..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

Thursday, March 31, 2011

෴ ජීවිතය විදිමි ....Feel The Life ෴



ඔහේ සුන්දරව ගලා ගෙන ගියපු ඟගක් එක පාරට රුදුරු සැඩ පහරක් වුනා වගේ මගේ ජීවිතයත් පසු ගිය කාලේ තිබ්බේ කැරකි කැරකි එකම තැනක. ඒත් කාලයත් එක්ක සැඩ පහරින් මිදිල දැන් ආයෙත් සුන්දර තැනිතලාවක ඒ ඟග ගලනවා. 

ඟගට වැටුන මී පැණි පොදක් වගේ ආදරයක් තමයි සැඩ සුළියක් වගේ මුළු ඟගම කැළඹුවේ.

කවුරුත් හිතනව වගේ ආදරය හරිම සුන්දරයි තමයි. ඒත් ආදරය ජීවිතයට කරදරයක් වුනාම මුළු ජීවිතේම එපා වෙනවා. ඒ වෙලාවට කරන්න තියෙන්නේ වටින ජීවිතය ,කරදරයට ඇදල දැම්ම ආදරය ජීවිතයෙන් අයින් කරන්න.

“ ඒක අමාරු වැඩක්“ ඔබ කියාවි එහෙම. ඒත් මැක්කෙක් වගේ ජීවිතයට එල්ලිලා එහි සාරය උරා බොන ආදරයක් ඉවත් කරාම ගතට සිතට දැනෙන සැහැල්ලුව අද මම විදිනවා. හැබැයි ඉතින් ඒකට ඔයාලට ඕනි කරනවා ආරම්භක ශක්තියක්. මොකට ද? වේදනාව විඳගෙන මැක්කව අයින් කරන්න. හිත පතුලටම ඒ වේදනාව දැනේවි. ඒත් ඒක සුළු මොහොතයි. ඊට පසුව දැනෙන සැහැල්ලුව , හැම දෙයම හොඳ බවට හරවනවා සිකුරුයි.

“ තනිකඩ ජීවිතය . . . . පාලුයි , තනියි . . . . “

කවුද එහෙම කියන්නේ. තනිකඩ ජීවිතය සුන්දරයි , සරලයි. ජීවිතය විඳින්න, විවාහ වෙන්නම ඕනි ද? අපේ තිස්ස අයිය වගේ අය නම් එක හෙලා කියාවි “ විවාහ ජීවිතය සුන්දරයි “ ඔවු වෙන්න පුලුවන් . ඒත් භාර්යාවට , දරුවන්ට තියන ආදරය විතරම ද ආදරය ?


දමා ගිය
හිමි නොවන ආලය
කඳුළ කුමකට දෝ

දුකින් සිත හකුලනා
දුක් ගිනි
සිතේ කුමකට දෝ

නටුවෙ පිපි මල
මිසක කටු රැඳි
නටුව කුමකට දෝ
 
මොහොත මෙය නම්
විඳිනු එය
එහි උපත කුමකට දෝ


“One day at a time--this is enough. Do not look back and grieve over the past for it is gone; and do not be troubled about the future, for it has not yet come. Live in the present, and make it so beautiful it will be worth remembering.”


මේ මොහොත විඳින
මම
෴ සොඳුරු සිත ෴

13 ප්‍රතිචාර:

ඉලංදාරියා said...

හදවතින්ම පිලිගන්නවා නෑවතත් පිටියට දෑන් ගහන්න 6 ඒවා ,,

ජයවෙවා!

සාතන් said...

නියමයිනෙ... මෙන්න ඉන්නව සාතන් වගේ ආදරය, හැඟීම් කියන ඒව කරදරයක් කියන කෙනෙක්....

ඒත් සාතන්ට කවදාවත් හිතුනෙ නෑනෙ ආදරේ මැක්කෙක් කියල...:(
නියම උපමාව... :D

Ravi said...

අන්න හරි නංගි, එච්චරනෙ කරන්න ඕනෙ.අමාරුවෙන් හරි ඔය ටික කරගත්ත නම් ගොඩ.මගේ සුබ පැතුම්.

මලගිය ඊයේ අමතක කල මැන,
දුක් දොම්නස් පිරි පොදි මේ කුමටද?
නූපන් හෙට දින ගැන නොතැවෙනු මැන,
අනාගතය ගැන දන්නේ කවුරුද?

මේ ගතවෙන එක මොහොතක් පාසා,
නැවත නො එනු ඇත විඳිනට කිසිදා,
ජීවිතයම ඔබ ඉදිරියෙ ඇත්තේ,
ඔබ එන තෙක් මඟ බලමිනි ඉන්නේ,

" Live life fully while you're here. Experience everything. Take care of yourself and your friends. Have fun, be crazy, be weird. Go out and screw up! You're going to anyway, so you might as well enjoy the process. Take the opportunity to learn from your mistakes: find the cause of your problem and eliminate it. Don't try to be perfect; just be an excellent example of being human." - Anthony Robbins

Dinesh said...

ඊයේ කදුළ පිස දමා අද
සිනහ වෙමු ජීවිතය ලග
තැවෙනු කිමද අහිමි දෙයකට
නව අරුනැල්ලක් පායාවි හෙට..

ගීතික බුලත්සිංහල said...

හොද අදහසක්...

ඔය සොදුරු ඇස
මා හැර ගියවිට
දැනුනි
වෛරය....
පසක් විය පසුව
ආදරය නොවේ දුක
නුඹ මගේ කරගන්ට
තිබුණ තන්හාව
දවා හලු කල බව මාව....

තිස්ස දොඩන්ගොඩ said...
This comment has been removed by the author.
තිස්ස දොඩන්ගොඩ said...

"ඊට පසුව දැනෙන සැහැල්ලුව , හැම දෙයම හොඳ බවට හරවනවා සිකුරුයි.." හ්ම්ම්ම්...
ලේසි නෑ ක්‍රියාත්මක කරන එක...
හැමෝම කියාවි "හරි ඕක තමා කරන්න ඕනෑ" කියලා හිතවත් කමට...
ඒත් ක්‍රියාත්මක කරන කෙනාට නෙව අමාරුව...

හිස් අහස said...

ආදරේ මැක්කෙලු .අමුතු කෝනෙකින් ආදරේ දිහා බලල නියමයි . සේරටම වඩා මම කැමති ඔයාගෙන් නිතරම ලැබෙන මේ අමුතු අදහස් වලට . අද ආදරේ ගැන එහම හිතන ඔයා තව සතියකින් . ආදරේ සුන්දරයි කිය කිය හිනා වෙන්න ගත්තත් මම පුදුම වෙන්නේ නෑ . අක්කේ .

Beetle said...

දමා ගිය
හිමි නොවන ආලය
කඳුළ කුමකට දෝ

දුකින් සිත හකුලනා
දුක් ගිනි
සිතේ කුමකට දෝ

නටුවෙ පිපි මල
මිසක කටු රැඳි
නටුව කුමකට දෝ

මොහොත මෙය නම්
විඳිනු එය
එහි උපත කුමකට දෝ


මේකේ ඉතුරු පද ටිකත් සම්පූර්ණ කරලා, ලස්සනට මියුසික් දාලා ගත්තොත් ලස්සන සින්දුවක් වෙනවා ෂුවර්....

මට දැනුත් නිකන් ඇහෙනවා ඇහෙනවා වගේ...

Helping To People said...

තනිකඩ ජීවිතය සුන්දරයි , සරලයි ඒ්ත් රාති්‍රයට පාලුයි තනියි .

නිසල් said...

වෙනස් හොද අදහසක්

නිශ් said...

හ්ම්ම්ම් ඇත්ත රිදෙනවා මැක්කා එල්ලිල ඉන්න එක සැපයි කියලත් හිතෙන තරමට රිදෙනවා......... ඒත්.............

මකුළුවා...... said...

අනේ මන්දා අක්කේ...මමත් තාම ඔය ප්‍රශ්නෙට උත්තර හොයනවා...ඒ හින්දා ඔයාට මොකුත් කියන්න විදිහක් නෑ.......

Post a Comment

සිතක් ‍සොඳුරු වන තරමට අදහස් බොහෝ දැවටෙනු ඇත. නුඹේ සොඳුරු සිතේ අදහස් වචන කර යන නුඹට මගේ ස්තූතිය..... කියවූ ඔබටත් ස්තූතියි.

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...