..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

මෙහි ලියැවෙන දෑ.............

"Art is something that lies in the slender margin between the real and the unreal."සාහිත්‍ය වනාහි සත්‍යයත් කල්පිතයත් අතර පිහිටි අනියත ප්‍රදේශයකට අයත් වේ.(Chikamatsu Monzaemon)

Tuesday, March 29, 2011

෴ මගේ අර්ධය / My Fiance - Turning a Totally New leaf in The Book of My Life ෴


දිලිසෙන නෙතු අග්ගිස්සෙන්
වෑහෙන සෙනෙහස විඳින්න
කතා නොකර කතා කරන 
මුහුණ දිහා බලන් ඉන්න
දිග පැනයට කෙටි පිළිතුරු
“ඔවු“ “නැහැ“ “බැහැ“ අහන් ඉන්න
ඔය ලස්සන හිතත් අරන් විගහින්
මා ළඟට එන්න

දුක හිතුනම හිත රිදුනම
වාරුව උරහිසට දෙන්න
ආදරයෙන් සිත පිරුණම
නුඹෙ පපුවට තුරුල් වෙන්න
බය හිතුනම නුඹ පසු පස
ලොවට හොරෙන් වහන් වෙන්න
ගිය තැනකින් ඉක්මනින් ම
එන්න ඇවිත් ළඟින් ඉන්න

“We fit together so well...it's like pieces of a puzzle, the way your hand fits the curve of my hip and the way my head rests on your shoulder, the way our hands just melt into one, and the way I feel complete when I'm with you...like the picture's finally completed and I'll never have to wonder what I'm missing.”

 

ජීවිතය අලුතින් පටන් ගත්
මම
෴ සොඳුරු සිත ෴

21 comments:

  1. At long last,
    When I met you finally,
    After searching everywhere,
    Every nook and corner,
    Dawn to dusk,
    Each & every day of my life,
    As far back as I remember,
    My soul mate,
    The very first conscious thought ,
    When I could take my eyes off you,
    Not,
    How I can ever live without you
    But,
    How did I ever lived without you thus far,

    Welcome back, Wath Nangi,
    Welcome back,
    I missed you,
    Really, really,
    I missed you,

    ReplyDelete
  2. ලස්සනයි අක්කා මේ සංකල්පනාව

    ජීවිතය අළුතින් පටන්ගත් කිව්වේ, අක්කා ජීවිතය නවත්වපු තැනින් ද පටන් ගත්තේ එහෙමත් නැත්නම් සම්පූර්ණයෙන්ම අලුතින් පටන් ගත්තද ?

    කොහොම උනත් පරණ දේවල් මත්තෙම නැහෙන්නේ නැතිව අලුතින් පටන් ගත්ත එක හොදයි !!!!!

    ReplyDelete
  3. ඔබට අඬන්න මගේ උරහිස දෙන්න
    යන යන තැන වල එක්කන්යන්න
    ලෝකේ ලස්සන පෙන්නලා සතුටු වෙන්න
    බය වෙනකොට හුරතල් කරන්න
    අසාවෙන් බලන් ඉන්නේ,,, ඔව් ආදරෙන්

    --------------------------
    නැවත පැමිණියාට සතුටුයි.

    ReplyDelete
  4. ජය වේවා අක්කා ආපහු ඇවිල්ලා :)

    ReplyDelete
  5. ඉඩ ඇති විට නොව හැම විට
    ලගට වෙලා තුටින් ඉන්න
    දුක සිතුනම ඒ නැතිකර
    ඔබ එක්කල කතා වෙන්න
    ලගදි දිනෙක ආයෙ එනව
    මම එනතුරු බලන් ඉන්න!

    ReplyDelete
  6. සොඳුරු සිත නැවතත් අවදි කලාට බොහොම ස්තූතියි .. වැඩ ඇරිලා දවසම තිත්ත වෙලා කවියක් කතාවක් බලන්න මම හැමදාමත් එන එකම තැන . සොඳුරු සිත

    ReplyDelete
  7. දාමුද පාටියක්, අක්ක ආපහු ඇවිත් .......

    අපි හැමෝටම සතුටුයි!

    ReplyDelete
  8. නියමයි , ආයෙත් අලුතින් පටන් ගත්ත පිටුවට මගේ සුභ පැතුම්!
    කවි පදෙත් ලස්සනයි.

    ReplyDelete
  9. ගැස්සෙන මගේ හිත ...
    නුඹම හදුනන...
    ලස්සන හීනයක් වගේ ..
    සිසිලස විදගන්න..
    ඔව් ආසයි මම ..
    හිදින්න ඔය තුරුලේ..
    සැනසෙන්න..හඩන්න වුවත්..
    මියැදෙන්න වුවද...
    ආසයි මම සත්තයි...

    ආයේම ආව එක හොදයි අක්කේ..ලස්සන කවියක්.කතාවක් අරන් හැමදාම එන්න ..කවුරු මොනා වුනත් අක්කා හදාගත්ත මේ බ්ලොග් පැල දාලා යන්න එපා..දුකක් වුනත් නිදහස් වෙන්න දෙන්න ලියන්න..ලියන්න...එකම දෙ උනත් ලියන්න..හිතේ දුක තුනී වෙනකම්වත්..එත් ආයේ යන්න එපා...

    ReplyDelete
  10. මගේ අර්දය කිවාම නිකං මොකක්ද මොකක්ද වගේ :D :D

    ආවු..ආයේ ආවානේ? එන්නම් ඒ පැත්තෙ පාර්ටියක් ඔනී :D :P

    ReplyDelete
  11. කාර්ය බහුල ලෝකයේ මෑත කාලයේ තරම් ගුවන් යානාවලට තැනක් ලැබුණ තවත් යුගයක් නැතිව ඇති. බොහෝ බර ඔසවාගෙන නොයෙකුත් ගමනාන්ත කරා පියාසර කරන ගුවන් යානය ගුවන් තොටුපලට සේන්දු වුනාම ධාවනපතයේ එහාමෙහා කරන්න වෙනවා. ඒත් ඉහළටත්, ඈතටත් පියසර කරන්න මිනිසා හදපු ගුවන් යානයේ ආපස්සට යන්න (රිවර්ස්) ගියරයක් නැහැ, ඒ නිසා ගුවන් යානයක් ධාවනපතයේ දී ආපස්සට තල්ලුකරන්න පුෂ්බෑක් (push-back) කියලා කුඩා උපකරණයක්/රථයක් පාවිච්චි කරනවා. ඒකත් මිනිසා හදපු එකක්.

    හැම බරක්ම ඔසවාගෙන, හැම පසුබෑමක්ම විඳ දරාගෙන අරකී ගුවන් යානය තටු ලබා අහස උසට නැග දේශයෙන් දේශය බලා පියාසර කර යුතු වෙනවා.

    ජීවිතයත් ඒවගේ නේද?

    ඔබේ පටන් ගැන්ම ගැන සතුටුයි, සුභ පැතුම් නංගියේ.

    ReplyDelete
  12. මෙන්න ගිය අය ආපහු ඇවිල්ලා...

    ReplyDelete
  13. ආව් ආව්.....දකින්නත් ආසයි ඕO.....
    සුදු වෙලා,මහත් වෙලා,මූණ එළිය වෙලා.....හා හා දැන් එක විදිහක් නේද.....

    ReplyDelete
  14. අප්පච්චියේ ඇති යන්තං....

    ReplyDelete
  15. ඔබ එන්න
    ආයෙත් පෙර ලෙසම
    නුඹෙ උණුසුම
    හිත සොයනවා නිඹද..

    වෙන්ව ඉන්න බෑ
    ආදරෙන් මට හෙට
    මේ කඳුළු බර වැඩියි
    නුඹ නිසා මට අද..

    ලංව ඉමු ආයෙමත්
    පෙර ලෙසම
    යන්න එපා දුර
    මා දමා නුඹ ඈතක...

    ආයෙත් අක්කා ලියන්න පටන් ගත්ත එක ගැන ඇත්තටම සතුටුයි... දිගටම ලියන්න..

    ReplyDelete
  16. හරිම ලස්සනයි... ආපහු ලියන්න පටන් ගත්තු එක ගැන නම් හරිම සතු‍ටුයි... :)

    ReplyDelete
  17. නැවත ලියන්නට සිතීම ගැන සතුටුයි. සුබ පැතුම්.

    ReplyDelete
  18. ඇති යාන්තම් වත් අක්කා ආපහු ඇවිල්ලා..............

    ReplyDelete
  19. Welcome Back සොඳුරු සිත

    ඇති යන්තම් ආයිත් ඇවිල්ල

    ReplyDelete

සිතක් ‍සොඳුරු වන තරමට අදහස් බොහෝ දැවටෙනු ඇත. නුඹේ සොඳුරු සිතේ අදහස් වචන කර යන නුඹට මගේ ස්තූතිය..... කියවූ ඔබටත් ස්තූතියි.

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...