෙයක්ම අපේ සතුට වෙනුවෙන්ම විතරයි. ඇත්තටම කෙනෙක්ට අන් අයගේ හිත්වල සොඳුරු මතකයක් රඳවා සමු ගන්න අවැසිනම් සමුගත යුතු වන්නේ තමන්ගේ උපරිම අවස්ථාවේය. එහෙයින් ඔබ ඔබේ තීරණය නිවැරදි කල් යල් බලා ගෙන ඇත. එහෙයින්ම බොහෝදෙනා ඔබ නැවත එතැයි බලාගෙන ඉඳීවි, හිතේ කාලයක් තියේවි.

    සුභ ගමන් සොඳුරු සිත !

    ReplyDelete
  40. මට නම් දැන් බ්ලොගින් කියන්නේ හැම වේදනාවටම . . කලකිරීමටම . . දුකටම . . සතුටට . . හොඳම බේත් වෙලා.

    බෙහෙත් නැතුව ජීවත් වෙන්න බැරි තරම් මගේ රෝග ලක්ෂන නම් හොඳටම වැඩි වෙලා

    පොඩි නිවාඩුවක් ඕන කියලා හිතෙනවා නම් නිවාඩුවක් අරගෙන නිවාඩු පාඩුවේ හෙමීට ලියන්න වත් . .

    ReplyDelete
  41. මේ හොද විදිහනම් නෙවෙයි අක්කේ,
    මුලින්ම බ්ලොග් ලියන්න ගත්තේ ලියල හරි හිත නිදහස් කර ගන්නන්නම් මෙ කොහෙවත් යන එවුන් ලියන කොමෙන්ට් ගැන එච්චර හිතන්න එපා. දිගටම ලියන්න අක්කේ.

    ReplyDelete
  42. එහෙම යන්න එපා

    ReplyDelete
  43. Hey wath, that's not fair... I might not have commented all your posts.. But I certainly read all of them and they are beautiful...

    You can't be discouraged just like that right... Keep writing... Don't let your beautiful mind and your words get washed away in the rain...

    ReplyDelete
  44. Good Bye Sweet Heart !!!!!!!!!!!

    නිර්නාමිකයාගේ සොඳුරු සළුවට මුවාවී නැවත සොඳුරු සිතක් ලියන්න ආරාධනා.....

    ReplyDelete
  45. දැන් කී පාරක් ඔයා ගියාද?
    යනව එනව?
    ටැබුව ඌවම හැක් කරපු එක තමයි අව්ල නේද?
    බ්ලොග් ලියනවට වැඩියි යනව එනව.

    ReplyDelete
  46. ඉස්සරර වෙලාම සාමාවෙන්න මට මම එනකොට හොදටම පරක්කු වෑඩියි..

    අක්කේ මම නම් කෑමති නෑ කවුරුවත් බ්ලොග් අවකාශයෙන් සමු ගන්නවාට.

    ඔයා සමු ගන්නවට කොහෙත්ම කෑමති නෑ.. අක්කේ පුලුවන්නම් අපි අතරට ආපහු එන්න ඔය හිත කියන පුදුමාකාර දෙය ඉක්මනටම ආපහු අපි අතරට අක්කාව ගෙනෙවී කියලා මම හිතනවා...

    ඔයාලා යනවා අපි මෙහි තනිවෙනවා එතකොට අක්කේ ....

    ReplyDelete
  47. මමත් ඉලංදාරියාවගේම මේක කියවනකොට නම් ටිකක් පරක්කුනම් වැඩී.ඒඋනාට පරක්කුවෙලා හරි කියන්න ඕනනේ.එක මිනිහෙක් මෝඩයෙක් උනාට, උගේ මෝඩකමයි ගොකමයි ප්‍රදර්ශනයකරන්න මේවගේ ක්‍රමයක් පාව්චිකලාට,තමන්ගෙ කැමැත්තට කරගෙනයන බ්ලොග් එක නවත්තන්න ඕන් නෑ.....කවුරු කොහොම මඩ ප්‍රහාර ගැහුවත් ඒව ගනන් ගන්නෙ නැතුව තමන්ගෙ හිතට එකගව බ්ලොග් එක ලියන්න

    "අනික , ඇත්තම කියනව නම් , දැන් මට ලියන්න දෙයක් ඇත්තෙම නැහැ...."මේ කොටසනම් අමූලික බොරුවක්.මොකද කවිසිතුවිලි කතන්දර ලියවෙන බ්ලොග් එකක ලියන්න දේවල් ඕනතරම :)

    ReplyDelete
  48. කියන්න දෙයක් නෑ. කළකිරීම කියන දේ මටත් තියෙනවා. ඒත් ඔයාගේ බ්ලොග් එක ලස්සනයි. අර්ථවත්. ඒ නිසා දිගටම ලියන්න බලන්න.

    ReplyDelete
  49. hack කියයි hack ෙකාරන් කියයි ඒ අස්ෙස් ඔයා blog වහන්න හදනවා pissuda apita kiyawanna blog ekakwath na

    ReplyDelete
  50. වත් අක්කේ,
    අන්තිමට වෙන්න ඇති මං ආවේ.ඒත් ම‍ට කියන්න තියෙන්නෙත් පලවෙනියට ආපු සහෝ කියපු දේමයි..ජිවිතේට දුත් කරදර එද්දි ජිවිතෙන් ඇත්වෙන්නේ නැතුව ප්‍රශ්න මැදින් ඔයා අපු ගමන අතර මග නවත්වන්න එපා පිස්සෙක් දෙන්නෙක් නිසා

    ReplyDelete
  51. අනේ මන්දා මගේ කමෙන්ට් එක කියවයිද කියලවත් මම දන්නේ නෑ. මම බ්ලොග් අවකාසෙට එකතු උනාට පස්සේ මම කියවපු දෙවෙනි බ්ලොග් 1 මේක. මම පන්ඩිත කමෙන්ටු 2ක් 3ක් දාලත් ඇති. ඒ උනාට පුලුවන් හැම වෙලාවකම කියෙව්වා. අක්කේ ඔයා කැමති දෙයක් කරන්න. ඒ උනාට මේ අඩුව මට වගේම ගොඩාක් දෙනෙක්ට දැනෙයි.

    ReplyDelete
  52. yanna epa inna nage .... taraha motada nage .... liyala yanna ... liyala yanna .... kavi padayak matada ane ....

    ReplyDelete
  53. කාලෙකට පස්සේ කරන ඉල්ලීමක් නිසා, මගේ ඉල්ලීම අහක දාන එකක් නෑ කියලයි හිතන්නේ... මොකද මං දන්න සොඳුරු හිත ගොඩක් සොඳුරුයි, කිසි කෙනෙකුට පුංචියටවත් රිදවන්න බැරි තරමට, සංවේදී හිතක් කියලයි මං විශ්වාස කලේ...

    ඉතිං මං ඒ හිතං හිටිය වැරදි නැත්තං...(සමහරවිට හිතයි , මට මොකො මං ගැන කවුරු කෝම හිතන් හිටියත් කියලා) සොඳුරු සිත ආයත් මොන හරි ලියයි. මොනා හරි කුරුටු ගාලා වත් යයි. මට හිතෙන්නේ එහෙම වෙයි, මොකද ඒක සොඳුරු සිතක් නිසා...

    මගේ ඉල්ලීම තමා ඒ... ගොඩක් කාලෙකින්නේ මං මොනා හරි කියන්නේ.. ඒක නිසා අක්කා, ටිකක් ඒක ගැන හිතයි. (ඇත්ත ඉතිං මං අනිත් අය තරම් සමීප නෑ ඔයාට... ඒත් ඔයාගේ අදහස් වලින් ජීවය ලබලා, ඈඟිලි තුඩු වලින් මතුවෙලා එන ඔයාගේ අදහස් නම් මගේ හිතටත් ගොඩක් සමීපයි)

    ReplyDelete
  54. සමහර විට මං කියන දේ තස පහකට ගනන් ගන්න එකක් නෑ... ඒත් ඉතිං මේ පෝස්ට් කියෙවුවම මට ඈති වෙච්ච දුක වගේ එක ඔන්න මං ලියලා දැම්මා...

    කොහොමත් මං එක පාරකුත් බැනුම් අහගෙනනේ ඉන්නේ... අර කලිං පාරක ලියන එක නැවැත්තුවම පඩි ටෝක් වගයක් දෙන්න ගිහිං....

    ReplyDelete
  55. This comment has been removed by the author.

    ReplyDelete
  56. ඔන්න ඔහෙ ලියපන් බන්.....කන්දක් බිරුවට බල්ලෙක් පාත් වෙන්න ඔනද?......

    දන්න කියන,ගෙවල් ගාව මනුස්සයෙක්....
    අදුනගත්තොත් ගෙදරට අවිත් ටියාරා කේක් එකක් දෙනව,,,,,,:ඩ්

    ReplyDelete
  57. ඔයා බ්ලොග් ලියන්න පටන් ගත්ත දවස් වල ඉඳන්ම මම ඔයාගෙ බ්ලොග් එක කියවනවා. කමෙන්ට් නම් දෙක තුනකට වඩා දාලා නෑ..ඔයාගෙ බ්ලොග් එකේ හැම අකුරක්ම මම කියවලා තියනවා...එත් පහුගිය සතියක ඉඳන් මට ඔයාගෙ බ්ලොග් එකට ඇක්සස් කරන්න බැරිඋනා...මොකද කරන්නෙ කියලා හිත හිත හිටියෙ...

    දවස් දෙක තුනකට කලින් ඉඳලා ආයෙ බලන්න පුලුවන් උනා..දැන් නේ තෙරුනෙ මොකද වෙලා තියෙන්නෙ කියලා...අයෙ ලියන්න ගත්තට බොහොම ස්තුති..
    නිකම් ඉන්න හැම වෙලාවකම මම කරන්නෙ බ්ලොග් කියවන එක

    ReplyDelete

සිතක් ‍සොඳුරු වන තරමට අදහස් බොහෝ දැවටෙනු ඇත. නුඹේ සොඳුරු සිතේ අදහස් වචන කර යන නුඹට මගේ ස්තූතිය..... කියවූ ඔබටත් ස්තූතියි.

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...