..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

මෙහි ලියැවෙන දෑ.............

"Art is something that lies in the slender margin between the real and the unreal."සාහිත්‍ය වනාහි සත්‍යයත් කල්පිතයත් අතර පිහිටි අනියත ප්‍රදේශයකට අයත් වේ.(Chikamatsu Monzaemon)

Friday, March 4, 2011

෴ හිස්බව / Emptiness ෴



පිරී ඉතිරුව මුදු සෙනෙහෙ ගෙන
ඇවිත් දිවියට මගේ ,පෙර දින
හිස් බවම තිළිනයක් කර දී
ගිහින් ඈතට අද දිනේ නුඹ

හිස් හිස් හිස් හිස් හිස් හිස් හිස් හිස් හිස් හිස් හිස්. . . . . . .
.. . . . . . . . . . . . මගේ මුළු ලෝකේම හිස් . . . . . . . . 

- - - - - - - - - - - - - - - - - - - - - - - - - - -

“Courageous - that’s how you see me; 
Successfull - that’s how you belive in me; 
happy - that’s what you expect of me;
But...
Emptiness - that’s what is inside of me.”

- - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - -

හිස් 
මම
෴ සොඳුරු සිත ෴ 

14 comments:

  1. උතුරා යන ආදර අරන් නුඹ
    ආ හැටි මතකයි අද වගේම
    ඒත් අද නුඹ නැහැ මගේ හිතලග
    පාළුයි මගෙ ලොවම නුඹ නැති හින්දම...

    ReplyDelete
  2. ඒකනම් මාරය.. ලොලේ ලොල්ය....

    ReplyDelete
  3. ජීවිතය, හිස් අවකාශය
    දකින්නේ මායා රුපය
    දැනෙන්නේ අපේ සිතමය
    අස්ථිර ලෝකයේ ඵල නෙලන්නේ කිම,,,

    ReplyDelete
  4. Dinesh
    පාළුව තනිකම අද ඇත හෙට කොයි
    ලෝකය එහෙමයි කැරකෙන්නේ
    හිස් බව ඇත්නම් දිවිමඟ පහසුයි
    නැතිදෝ ඒ බව වැටහෙන්නේ


    ස්තූතියි Dinesh... හැමදාම මේ පැත්තේ ඇවිත් යනවට...

    ReplyDelete
  5. සුළඟිල්ල | pinkie
    හරි අමුතුම කමෙන්ට් එකක්... එල ..පට්ට... ලොලේ ලොල් කියන කමෙන්ට්ස් මට ලියන්නෙම නැහැනෙ යාලුවන්... හෙ හේ... ස්තූථියි පවිත්‍ර

    ආහ් වැරදුනා... සුළඟිල්ල........

    ReplyDelete
  6. හිරණ්‍ය
    සැබෑය සැබෑව

    ඒත් ඉතින් ..හිත කියන්නේ හරි පුදුම දෙයක් ලු නෙ...
    ඇත්ත දැන දැනත් ... හොයන්නෙම මායාව...

    ස්තූතියි හිරණ්‍ය ෴

    ReplyDelete
  7. We cannot let another person into our hearts or minds unless we empty ourselves. We can truly listen to him or truly hear her only out of emptiness.

    -M. Scott Peck-

    ReplyDelete
  8. පූසා
    පුසාට ස්තූති කරනව ද -M. Scott Peck- ට ස්තූති කරනව ද කියල හිතා ගන්න බැහැනේ... හිහි.. දන්න හඳුනන ..හැමදාම යන එන ..පූසා ටම ස්තූතියි කියමු...

    ඒ කියන්නේ ෴ හිස්බව / emptiness ෴ හොඳ දෙයක්....

    ReplyDelete
  9. හිස් උනාම ලේසිනේ. ඩේටා ආයේ දාන්ට :D

    ReplyDelete
  10. හිස් බවත් තුරුලු කරන් අද මම ...
    හඩනවා ලෝකයට හොරෙන් හෙමිහිට...
    නුඹ දුන්න හිස් බව ..
    නුඹේ හිස් තිලිණය..
    හඩවාවි මුලු දිවියම...හිස් බවින් අසරණව..

    ReplyDelete
  11. හිස් වූ මුලු ලෝකයම නුඹේ
    ලගදිම ඉතිරේවි ආදරයකින්
    පාලු වූ ඔය හිතට නුඹේ
    මුමුනයි සොදුරු පදවැල් ඔහු සෙමින්

    ගෙනයයි නුඹව ආදරයේ මාවතේ
    මකයි පාලුව, ගෙනෙයි සතුට
    නුඹේ ඔය හිස්බව,
    පුරවයි අදරයෙන්

    ඉතින් ඉවසන්න..
    හිස් හිත පිරෙන තුරු
    ආදරය ලැබෙන තුරු
    ඔය කදුලු මැකෙන තුරු
    සිනාවක් ‍රැදෙන තුරු

    -Marlan 'da one' Fernando-

    ReplyDelete
  12. ඇත්තටම මමත් හිතුවේ එයා ගියාට පස්සේ මගේ ජිවිතේ හිස් කියලා .. ඒත් එක සොඳුරු සිතකට පිංසිද්ද වෙන්න දැන් මට පුංචි බලාපොරොත්තුවක් තියනවා ..ඒක හරියටම මගේ අත ලඟ . තව ටික දවසයි .. ඒක මගේ ලඟ ... ඊට පස්සේ මම නම් පිරිලා ...ස්තූතියි ඔයාට

    හිස් ...අහස

    ReplyDelete
  13. අක්කා ඒ කියන්නේ එ‍හෙමනම් අපිට සුභ ආරංචියක් ලගදිම අහන්න ලැබෙනවා කියල නේ........

    ReplyDelete
  14. සඳ වතක් වුනා මට නුඹ,
    තරු නෙතක් වෙලා නුඹ හට
    මුඳු සෙනේ ඉතින් දුර සිට
    විඳිනෙමී නිතින්

    ReplyDelete

සිතක් ‍සොඳුරු වන තරමට අදහස් බොහෝ දැවටෙනු ඇත. නුඹේ සොඳුරු සිතේ අදහස් වචන කර යන නුඹට මගේ ස්තූතිය..... කියවූ ඔබටත් ස්තූතියි.

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...