..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

මෙහි ලියැවෙන දෑ.............

"Art is something that lies in the slender margin between the real and the unreal."සාහිත්‍ය වනාහි සත්‍යයත් කල්පිතයත් අතර පිහිටි අනියත ප්‍රදේශයකට අයත් වේ.(Chikamatsu Monzaemon)

Friday, March 11, 2011

෴ බෝතලයේ රැඳි පණිවිඩය / " Message in a Bottle " ෴

" My derest Catherine ,  

I miss you my darling , as I always do, but today is particularly hard because the ocean has been singing to me , and the song is that of our life together. I can almost feel you beside ma as I write this letter , and I can smell the scent of wildflowers that always reminds me of you.but at this moment , these  things give me no pleasure.your visits have been coming less often , and I feel sometimes as if the greatest part of who I am is slowly slipping away. . . ."


ඉහතින් මා ලියල තියෙන්නේ Nicholas Sparks ගේ  " Message in a Bottle " කියන නව කතාවේ පුංචිම පුංචි කොටසක්.. .... පුද්ගලයකුගේ ජිවිතය වෙනස් වෙන්න එක පුංචි අහඹූ සිදුවීමක් කොච්චර බලපානව ද කියල කියන්න හොදම නිදසුනක් තමයි ඒ.

 Nicholas Sparks සහ " Message in a Bottle " හදිසියේම මතක් වෙන්නත් පුංචි පහේ කාරණාවක් හේතු වුනා කීවොත් නිවරදියි. සයිබර් අවකාශයේ දී හඳුනා ගත්ත මගේ හිතවතෙක් ගොඩක් දුර ඉදල මට Nicholas Sparks ගේ ප්‍රියතම පොත් තුනක් සහ Jodi Picoult ගේ ලස්සන හැබැයි ටිකක් ලොකු පොතක් වෙන " Nineteen Minutes " කියන පොතත් එවල තිබ්බා.


ඇත්තටම , සිංහල නවකතා කියවන්න කප්පිත්තෙක් වුනත් ඉංග්‍රීසි නවකතා මට තාමත් ආගන්තුකයි කියල නොකියාම බැහැ. ඒත් නොදන්න වචන කිහිපයක් අතරේ තියෙන දන්න කියන වචන ටික ගැට ගහල ගත්තම කියවල තේරුම් ගන්න පුලුවන් ලස්සන පොත් ටික.


ඉතින් අයියා . . . ඔයාට ගොඩක් ස්තූථියි. ගොඩක් සුවඳ , ගොඩක් ලස්සන පොත් ටිකක් මට එවුවට.. . . . .( හප්පා ..මේ කීවෙනි පාරද කියල නම් කියන්න එපා )

ඔන්න හොඳේ , මේ කොටස නම් අයිති වෙන කෙනෙකුට. . . .


This is not a good-bye , my darling ,this is a thank you. Thank you for coming into my life and giving me joy,thank you for loving me and receiving my love in return. Thank you for the memories I will cherish forever. But most of all ,thank you for showing me that there will come a time when I can eventually let you go.

- - - - - - - - - - --  - - - -- - - - - - - - - - - - - - - - -- - - - - - - - - - -- -  - - - - - - - -- - - - - -

සියළු මිතුරන් මා හැර දමා යන මොහොතක සෙවනැල්ලක් සේ මා ළඟින් සැමදාම ඉන්නැයි ඉල්ලන
මම
෴ සොඳුරු සිත ෴

- - - - - - - - - - - - - - -  - - - - -

ප.ලි  :- බෝතලය කියල දැකපු ගමන්..... වෙන වෙන දේවල් මතක් වුන අයට නම් ඉතින් යන්න වෙන්නෙ හිස් අතින් තමයි .

5 comments:

  1. A Bend in the Road, Message in a Bottle, The Notebook පොත් තුනම මම කියවලා තියෙනවා. කතා තුනම ලස්සනයි.... හැබැයි මට දැන් Nicholas Sparks ගේ පොත් ටිකක් ඒකාකාර වැඩීයී වගේ. හැබැයි Jodi Picoult නම් සුපර්බ්. එයාගේ කතා එකිනෙකට වෙනස්. ලියන ස්ටයිල් එකත් වෙනස් වෙනවා.... :)

    ReplyDelete
  2. දැන් ඉතින් තියෙන්නේ කියවන්න තමයි. අක්කත් පොත් කියවන්න ආසයි නෙව. කියවලා හොද මොනවහරි තියෙනවා නම් අපටත් කියන්න අක්කා.

    ReplyDelete
  3. කඩ්ඩ සහිත පොත් මට ඇලජික් වගේ ! නැත්නම් මමත් පොත් කියවන්න ආසයි ඒත් ඉතින් ඉංග්‍රීසි සහිත පොත් අල්ලන්ත් බයයි


    ප.ලි දාල තියන හින්ට් පොල්ල මටෙයි ?

    ReplyDelete
  4. හානේ මෙයා ගිය ආත්මෙ කොලපොතක් හරි දනට දෙන්න ඇති ඒකය් පොත් පත් නිකම් ලැබෙන්නෙ මේ ආත්මෙ...

    ReplyDelete
  5. නඟේ, Jodi Picoult ගෙ තව අපූරු කතාවක් තමයි The Tenth Circle,

    මේ ඒකෙන් උපුටා ගත්තු කොටසක්,

    In the very earliest time,
    When both people and animals lived on earth,
    A person could become an animal if he wanted to,
    And an animal could become a human being.
    Some time they were people,
    And some times animals,
    And there were no difference.
    All spoke the same language.
    That was the time when words were lile magic.
    The human mind had mysterious powers.
    A word spoken by chance,
    Might have strange consequences.
    It would suddenly come alive,
    And what people wanted to happen could happen -
    All you had to do was say it.
    Nobody could explain this:
    That's the way it was.

    ' magic Words ' by Edward Field - Inspired by the Inuit

    ReplyDelete

සිතක් ‍සොඳුරු වන තරමට අදහස් බොහෝ දැවටෙනු ඇත. නුඹේ සොඳුරු සිතේ අදහස් වචන කර යන නුඹට මගේ ස්තූතිය..... කියවූ ඔබටත් ස්තූතියි.

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...